නූතන ප්‍රවේණික දත්ත විශ්ලේෂණය කරන්නාවූ  නව තාක්‍ෂණයකින් පෙනී යන්නේ පුර්ව මානවයන් 1,280 දෙනෙකුගෙන් පමනක් සැදුම්ලත්  කණ්ඩායමක් හැටියට ජීවත් වූ බවයි.

නොදන්නා මුල් මානව විශේෂයක්, වසර 900,000 කට පමණ පෙර  වඳවී ගොසින් ඇතැයි ජාන විශ්ලේෂණයක් දක්වයි.  ඒ විශේෂය, එක්කෝ Homo heidelbergensis විශේෂයේ පූර්වජයන් හෝ නැතිනම් අපේම මුතුන්මිත්තන් විශේෂයක් හෝ ඒ දෙකම විය හැකිය. Credit: S. Entressangle/E. Daynes/Science Photo Library

අප්‍රිකාවේ මානව පූර්වජයන් මීට වසර 900,000 කට පමණ පෙර  වඳවී යාමේ අද්දරටම තල්ලු වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. Science හි ප්‍රකාශයට පත් කරන ලද එහි වාර්තාව දක්වන්නේ, අපගේ විශේෂය වන Homo sapiens ඉස්මතුවීමට පෙර අපේ පූර්වජයන්ගේ ගහනය විශාල ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බවයි. අභිජනන හැකියාවෙන් යුත් පුද්ගලයින්ගේ ගහනය හුදු 1,280 දක්වා අඩු වූ අතර තවත් වසර 117,000 ක් යනතුරු  වර්ධනයක් සිදු නොවීය.

“මිනිස් මුතුන් මිත්තන්ගෙන් 98.7% ක් පමණ අහිමි විය” යනුවෙන් අධ්‍යයනයට සම නායකත්වය දුන් බීජිං හි චීන විද්‍යා ඇකඩමියේ ජනගහන ප්‍රවේණි විද්‍යාඥයෙකු වන Haipeng Li පවසයි. වසර 950,000 ත් 650,000 ත් අතර කාලයට අදාල  අප්‍රිකාවේ සහ යුරේසියාවේ ඇති ෆොසිල වාර්තා අසම්පූර්ණ, අඩුපාඩු සහිත බවත් “මෙම බාධකය සොයා ගැනීමෙන් කාලානුක්‍රමික පරතරය පැහැදිලි කළ හැකි” බවත් ඔහු පවසයි.

ලන්ඩනයේ, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥයෙකු වන Nick Ashton ඊට අදාළ ඉදිරිදර්ශනයක් ලිවීය, ඔහු පවසන්නේ ජනගහනයේ  ප්‍රමාණය කුඩා වීමගැන ඔහු කුතුහලයෙන් සිටි බවයි. “මෙයින් ඇඟවෙන්නේ ගහනයේ පැවැත්ම සඳහා හොඳ සමාජ සහජීවනයක් සහිත ඉතා දේශීයකරණය වූ ප්රදේශයක් අත්පත් කරගෙන සිටින්නට ඇති බවයි,” ඔහු පවසයි, “වඩාත් පුදුමයට කරුණ නම්, මෙම කුඩා කණ්ඩායම දිවි ‍රැකගෙන ජීවත්වූ ලෙස ඇස්තමේන්තුගත කාලයයි. මෙය නිවැරදි නම්, ඒ සඳහා ප්‍රමාණවත් සම්පත් සහ පද්ධතියටඇතිවන බලපෑම අඩු, ස්ථාවර පරිසරයක් අවශ්‍ය වනු ඇතැයි යමෙකුට කල්පනාවෙන්නට පුළුවන”.

නූතන DNA වලින් ඉඟි

සිය සොයාගැනීම සඳහා, පර්යේෂකයන්ට නව මෙවලම් සොයා ගැනීමට අවශ්‍ය විය. ජෙනෝම අනුක්‍රමයේ(genome sequencing) දියුණුව නිසා නූතන මානවයන් බිහිවීමෙන් පසු  කාලපරිච්ඡේදය සඳහා වූ ජනගහන ප්‍රමාණය පිළිබඳ විද්‍යාඥයින්ගේ අවබෝධය වැඩි දියුණු කර ඇත’ කෙසේවෙතත්,   පර්යේෂකයන් විසින් පෙර ඊට කලින් සිටි මානව පූර්වජයන් පිළිබඳ විස්තරවල අඩුපාඩු සපුරාලීමට හැකි ක්‍රමවේදයක් සකස් කරනු ලැබ තිබේ. Connecticut ජනපදයේ, New Haven හි යේල් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥවරියක් වන Serena Tucci පවසන්නේ එවැනි කාර්යයක් ඉතා අවශ්‍ය  බවයි. “ක්‍රමවේදයේ සීමාවන් සහ පැරණි හෝමෝ නිදර්ශකවලින් පැරණි DNA දත්ත ලබා ගැනීමේ දුෂ්කරතා ඇතුළු හේතු කිහිපයක් නිසා මුල් මානව මුතුන් මිත්තන්ගේ ජනගහන ගතිකත්වය ගැන අපි තවමත් දන්නේ අල්ප වශයෙනි. ” ඇය පවසයි.

පර්යේෂකයන්ගේ ක්‍රමය, වර්තමාන මිනිසුන්ගේ ජානමය දත්ත මත පැරණි ජනගහන ගතිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩ ලබා දුන්නේය. ජානවල සංකීර්ණ පවුල් ගසක් ගොඩනැගීමෙන්, සැලකිය යුතු පරිණාමීය සිදුවීම් හඳුනා ගනිමින්, ගසෙහි සියුම් අතු වඩාත් නිරවද්‍යතාවයෙන් පරීක්ෂාවට ලක් කිරීමට කණ්ඩායමට හැකි විය.

මෙම තාක්‍ෂණය “වසර 800,000 සිට මිලියනයකට පෙර කාල පරිච්ඡේදය කෙරෙහි  — ඒ කාල පරිච්ඡේදය ගැන  නොදන්නා දේ බොහෝයි —  මීට පෙර සිදු නොකළ ආකාරයෙන් අවධානය යොමු කළේය. ” Urbana-Champaign හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාඥ Stanley Ambrose පවසයි. .

මෙම කාලපරිච්ඡේදය ආදී මධ්‍යම ප්ලයිස්ටොසීන සංක්‍රාන්තියේ(Pleistocene transition) කොටසක් විය — එම කාලපරිච්ඡේදය, දීර්ඝ ග්ලැසියර චක්‍ර හා වඩාත් තීව්‍ර වූ  දැඩි දේශගුණික විපර්යාස සහිත කාලයකි. මෙය අප්‍රිකාවේ  දිගු නියඟයකට හේතු විය. වෙනස් වන දේශගුණය මානව මුතුන් මිත්තන් විනාශ කර නව මානව විශේෂ මතුවීමට බලපෑම් කරන්නට ඇති බව Li පවසයි. අවසානයේදී, මොවුන් නූතන මිනිසුන්ගේ අවසාන පොදු  පූර්වජයා සහ නෂ්ඨප්‍රාප්ත අපගේ  ඥාතීන් වන ඩෙනිසෝවන් සහ නියැන්ඩර්තාල්වරුන්ගේ මුතුන් මිත්තන් බවට පරිණාමය වන්නට ඇත.

මීට වසර 813,000 කට පමණ පෙර, පූර්ව-මිනිසුන්ගේ ගහනය නැවතත් වර්ධනය වීමට පටන් ගත්තේය. අපගේ මුතුන් මිත්තන් දිවි ‍රැකගෙන ජීවත්වීමට සමත් වූයේ කෙසේද සහ ඔවුන්ගේ ගහනය  නැවත වරක් වර්ධනට වීමට මග පාදන්නට ඇත්තේ කුමක් ද යන්න අපැහැදිලිව පවතින බව Shandong  පළමු වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සහ Jinan හී වෛද්‍ය විද්‍යා පිළිබඳ ෂැන්ඩොං ඇකඩමියේ ජනගහන ජාන විද්‍යාඥයෙකු සහ පර්යේෂණ පත්‍රිකාවේ සම කර්තෘ වන Ziqian Hao පවසයි. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ මෙම බාධකය මානව ජාන විවිධත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවත්, මොළයේ ප්‍රමාණය වැනි නූතන මිනිසුන්ගේ බොහෝ වැදගත් ලක්ෂණ මෙහෙයවනු ලබන බවත්ය. ඔහු ඇස්තමේන්තු කරන්නේ ජාන විවිධත්වයෙන් තුනෙන් දෙකක් දක්වා අහිමි වී ඇති බවයි. “එය මිනිසුන්ගේ පරිණාමයේ ප්‍රධාන කාල පරිච්ඡේදයක් නියෝජනය කරයි. ඒ නිසා පිළිතුරු සපයා ගත යුතු වැදගත් ප්‍රශ්න රාශියක් තවමත් ඉතිරිව තිබෙනවා,” ඔහු පවසයි.

පර්යේෂකයන්ගේ සොයාගැනීම් පුරාවිද්‍යාත්මක සහ පොසිල සාක්ෂි මගින් වඩාත් අනුබල දෙනු දැකීමට Ashton කැමතිය. කතුවරුන් යෝජනා කරන්නේ “මෙම අවහිරය  ජනගහනයේ ගෝලීය බිඳවැටීමක් බවයි” ඔහු පවසයි, “නමුත් අප්‍රිකාවෙන් පිටත පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාවෙන් ඇඟවෙන්නේ මෙය එසේ නොවන බවයි.  වැඩි ඉඩක් ඇත්තේ කලාපීය වශයෙන් ඇති අවහිරයකටයි”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending