ග්‍රීෂ්ම ඍතුවේ දී කොළ සහ නිල් මැස්සන් දුගඳ හමන කුණු කසළ ගොඩවල් සොයා ගන්නේ කෙසේද?
ප්රශ්නය අසන්නේ :Wisconsin, Wausau හී, 10 හැවිරිදි Joey
පිළිතුරුදෙන්නේ: Indiana University ජීවවිද්‍යා සහායක මහාචාර්ය Christine Picard
ඔබ එළිමහනේ ආහාර වේලක් ගැනීම පිණිස වාඩි වූ පසු සෑම විටම මැස්සෙක් ඔබේ ආහාර වටේ ගැවසෙන බව පෙනෙන්නේ කෙසේද?
පිළිතුර පුහුණුවීමයි. හෝ වඩාත් නිශ්චිතව නිශ්චිතව කීවොත්: පරිණාමය. මැස්සන් සහ අනෙකුත් කෘමීන් වසර මිලියන ගණනක පරිණාමීය ගමනක යෙදී ඇත්තේ ඒ අතරතුර, ආහාර හඳුනාගැනීමේ හැකියාව තියුණු ලෙස ඔප් නංවා ගනිමි. පෝෂ්‍යදායී ආහාර වේලක් කෙලින්ම අවධානය යොමු කිරීමට හැකිවීම ජීවිතය හා මරණය පිළිබඳ කාරණයකි.
මම අධ්‍යයනය කරන මැස්සන්ගේ පවුල – නිලමැස්සන්(Blow flies) – සාමාන්‍යයෙන් ලෝහමය නිල්, ලෝකඩ සහ කොළ වර්ණවලින් යුත් ඝෝෂාකාරී මස්සන් වේ. විනෝද චාරිකාවල් දී ඉවත දමන ආහාර සහ කුණු කූඩවලින් ස්වභාවිකව පිටවන සුවඳ ඉක්මනින් දැනීමේ හැකියාව ඔවුන් පරිපූර්ණව වර්ධනය කරගෙන ඇත, මන්ද ඒවා ඔවුන්ගේ පැටවුන් සඳහා ආහාර ප්‍රභවයක් වන අතරඑම මැසි විශේෂය ඉහඳ පණුවන්(maggots) ලෙසද හැඳින්වේ .
නිතර පිරෙන කුණු කන්දක ඇති සම්පත් සඳහා විශාල තරගයක් ඇත්තේ කුණු කසළ සහ එහි කුණුවෙන මස් කෙතරම් පෝෂ්‍යදායීද යන්න ඔවුන් දන්නානිසාය. එහෙත් නිලමැස්සන්ට සිය තරඟකරුවන්ට හෝ මිනිසුන්ට වඩා බොහෝ කලකට පෙර මෙම ගන්ධයන් දැනිය හැකි අතර අනෙක් මැස්සන්ට වඩා ප්‍රථමයෙන් කුණු ගොඩවල් වෙත පැමිණීමට නැඹුරු වේ .
මැස්සෝ මස් අනුභව කරති.

මැස්සන්ගේ ස්පර්ශක හෙවත් අන්තනිනා ඔවුන්ට දුරදීම ආහාර හඳුනා ගැනීමට උපකාර කරයි. Getty Images via ViniSouza128/iStock
යායුත්තේ කොයිබට දැයි මැස්සන් දැනගන්නේ කෙසේද?
කෘමීයා සහ විශේෂය අනුව සංවේදී පද්ධති වෙනස් වේ.නිල මැස්සන්ගේ ප්‍රධාන සංවේදී ඉන්ද්රිය වන්නේ ඔවුන්ගේ ස්පර්ශකයි(antennas); එනම්, කුඩා කේශ වලින් වැසී ඇති හිසෙන් මත්වෙන තුනී ප්රක්ෂේපණ දෙකයි. මෙම සිහින් කේශ විශේෂිත ගන්ධයන් සඳහා ප්රත්තිග්රාහක අඩංගු විශේෂ සෛල වලින් සමන්විත වේ .
උඳුනෙන් බෑව ගමන් නැවුම් චොකලට් චිප් කුකීස් ගැන සිතන්න. මිනිසුන් වන අපට, අපගේ නාසයේ අභ්‍යන්තරයේ පිහිටි සෛල මතුපිට ප්‍රතිග්‍රාහක ඇති නිසා ඔබට ඒවායේ රසවත් සුවඳ හඳුනාගත හැකිය. මෙම ප්‍රතිග්‍රාහක මොළයට සංඥා යවයි: රසවත් ආහාරයක් ‘ළඟක ඇත’ එම පණිවුඩයයි. ශක්තියෙන් පොහොසත් ආහාර ප්‍රභවයක් වන සීනි මත පදනම් වූ අණු වල මිහිරි සුවඳ එම ප්‍රතිග්‍රාහක හඳුනා ගනී.
“හොඳ” හෝ “නරක” සුවඳ කුමක්ද යන්න ආඝ්‍රාහනය කරන සත්වයා අනුව වෙනස් විය හැක. මැස්සෙකුට ප්‍රියජනක ලෙස දැනෙන, මනලෝලී කුණු වූ මස් ගන්ධය මැස්සෙකු වටහාගන්නේ, උණුසුම් දිනක දුගඳ හමන කුණු කන්දක් අසලින් ගමන් කරන පුද්ගලයෙකුට වඩා වෙනස් ලෙසයි.
කෙසේවෙතත්, ප්‍රයෝජනවත් සුවඳ සංඥාව — එනම් ” මැස්සන්ට පෝෂ්‍යදායී ආහාර මෙතැන තිබේ” යන සංඥාව හඳුනා ගත හැකි ඕනෑම මැස්සෙකුට වාසියක් අත්වේ. කාලයාගේ ඇවෑමෙන්, එම සුවඳ සඳහා සංවේදීවන ප්‍රතිග්‍රාහක ඇති කෘමීහු, වඩා හොඳ දිවි පැවැත්මක් මෙන්ම තවත් ජනිතයන් බිහි කිරීමේ හැකියාව අත් පත් කරගනිති.
සියලු සුවඳ ‘ආකරෂණීය’ නොවන නමුත් නරක සුවඳක් දැනීමට හැකි වීමෙන් එය ආඝ්‍රාණය කරන ඕනෑම අයෙකුට — ඒ අය ඔබ හෝ කෘමියෙකු හෝ වන්නට පුළුවන– ඒ ඕනෑම අයෙකුට ආරක්ෂාවක් සලසා ගත හැකිය උරුලාවන් ගෙන් නිකුත්වන ගන්ධය ගැන සිතන්න. ඌ ගෙන් ඔබට අනිවාර්යයෙන්ම හානියක් නොවනු ඇති නමුත් ගඳ ඇතිවන මූලයෙන් ඈත්ව සිටීමට එම ගන්ධය ඔබට උපකාරීවේ.

මැස්සෙක් අතුරුපස කැබැල්ලක් හඳුනාගෙන ඇත.
මිනිසුන්ට මෙන්ම සිය තරඟකරුවන්ට බොහෝ වේලාවකට පෙර මැස්සන්ට සුවඳ දැනිය හැකිය. Boris SV/Moment via Getty Images
ජනිතයන්ගේ යැපීම සඳහා සැපයීම
අවුරුදු 15 කට වැඩි කාලයක් තිස්සේ මම ලෝකයේ විවිධ ප්‍රදේශවලට ගොස්, කුණු වූ මස් නිරාවරණය කර මැස්සන් එනතුරු බලා සිටිමින් සිට ඇත්තෙමි. මගේ පර්යේෂණය සම්බන්ධ වන්නේ මස්සෙකුගේ එකම අරමුණ වන තම ආහාර ප්රභවය සෙවීමට සහ සොයා ගැනීමට පරිසරයක් බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. නිදසුනක් වශයෙන්, මැස්සන් විවිධ පරිසරයන් හරහා සුවඳ රැගෙන ඒමට සුළඟ මත රඳා පවතී.
උණුසුම් උෂ්ණත්වය මැස්සන්ගේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරයි; මන්ද ඔවුන් poikilothermic – චලතාප සතුන් වීම සහ පියාසර කිරීම සඳහා ඔවුන්ගේ මාංශ පේශි උණුසුම් කිරීමට තාපය අවශ්‍ය වන හෙයිනි. මැස්සන් වාතය හරහා පියාසර කිරීමට සහ බාධා වළක්වා ගැනීමට දෘශ්‍ය ඉඟි භාවිතා කරයි , එබැවින් ඔවුන් දිවා කාලයේ වඩාත් ක්‍රියාශීලී වේ.
නිල මැස්සන්ට ආහාර සෙවීම සඳහා සැතපුම් 28 ක් දක්වා දුරක් ගමන් කළ හැකිය . මම ගඳ ගහන කුණු වෙච්ච මස් ඇමක් නිරාවරනය කරන ගොඩක් වෙලාවට ලොකු මැස්සන් පිරිසක් එවෙලේම රැස්වෙන නමුත් මා විසින් සකස් කරන ලද බුෆේ අහර වේලක් රස විඳීමට මැස්සන් නොඑන විට මම පුදුමයට පත්වෙමි.
ගැහැණු මැස්සෙකුට තම පැටවුන්ට හොඳ ආහාර ප්‍රභවයක් විය හැකි යමක ගඳ දැනෙන විට, ඇය එය මතට බැස ඇගේ බිත්තර 400 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරා ගැනීමට ඉඩ කඩ ප්‍රමාණවත් දැයි තක්සේරු කරයි. මැස්සෙකුට තම පැටවුන් ඇති දැඩි කිරීම සඳහා හොඳ ස්ථානයක් අඝ්රාහනයෙන් දැනීමට ඇති හැකියාව (මැසි)විශේෂයේ පැවැත්මට කෙන්ද්‍රීය වන අතර අවසානයේ මෙම හැඟීම මෙතරම් ප්‍රබල වන්නේ මන්ද යන්න පහැදිලි කරයි.
පිරිමි මැස්සන් ආහාරයේ සලකුණක් ලෙස මෙම සුවඳ කෙරෙහි දක්වන්නේ අඩු උනන්දුවකි. එනමුත් සංසර්ගය සඳහා ගැහැණු මැස්සන් සොයා ගත හැකි ස්ථානය ගැන ඔවුන්ට අවබෝධයක් ලබා ගත හැකි බැවින්, පිරිමි සත්තු උණුසුම් කුණු ගොඩක සුවඳට ප්‍රතිචාර දක්වයති.
මැස්සන්, කසළ ගඳ හඳුනා ගැනීමේ වඩාත් දක්ෂයින් බවට පරිණාමය වී ඇත්තේ මෙම ‘සුපිරි බලය’ ඔවුන්ගේ පැවැත්මට උපකාර වන බැවිනි. ඔවුන් සිටින ඕනෑම් මෙන්ම සෑම තැනකම කුණු ගොඩවල් සොයා ගැනීමට ඔවුන් සමත් වීමට හේතුවත්, ඔබේ විනෝද චාරිකාවේ දී ඉවත ලන දෙයහි ‘මෙනුවේ’ ඇත්තේ කුමක් දැයි පරීක්ෂා කිරීමට ඔවුන් පොදි කන හේතුවත් එකමයි – ඊළඟ පරම්පරාවේ මැස්සන් නිර්මාණය කිරීමට ඔවුන්ට උපකාර වන ආහාර මොනවා දයි ඔවුහු ආඝ්‍රහනය කර බලති.
Curious Kids(The Conversation — September 4th, 2023) හී පළ වන How do flies find every stinky garbage dumpster? A biologist explains their sensory superpower යන ලිපිය ඇසුරෙන් සැකසිණ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න