රටවල් 150 ක ගෘහස්ථ ආහාර අනාරක්ෂිත භාවයේ කෙටි කාලීන වැඩිවීමත්,  තාපයත් සම්බන්ධ වන අතර මෙය ආදායම් මගින් සමථ වේ.

ඉතා උණුසුම් කාලගුණයෙන් පීඩා විඳින නිවෙස්වලට මාස ගණනක් නොව දින කිහිපයකින්ම ආහාර සැපයුම් පවත්වා ගැනීමට දැඩි ප්‍රයත්න දැරීම සිදු විය  හැකිය යනුවෙන් පෙන්වාදෙන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක Carolin Kroeger,  ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි තාපය මගින් ශීඝ්‍රයෙන් බලපෑම් එල්ල විය හැකි බව ප්‍රථම වරට හෙළිදරව් කරන්නීය.

දේශගුණ අසමානතාවය පිළිබඳ විශේෂඥවරියක වන, ඔක්ස්ෆර්ඩ් පර්යේෂකාව  පැහැදිලි කරන්නේ, ‘සාමාන්යනයෙන්, පර්යේෂණ අවධානය යොමු කරන්නේ රටක මට්ටම සහ තාපය බෝග වලට හානි කරන්නේය යන කාරණාව කෙරෙහි  මෙන්ම  එය මාස කිහිපයකින් ආහාර අනාරක්ෂිත භාවයට හේතු විය හැකි යන්න කෙරෙහිය. නමුත් මෙම පර්යේෂණය, ගෘහස්ථ මට්ටමින් පෙන්නුම් කරන්නේ තාපය දින කිහිපයකින් ආහාර අනාරක්ෂිත භාවයට හේතු විය හැකි බවයි.”

ලොව පුරා බිලියන දෙකක ජනතාව ආහාර අනාරක්ෂිතබව අත්විඳිති. දේශගුණික විපර්යාස ආහාර සුරක්ෂිතතාවය කරා ඉදිරියට යන ගමන  ඇනහිටීමට අපේක්ෂා කෙරේ, විශේෂයෙන් දැනටමත් ඌන පෝෂණය සමඟ පොරබදමින් සිටින කලාපවල. කෘෂිකාර්මික ඵලදායිතාව සහ අස්වැන්න අඩු කිරීම මගින් ඉදිරි මාස හෝ වසර තුළ උෂ්ණත්වය ඉහළ යාම ආහාර අනාරක්ෂිත භාවයට හේතු විය හැකි බව පවතින සාක්ෂි පෙන්නුම් කරයි..නමුත් උණුසුම් උෂ්ණත්වය දිගු කාලීනව ආහාර ලබා ගැනීමට බලපානවා පමණක් නොව, ආහාර වෙත ප්රණවේශ වීමට සහ මිල දී ගැනීමට මිනිසුන්ගේ හැකියාවට ක්ෂණිකව බලපානු ඇත. විශේෂයෙන් උණුසුම් කාලපරිච්ඡේදය දින කිහිපයකින් ආහාර අනාරක්ෂිත භාවයට හේතු විය හැක, එය වැඩ කිරීමට උණුසුම් වන විට සහ කුටුම්භයන්ට ආදායම අහිමි වන අතර එමඟින් ආහාර ලබා ගැනීමේ හැකියාව සීමා වේ.

උණුසුම් කාලපරිච්ඡේදය කම්කරුවන්ට ශාරීරික වෙහෙසක් ඇති කරන අතර ඔවුන්ගේ ඵලදායිතාව හෝ වැඩ කරන වේලාවන් අඩු කරන අතර එමඟින් කුටුම්භ සඳහා ආර්ථික කම්පන ඇති කළ හැකිය. නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගඩොලින් තැනූ කම්කරුවන්ට දිනකට ගෙන යන ගඩොල් ගණනින් වැටුප් ගෙවනු ලබන අතර, තාප පීඩනය නිසා ඇවිදීමේ වේගය අඩු කිරීමට සහ අඩු ගඩොල් රැගෙන යාමට බල කරන විට 50% දක්වා ආදායම් පාඩු අත්විඳිති. ඉන්දියාවෙන් මෑතකාලීන සාක්ෂි ලේඛනගත කරන්නේ එවැනි කම්කරුවන් වැඩ කිරීමට සහ ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ විට ආහාර ලබා ගැනීමට දරන අරගලයයි. දැඩි උණුසුම හේතුවෙන්,  2021 දී ලොව පුරා  බිලියන 470ක විභව වැඩ පැය ගණනක්—(ඒ කියන්නේ පෘථිවියේ එක් පුද්ගලයකුට වැඩ සති 1.5 කට ආසන්න ප්‍රමාණයක්)—ආහාර සුරක්ෂිතතාවට බලපෑ හැකි බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ඇතිකරමින්  අහිමි විය.තාපය,

ලෝකයේ රටවල් ගතහොත්, ආදායම සහ ආහාර අනාරක්ෂිත බව අතර මෙම සම්බන්ධය  රට්වල්, රටවල් අතර වෙනස් විය හැක. ඉදිකිරීම් හෝ කෘෂිකර්මය වැනි තාපයට නිරාවරණය වන රැකියා කරන්නන් සහිත රටවල ජීවත් වන පුද්ගලයින්ට ආහාර අනාරක්ෂිතභාවය කෙරෙහි තාපයේ ප්‍රබල බලපෑම් අත්විඳිය හැකිය. නිදසුනක් වශයෙන්, 2021 දී අහිමි විය හැකි වැඩ පැයවලින් තුනෙන් දෙකක් කෘෂිකාර්මික කම්කරුවන් අතර උපචිත බවට ඇස්තමේන්තු කර ඇත. අනෙක් අතට, ඉහළ ප්‍රමිතියක නිවාස,  සහ නිවෙස් සිසිලන තාක්ෂණයන් පහසුවෙන් සපයා ගත හැකි, එමෙන්ම ආහාර සඳහා ඉහළ මිලක් දැරිය හැකි ඉහළ ආදායම් ලබන රටවල වෙසෙන මිනිසුන්ට සාමාන්‍යයෙන් (මිනිසුන්) තාප නිරාවරණයෙන් ආරක්ෂා කොට ආදායම් අහිමිවීමෙන් ආහාර වියදම් මත ඇතිවන බලපෑම අඩු කර ගැනීමට ගැනීමට උපකාරී වේ.

නිරාවරණය වී දින කිහිපයක් ඇතුළත තාපය, ඉහළ ආහාර අනාරක්ෂිත භාවයක් සමඟ සම්බන්ධ වී ඇති බව ලෝකයේ රටවල් 150ක් පුරා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද ගෘහස්ථ සමීක්ෂණයක් පෙන්වා දෙයි. තවද,  අඩු ආදායම් සහ කෘෂිකාර්මික හෝ අවිනිශ්චිත රැකියාවල  වැඩියෙන් නිරත පුද්ගලයින්  සහිත රටවල ප්‍රබල බලපෑම් ආදායම් සහ සෞඛ්‍යය කෙරෙහි අඩුකිරීම්  මෙම වැඩිවීම මගින් සමථ වනු ලබන  බවත් සමීක්ෂණය පෙන්වා දෙයි.  ගෘහස්ථ මට්ටමින් තාපය සහ ආහාර අනාරක්ෂිතභාවය අතර කෙටි කාලීන ආදායම් මත පදනම් වූ මාර්ගයක් විශ්ලේෂණයෙන් හෙළිදරව් වෙයි, ඉන් හැඟවෙන්නේ,  තාපය සහ ආහාර අනාරක්ෂිතභාවය වටා ගොඩ නැගෙන ශාස්ත්‍රාලීය විවාදය හා ප්‍රතිපත්ති සම්පාදනයේ දී දිගුකාලීන කෘෂිකාර්මික බලපෑම් පිළිබඳ වර්තමාන අවධානයට අවශ්‍යයෙන්ම සිදු කළ යුතු එකතු කිරීමක් පිළිබඳවයි.

අධ්‍යනය සිදු කල, ඔක්ස්ෆර්ඩ් සරසවියේ  සමාජ ප්‍රතිපත්ති සහ මැදිහත්වීම දෙපර්තමේන්තුවේ (Department of Social Policy and Intervention ) මහාචාර්ය Aaron Reeves පැහැදිලි කරන අන්දමට  ‘මෙම පර්යේෂණ පත්‍රිකාව, අධික උෂ්ණත්වයට ගොදුරු වන පුද්ගලයින්ගේ ජීවිත කෙරෙහි ඉන්(අධික උෂ්ණත්වයෙන්)ඇති කරන බලපෑම පිළිබඳ අපගේ අවබෝධය බෙහෙවින් දියුණු කරන අතර දේශගුණික වශයෙන් හදිසි අවස්ථා වලදී මිනිසුන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් සංවාද අවුළුවන සුලුය. ඉතිහාසයේ ලොව වාර්තාගත උණුසුම්ම මාසය වූ ජූලි මාසයේදී  අත්විඳි අපට එවැනි පර්යේෂණ වඩාත්ම කාලෝචිත වන්නේමය.’

රටවල් 150 කින් මිලියන භාගයකට වඩා ගෘහස්ථ නිරීක්ෂණ භාවිතා කළ මෙම අධ්යපයනය  යෝජනා කරන්නේ, ඉන්දියාවේ ජනගහනය සහිත රටක් විශේෂයෙන් උණුසුම් සතියකට මුහුණ දුන් විට, අතිරේක මිලියන අටකට මධ්‍යස්ථ මට්ටමේ සිට දැඩි මට්ටමක දක්වා ආහාර අනාරක්ෂිතභාවයක් අත්විඳිය හැකි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending