ඔබ කියවන විට ඔබේ හිසෙන් අසෙන ඒ හඬ කුමක්ද?

ප්රශ්නය අසන්නේ  බ්‍රසීලයේ, Goiânia  හී 14 හැවිරිදි, ලුයිසා

පිළිතුරු දෙන්නේ  Memphis විශ්ව විද්යාලයේ සහායක පීඨාධිපති සහ මනෝවිද්යාව පිළිබඳ මහාචාර්ය Roger J. Kreuz සහ Memphis  විශ්ව විද්යාලයේ මනෝවිද්යාව පිළිබඳ සහායක මහාචාර්ය Beth Meisinger

ඔබ මුලින්ම කියවීම ආරම්භ කරන විට, බොහෝවිට ඔබ ශබ්ද නඟා කියවන්න පුරුදුව සිටි බව නිසැකය..

ඔබ ආරම්භක කියවන්නෙකු වන්නෙකු නම් හෝ ඔබ අභියෝගාත්මක යමක් කියවන විට ශබ්ද නඟා කියවීමෙන් පෙළ තේරුම් ගැනීමට පහසු විය හැක. ඔබ කියවන විට ඔබේ හඬට ඔබට සවන් දීමට හැකිවීම කියවන දෙය තේරුම් ගනීමට නැතිනම් අවබෝධයට උපකාරී වේ .

ඊට පසු, ඔබ ” තොල්  මතුරමින් කොඳුර කොඳුරා” කියවිය හැකිය. එසේ කියවන්නේ,  කියවන විට ඔබ මුමුණනන්නේ නම්, කොඳුරන්නේ නම් හෝ ඔබේ තොල් චලනය කරන්නේ නම් ය. එහෙත්, ක්‍රමයෙන් ඔබේ කියවීමේ කුසලතා වර්ධනය වන විට මෙම පුරුද්ද සෙමෙන් මැකී යන අතර, ඔබ නිහඬව “ඔබේ හිතෙන්” කියවීමට පටන් ගනී. ඔබේ අභ්‍යන්තර කටහඬ ක්‍රියාත්මක වන්නේ එවිටය.

කියවීමේ සහ භාෂාවේ ප්රවීණයන් ලෙස, ශබ්ද නඟා කියවීමේ සිට නිශ්ශබ්දව කියවීමට හුරුවීමේ  මෙම සංක්‍රාන්තිය අපි සෑම විටම දකින්නෙමු.  එය කියවීමේ හැකියාව වර්ධනය කිරීමේ සාමාන්‍ය කොටසකි. සාමාන්‍යයෙන් ළමයි, හතරවන හෝ පස්වන ද්‍රේණියේදී නිහඬව කියවීමට දක්ෂයෝ බවට පත්වෙති .

ශබ්ද නඟා කියවීමේ සිට නිශ්ශබ්දව කියවීම දක්වා මාරුවීම ළමයින් සිතීමේ සහ කථා කිරීමේ කුසලතා වර්ධනය කරන ආකාරය හා සමාන වේ.

කුඩා වයසේ දරුවෝ, බොහෝ විට අභියෝග ජය ගනු පිණිස සිතීමට මාර්ගයක් ලෙස තමන්ටම කතා කරති. රුසියානු මනෝවිද්යාඥයෙකු වන Lev Vygotsky මෙය “හුදකලා කථාව”(“private speech”) ලෙස හැඳින්වීය. ඒ වගේම  තමන්ටම කතා කරන අය ළමයින් විතරක් නෙවෙයි. වැඩිහිටියෙකු නව වැකුම් ක්ලීනර් එකක් එකලස් කිරීම උත්සාහ කරන ආකාරය දැක තිබෙනවා නේද?. ඔවුන් එකලස් කිරීමේ උපදෙස් තේරුම් ගැනීමට උත්සාහදරමින්ම තමන්ටම මුමුණනවා ඔබට ඇසෙනු ඇත.

ළමයින් වඩා හොඳින් හිතන්නන් බවට පත් වන විට, ඔවුන් ශබ්ද නඟා කතා කරනවා වෙනුවට ඔවුන්ගේ හිතෙන් කතා කිරීමට සංක්‍රමණය වේ. මෙය “අභ්යන්තර කථාව” ලෙස හැඳින්වේ.

ඔබ හොඳින් කියැවීමට ඉගෙන ගත්  පසු, නිශ්ශබ්දව කියවීම වඩාත් පහසු වේ. ඔබ සෑම වචනයක්ම මැතිරිය යුතු නැති නිසා කියවීම වේගවත් වේ. එමෙන්ම, කියවීමේ ප්‍රවාහයට බාධා නොකරම  කොටස් නැවත කියවීම පිණිස ඔබට ආපස්සට ආ හැකිය.  කෙටි, හුරුපුරුදු වචන පවා ඔබට මඟ හැරිය හැක.

නිශ්ශබ්ද කියවීම වඩාත් නම්‍යශීලී වන අතර, එය ඔබට වඩාත් වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසයි. නිහඬව කියවීමේදී ඔබේ අභ්‍යන්තර කටහඬ සොයා ගත හැක.

අභ්යන්තර හඬ වර්ධනය කිරීම

කියවීමේදී අභය්න්තර කටහඬක් ඇසීම සාපේක්ෂව සාමාන්‍ය දෙයකි. ඇත්ත වශයෙන්ම, එක් අධ්‍යයනයකින් හෙළි වූයේ පුද්ගලයන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකු හුදකලාව, නිශ්ශබ්දව කියවන විට බොහෝ විට හෝ සෑම විටම අභ්‍යන්තර කටහඬක් ඇසෙන බවයි.

අභ්‍යන්තර කටහඬ වර්ග ගණනාවක් ඇති බවට ද අදහස් ඉදිරි පත් වී ඇත . ඔබේ අභය්න්තර කටහඬ ඔබේම විය හැක : එය ඔබ කතා කරන ආකාරය හා සමාන විය හැකි  හෝ ඔබේ කතා කරන හඬ මෙන් විය හැකිය. නැතහොත් එය සම්පූර්ණයෙන්ම වෙනස් තානයක්(tone) හෝ ස්වරගුනය්ක්(timbre) ආරොපනය කර ගන්නවා විය හැකිය.

වැඩිහිටි පාඨකයින් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ ඔබ කියවන දේ අනුව ඔබේ හිසට ඇසෙන කටහඬ වෙනස් විය හැකි බවයි. නිදසුනක් වශයෙන්, පොතක පේළි කිසියම් සුවිශේෂී චරිතයක් විසින් කථා කරනු ලබන්නක් නම්, එම චරිතයේ කටහඬ  හිතෙන් ඔබට ඇසෙනු ඇත.

එමනිසා, ඔබ පොතක නිමග්නව කියවන විට ඔබේ හිසෙන් කටහඬ කිහිපයක්ක් ඇසෙන්නට පටන් ගන්නේ නම් බිය නොවන්න – එයින් අදහස් වන්නේ ඔබ දැනටමත් දක්ෂ නිහඬ කියවන්නෙකු වී ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending