ළදරුවන් තම මවගේ කුසයෙන් පිටතට එද්දී හැමවිටම අඬන්නේ ඇයි?  

ප්‍රශ්නය අසන්නේ වියට්නාමයේහැනෝයි නුවර, 12 හැවිරිදි නාම්

පිළිතුරුදෙන්නේ, බටහිර සිඩ්නි විශ්ව විද්යා ලයේ ස්වකර්ම(midwifery) පිළිබඳ මහාචාර්ය, සහකාර පීඨ පර්යේෂණ සහ HDR, ස්වකර්ම විනය නායක, Hannah Dahlen

බිළිඳු දරුවන් ඉපදෙන විට, ඔවුන් සියල්ලෝම අඬාගෙනම මෙලොව එළිය දකින බවක් පෙනේ. අපි මෙය බොහෝ අවස්ථවල රූපවාහිනියෙන් දකින්නකි. එසේ වුවත් අලුත උපන් සියලුම ළදරුවන් ඉපදුණු වහාම අඬන්නේ නැත. සිදුවන්නේ කුමක් දැයි අපි සොයා බලමු.

උපතේදී සිදු වන්නේ කුමක්ද?

ළදරුවෙකු ඉපදුණු විටඑම බිළිඳා, මෙලොවට එන්නේ තම මවගේ උණුසුම් ශරීරයෙන් පිටතට වන අතර, එම බිළිඳා මෙතෙක් දිවි ගෙවූ අඳුරු, ජලමය ලෝකයෙන් වඩාත් සිසිල්, වියලි සහ දීප්තිමත්නව ලොවක් වෙතයි.

එය තරමක අසීරු දෙයකි. බිළිඳන් තම මව් කුසයෙන් පිටතට එන විට (මවගේ ශරීර අභ්‍යන්තරයට වඩා සාපේක්ෂව) සිසිල් වාතය ඔවුන්ගේ තෙත් සමට පීඩා ගෙන දෙයි.

සිසිල් වාතය ඔවුන්ව අමාරුවෙන් හුස්ම ගැනීමට සලස්වයි. ඔවුන්ට මේ ලෝකයට පැමිණීමට උපකාර වෙමින් වින්නඹු මාතාව හෝ වෛද්‍යවරයා  ඔවුන්ගේ සිරුර ස්පර්ශ කරන විට ද එයම සිදුවෙයි. එලෙස අමාරුවෙන් ගන්නා හුස්ම, ඔවුන්ගේ පළමු ආස්වාශය වන අතර සාමාන්‍යයෙන් එම පළමු හුස්ම ගන්නේ හැඬීමක් සමගය. මෙය සිදු වූ විට, දරුවා ඔක්සිජන් ලබා ගන්නා ආකාරය සහ එම ඔක්සිජන් ඔවුන්ගේ ශරීරය වටා ගමන් කරන ආකාරය පිළිබඳ පුදුමාකාර වෙනසක් ඇති කිරීමට එම පළමු ආස්වාශය හෝ හැඬීම මුලපුරයි .

වෙනස්වන්නේ මොනවාද?

ගර්භාෂය තුළ දී, බිළින්ඳන් ඔක්සිජන් ලබාගැනීම සඳහා රඳා පවතින්නේ ඔවුන්ගේ මව මතය.  මෙලෙස ඔක්සිජන් ලබාගන්නේ කලල බන්ධය(වැදෑමහplacenta) සහ පෙකනි වැළ(umbilical cord) හරහාය.  කලල බන්ධය(වැදෑමහ) තරමක් පෑන්කේක් එකක් (වෙල්ල වැහුමක්) මෙන් පෙනෙන අතර මවගෙන් ලැබෙන ඔක්සිජන්-බහුල රුධිරය පෙරීම සිදු කරයි.  පෙකනි වැළ එය නූපන් දරුවාට පොම්ප කරයි. වම් පැත්තේ පෙන්නුම් කරන්නේ කලල බන්ධය(වැදෑමහ)යි. පෙකණි වැල එක්ව එය මවගේ රුධිරයෙන්  නූපන් දරුවාට ඔක්සිජන් යැවීමට කටයුතු කරයි. Shutterstock එසේනමුත් බිළින්දන් ඉපදුණු පසු, ඔවුන්ගේ පළමු හුස්ම හෝ ඇඬීම, ඔවුන්ගේ හදවත  ශරීරය වටා රුධිරය චලනය කරන ආකාරයෙහි විවිධ වෙනස්කම් ඇති කරයි. එමනිසා, ගර්භාෂයේ දී දියර හුස්ම ගන්නවාට වඩා, ඔවුන්ට දැන් වාතය ආශ්වාස කර ඔක්සිජන්, (අපට මෙන්) ඔවුන්ගේ පෙණහලුවලට  ලබා ගත හැකිය.

උපතේ ක්රියාවලිය ද දරුවාගේ පෙණහලුවලින් ජලය මිරිකා, ඔවුන් නිසි ලෙස ඒවා වැඩ කිරීමට ඉඩ සලසයි. අලුත උපන් බිළිඳෙකු නගන පළමු හැඬීම දෙමාපියන් සහ සෞඛ්‍ය සේවකයින් ඇසීමට සතුටුවන ඉතා හොඳ හඬයි. එයින්  පෙන්නුම් කරන්නේ සාමාන්‍යයෙන් දරුවා හොඳින් සිටින අතර හුස්ම ගැනීමට අමතර උපකාර අවශ්‍ය නොවන බවයි.නමුත් අලුත උපන් සියලුම ළදරුවන් අඬන්නේ නැත. තවද එය සැමවිටම කනස්සල්ලට පත් විය යුතු දෙයක් ද නොවේ.

සියලුම ළදරුවන්උපතේ දී අඬන්නේ නැත්තේ ඇයි?

සමහර විට අළුත ඩ්ගරුවාගේ ශරීරය පුරා ඔක්සිජන්  (අපගේ මෙන්) චලනය කිරීමට මාරු වීම සුමටව සිදු නොවේ. දරුවාගේ හදවතේ ගැටළු ඇති විය හැකිය, නැතහොත් සිදුවූයේ දුෂ්කර උපතක්  විය හැකිය. නිදසුනක් වශයෙන්, දරුවා ගර්භාෂයේ සිටිය දී ඔක්සිජන් හිඟයක් ඇතිවන්න්ට ඇති අතර ඔවුන් ඉපදුණු විට හුස්ම ගැනීම ආරම්භ කිරීම පිණිස යම් උපකාරයක් අවශ්ය විය හැකිය. සමහර බිළිඳුන් උපතේ දී හැඬීමේ ප්රමාදයක් ඇත. වෛද්‍යවරුන් මවට සැත්කමක් කර දරුවා ඇගේ කුසෙන් එළියට ගන්නා  –  එනම්, සිසේරියන් සැත්කමකින් උපත ලබන ළදරුවන් හුස්ම ගැනීම සහ හැඳීම වඩාත් මන්දගාමී විය හැකිය . ඊට හේතුවඔවුන් යෝනි මාර්ගයෙන් උපදින විට මෙන් පෙණහලුවලින් මිරිකා ගැනීමට තරලයක් නොමැති කමයි.

සමහර විට අලුත උපන් බිළිඳුන් කොහෙත්ම අඬන්නේ නැත.

ජලයේ උපත ලබන ළදරුවන් (එය ජලෝත්පත්තිය[waterbirth] ලෙස හැඳින්වේ ) ඔවුන් වටා (මවගේ ගර්භාෂයේ දි ඇති වාට කිට්‍ටු) උණුසුම් ජලය විශාල ප්‍රමාණයක් තිබිය හැකි අතර එවන් බිළිඳුන්ට මෙලොව ඉපදුණු බවක් පවා නොදැනේ. ඒ ඔවුන් ලෝකයට එන විට, (සාමන්‍ය උපතක දී මෙන්) සීතල වාතය දැනෙන්නේ නැති නිසා ය; ඔවුන් බොහෝ විට ජලයේ සිටින්නේ  මවගේ දෑතෙහිය. එබැවින් ඔවුහු අඬන්නේ නැතිව, ස්වභාවිකව, නිහඬව හුස්ම ගැනීමට මෙන්ම  (ඔවුන් ප්රමාණවත් ඔක්සිජන් ලබා ගන්නා බව පෙන්වමින්) රෝස පැහැයට හැරෙන්නට නැඹුරු වේ.

Curious Kids – August 18th, 2023(The Conversation) හී පලවන why do babies cry when they come out of their mum? යන ලිපිය ඇසුරෙන් සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending