ඉන්දියාවේ සඳතරණ කාර්ය සාධනය සමස්ත විද්‍යාවේම ජයග්‍රහණයකි
චන්ද්‍රයාන්-3 සාර්ථකව සඳ මත ගොඩ බැස්සවීම, ඉන්දියාව තමන්ගේම අභ්‍යවකාශ වැඩසටහන මෙන්ම චන්ද්‍රයා අවබෝධ කර ගැනීම පිණිස දරන ජාත්‍යන්තර උත්සාහයන් සම්බන්ධයෙන් විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වෙයි.
සඳ මත යානයක් ගොඩබෑම දුෂ්කර වනවා සේමහ අභ්‍යවකාශ යානය විනාශනොවී තබා ගැනීම අතිශය අසීරුය. අභ්‍යවකාශ තරාණයේ දීර්ඝ අත්දැකීම් සහ් ඉත රුසියාවේ Luna-25 මෙහෙයුම අසාර්ථකත්වයට පත් කරමින් දින කිහිපයකට පෙර සඳ මත කඩා වැටුණි, අප්රේල් මාසයේදී, පුද්ගලික ජපන් ප්‍රයත්නයක් ද චන්ද්‍ර පෘෂ්ඨය මත කඩා වැටුණි. චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථකව සඳ මත ගොඩබෑම ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (Indian Space Research Organisation — ISර්O) ජයග්‍රහණය විශේෂවන්නේ එහෙයිනි.

ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන්-3 ජුලි 14 වන දින ගුවන් ගතවූ අතර මෙම දියත් කිරීමේ දී ටොන් 3.9ක අභ්‍යවකාශ යානයක් චන්ද්‍ර කක්ෂයට ගෙන යන ලද්දේය. එහි වික්‍රම් නම් ටොන් 1.75ක ගොඩබෑමේ මොඩියුලයක රැගෙන ගිය ප්‍රඥාන් නම් රෝද හයේ රොබෝ රෝවරයක් ද විය. දැනටමත් සිය ‘රාජකාරී’ අරඹා ඇති, ප්‍රඥාන් (පෘථිවි දින 14කට සමාන) එක් චන්ද්‍ර දිනයක් ගොඩබෑමේ ස්ථානය වටා ගමන් කරනු ඇත.
සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ සීරුවෙන් ගොඩ බැස්සවීම අගෝස්තු 23 වන දින සිදු වූ අතර මේ අනුව, මනාව පාලනය කරන ලද චන්ද්‍ර ගොඩබෑමක් සාක්ෂාත් කර ගත් (එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ චීනයට පසුව) සිව්වන රට බවට ඉන්දියාව පත් වෙයි. තවද, ධ්‍රැවයේ සිට කිලෝමීටර් 600ක් පමණ ඈතින් පිහිටි උස් අක්ෂාංශවලට මුලින්ම යානයක් ගොඩ බැස්සීමට හැකිවූයේ ද ඉන්දියාවයි. එය සැලකිය යුතු කරුණක් වන්නේ ධ්‍රැවීය කලාපවල අනාගත චන්ද්‍ර ගවේෂණය සඳහා සම්පතක් විය හැකි, උදාහරණයක් ලෙස රොකට් ඉන්ධනවල සංරචක ප්‍රභවයක් බවට පත්විය හැකි අයිස් අඩංගු යැයි සැලකෙන බැවිනි, .

ඉන්දියාව සඳ මත ගවේෂණ යානාවක් සාර්ථකව ගොඩ බස්වයි! විද්‍යාඥයන් චන්ද්‍රයාන්-3 ජයග්‍රහණය සමරයි
ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන භෞතික විද්‍යාඥ වික්‍රම් සාරාබායිගේ නමින් නම් කරන ලද වික්‍රම් මෙහෙයුමේ ගොඩබෑමේ මොඩියුලය චන්ද්‍ර පාෂාණ සහ දූවිලි අධ්‍යයනය කරන කුඩා රෝවරයක් යොදවා ඇත. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙහෙයුම චන්ද්‍ර පෘෂ්ඨයේ මෙම කොටසට රාත්‍රිය පැමිණෙන තෙක් සති දෙකක් පවතිනු ඇත.
එක්සත් ජනපද සහ රුසියානු අභ්යීවකාශ ඒජන්සි මෙන්, ISRO ද පෙර අසාර්ථකත්වයන් ගෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට් ගොස් ඇත. ඉන්දියාව මීට පෙර සඳ වෙත යැවූ චන්ද්‍රයාන්-2 ගොඩ බැස්ස වීමේ යානය 2019 සැප්තැම්බර් මාසයේදී සඳ මත කඩා වැටුණි, එසේ සිදුවූයේ, එහි මෘදුකාංගයට යානය චන්ද්ර පෘෂ්ඨය වෙතට බැස යන විට එහි තෙරපුම් වල ගැටලුවක් හඳුනාගෙන නිවැරදි කිරීමට නොහැකි වීම නිසයි. ISRO ඉංජිනේරුවෝ, චන්ද්‍රයාන්-3 වෙත බොහෝ උපස්ථ පද්ධති(back-up systems ) එක් කළ අතර, යම් දෝෂයක් හෝ වැරදීමක් සිදුවුවහොත් අභ්යේවකාශ යානයට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය වඩාත් දැඩි ලෙස පරීක්ෂා කළහ.
ඉදිරි වසරවලදී සඳ වෙත මෙහෙයුම් දුසිම් ගණනක් සැලසුම් කර ඇත. මීළඟ උත්සාහය ඉදිරි දින කිහිපය තුළ පැමිණෙනු ඇත; ජපානය විසින් නිශ්චිත ගොඩබෑමේ ශිල්පීය ක්‍රම පරීක්ෂා කිරීම සඳහා අභ්‍යවකාශ යානයක් යැවීමට අපේක්ෂා කරනු ලබයි. සඳ වෙත යාම සඳ හා ඇති මෙම උනන්දුව, නව අභ්‍යවකාශ තරඟයක් ලෙස ලඝු කිරීමට පෙළඹීමක් ඇතිවිය හැකි අතර, එවැනි ‘තරඟයක දී’ සිදුවන්නේ විශේෂිත කාර්ය සාධන ප්‍රථමයෙන් අත්පත් කර ගත්තේ තම රට යයි ජාතීන් උදම් ඇනීමයි. එහෙත්ත් අභය්වකාශ ගවේෂණ ගැන ලියන ප්‍රකට ලේඛකයෙකු ලෙස Jatan Mehta විසින් මෙම මාසයේ නිරීක්ෂණය කරන ලද පරිදි “මේ නිරවි යුද සමය(cold war) නොවේ. තරඟයේ දී ප්‍රථමයා වීමට හෝ සුළු ජයග්‍රහන හඹා යාම වෙනුවෙන් මිල අධික උපකරණ පුපුරායාමට ඉඩ සැලසීමේ අවදානමක් දැරීමට නොහැකි තරම් (අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඇති)අයවැය සීමිතය.”

“අභ්‍යවකාශය තරනයේ දී අසාර්ථක වීම ද විකල්පයකි – බොහෝ විට එකම එක විකල්පයයි”
කෙසේ වෙතත්, චන්ද්‍ර ගවේෂණය, විද්‍යාවේ සහ ඉංජිනේරු විද්යාවේ නව ඔප්පු කිරීම්, නව තහවුරු කිරීම් සඳා නව පදනමක් ලෙස දැකිය හැකිය. මීට පෙර සිදුකෙරුණු ISRO මෙහෙයුම් දැනටමත් චන්ද්‍ර ගවේෂණයට අදාල නැවුම් දැනුම විද්‍යාවට එක් කිරීමට සමත් වී තිබේ. 2008 දී දියත් කළ ඉන්දියාවේ පළමු සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-1 කක්ෂගත යානය(orbiter), සඳ මත ජලය පවතින බව තහවුරු කරන්නට උපකාර විය. මෙසේ පිහිට වූයේ යානෙයෙහි සවිකර තිබූ NASA ආයතනයේ උපකරණයක් මගින් රැස් කරන ලද දත්තයි (C. M. Pieters et al. Science 326, 568–572; 2009)
මේ අතර, සඳමත ගොඩ බැස්වීමේ යානය, ලෑන්ඩරය, කඩා වැටුණද චද්‍රයාන්-2 හි කක්ෂගත කොටස චන්ද්‍ර පෘෂ්ඨය සිතියම්ගත කිරීම සහ අධ්‍යනය කිරීම දිගටම කරගෙන යයි. චන්ද්‍රයාන්-3 මනාව ක්‍රියාත්මක වුවහොත්, එය පෘෂ්ඨයේ රසායන විද්යාවට සහ ඛනිජ විද්යාවට අදාලදත්ත රැස් කරනු ඇත.
රුසියානු අභ්යිවකාශ ඒජන්සිය වන Roscosmos හි අධ්‍යක්ෂ ජනරාල් Yury Borisov මේ සතියේ රාජ්‍ය මාධ්‍ය වෙත පැවසුවේ රුසියාවේ මෙවර ප්‍රයත්නය අසාර්ථක වූයේ දශක පහකට ආසන්න කාලයක් රටේ චන්ද වැඩසටහනට අඩාල කිරීම නිසා එය සඳ වෙත යාමට අවශ්‍ය විශේෂඥ දැනුම සිඳී යම කර ඇති බවයි. එහෙත්, ISRO, ඊට ප්‍රතිවිරුද්ධව, (චන්ද්රඳයාන්-3 සඳහා කොපමණ ප්රමාණයක් වැය කළේද යන්න හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ වී නමුත්), එහි ඉංජිනේරු කුසලතා ඉහළ නැංවීම ඇතුළුව එහි ජයග්‍රහණ මත තවදුරටත් ස්ථාවර ලෙස ගොඩනගා ඇත.
සුවිශේෂී මොහොත නැරඹීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් සමඟ එක් වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, “මෙම ජයග්‍රහණය සියලුම මනුෂ්‍ය වර්ගයාට හිමිවෙනවා” යැයි කියයි. එය පරම්පරා ගණනාවක් පුරා ඉන්දියාවේ විද්යාඥයින් සහ ඉංජිනේරුවන් ලද විශිෂ්ට ජයග්රරහණයක් ද වේ.
Nature(23rd August) හී පලවන India’s Moon landing is a stellar achievement — and a win for science යන ලිපිය සහ Nature Editorial (August 24) හී පළවන India’s Moon landing is a stellar achievement — and a win for science යන ලිපිය මෙන්ම අන්තර්ජාල වෙනත් ලිපි අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න