සුරාන්තයේ පරතරය: කාන්තාවන්, පිරිමින්ට වඩා අඩුවෙන් සුරාන්තයට පත්වන්නේ ඇයි?
ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය Laurie Mintz විසිනි

ලිංගිකත්වය යනු ශිෂ්ණ-යෝනි සංසර්ගය පමණක්ම නොවේ. Kaspars Grinvalds/Shutterstock
විෂමලිංගික ලිංගික සංසර්ගයේදී කාන්තාවන්, පිරිමින්ට වඩා සුරාන්තයට පත්වීම ඉතා අඩුය. මෙය සුරාන්ත පරතරය(orgasm gap) ලෙස හැඳින්වේ. එමෙන්ම, එය විද්‍යාත්මක සාහිත්‍යය තුල වසර 20 කට වැඩි කාලයක් මුළුල්ලේ ලේඛනගත කර ඇත.
පුද්ගලයන් 50,000කට වැඩි සංඛ්‍යාවකින් දත්ට එකතු කල එක් අධ්යයනයක දී, විෂමලිංගික පිරිමින්ගෙන් 95%ක් ලිංගිකව සම්බන්ධවන විට සාමාන්‍යයෙන් හෝ සෑම විටම සුරාන්තයට පත්වන බව පැවසූ අතර විෂමලිංගික කාන්තාවන්ගෙන් එසේ ප්‍රකාශකළේ 65%ක් පමණකි.
සමහර අය විශ්වාස කරන්නේ කාන්තාවන්ගේ සුරාන්තයට පත්වීමට ජීව විද්‍යාත්මකව අසීරුකම නිසා මෙම පරතරය ඇතිවන බව යයි පර්යේෂන පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මෙය සත්‍යයක් නම්, කාන්තාවන්ගේ සුරාන්තය අනුපාත, (සම්භොගයේ යෙදෙන) තත්වයන් අනුව වෙනස් නොවේ. ඇත්ත වශයෙන්ම, බොහෝ අධ්‍යයන පෙන්නුම් කරන්නේ සහකරු සමඟ සම්බන්ධවනවාට වඩා තනිව සිටින විට කාන්තාවන් වැඩි වශයෙන් සුරාන්තයට පත්වන බවයි.
අවම වශයෙන් කාන්තාවන්ගෙන් 92% ක් ස්වයංව සතුටු වන අවස්ථාවල් සුරාන්තයට පත් වේ. අනියම් ලිංගිකත්වය හා සසඳන විට සබඳතා පවත්වාගෙන යන විට ලිංගිකව එක්වීමේදී කාන්තාවන් වැඩි වශයෙන් සුරාන්තයට පත් වේ. විශ්ව විද්‍යාල සිසුන් 12,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන් සිදු කළ අධ්‍යයනක දී, කාන්තාවන්ගෙන් 10% ක් පමණක් පළමු වරට සම්බන්ධ වීමේදී සුරාන්තයට පත්වන බව පැවසූ අතර 68% ක් පැවසුවේ කැපවූ සම්බන්ධතාවයකදී සිදුවන ලිංගික සංසර්ගයේදී ඔවුන් සුරාන්තයට පත්වන බවයි.
වෙනත් කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරෙන විට ද කාන්තාවන් වැඩියෙන් සුරාන්තයට පත්වේ. එක් අධ්යයනයක දී හෙලි වූයේ ද්වීලිංගික(පිරිමි-ගැහැණු දෙපාර්ශයම සමග ලිංගිකව හැසිරෙන) කාන්තාවන්ගෙන් 64% ක්, වෙනත් කාන්තාවන් සමඟ ඔවුන් ලිංගිකව සමීපව සිටින සාමාන්‍යයෙන් හෝ සෑම විටම සුරාන්තයට පත්වන්නේ යයි කියා සිටි බවයි.
මෙය සිදු වන්නේ ඇයි?
මෙලෙස කාන්තාවන් වැඩි වශයෙන් සුරාන්තයට පත්වන මේ සියලු අවස්ථා වලදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ භගමණිය(clitoris) උත්තේජනය වෙතය. කාන්තාවන්ගෙන් බහුතරයකට සුරාන්තයට පත් වීම පිණිස භගමණි උත්තේජනය අවශ්‍ය වේ — භගමණිය සහ ශිෂේණය එකම ආකාරයේ පටක වලින් සම්භවය ලබන් හෙයින්, භගමණි උත්තේජනය අවශ්‍යවීම අර්ථවත් කරයි. එමෙන්ම, භගමණිය සහ ශිෂේණය ස්පර්ශයට සංවේදී ස්නායු කෙළවර සහ උත්ථාපක පටක(touch-sensitive nerve endings and erectile tissue) වලින් පිරී ඇත.
මගේ පර්යේෂණ වල් දී, මම දහස් ගණනක් කාන්තාවන්ගෙන් මෙසේ විමසා ඇත්තෙමි: “ඔබට සුරාන්තය කරා ළඟා වීමට වඩාත්ම විශ්වාසදායක මාර්ගය කුමක්ද?” ශිෂ්ණ-යෝනි සංසර්ගය යයි කියන්නේ 4%යි. අනෙක් 96%ම කියන්නේ ස්වයංව හෝ තනිව හෝ ශිෂ්ණ-යෝනි සංසර්ගය හා එකතුව භගමණිය උත්තේජනය යනුවෙනි.
එසේනම් සුරාන්තයේ පරතරය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ කාන්තාවන්ට අවශ්‍ය භගමණි උත්තේජනය නොලැබීමයි. ශිෂ්ණ-යෝනි සංසර්ගයේ ඉහළ වටිනාකම හඟවන සංස්කෘතික පණිවිඩ මෙය පෝෂණය කරයි. ඇත්ත වශයෙන්ම, ගණන් කිරීමට නොහැකි තරම් චිත්රපට, රූපවාහිනී වැඩසටහන්, පොත් සහ නාට්‍යවල හුවා දක්වනු ලබන්නේ කාන්තාවන් සංසර්ගයෙන් පමණක් සුරාන්තයට පත්වන් බවයි.
පිරිමි සඳහාම් වෙන්වූ ජනප්‍රිය සඟරා කාන්තාවන් සුරාන්තයට පත් කිරීමට හැකිවන සංසර්ග ඉරියව් පිළිබඳ උපදෙස් ද ලබා දෙයි. ඉන් සමහර ඉරියව්වල භගමණිය උත්තේජනය ඇතුළත් වුණ ද, එය නොතකා ඒවායින් තවමත් කියැවෙනේ ප්‍රධාන පණිවුඩය සංසර්ගයේ කේන්ද්‍රීය බව ගැන සහ වැදගත්ම වන්නේ ලිංගික ක්‍රියාව බවයි.

කාන්තාවන් සමලිංගික හමුවීම්වලින් සුරාන්තයට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. pixels/mahrael boutros
ලිංගිකත්වය පිලිබඳව පළව මෙම ලිපිවල භාවිත වන භාෂාව – සහ සමස්තයක් ලෙස ඒවායින් පිළිබිඹුවන සංස්කෘතිය තුළ – සංසර්ගය මෙම අධි තක්සේරුව පිළිබිඹු කරයි. අප බොහොදෙනෙකු “ලිංගික(Sex)” සහ “සංසර්ගය(Intercourse)” යන වචන දෙකම භාවිත කරන්නේ ඒ දෙකම එකක්ම ලෙස සලකාය. අපි සංසර්ගයට පෙර සිදුකරන භගමණි උත්තේජනය “පූර්ව සංසර්ග ක්‍රියා(Foreplay)” ලෙසින් ලඝු කොට දක්වමින් අවතක්සේරු කරන්නෙමු, එයින් ඇඟවෙන්නේ එය ලිංගිකත්වයේ අඩු ආකාරයක් හැටියටය.
බහු අධ්‍යයන දක්වන්නේ එවැනි පණිවිඩ මගින් ලිංගිකත්වය ක්‍රියාත්මක විය යුත්තේ මතු දැක්වෙන අන්දම බවට අදහසක් ලබා දෙන බවයි: පෙර ක්‍රීඩාව (හුදෙක් කාන්තාව සංසර්ගය සඳහා සූදානම් කිරීම සඳහා සිදු කරන) පූර්ව සංසර්ග ක්‍රියා, සංසර්ගය, පිරිමි සුරාන්තය සහ ලිංගික ක්‍රියාව අවසන් වීම. ලිංගික ක්‍රියාව පිළිබඳ මෙම අනුවාදයේ දී, සංසර්ගය සඳහා දිගු කලක් ගතකිරීමෙන් සහ වැරෙන් (ශිස්නය)තෙරපීම මගින් කාන්තාවකට සුරාන්තයක් ලබා දීම පුරුෂයාගේ වගකීම බවයි.
සංසර්ගයේදී තම සහකාරිය සුරාන්තයට පත්වන විට පිරිමින්ට වඩාත් පුරුෂාධිපත්‍යයක් දැනෙන බව පර්යේෂණ මගින් හෙළිවීම පුදුමයක් නොවේ. එමෙන්ම, කාන්තාවන් ද මූලික වශයෙන් සංසර්ගය අතරතුර තම සහකරුගේ මමත්වය නොබිඳෙන අයුරු තමන් සුරාන්තයට පත්වූ බවක් ‘බොරුවට‘ හැඟවීමද පුදුමයක් නොවේ.
ඇත්ත වශයෙන්ම, අධ්‍යන හඟවන්නේ 53% සිට 85% දක්වා කාන්තාවන් පිරිසක් ව්‍යාජ ලෙස සුරාන්තයට පත් වූ බව පිළිගන්නා බවයි. බොහෝ කාන්තාවෝ තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් ව්‍යාජ ලෙස සුරාන්තයට පත් වූ බවක් පෙන්නුම් කරන බවක් ඇතැම් අධ්‍යයන පෙන්නුම් කරයි.
පරතරය ඉවත් කිරීම
කෙසේ වෙතත්, තවමත් බලාපොරොත්තු සිඳ ගත යුතු නැත, මන්ද සංස්කෘතික සාධක සුරාන්තයේ පරතරය සඳහා වගකිව යුතු බැවින්, අප ලිංගිකත්වය සහ සංසර්ගය දෙස බලන ආකාරය වෙනස් කර ගැනීම, කාන්තාවන්ගේ ලිංගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. තවද, සුරාන්තයට පත්වීම සඳා කාන්තාවන්ට ජීවවිද්‍යාත්මකව ඇත්තේ සීමිත හැකියාවකි යහ දුර්මතය දුරු කරලනු වස් ජනතාව දැනුවත් කළ යුතුවේ ඇත්ත වශයෙන්ම, ඒ හා සමානව, භගමණිය ගැන පිරිමි සහ ගැහැණු යන දෙඅංශයටම අධ්‍යාපනයක ලබාදීම ආකල්ප වෙනස් කරන්නක් බවට පත් විය හැකිය.
කෙසේ වෙතත්, පුද්ගලික මට්ටමින් ගතහොත්, එවැනි දැනුමක් ලබා දුන් පමණින්ම, සුරාන්තයේ පරතරය නැතිකර දැමිය නොහැක. ලිංගික චිකිත්සක පෙළපොතක පරිච්ඡේදයකට අනුව , මෙම දැනුම ක්‍රියාවට නැංවීම උදෙසා කාන්තාවන්ට යම් යම් කුසලතා අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ කාන්තාවන්ට ලිංගිකව අවශ්‍ය වන්නේ මොනවා දයි දැන ගැනීමට ඔවුන්, ස්වයං වින්දනයේ යෙදීමට දිරිමත් කළ යුතු බවයි. මෙය සන්නිවේදනයේ පුහුණුව සමඟ සම්බන්ධ කළ යුතු අතර එමඟින් ඔවුන්ට මෙම තොරතුරු හවුල්කරුවන් සමඟ බෙදා හදා ගත හැකිය.
කාන්තාවන්ට (ලිංගිකව) සතුටක් ලැබීමට තමනට අයිතියක් ඇති බව කාන්තාවන්ට හැඟී යා යුතු අතර හවුල්කරුවෙකු සමඟ එක්වීමෙන් ලබන වින්දනයම ආකාරයේ උත්තේජනයක් තනිවම ද ලබා ගැනීමට (ඔවුන්) බලගැන්විය යුතුය. මෙයින් අදහස් කරන්නේ පූර්ව සංසර්ග ක්‍රියා අවසානයේ සම්භෝගයේ යෙදීමෙන් ලිංගික ක්‍රියාවලිය නිමා වන්නේය යන පැරණි අදහසෙන් විෂමලිංගික ජෝඩු පිට පැනිය යුතු බවයි.
ඒ වෙනුවට, සංසර්ගයෙන් පසුව ඇය සුරාන්තයට පත්වන මුඛ සංසර්ගය හෝ අතින් සිදුකරන උත්තේජනයක් භාවිතා කරමින් මාරුවෙන් මාරුවට ඔවුන්ට සුරාන්තයට පත් විය හැක. විකල්පයක් ලෙස, සංසර්ගයේදී කාන්තාවන්ට සිය අතින්ම හෝ වයිබ්‍රේටරයකින් (භගමනිය)ස්පර්ශ කළ හැකිය.
වයිබ්රේටර් භාවිතා කරන කාන්තාවන්ට වැඩි සුරාන්ත අවස්ථා අත්පත් කර ගත හැකි බව පෙන්නුම් කරයි. එමෙන්ම බොහෝ කාන්තාවන් ලිංගිකව එක්වීමේදී ඔවුන්ගේ පෙනුම ගැන හෝ තම සහකරු සතුටු කරන්නේද යන්න ගැන වද වන නිසා, පර්යේෂණ සිහිකල්පනාවෙන් ද උපකාර කළ හැකි බව පෙන්නුම් කරයි.

වයිබ්රේටරයක් භාවිතා කරන විට කාන්තාවන්ට සුරාන්තයට පත්වීමට ඉඩ තිබේ. Pexels/anna shvets
කෙසේවෙතත්, සුරාන්තයේ සමානාත්මතාව, ගුණාත්මක ලිංගිකත්වය බෙහෙවින් ඉක්මවන්නකි. බොහෝ කාන්තාවන් මට පවසා ඇත්තේ ඔවුන් නිදන කාමරය තුළ සවිබල ගැන්වීමක් දැනුණු පසු, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ඔවුන් වඩාත් විශ්වාසයෙන් පසුවන බවයි.
එක් අධ්යයනයක් අනුව වඩාත් වැදගත් වන්නේ, ලිංගිකව තෘප්තිමත් බවට පත්වීමට තමන්ට අයිතියක් ඇත කියන හැඟීම, ලිංගිකව තමන්ට අවශ්‍ය දේ සහකරුවන්ට පැවසීමේදී සහ ලිංගිකව තමන්ව ආරක්ෂා කර ගැනීමේ දී කාන්තාවන්ගේ හැකියාවවැඩි වීමයි.
ඇත්ත වශයෙන්ම, අධ්‍යයනයෙන් හෙළි වූයේ ලිංගික සතුටක් ලැබීමට අයිතියක් ඇති බව දැනීම හේතුවෙන් කාන්තාවන්ට තමන් පහසු නොවන ලිංගික ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම සහ ගැබ්ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යන දෙකටම එරෙහිව ආරක්ෂාව භාවිතා කිරීම යන දෙකම කෙරෙහි විශ්වාසය වැඩි කරන බවයි.
ලිංගික අධ්‍යාපනය සහ විනෝදය පිළිබඳව එක්සත් ජනපදයේ සෞඛ්‍ය පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සපයන ලද තවත් ලිපියකට අනුව තරුණයින් ලිංගිකත්වය තෘප්තියක් ලබන කට්යුත්තක් බව දැනගත් විට, ඔවුන් එය උපාමාරු සහ හානිකර ආකාරයෙන් භාවිතා කිරීමට ඇති ඉඩකඩ අඩු විය හැක. එබැවින් ලිංගිකත්වය යනු පිරිමින්ගේ සතුට සඳහා කාන්තාවන්ට කරන දෙයකට වඩා සහකරුවන් දෙදෙනාටම සතුටක් බව ඉගැන්වීම ලිංගික හිංසන මට්ටම් අඩු කිරීමට ද උපකාරී වේ.
පැහැදිලිවම, කාන්තාවන්ගේ සතුට ගැන ඉගැන්වීම සුරාන්තය වැඩි කිරීම පමනක් නොව් ඊට වඩා වැඩි යමක් ඉටුකරයි.
The Conversation හී පළවන The orgasm gap and why women climax less than men යන ලිපිය ඇසුරෙන් සැකසිණ





ප්‍රතිචාරයක් ලබාදෙන්න