ප්‍රශ්නය අහන්නේ: එක්සත් රාජධානියේ, උතුරු යෝක්ෂයර් හී සිව් හැවිරිදිPip

පිළිතුරු  දෙන්නේ: නොටින්හැම් විශ්ව විද්යාලයේ, භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා පාසලේ, Maggie Lieu

පැහැදිලි රාත්‍රියක අහස දෙස බලන විට, අපට අභ්‍යවකාශය දර්ශනය වේ: පවතින්නේ යයි අප  දන්නා සියල්ල අඩංගු වන විශාල,  අනන්තයක් සේ පෙනී යන පැතිරුණු අවකාශයක්.

අභ්‍යවකාශයෙන් ඔබ්බට ඇත්තේ කුමක් දයු  සොයා දැන ගැනීම, ආරම්භ කිරීමට හොඳ ස්ථානයක් වනුයේ අවකාශයයි – අපගේ විශ්වයයි – අවසන් වන්නේ කොතැනින්ද යන්න ‍තෝරා බේරා ගැනීමයි. ගැටළුව වන්නේ අවකාශය අවසන් වන්නේ කොතැනින්ද යන්න හෝ එය අවසන් වන්නේද යන්නම පවා අප නොදැන සිටීමයි.

දැනට අප සතුව ඇති සියලුම තාක්ෂනණය භාවිතා කරමින් වුව ද, අපට අභ්‍යයවකාශය දර්ශනය වන වැඩිමදුර ඇත්තේ ආලෝක වර්ෂ බිලියන 46ක් ඈතිනි. අපට දැකිය හැකි අවකාශයේ පරිමාව  නිරීක්ෂණය කළ හැකි විශ්වය ලෙස හැඳින්වේ. එතනින් එහාට මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. සමහර විට එය තවත් මන්දාකිණි සහ තරු සහ අවකාශය විය හැකිය. සමහර විට එය විශ්වයේ කෙළවර විය හැකිය.

අපගේ සූර්යයා මධ්යමයේ ඇති, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ දුර සහ ප්‍රමාණය පෙන්වන පරිමාණ නිදර්ශනයක්. Paul Carlos Budassi/SameObjective/Wikipedia, CC BY-SA

සමහර අය හිතන්නේ  විශ්වය අනන්තයි යනුවෙනි ; එනම් එය සෑම දිශාවකටම ව්‍යපත වෙමින් සදහටම  ගමන් කරන බවයි. මෙම සිතුවිල්ලේ දී, අවකාශයෙන් ඔබ්බට කිසිවක් නැත, මන්ද අවකාශය යනු සෑම දෙයක්ම වීම නිසාවෙනි.

කෙසේවෙතත්, විශ්වයේ අවසානයක් තිබුණත්, කෙළවර කොතැනද යන්න අපට සොයා ගැනීම ඉතා අපහසු විය හැකිය.

උදාහරණයක් ලෙස අපේ මේ ග්‍රහලෝකයේ අපගේ නිවහන ගැන සිතන්න. පෘථිවිය අසීමිත  හෝ පෘථිවිය අන්නන්තය දක්වා ඇති වස්තුවක් නොවන බව අපි දනිමු: එය අවසන් වන ස්ථානයේ  අවකාශය ආරම්භ වේ. එහෙත් ඔබ පෘථිවියේ ඉම සොයමින් වෙහෙසෙන්නට පටන් ගන්නේ නම්, ඔබ සදහටම වෙහෙසුන ද  කිසි විටෙකත් පෘථිවියේ ඉම වෙත ළඟා නොවනු ඇත. මෙයට හේතුව පෘථිවිය ගෝලයක් වීමයි. පෘථිවියට දාරයක් නැතිනම් ඉමක් ඇති ද, එසේ නම් එය ඇත්තේ කොතැනද යන්නත් සොයා ගැනීමට නම්, එහි හැඩය අප දැනගත යුතුය.

විශ්වයේ හැඩය තේරුම් ගැනීම, එහි කෙළවර කොතැනදැයි සොයා ගැනීමට අපට උපකාර විය හැක. තාරකා විද්‍යාඥයින් මේ වන විට විශ්වය අධ්‍යයනය කරමින් සිටින අතර, එහි හැඩය ගැන වැඩි විස්තර අපට පැවසිය හැකි ඉඟි සොයමින් සිටිති.

විශ්වය අවබෝධ කර ගැනීම

අභ්‍යවකාශයේ සිට පෘථිවියේ ඡායාරූප ගැනීමට අපට හැකි වී ඇති නිසාත්, සමහර ගගනගාමීන් එය නැරඹීමට අභ්‍යවකාශයට ගොස් ඇති නිසාත් සමස්ත පෘථිවියෙහිම පෙනෙන්නේ කෙසේදැයි අපි දනිමු. සමහර විට අපට විශ්වයේ  සොයන්නට යා යුත්තේ කොතැනටදැයි අප දැන සිටියේ නම් බාගදා අපට එහි කෙළවර ද දැක ගත හැකි වනු ඇත,

කෙසේ වෙතත් තවත් ගැටලුවක් තිබේ. විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී – එමෙන්ම, එයත් අධික වේගයන් සිදුවේ. අප සහ අනෙකුත් මන්දාකිණි අතර අවකාශය වර්ධනය වෙමින් පවතී. ඒවා තවත් ඈතට යන විට, මෙකී දුර ඈත මන්දාකිණිවල ආලෝකය අප වෙත ළඟා වීමට වැඩි කාලයක් ගතවේ.

මෙසේ මන්දාකිණි දුරස් වෙද්දී යම් අවස්ථාවක ආලෝකය අප වෙත ළඟා නොවන තරමට ඒවා දුරස් වනු ඇත. රාත්‍රී අහස සම්පූර්ණයෙන්ම අඳුරු වනු ඇති අතර, විශ්වයේ ඉමක් නැතිනම් කෙළවරක් තිබේ නම් අපට එම කෙළවරක දැකීමට ඇති ඉඩකඩ ඉතා අල්පවනු ඇත. විශ්වයේ මෙම ප්‍රසාරණය යන්නෙන් අදහස් කරන්නේ කෙළවර – සහ ඉන් ඔබ්බට පසු කුමක් වුවත් – අපෙන් දුරස් වෙමින් පවතින බවයි.

අපේ විශ්වයේ මායිම කොතැනදැයි අප නොදන්නවා වුවද, විද්යාඥයෝ  ඉන් ඔබ්බට ඇති දේ ගැන සිතමින් තවම බොහෝ කාලයක් ගත කරති.

බහුවිශ්වයක්?

එක් විශ්වයක් පමණක් නොමැති අතර අපගේ විශ්වයෙන් ඔබ්බට තවත් ඒවා(විශ්වයන්) තිබිය හැකිය. අප සමහරවිට ජීවත්වන්නේ,  “බහුවිශ්වයක” එක් සුළු කොටසක පමණක් වන්නට පුළුවනි.

විශ්ව අතිච්ඡාදනය වීමට හෝ සංයුක්ත වීමට ඉඩ ඇත. MetanoiaKKG/Shutterstock 

සමහර විට අපගේ විශ්වය පිහිටා ඇත්තේ ඇත්තේ අවකාශය තුළ, ශුන්‍යත්වයෙන් සමන්විත  අතිවිශාල ප්‍රදේශ මගින් වෙනත් විශ්වයන්ගෙන් වෙන්ව, ඊටම වෙන් වූ  කලාපයක විය හැකි අතර,  එසේත් නැතිනම් සමහර විට සමාන්තර විශ්වයන් එකිනෙකට සමීපව හෝ අතිච්ඡාදනය වී තිබෙනවා විය හැකියි. මෙයින් අදහස් කරන්නේ අත්තටම “ඉමක්” නොමැති අතර  විශ්වයන් එකිනෙකට මිශ්ර වන බවයි.

විශ්වයේ සැබෑ ස්වභාවය, අපට සිති මවා ගැනීමට හෝ තේරුම් ගැනීමට දැනට අපට ඇති හැකියාවෙන් ඔබ්බට යන්නක් විය හැක. විශ්වයේ හැඩය තේරුම් ගැනීමෙන් එය සදහටම පවතිනවාද නැතහොත් ඊට අවසානයක් තිබේද යන්න සොයා ගැනීමට අපට උපකාර විය හැක. ඊටත් පසුව එන දේ ඊටත් වඩා අභිරහසක් වෙන්න පුළුවනි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending