කංසා(marijuana) සීමා ලිහිල් කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ උනන්දුව පර්යේෂකයෝ අගය කරති
යෝජිත නැවත උපලේඛනගත කිරීම මගින් විද්යාඥයින්ට කංසා ලබා ගැනීම සහ ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම පහසු වනු ඇත

මිසිසිපි විශ්ව විද්යාලයේ මෙහි දැක්වෙන්නාක් වැනි පහසුකම් හැරුණු කොට, දැනට පර්යේෂණ කටයුතු සඳහා කංසා(marijuana) වගා කිරීම සඳහා ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනයේ අනුමැතිය ඇත්තේ පහසුකම් කිහිපයක් සඳා පමණකි. Lance Murphey/The New York Times/Redux
කංසා හෙවත් ගංජා සම්බන්ධයෙන් එහි සීමාවන් ලිහිල් කරන ලෙස ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීහූ එක්සත් ජනපද ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනයෙන් (U.S. Drug Enforcement Administration – DEA) ඉල්ලා සිටිති. මෙය, පර්යේෂකයන්ට කංසා වල තිබිය හැකි(විභව) වෛද්‍ය ප්‍රතිලාභ මෙන්ම ඉන් ඇතිවිය හැකි හානි අධ්‍යනය කිරීම පහසු කළ හැකි පියවරකි. 2022 දී ධවල මන්දිරය විසින් ආරම්භ කරන ලද සමාලෝචනයකින් පසුව, එක්සත් ජනපද මානව සෞඛ්ය හා සේවා දෙපාර්තමේන්තුව (Department of Human Health and Services – HHS) පසු ගිය සතියේ නිර්දේශ කළේ, ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය (DEA) එහි උපලේඛන I කාණ්ඩයෙන් මරිජුවානා නැවත වර්ගීකරණය කර, අඩු අවදානම් උපලේඛන IIIනට ඇතුළත් කරන ලෙසයි, අපයෝජනය සඳහා ඉහළ විභවයක් ඇති බව සැලකෙන ඖෂධ මෙන්ම හෙරොයින් සහ එල්එස්ඩී වැනි පිළිගත් චිකිත්සක වටිනාකමක් නොමැති ඖෂධ උපලේඛන I කාණ්ඩයට ඇතුළත්වේ. නිර්දේශය ක්‍රියාත්මක කළහොත්, විද්‍යාඥයන් පවසන පරිදි මෙම ප්‍රතිපත්තිමය වෙනස මගින් ඉතා අවශ්‍ය පර්යේෂණවලට බාධාවක් ව ඇති, දිගු කලක් වැයවන බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාපටිපාටි සහ පරිහරණ සීමා ලිහිල් කරණු ලැබිය හැකිය.

“මෙය ඇත්ත්වශයෙන්ම පෙර නොවූ විරූ තත්ත්වයක්” යයි ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්යාලයේ ගංජා සහ කැනබිනොයිඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෛව මනෝ විද්යාඥ Ziva Cooper පවසයි. එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩකට ආසන්න ප්රමාණයක්, සංග්‍රහාත්මක අව්ශ්‍යතා සඳහා මරිජුවානා භාවිතය නීතිගත කර ඇති අතර තවත් බොහොමයක ඖෂධීය භාවිතයට අවසර ඇත. දැන්, ඖෂධය නැවත උපලේඛන ගතකිරීම සඳහා විද්යාඥයින් සහ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම්වලට දශක ගණනාවක් තිස්සේ විරුද්ධ වීමෙන් පසු, එසේ කිරීමට බලකෙරෙන නව පීඩනයකට දැන් DEA මුහුණ දෙයි.

ලිපියකින් DEA වෙත HHS නිර්දේශය යවන ලද බව මුලින්ම වාර්තා කරන ලද්දේ Bloomberg News මගිනි. නිර්දේශය මගින් දන්වන ලද පරිදි සෞඛ්ය සේවා සැකසුම් වල භාවිතා කරන ketamine සහ anabolic steroid වලට සමාන කාණ්ඩයක කංසා තබනු ඇති අතර එය ඔසු වට්ටෝරුවක් ඉදිරිපත් කිරීමෙන් ලබා ගත හැකිය. (DEA ප්‍රකාශකයෙකු බ්ලූම්බර්ග් වෙත පැවසුවේ ඒජන්සියට ලිපිය දැන් ලැබී ඇති අතර දැන් ඒජන්සියේ සමාලෝචන ක්‍රියාවලියක් දැන් ආරම්භ කරනු ඇති බවයි.)
මරිජුවානා නිදන්ගත වේදනාව සමනය කිරීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති අතර පිළිකා, පශ්චාත් කම්පන ආතති ආබාධ සහ වෙනත් තත්වයන් සඳහා ප්රතිකාරයක් ලෙස යොදා ගත හැකිදැයි සොයා බලනු ලැබේ. “ඊට වෛද්ය දෘෂ්ටි කෝණයකින් බලන විට III වන උපලේඛනයට ඇතුළත් කිරීම වඩාත් සුදුසුය” යි සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්යාලයේ ඖෂධීය ගංජා පර්යේෂණ මධ්යස්ථානයේ අධ්යක්ෂ මනෝචිකිත්සක Igor Grant පවසයි.

මරිජුවානා අධ්යයනය කරන විද්යාඥයෝ DEA ප්‍රතිපත්ති යටතේ දිගු කලක් තිස්සේ පීඬා වින්දහ. “කංසා, I උපලේඛනගත කිරීම හැම දෙයක්ම අභියෝගාත්මක තත්ත්වයට පත්වෙනවා” යයි මැසචුසෙට්ස් හි මැක්ලීන් රෝහලේ ගංජා සම්බන්ධ අත්හදා බැලීම් සිදු කරන ස්නායු විද්යාඥයෙකු වන (ස්නායු විද්යාඥ) Staci Gruberපවසයි. 2022 නීතියකින් වෛද්ය පර්යේෂණ අරමුණු සඳහා කංසා වෙත ප්රවේශය වැඩි කළ නමුත් කංසා ගැන අධ්‍යනය කරන පර්යේෂකයන් තවමත් DEA බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුය — එය මාස ගණනක් වැය කරමින් ලියකියවිලි සැකසීම අවශ්ය වන ක්රියාවලියක් සහ එක් එක් නව අධ්යයනය සඳහා නැවත නැවත ඉල්ලුම් කළ යුතුවෙයි. නැවත උපලේඛනගත කිරීම මගින්, මෙම ක්රියාවලිය විධිමත් කරනු ඇත. නිදසුනක් වශයෙන්, DEA විසින් ප්රකාශයට පත් කරන ලද පර්යේෂණ අත්පොතකින් ඇඟවෙන්නේ උපලේඛන III ට ඇතුල් කර ඇති ද්රව්ය උපයූ වැඩ කරන පර්යේෂකයන්ට ඔවුන්ගේ අධ්යයන මුල් සැලසුම් කල්තියා ඒජන්සියට ඉදිරිපත් කිරීමට අවශ්ය නොවන බවයි.
ගංජා නැවත නැවත් උපලේඛන ගත කර ඇත්නම්, ගබඩා කිරීම සහ පරිහරණය මෙහෙයවීම සඳහා දැනට ඇති දැඩි ආරක්ෂක නීති ලිහිල් කිරීමක් පර්යේෂකයන් අපේක්ෂා කරන අතර, දැනට ඔවුන්ට අධි තාක්ෂණික අගුල් යෙදූ ඇසුරුම් භාවිතා කිරීමට සහ මිල අධික ආරක්ෂක කැමරා සවි කිරීමට අවශ්ය වේ.
යෝජිත වෙනස, පර්යේෂණ කටයුතු සඳහා ගංජා සැපයුම වැඩි කළ හැකිය. කංසා වගාකොට නිෂ්පාදනය කිරීම සඳහා දැනට DEA අවසර ලබා දෙන්නේ, විශ්ව විද්යාල සහ සමාගම් කිහිපයකට පමණකි. අවසර පත්‍රයක් ලබා ගැනීම පිණිස නම්, සංකීර්ණ ආරක්ෂක පද්ධතියක ආයෝජනය කිරීමට් මෙන්ම පුහුණු ආරක්ෂකයින් බඳවා ගැනීමට පර්යේෂකයන්ට සිදුවෙන බව ගංජා සපයන Biopharmaceutical Research සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් හොඩ්ජින් පවසයි.

නැවත උපලේඛනගත කිරීමෙන් “එක රැයකින් මහා වෙනසක්” ඇති නොකරනු ඇති නමුත් ඔහු පුරෝකථනය කරන්නේ එය සැපයුම්කරුවන් වැඩි පිරිසක් ක්ෂේත්රයට ගෙන ඒමට තරම් ආකාරයට බලපත්‍ර අවශ්යතා ලිහිල් කළ හැකි බවයි.
DEA, එක්සත් ජනපද මානව සෞඛ්ය හා සේවා දෙපාර්තමේන්තුවේ (HHS) නිර්දේශය අනුමත කරයිද? නැද්ද? යන්න තවමත් පැහැදිලි නැත. එසේනමුත් DEA හැරවුම් විමර්ශකයෙකු ලෙස වසර 15 ක් ගත කර ඇති නීතිඥයෙකු වන Larry Houck සඳහන් කරන්නේ ඒජන්සිය බොහෝ විට විද්යාත්මක හා වෛද්යමය කරුණු සම්බන්ධයෙන්වන HHS නිර්දේශ පිළිබඳව තීරණ ගැනීම කල් යවන බවයි.
මේ අතර, පර්යේෂකයන්ට ද ගංජා සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට ප්‍රශ්න රාශියක් ඇත. එහි(කංසාවල) චිකිත්සක වාසි ගැන සෘජුවම පෙණී සිටීම සඳහා ” ප්රමාණවත් ආනුභවිකව වැදගත්වන දත්ත තහවුරු කර ගැනීම පිණිස අප තව බොහෝ දුරක් යායුතුය” යයි ග්රූබර් පවසයි.
ඒ වගේම මරිජුවානා ලබා ගැනීමේ පහසුව එන්ට එන්ටම වැඩිවීම නිසා පර්යේෂණ කටයුතු සිදු කිරීම වඩාත් හදිසි වී තිබේ. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්යස්ථානයන්ට(U.S. Centers for Disease Control and Prevention) අනුව, 2019 දී, ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු කංසා භාවිතා කළ අතර, ඉහළ ටෙට්රාහයිඩ්රොකැනබිනෝල් අන්තර්ගතයක් සහිත නව ගංජා නිෂ්පාදන වලින් වෙළඳපොල උතුරා යමින් පවතී. “[ජනතාව] කංසා හා එම නිශ්පාදන වඩාත් වගකීමෙන් භාවිතා කළ හැකි ක්‍රම තේරුම් ගැනීමට උත්සාහ කරවීම අපේ වගකීමකි,” යයි ග්රූබර් පෙන්වා දෙයි.
AAAS Science(September 01st, 2023) හී පළවන Researchers applaud health officials’ push to ease marijuana restrictions යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න