ඌරන් සහ කුකුළන් මත වර්ධක ප්‍රවර්ධකයක් ලෙස කොලිස්ටින් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පළමු ආරක්‍ෂාව මග හැරීමට වැඩි ඉඩක් ඇති E. coli වර්ගයක් මතු විය.

අධ්යතයනයකින් පෙනී යන්නේ පශු සම්පත් වර්ධනය, වැඩිදියුණුව උදෙසා භාවිතා කරන ප්‍රති-ක්ෂුද්රජීවී නාශක අපගේ  ශරීරයේ ස්වාභාවික ආරක්ෂක පද්ධතියට වඩා ප්‍රතිරෝධී බැක්ටීරියා බෝ කරන බවයි.

ගොවිතැනේදී ප්රිතිජීවක වගවිභාගයකින් තොරව භාවිතය නිසා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා ප්‍රතිරෝධීවන  බැක්ටීරියා මතුවීමට හේතු වී ඇතැයි විද්යාඥයන් විසින් අනතුරු අඟවනු ලැබේ. චීනයේ ඌරු සහ කුකුල් ගොවිපලවල එම සතුන්ගේ වැඩීම ප්‍රවර්ධක ඖෂධයක් ලෙස දශක ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද ප්රති-ක්ෂුද්රෙ ජීවී colistin, අපගේ ප්රචතිශක්තිකරණ පද්ධතියේ පළමු පෙළ ආරක්ෂක වළල්ල මග හැරීමට වැඩි ඉඩක් ඇති E coli මාදිලි මතුවීමට හේතු වූ බව පර්යේෂණවලින් පෙනී යයි. දැන් චීනයේ සහ වෙනත් බොහෝ රටවල පශු සම්පත් ආහාර ආකලන ලෙස colistin භාවිතය තහනම් කර ඇතත්,  ප්රතිජීවක ඖෂධ අධික ලෙස භාවිතා කිරීම මගින් එල්ලවන නව එමෙන්ම සැලකිය යුතු තර්ජනයක් ගැන (අධ්යතයනයේ) සොයාගැනීම් මගින් අනතුරු ඇඟවීමක් කරනු ලැබේ.  “මෙය ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයට වඩා භයානක විය හැකි ය” යනුවෙන් පවසන (මෙම පර්යේෂණයට නායකත්වය දුන්), ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්්‍යාලයේ මහාචාර්ය Craig MacLean, “කෘෂිකාර්මික කටයුතුවලදී ක්ෂුද්රි ජීවී නාශක අවිචාරවත් ලෙස භාවිතා කිරීමේ අන්තරාය ඉන් ඉස්මතු කෙරේ” යයි පෙන්වාදෙයි, “  තරබාරු කුකුළන් ලබා ගැනීමේ අරමුණින් නොදැනුවත්ම අපගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනතුරට හෙළීමට අපම  පියවර ගෙන ඇත”.

colistin අයත් පන්තියේම නව ප්රතිජීවක ඖෂධ නිපදවීමේ දී ද මෙම සොයාගැනීම් ප්‍රතිඵල සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. ඒව හඳුනවනු ලබන්නේ ප්‍රතික්ෂුද්‍රජීවමය පෙප්ට්යිඩ(antimicrobial peptides – AMPs) යනුවෙනි.  AMPs සහජ ප්රතිශක්තිකරණය අන්තුරට හෙළීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥායෝ හඟවති.

AMPs, බොහෝ ජීවීන් විසින් ඔවුන්ගේ සහජ ප්රතිශක්තිකරණ ප්රතිචාරය තුළ නිපදවන සංයෝග වන අතර එය ආසාදනයට එරෙහි පළමු ආරක්ෂක මාර්ගය වේ. colistin බැක්ටීරියාමය AMP මත පාදක වේ – ක්ෂුද්ර  ජීවීන් තරඟකරුවන්ට එරෙහිව ආරක්ෂා වීමට එම සංයෝග භාවිතා කරයි – නමුත් බැක්ටීරියාමය AMP, රසායනිකව මිනිස් ප්රතිශක්තිකරණ පද්ධතියේ නිපදවන සමහර AMP වලට සමාන වේ.

1980 ගණන්වල සිට පශු සම්පත් සඳහා colistin බහුලව භාවිතා කිරීම colistin ප්රතිරෝධී ජාන රැගෙන යන E coli බැක්ටීරියාව මතුවීම සහ ව්‍යාප්ත වීම අවුලුවාලීමට හේතු වූ අතර AMP අවසානයේ කෘෂිකර්මාන්තයේ  භාවිතය සඳහා පුළුල් සීමා කිරීම් ඇති කළේය. එහෙත් නවතම අධ්යනයෙන් පෙනී යන්නේ එම ජාන අපගේම ප්රතිශක්තිකරණ ප්රතිචාරයේ මූලික ප්‍රතිෂ්ඨාව වන AMP වලින් වඩාත් පහසුවෙන් මග හැරීමට රෝග කාරකයන්ට ඉඩ දෙන බවයි.

අධ්යනයනයේ දී, MCR-1 නම් ප්රතතිරෝධක ජානයක් රැගෙන යන E coli, කුකුළන්, ඌරන් සහ මිනිසුන් තුළ සහජ ප්‍රතිශක්තිය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන AMP වලට නිරාවරණය කරනු ලැබීය. බැක්ටීරියාව මිනිස් රුධිර මස්තුවලට ඇති සංවේදීතාව සඳහා ද පරීක්ෂා කරන ලදී.

MCR-1 ජානය රැගෙන යන E coli මානව මස්තු මගින් මරා දැමීමට අවම වශයෙන් දෙගුණයක් ප්රතිරෝධී බව විද්යාඥයෝ සොයා ගත්හ. සාමාන්‍ය වශයෙන්, ජානය නොමැති බැක්ටීරියා සමඟ සසඳන විට ජානය මානව සහ සත්ව AMP වලට ප්රතිරෝධය 62% කින් වැඩි කරයි. eLife සඟරාවේ ප්රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ  පාලක E coli මාදිලියට සාපේක්ෂව ප්‍රතිරෝධක E coli ආසාදනය සමඟ එන්නත් කරන ලද සලබ කීටයන් මරා දැමීමට දෙගුණයක් ඉඩ ඇති බවයි.

MacLean පවසන්නේ, E coli ආසාදනයක් පූතිය(Sepsis) හට ගැනීම සහ මරණයට පත් වීමේ අවදානම වැනි සැබෑ ලෝකයේ ප්‍රතිවිපාක බවට මෙය පරිවර්තනය වන්නේ කෙසේද යන්න තක්සේරු කළ නොහැකි බවයි. චීනය, වැඩීමේ ප්‍රවර්ධකයක් ලෙස colistin භාවිතය තහනම් කිරීමෙන් පසු E coli වල මෙම මාදිලිවල ව්‍යාප්තිය තියුනු ලෙස පහත වැටී ඇත්තේ මෙම ව්‍යාධිකාරක සඳහා වෙනත් “යෝග්‍යතා අවාසි” ගෙන යන බව දක්වමිනි. කෙසේ වෙතත්, නව සොයාගැනීම් තවමත් පුළුල් ලෙස සලකා බලා නොමැති මූලික අවදානමක් ඉස්මතු කරයි.

“බැක්ටීරියා [AMP-පාදක ඖෂධ]වලට ප්රතිරෝධ වෙමින් පරිණාමය වුවහොත්, එය අපගේ ප්රතිශක්තිකරණ පද්ධතියේ එක් කුළුණකට බැක්ටීරියා ප්‍රතිරෝධයක් ඇති කළ හැකියි — අනතුර පවතින්නේ එතැනයි.” යනුවෙන් MacLean පැවසීය.

ප්‍රතීක්ෂුද්‍රජීවී ප්රතිරෝධය දරුණු ගෝලීය තර්ජනයක් මතු කරයි –  ප්‍රතිජීවක ප්‍රතිරෝධක සුපිරි බැක්ටීරියා හේතුවෙන්  2050 වන විට  වසරකට මිලියන 10 ක් පමණ මිනිසුන් මිය යා හැකි බවට එක්සත් ජාතීන් අනතුරු අඟවා ඇත – එබැවින් නව ප්‍රතිජීවක අවශ්යාතාවය දැඩි වෙමින් පවතී. ඖෂධ ලෙස AMP වල විභවය, හැකියාව පිළිබඳ උනන්දුව වැඩි වෙමින් පවතින අතර, වැඩිදියුණු කරමින්  පවතින සමහර ඖෂධ අතරට  මානව AMP මත පදනම් වූ  ඒවා ද ඇතුළත් වේ.

MacLean සහ සගයන් එවැනි ඖෂධ නිපදවීම අත්හිටුවන ලෙස ඉල්ලා නොසිටින නමුත්, ප්රතිරෝධය මතුවීමේ සම්භාවිතාව සහ ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ අතිශයින්ම ප්‍රවේශමෙන් අවදානම් තක්සේරු කිරීම අවශ්‍ය වේ යයි ඔවුහු කියා සිටිති. “AMPs සඳහා, ඉතා බරපතල ඍණාත්මක ප්රතිවිපාක තිබිය හැකිය,” MacLean පැවසීය.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ බර්මින්හැම් විශ්ව විද්යාාලයේ   ජෙසිකා බ්ලෙයාර් මෙසේ පවසයි: “colistin ඇතුළු ප්රති-ක්ෂුද්ර ජීවී පෙප්ටයිඩ, බහු ඖෂධ-ප්ර තිරෝධී ආසාදන වර්ධනය වීමට ඇති විසඳුමේ වඩාත් වැදගත් කොටසක් ලෙස පෙන්වා දෙනු ලැබ ඇත. කෙසේ වෙතත්, මෙම අධ්‍යනයෙන් ඇඟවෙන්නේ මෙම ප්‍රති-ක්ෂුද්ර ජීවී නාශක වලට ඇති ප්රතිරෝධය රෝග කාරක වලට ආසාදනය ඇති කිරීමට සහ ධාරකය තුළ පැවැත්මට ඇති හැකියාව මත අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි.

AMP වලින් ඇති විය හැකි අවදානම් පිළිබඳ පුළුල් නිගමන එක් අධනයකින් ලබා ගත නොහැකි නමුත් මේ නව සොයාගැනීම් “සාධාරණ සහ අර්ථවත් වන කරුණු කාරණා මතු කර දක්වන්නේය” යි නිව් යෝර්ක් හි Mohawk Valley Health System හි ආචාර්ය ජෝර්ජ් ටෙගෝස් කියා සිටියි..

Alliance to Save Our Antibioticsහී උපදේශකයෙකු වන, අධ්‍යයනයට සම්බන්ධ නොවූ  Cóilín Nunan මෙසේ පවසයි: “මෙම නව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ colistin ප්රතිරෝධය කලින් සිතුවාට වඩා භයානක විය හැකියි …   බහුලව ඇති කරන ගොවිපල සතුන්ට විශාල වශයෙන් ප්රතිජීවක  ඖෂධ ලබාදීම — වසරකට පෙර යුරෝපා සංගමය එවැනි  ඖෂධ භාවිතය තහනම් කළද — (එසේ කිරීම) තහනම් කිරීමට  බ්‍රිතාඥ රජය තවමත් විරුද්ධවීම කැපී පෙනෙන්නක්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending