අපගේ දේශපාලන ද්‍රැවීකරණ ගැටලුව විසඳීම එක් තනි, සරල නමුත් ඉතා දුෂ්කර පියවරකින් කළ හැකි බව James Kakalios තර්ක කරයි (James Kakalios මෙනසෝට විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහචාර්ය වරයාය.)

අප හැමෝම විද්‍යාඥායෙකු වගේ හිතනවා නම් හොඳ ඇයි?

විනව සොයාගැනීම් ගැන ප්‍රශ්න කිරීමට, නව තොරතුරු සඳහා විවෘතව සිටීමට සහ නව තොරතුරු හමුවේ ඔවුන්ගේ මනස වෙනස් කිරීමට Open mind  විද්‍යාඥයින් පුහුණු කර ඇත. (අනුග්‍රහය: iStock/Andrej Filipovic)

21 වැනි සියවස වන විට විද්‍යාව අවබෝධ කරගත් සහ ඊට ගරු කරන සමාජයක අප ජීවත් වන බව නිසැකවම සිදුවෙන්නක් බව 1950 ගණන්වල බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් කල්පනය කළේය.  රේඩාර් සහ න්‍යෂ්ටික බලය වැඩිදියුණු කිරීම ඇතුළුව විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව දෙවන ලෝක යුද්ධය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. වසර ගණනාවක් පුරා, අපගේ දෛනික ජීවිතය විද්‍යාව විසින් පරිවර්තනය කර, දීර්ඝ කර මෙන්ම පොහොසත් කර  ද ඇත. ඒ හපන්කම කරනු ලැබ ඇත්තේ, විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ පරිකල්පනය ඉක්මවා ගිය ආකාරවලිනි

එසේ නම්, මහජනතාවගෙන් සැලකිය යුතු කොටසක් දේශගුණික විපර්යාසයේ සිට එන්නත් වල ආරක්ෂාව සහ පෘථිවියේ හැඩය දක්වා වූ පුළුල් පරාසයක මාතෘකා පිළිබඳව ඇති විද්‍යාත්මක සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණකි. මෙම විද්‍යා සංශයවාදය ඉතා වරණීයයි.  විද්‍යාව, පැතලි තිර රූපවාහිනී හෝ ස්මාර්ට්ෆෝන් හෙවත් බුහුටි ෆෝන් හඳුන්වා දෙන  විට, එය(විද්‍යාව)  ගැන් සැක සංකා හෝ අවිශ්වාසයක් පළ කලේ ස්වල්ප දෙනෙකි.  එහෙත්  තමන් අගය කරන පූර්ව සංකල්පිත මතිමතාන්තර හා විදයාව ගැටෙන විට ඇතැමෙක්, සැක සංකා හා අවිශ්වාසයන් ඉස්මතු කරන්නට පටන් ගනිති.. බොහෝ දෙනෙකුට, එන්නත් හෝ දේශගුණික විපර්යාස පිළිබඳ ඔවුන්ගේ අදහස් ගලෙහි කෙටී අකුරු වැනිය; කිසිවිටකත් වෙනස් කිරීමට් සූදානම් නැත. – ඔවුන්ගේ මතයට පටහැනි වීමට තිබෙන්නාවූ  සාක්ෂි හෝ  තර්ක කොපමණ ඉදිරිපත් කළත් කිසිවිටකත් සිය මතය අත් නොහැර සිටිති.

මනෝවිද්යාව සහ ස්නායු විද්යාව  “විශ්වාසය අභිනිවේශනය”(විශ්වාසය දිගටම පවත්වාගෙන යාම – phenomenon termed|) නම් සංසිද්ධියක් හඳුනාගෙන ඇති අතර එය අපගේ පූර්ව නිගමනයන්ට පටහැනි නව තොරතුරුවලට අප සෑම කෙනෙකුම ප්රතිරෝධය දැක්වීමට හේතු වේ. වැඩියෙන් සාක්ෂි හෝ වඩා හොඳ තර්ක ඉදිරිපත්කිරීම පිළිතුර වන්නේ නැත. කලින් සිටම  අප දරන ලෝක දර්ශනයක් සමඟ ගැටෙන්නා වූ තොරතුරු වැඩි වන තරමට අපගේ මොළය ඒව ප්රතික්ෂේප කරයි – එය “කරකැවී ආපසුඒමේ බලපෑම”(backfire effect) ලෙස හැඳින්වේ. බොහෝ දෙනෙකුගේ ලෝක දැක්ම ඔවුන්ගේ දේශපාලන මත වාදයන් සමඟ බැඳී ඇති අතර, COVID-19| වසංගතය තුළ මුව ආවරණ සහ එන්නත් වල සඵලතාවය වැනි නව තොරතුරු දේශපාලනීකරණය වූ විට, එය බරපතල ගැටළුවක් විය හැකිය.

කරකැවී ආපසුඒමේ බලපෑමට(ආචරණයට) එරෙහිව කරුණු දැක්වීමේ දී විද්යාඟඥයින් සිටින්නේ අද්විතීය ස්ථානයක ය. නව තොරතුරු ලබාගැනීම සඳහා විවෘත මනසකින් සිටීමට, එහි වලංගු භාවය  පරීක්ෂා කිරීමට සහ වඩාත්ම වැදගත් ලෙස, නව තොරතුරු හමුවේ අපගේ මනස වෙනස් කිරීමට විද්යාංඥයින් පුරුදු පුහුණු කරනු ලැබ ඇත.  යමක් සොයාගැනීමේ,   ස්ථාපිත සත්‍යයක් ලෙස කලින්  පිළිගත් දෙයක්,  සත්‍ය නොවන බව අළුතෙන් දැනගැනීමේ  සතුටක්  විද්යාඥයෙකුට ඇත, නව සහ අනපේක්ෂිත දෙයක් ගැන විද්යායඥයින් නිරතුරුවම සෝදිසියෙන් සිටින්නේ,  දෝෂ සහ වැරදි වලින් ආරක්ෂා වීමට වග බලාගනිමිනි. මෙම ලිපියේ කතෘ උපාධි අපේක්ෂකයෙක්ව සිටියදී තවත් ශිෂ්‍යයෙකු ඔහුට මෙසේ පවසා තිබේ: “ඔබේ පර්යේෂණවල විශිෂ්ට දෙයක්  දුටු විට, නොබෙල් ත්‍යාගයට ඔබින්නක් ලෙස නොසිතන්න. ඒ වෙනුවට, යනුවෙන් ‘මම කොහොමද මේක අවුල් කළේ?’ අසන්න පුරුදුවෙන්න. එය වැරදියි කියා උපකල්පනය කර ඔබේ වැරැද්ද සොයා ගැනීමට උත්සාහ කරන්න. දෝෂයක් නොමැති නම්, විශිෂ්ටයි. නමුත් දෝෂයක් තිබේ නම් සහ ඔබ එය සොයා නොගන්නේ නම්, වෙනත් අයෙකු එසේ කරනු ඇති බවට ඔබට සහතික විය හැකිය.

අපගේ පූර්ව නිගමනවලට අභියෝග කරන නව තොරතුරු වලට  එරෙහි ආරකාෂාකාරී ප්‍රතික්‍රියා වලට ප්‍රතිකූලවීමට නම්, සෑම කෙනෙකුම විද්යාඥයෙකු මෙන් සිතීමට ඉගෙන ගත යුතුය.

මෙහි වැදගත් කරුණු දෙකක් තිබේ. පළමුවැන්න යථාර්ථය පවතින බවත්, එම දත්ත දත්තම බවත්ය යන්නය. ඔබ සැබෑ බලපෑමක් දකින්නේ නම්, අනෙක් අය එය තහවුරු කරනු ඇත; නො එසේ නම්, ඔවුන් එසේ තහවුරු නොකරනු ඇත. දෙවනුව, සැකයට හා අවිනිශ්චිතතාවයට විවෘත වන්න. අපට, වලංගු විද්යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි නිරීක්ෂණ සහ ප්‍රතිඵල රාශියක් ඇත. විද්යාඥයන් මෙය දකින්නේ විද්යාත්මක ක්‍රමයේ දෝෂයක් ලෙස නොව අපට උදාවෙන අවස්ථාවක් ලෙසයි. අපට නොතේරෙන දෙයකට අප මුහුණ දෙන විට, විද්‍යාඥයන්, නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ නැත., ඒ වෙනුවට, ඔවුහු ඒ සම්බන්ධයෙන් වෙහෙසී ක්‍රියා කිරීමට  පෙළඹෙති.

යම් ප්‍රතිඵලයක් අර්ථකථනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාඥයන් බොහෝ විට එකඟ නොවනු ඇති නමුත් වලංගු නිරීක්ෂකණයක් යනු කුමක්ද යන්න පිළිබඳව අපි සියල්ලෝම එකඟ වන්නෙමු. නිදසුනක් වශයෙන්, දෝෂ හෝ සංඛ්යානමය හෝ පර්යේෂණාත්මක මානව කෘති ගැන හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව පමණයි,  මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් හේතුවෙන්  උනුසුම් වන ගෝලීය උෂ්ණත්වයක් පිළිබඳ එකඟතාවයකට දේශගුණ විද්යාකඥයින්ගෙන් 97% කට වඩා වැඩි ප්‍රමාණයක් එළැඹෙනු ඇත්තේ. එයම  එහි වලංගුභාවය විශ්වාස කළ හැකි බව  යමෙකුට පෙන්නුම් කරයි. ඇත්ත වශයෙන්ම විද්යාඥයෙකු තම සගයන් වැරදි බව ඔප්පු කිරීමට කිසිවිටකත් මැළිවන්නේ නැත. මන්ද එය නව සොයා ගැනීමක් තරම් හොඳ නිසාවෙනි. ප්‍රවීණත්වය වැදගත් වන අතර මෙවැනි අවස්ථා වලදී, දේශගුණ විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ට වැඩි තැනක් ලබා දීමට ඔබට අවශ්‍ය වනු ඇත; මන්ද ඔවුන් යමෙකු රැවටිය හැකි හෝ නොමඟ යැවිය හැකි සියලු ක්‍රම පිළිබඳව ඉතා හොඳින් දන්නා බැවිනි.

මාර්ගෝපදේශාත්මක මූලධර්ම

අපගේ පූර්ව නිගමනවලට අභියෝග කරන නව තොරතුරු වලට එරෙහි ආරක්ෂකාරී ප්රහතික්රිුයා වලට ප්‍රතිකූල්වීමට, සෑම කෙනෙකුම විද්‍යාඥයෙකු මෙන් සිතීමට ඉගෙන ගත යුතුය. ඇත්ත වශයෙන්ම, විද්‍යාඥයෙකු වැඩි ජනප්‍රියතාවක් හිමිකරගත් න්‍යායකට හෝ ආකෘතියකට පටහැනි දත්ත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා පිළිබඳ උදාහරණ බොහොමයක් තිබේ. තමන්ගේ පර්යේෂණයක් හෝ අත්දැකීමක් පිළිබඳ   දරුණුම විවේචකයා තමන්ම වීම ඉගෙන ගැනීමට සහ ඔබ සත්‍ය යයි පිළිගත් දෙයක් ඇත්ත වශයෙන්ම එසේ නොවන බව පිළිගැනීමට අඛණ්ඩ සහ තිරසාර උත්සාහයක් අවශ්‍ය වේ. ආධානග්‍රාහී නිශ්චිතභාවයට වඩා, යමෙකු සැකය වැලඳගෙන තම මනස වෙනස් කිරීමට විවෘත විය යුතුය.

ඇත්ත වශයෙන්ම, විද්‍යාව යනු පිළිතුරු සමූහයක් නොව, ක්‍රියාවලියකි; ලෝකය පිළිබඳ ප්‍රශ්න කිරීමේ ක්‍රමයකි.විද්‍යාඥයෙකු මෙන් සිතීමේ හරය සහ ආපසු කරකැවීමේ ආචරණය උගුලෙන් මිදීමේ හරය, එක ප්‍රශ්නයකින් සාරාංශගත කළ හැකිය: මා වැරදි නම් කුමක් කළ යුත්තේ කුමක් ද?  විද්යාවත්මකව හිතන්න එලෙස ඇසීම ම ප්‍රමාණවත්. (කලින් ද කීවා සේ) ඇත්ත වශයෙන්ම, විද්‍යාව යනු පිළිතුරු සමූහයක් නොව, ක්‍රියාවලියකි; ලෝකය පිළිබඳ ප්‍රශ්න කිරීමේ ක්‍රමයකි.  නිසි පිළිතුරක් වන්නේ කුමක් ද යන්න පිළිබඳ එකඟ වූ නිර්ණායකවලින් ද විද්‍යාව සමන්විත වේ. සමහර විට මෙම කරුණු “විද්‍යාව” ලෙස ඉදිරිපත් කරනු ලැබෙයි. එහෙත් නව අධ්‍යනයන් නව තොරතුරු වලට තුඩු දිය හැකි අතර, වඩාත්හොඳම අවස්ථාවෙහිදී, ලෝකය සහ එය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය වැඩිදියුණු වේ.

කලින් ස්ථාපිත ප්‍රතිඵලවල ඌණතා පෙන්වීමට නව සොයාගැනීම් හේතු විය හැක. එයින් අදහස් කරන්නේ අපට කිසිවක් දැනගත නොහැකි බව නොවේ — ඒ වෙනුවට, ඉන් අපට ගෙන එන්නේ  හෙට අපගේ අවබෝධය අඛණ්ඩව වැඩිදියුණු වන බවට පොරොන්දුවකි.  වසංගතවල සිට දේශගුණික විපර්යාස දක්වා සහ කෘතිම බුද්දිය්(AI) දක්වා අප මුහුණ දෙන අභියෝග, අප විසින් සිදු කරණු ලබන වරණයන්(තේරීම්) තීරණය කිරීමට ආපසු කරකැවීමේ ආචරණයේ බලපෑමට ඉඩ දීමට නොහැකි තරම් විශාලය. අප චිත්තවේගීය ලෙස ප්‍රතික්‍රියා කරන විට අප කරන්නේ, අපව වඩාත් පහසුවෙන් හසුරුවා ගත හැකි බව දන්නා පුද්ගලයින්ට අපව පෙළීමට අපම අවස්ථා සලසා දීමය.

21 වැනි සියවසේදී විද්‍යාව, විශ්වීය ලෙස පිළිගත යුතු වන්නේය. දේශපාලනික වශයෙන් අපහසු වූ පලියට, අපගේ ජීවිත වැඩිදියුණු කරන මූලධර්ම නොසලකා හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අප නොකළ යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending