මතුපිට රටා යෝජනා කරන්නේ අඟහරු ග්‍රහලෝකයට තෙත් වියලි චක්‍ර සහිත මුල් දේශගුණයක් තිබූ බවයි.

එක් කලෙක අඟහරු මත ජීවය පැවතියේද? විද්‍යාඥයන් කෙසේවෙතත්, සාමාන්‍ය ජනතාව අතුරෙන් බොහො දෙනෙකු අනුමාන කරන්නේ එසේ ජීවය තිබෙන්නට ඉඩ ඇති බවයි. අද වන විට නම් අඟහරු ශීතල, වියලි සහ වාසයට නුසුදුසු ග්‍රහලෝකයකි. එසේනමුත් වසර බිලියන ගණනකට පෙර ගංගා ඔස්සේ ජලය ගලා යමින් වැව් පිරී ගියේය. දැන්, ග්‍රහලෝකයේ මතුපිට ඇති සුවිශේෂී මඩ ඉරිතැලීම් සොයාගැනීමෙන් ඇඟවෙන්නේ පුරාණ අඟහරු මත තෙත් සහ වියළි කාල වශයෙන් වසර මිලියන ගණනක් තිස්සේ තිරසාර  කාල චරානුරූපීව පවතින්නට ඇති බවයි.  විද්යාඥයන් පවසන පරිදි දේශගුණය වාසයට සුදුසු වූවා පමණක් නොව, සෘතු චක්‍ර පැවතීම ජීවයේ මූලික රසායන ක්‍රියාවලීන්ටද උත්තේජනයක් ලබා දෙන්නට ඇත.

Nature සඟරාවෙහි වාර්තා වූ මෙම සොයා ගැනීම,  මුල් කාලයේ අඟහරු ග්‍රහයා මත පෘථිවියට සමාන දේශගුණයක් තිබුණු බවට ප්‍රබල සාක්ෂියක් වන අතර රතු ග්‍රහයා ලෙස හඳින්වෙන අඟහරු ලෝකයේ ජීවයේ සම්භවය පිළිබඳ “කුහුල දනවන” න්‍යායන් ඉදිරිපත් කරන බව ෆ්ලොරිඩා විශ්ව විද්යාලයේ භූ විද්යාඥ Amy Williams පවසයි. Williams අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි.

අඟහරු ග්‍රහයා වටා 1990 ගණන් වලදී පරිභ්රමණය වූ නාසා චන්ද්රිකා මගින් ප්‍රථමයෙන් ගලි(gullies), සිඳී ගිය ගංගා ඩෙල්ටා සහ ප්‍රස්ථර අවසාදිත තැන්පතු හසු කර ගනු  ලබීමට පටන් ගත් අතර, ඒවා සියල්ල සෑඩීම පිණිස ද්‍රව ජලය  අවශ්ය වේ. මෙම භූ විද්යාත්මක ලක්ෂණවලින් පෙනී යන්නේ පුරාණ අඟහරු දේශගුණය අදට වඩා ඉතා උණුසුම් සහ තෙත් වූ බව යයි නාසා හි ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරයේ Curiosity ගවේෂක යානා ව්‍යාපෘති විද්යාඥ අශ්වින් වාසවාද පවසයි.

ප්‍රශ්නය වන්නේ මුල් කාලයේ අඟහරු දේශගුණය, මෙම උණුසුම් හා තෙත් තත්ත්වයන් ජීවය ස්ථාපිත කිරීමට ප්‍රමාණවත් කාලයක් පැවතීමට ඉඩ සපයා දෙන්න ඇත්තේ කෙසේද යන්නයි. අද, අඟහරු ග්‍රහලෝකයේ ශීතල සහ සිහින් වායුගෝලය යන්නෙන් අදහස් කරන්නේ එහි  මිදුණු අයිස් වැස්මෙහි(ice cap) හෝ කබොලෙහි ඛනිජ ලවණවල සිරවී තිබෙන  ඇති කුඩා ජල ප්‍රමාණයයි. වාසවාදට අනුව, වසර බිලියන ගණනකට පෙර, සූර්යයා ඉතා අඳුරු ව පැවති විට, තත්වයන් ඊටත් වඩා අඩු වාසිදායක වන්නට ඇත.

සමහර විද්යාඥයන් විශ්වාස කරන්නේ සමාන්‍යයෙන් ශීතල සහ වියලි දේශගුණයක් තුළ කෙටි උණුසුම් කාලගුණයක් ඇති කිරීමට හේතුවන යමහල් පිපිරීම් සහ ග්‍රහක(asteroid) බලපෑම් නිසා ඉඳහිට හරිතාගාර වායු වායුගෝලයට එක්  කරන්නට ඇති බවයි,  අනෙකුත් පර්යේෂකයන් පවසන්නේ භූ විද්යාත්මක ලක්ෂණ තිරසාර උණුසුම් හා තෙත් දේශගුණයක් නිසා හටගන්නට ඇති බවයි.  “මුල්කාලීන අඟහරු භූ විද්යාව හදිසියේ තාවකාලික උණුසුම් වීමේ සිදුවීමක ප්රතිඵලයක් නොවේ” යනුවෙන් මධයම ෆ්ලොරිඩා විශ්ව විද්යාලයේ ග්‍රහලෝක විද්යාඥයෙකු වන Ramses Ramirez පවසන්නේය.

Death Valley

දැන්, කියුරියෝසිටි රෝවරය විසින් පෞරාණික පාෂාණවල ෂඩාශ්‍රාකාර හැඩැති ඉරිතැලීම් රටා සොයාගෙන ඇත.  ඒවා,තිරසාර උණුසුම් දේශගුණයක් සඳහා පවතින සාක්ෂිවලට එකතු වන තවත් සාක්ෂිය. නැගෙනහිර කැලිෆෝනියාවේ කාන්තාර නිම්නයක් වන”Death Valley”  වැනි ස්ථානවල පෘථිවියේ දක්නට ලැබෙන රටා වලට  ඒවා සමාන වන අතර, ඒවා සෑදෙන්නේ වසර ගණනාවක තෙත් වියලි ච්ක්‍රවලින් පසුව පමණි. මෙම ඉරිතැලීම් මුලින් දිස්වන විට, ඒවා තියුනු, T-හැඩැති කෝණ සහිත සමචතුරශ්‍රාකාරව දිස් වූ බව, (අධ්‍යනයේ)ප්‍රධාන කර්තෘ මෙන්ම තාරකා භෞතික විද්යාව සහග්‍රහලෝක විද්යාව පිළිබඳ ප්‍රංශ පර්යේෂණ ආයතනයේ ග්‍රහලෝක විද්යාඥයෙකු ද වන William Rapin පැහැදිලි කරයි.

මඩ නැවත සජලනය වන සෑම අවස්ථාවකම, ඉරිතැලීම් “මැකී” යන අතර, නැවත වරක් බිම වියළී ගිය විට පමණක් යලි හට ගනී. කාලයාගේ ඇවෑමෙන්, ලාක්ෂණික ෂඩාශ්‍රාකාර නිපදවමින් තියුණු කෝණ Y හැඩතලවලට සියුම්ව මාරු වන්නේය.

වසර බිලියන ගණනකට පෙර තෙත් සහ උණුසුම් චක්‍ර සහිත අඟහරු ග්‍රහයා කෙබඳු වන්නට ඇත්දැයි දැක්වෙන කලාකරුවෙකුගේ ප්‍රවාචනය Lttiz/Wikimedia Commons

“නිත්‍ය තෙත් සහ වියලි කාලවකවානු නොමැතිව මෙම ෂඩාශ්‍රාකාර රටාව සෑදිය නොහැක” යනුවෙන් Rapin පවසන අතර මෙම චක්‍ර වසර දහස් ගණනක සිට මිලියන ගණනක් දක්වා සෘතුමය පදනමක් මත පැවතිය හැකි යැයි හෙතෙම කල්පනාකරයි. මුල් අඟහරු ග්‍රහයා අත්විඳින ලද්දේ ව්‍යසනකාරී සිදුවීම් නිසා ඇති වූ උණුසුම් කාලපරිච්ඡේදයන් පමණක් ය යන මතය  මෙම සොයාගැනීම මගින් බැහැර කරනු ලබන බව  පවසන ඔහු “යමහල් හෝ වෙනත් බලපෑම් වලින් ඒවා ඇතිවිය නොහැක.” යයි වැඩිදුරටත් කියයි.

එවැනි තෙත් වියලි කාල චක්‍ර, ජීවය ආරම්භ කිරීමට ද උපකාරී වන්නට ඇත.  බහු අවයවික(polymers) ලෙස හඳුන්වන අණු වල දිගු දාම භාවිතා කිරීමට, ජීවය නැඹුරු වේ. මෙම දාමයන් ගොඩනැගීමට ජලය අවශ්‍ය වේ, නමුත් අධික ලෙස ජලය අණුක සංරචක එකට ඇලී සිටීම වළක්වයි. තත්ත්වයන් දෙක අතර සමතුලිතතාවයක් ඇති කරන තෙත්-වියළි කාල චක්‍ර, “වාසස්ථානය සහ ජීවයේ වර්ධනය” සඳහා ප්‍රධාන විය හැකි බව Los Alamos  ජාතික පර්යේෂණගාරයේ ග්‍රහලෝක විද්‍යඥවරියක වන, අධ්‍යයන කතුවරියක ද වන Nina Lanza පවසයි.

කෙසේවෙතත්,  චිකාගෝ විශ්ව විද්යාලයේ ග්‍රහලෝක විද්යාඥයෙකු වන අධ්‍යයන කතුවරයෙකු වන එඩ්වින් කයිට් පවසන්නේ මෙම සොයාගැනීම මගින් “පිළිතුරුවලට වඩා ප්‍රශ්න” වැඩි කර ඇති බවයි.  නිදසුනක් වශයෙන්, මුල්කාලීන අඟහරු ග්‍රහයාගේ දේශගුණය එතරම් උණුසුම් වීමට හේතුව කුමක්ද, නැතහොත් ග්‍රහලෝකය අවසානයේ සදහටම වියළී ගියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෑහෙන් පිළිතුරක් විද්යාඥයන් තවමත් දන්නේ නැත.

කෙසේවෙතත් කියුරියෝසිටි ගවේෂක යානයේ  සොයාගැනීම අපගේ ලෝකය මත ජීවයේ ආරම්භය පිළිබඳ අපගේ අවබෝධය ඉදිරියට ගෙන යා හැකිය. Rapin එය දකින ආකාරය අනුව,  පෘථිවිය මතින්  නැති වී ඇති  සාක්ෂි අඟහරු ග්‍රහයාගේ පෞරාණික පාෂාන තවමත් සඟවාගෙන තිබෙනවා විය හැකියි.  පෘථිවියේ  Death Valley භූ විද්යාත්මක ක්‍රියාවලීන් අඟහරු ග්‍රහයා මත ඇති මඩ ඉරිතැලීම්, විශ්ලේෂණයට ඉඩකඩ සලසා දුන්නා සේම, අඟහරු ග්‍රහයාගෙන් ලබාගත් දැනුම අපගේම  ග්‍රහලෝකයේ ජීවය ආරම්භ වූ ආකාරය තේරුම් ගැනීමට පර්යේෂකයන්ට උපකාර කළ හැකිය. “ජීවියේ ආරම්භය තවමත් අභිරහසක්,” Rapin පවසයි,  “ඒ අභිරහස විසඳීමට උදව් උපකාර සපයා ගැනීම පිණිස අපට අඟහරු වෙත යා හැකිය.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending