“අද අප  කිරීමට උත්සාහ කරන දෙයෙහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ අනුමානය නැතිනම් විතර්කනය සහ කුමන්ත්‍රණය, විද්‍යාව සහ සිහිනුවණ වෙත හැරවීමයි.”

බැහැරි ජීවීන් සහ UFO සැබෑවක්ද?

ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ, තාරකා විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්ය Chris Impey විසිනි.

UFOs සහ අපේ ග්‍රහ ලෝකයෙන් බැහැර ජීවීහු ගෙවීගිය සතියේ නැවත වරක් සිරස්තල අරක්ගනිති

අවාසනාවකට, මෙය ධවල ​​මන්දිරයේ තණපිටිය මත බැහැරි මව් යානාවක් ගොඩ බැස්ස වීමක් නිසා සිදු වූවක් නොව, නාසා ආයතනය විසින් හඳුනා නොගත් විෂම සංසිද්ධි (unidentified anomalous phenomena – UAP) අධ්‍යයනය කිරීමට පත් කරන ලද ස්වාධීන අධ්‍යයන කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කරන ලද දිගුකාලීන අපේක්ෂිත වාර්තාවක් නිකුත් කළ නිසා ය. UAP යනු හඳුනා නොගත් පියසර වස්තූන්(Unidentified Flying Objects – UFOs) සඳහා වන නව යෙදුමයි, අහසේ පමනක් නොව අභ්‍යවකාශයේ, ජලය යට සහ ඒ අතර සෑම තැනකම පැහැදිලි කළ නොහැකි දේවල් හා සිද්ධි එම යෙදුමට ඇතුළත් වේ.

කෙසේ වෙතත්, මෙම සතියේ සිරස්තල බවට පත් කළ හැකි මානව නොවන ජීව ස්වරූපයන් පිළිබඳ එකම කතාව NASA හි පළමු UFO වාර්තාව නිකුත් කිරීමම  නොවේ. මෙක්සිකෝවේ නීති සම්පාදකයින්ට “පිටසක්වල ජීවීන්ගේ මළ සිරුරු” දෙකක් ද ඇතුළුව පෘථිවියෙන් බැහැර ජීවීන් සිටින බවට මේ සතියේ සාක්ෂිවලට සවන් දීමට අවස්ථාව ලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ඊණියා පිටසක්වල මළ සිරුරු “සුදු සහ පිටසක්වල ජීවීන්ගේ ඒකාකෘති නිරූපණ එනම්,  විශාල හිස, කුඩා ශරීරය, ඇඟිලි තුනක් වශයෙන් ඒකාකෘති නිරූපණ වලට සමානයි ” NPR වාර්තා කළේය.

පිටසක්වල  යයි කියනු ලබන ඒවා — ( ඒවා කුමක් වුවත් ඒවා බියකරු,අප්‍රසන්න පෙනුමකින් යුක්තවිය) — ප්‍රදර්ශනය කරන ලද්දේ මානව නොවන දේහයන් යැයි කියනු ලබන ප්‍රෝඩාවේ දිගුකාලීන ඉතිහාසයක් ඇති  UFOවාදියෙක් වන Jaime Maussan විසිනි. පිටසක්වල මළසිරුරු සහ පරිරක්ෂිත ශව(මමී -mummies) ව්‍යාජ ලෙස නිර්මාණය කිරීම ගැන Maussan ප්‍රකටව තිබියදීත්, කතාව දැන් දුර දිග ගොස් ඇත – ඇත්ත වශයෙන්ම, එය පසුගිය බ්‍රහස්පතින්දා (සැප්. 14) ඉදිරිපත් කෙරුණු නව UAP වාර්තාව පිළිබඳ නාසා හි දැනුවත් කිරීම අතරතුර ද මතුවිය.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති සාකච්ඡාව අතරතුර, බීබීසී ප්‍රවෘත්ති ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන සෑම් කබ්රාල් බැහැරි පරිරක්ෂිත ශව(මමී) යැයි කියනු ලබන ‘දේ’ පිළිබඳව “තරමක් සංවේදනාත්මක හෙළිදරව් කිරීම්”  ගැන නාසා ආයතනය මෙක්සිකානු බලධාරීන් සමඟ සම්බන්ධ වී තිබේද? නැද්ද? යනුවෙන් විමසා සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන්, NASA හි UAP අධ්‍යයන කණ්ඩායමේ සභාපති David Spergel  දැක්වූයේ පෘථිවි ග්‍රහලෝකයෙන් පිටස්තර යම් අවශේෂ පිළිබඳ කිසියම් සාක්ෂියක් ඇත්නම්, ඒවා සන්තකයේ තබාගෙන සිටින අය ඒවා අධ්‍යයනය සඳහා, එළිපිට පහසුව සපයා දිය යුතු බවයි.

2023 සැප්තැම්බර් 13 වන දින මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි හි කැමිනෝ රියල් හෝටලයේ පැවති ප්රකට මෙක්සිකානු UFOවාදියෙක් වන Jaime Maussan ගේ මාධ් හමුවකදී මාධ් වෙත ප්රදර්ශනය කරන ලදමිනිස් නොවනජීවීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙහි දැක්වේ. (Image credit: Daniel Cardenas/Anadolu Agency via Getty Images)

“ඔබ සතුව අසාමාන්‍ය දේවල් ඇති විට, ඔබ දත්ත ප්‍රසිද්ධ කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තේය,” Spergel පෙන්වා දෙයි “මම හිතන්නේ මේ වගේ දෙයක් තමයි නාසා ආයතනය සතුවතිබෙන, අභ්‍යවකාශයේ ඇති වටිනාම සාම්පල  —  චන්ද්‍ර පාෂාණ  —  ඉතින් අපි මොකද ඒවා ගැන කරන්නේ? අපි ඒවා මේ ගැන අධ්‍යනය කිරීමට කැමති ඕනෑම විද්‍යාඥයෙකුට ලබා දෙන එකයි”

“ඔවුන් ප්‍රදර්ශනය කළ එම සාම්පලවල ස්වභාවය අපි නොදනිමු,” Spergel වැඩිදුරටත් පවසයි, “මම මෙක්සිකානු රජය නම්, නො එසේ නම් මම මෙක්සිකානු රජයට නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ නම් –( එය මෙහි අපගේ කාර්ය නොවේ, අපි මේ කාර්යයන් කරන්නේ NASA සඳහා) — මගේ නිර්දේශය වනු ඇත්තේ මෙයයි: ඔබගේ සන්තකයේ අමුතු දෙයක් තිබේ නම්, ඒවායේ සාම්පල ලෝක විද්‍යාත්මක ප්‍රජාව වෙත ලබා දෙන්න.  එවිට එහි ඇති දේ අපට නිර්ණය කර ගත හැකියි.”

සිය පාර භෞමික දර්ශනයන් ගැන සාකච්ඡා කිරීමට සහ  ‘මිනිස් නොවන’ ජීවීන්ගේ සිරුරු යයි ඔහු කියා පාන  දේ ඉදිරිපත් කිරීමට 2023 සැප්තැම්බර් 13 වැනි දින මෙක්සිකෝවේ පහළ මන්ත්‍රණ සභාව හමුවේ කුප්‍රකට ප්‍රෝඩාකරු Jaime Maussan පෙනී සිටිමින් කතා කරය්යි. (Image credit: Press Office of Mexican Parliament / Handout/Anadolu Agency via Getty Images)

NASA හි විද්යා මෙහෙවර අධ්යක්ෂ මණ්ඩලයේ පර්යේෂණ  සහයක නියෝජ්‍ය සහකාර පරිපාලක Dan Evans, කරුණු දැක්වීමට එක්වෙමින් කියා සිටියේ, NASA හි UAP අධ්යයන කණ්ඩායමේ ප්‍රධානතම කාර්ය වන්නේ මෙක්සිකානු නීති සම්පාදකයින් වෙනුවෙන් ප්රදර්ශනය කරන ලද ආකාරයේ භාවප්‍රකෝපකාරී බව සහ ව්‍යාජ විද්‍යාව දුරු කිරීම බවයි.

“අද අප මෙහි කිරීමට උත්සාහ කරන දෙයෙහි එක් ප්‍රධාන ඉලක්කයක් ගෑන පමණක් මම යමක් කියන්නම්. එය  අනුමානය නැතිනම් විතර්කනය සහ කුමන්ත්‍රණය, විද්‍යාව සහ සිහිනුවණ වෙත හැරවීමයි.”

එවන්ස් වැඩිදුරටත් පෙන්වා දෙයි, “ඔබ ඩේවිඩ් පවසන පරිදි දත්ත සම්බන්ධයෙන්  එලෙස ක්‍රියා කරන්න, මෙම අධ්යයනයේ සම්පූර්ණ අරමුණ එයයි.”

2023 සැප්තැම්බර් 13 වැනි දින මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි හි ‘මිනිස් නොවන’ ජීවීන්ගේ යැයි කියනු ලබන මළ සිරුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙක්සිකෝවේ පහළ මන්ත්‍රණ සභාවේ පැවති නඩු විභාගයකදී හිටපු එක්සත් ජනපද නාවික හමුදාවේ F/A-18 නියමු Ryan Graves ඇතුළු UFO වාදීන්. (Image credit: Press Office of Mexican Parliament / Handout/Anadolu Agency via Getty Images)

අනාවරණය වන පරිදි, ව්‍යාජ පිටසක්වල අවශේෂ ගෙන හැර පෑමේ ඉතිහාසයක් Maussanට ඇත. The Debrief හි සංස්කාරක සහ දිගුකාලීන UAP පර්යේෂකයෙකු වන Micah Hanks පවසන්නේ බැහැරි ජීවීන්ගේ ප්‍රෝඩාව Maussan ගේ නවතම ප්‍රෝඩාව බවයි. “අවාසනාව වන්නේ මෙවැනි දෙයක් සිදු වූ පළමු අවස්ථාව මෙය නොවීමයි” .

2015 දී ද, Maussan විසින් Mexico City හි උත්සවයක් සංවිධානය කරන ලද අතර එහිදී, ශව පරිරක්ෂිත, මානවරූපී ‘පිටසක්වල ජීවියෙකුගේ’ අවශේෂ ලෙස පෙනෙන පරිදි නිරූපණය කරන ලද නොපැහැදිලි ඡායාරූපයක් නිකුත් කරන ලදී. “කෙසේ වෙතත්,  උත්සවයේදී සිදු කළනිරාවරණයෙන් පැය කිහිපයක් අවෑමෙන් පින්තූරයේ පැහැදිලි පිටපත් අන්තර්ජාලය හරහා බෙදා හරින ලද පසු, එම රූපය සැබවින්ම දශක ගණනාවකට පෙර කෞතුකාගාරයක කාලයක් ප්‍රදර්ශනය කරන ලද ස්වදේශික ඇමරිකානු දරුවෙකුගේ ඓතිහාසික දේහයක් නිරූපණය කරන්නක් බව ඉක්මනින් අනාවරණය විය. ” යනුවෙන්  Hanks, Space.com වෙත පැවසීය, “එම අවස්ථාවේ ඊට සම්බන්ධ වූ සමහර පුද්ගලයින් දරුවාගේ දේහය එලෙස වැරදි ලෙස නිරූපණය කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.”

මෙම නවතම “පිටසක්වල මමී” කුමක් විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත, එහෙත් සමාජ මාධ්‍ය වෙත යොමු කරන ලද ඔවුන්ගේ භෞතවේදය පිළිබඳව විශ්ලේෂණයකින් පෙනී යන්නේ ඔවුන් ලමායන්(llamas) වැනි විවිධ ක්ෂීරපායින්ගේ කොටස් වලින් එකලස් කරමින් සකස් කර ඇති බවයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, වසර ගණනාවක් තිස්සේ Maussan විසින් ඉදිරිපත් කරන ලද ඊණියා ‘පිටසක්වල මළ සිරුරු’ සමහරක් පරිරක්ෂිත දරුවන්ගේ අවශේෂ එකලස් කර නිර්මාණය කරන ලද ඒවා යයි හෙළිවී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending