සූර්යයාගෙන් සූර්ය ලෙළසිළුවක්(a solar flare) පුපුරා ගියේය(ඉහළ වම් කෙළවර)  – එය චුම්භක ක්‍රියාකාරකම් වැඩි වීමේ සලකුණකි. NASA/GSFC/SDO

වසර 20කින් නොදුටු තරමේ මට්ටම් කරා ළඟා වෙමින් සූර්ය සක්‍රීයතාව උච්චවීම බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පැමිණෙමින් පවතී

වඩා හොඳ අනාවැකි සඳහා අවශ්යතාවය ඉස්මතු කරමින්, සූර්ය ලෙළ සිළු, චන්ද්රිකා සහ විදුලි ජාලකවලට තර්ජනයක් විය හැකිය.

2019 දී, සූර්යයා එහි වසර 11 ක චුම්භක ක්‍රියාකාරකම් චක්‍රයේ අවම අගයකට ළඟා වූ විට, විද්‍යාඥයන් කිහිපපොළක්ක් සම්ප්‍රදායික අභ්‍යාසයක් සඳහා එක්රැස් වූහ: ඒ, ඊළඟ උච්ච අවස්ථාව පුරෝකථනය පෛණිසයි.සූර්යයාගේ පුනර්ජීවනයට යළි වසර කිහිපයකට පසු, නාසා ආයතනය, ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration – ණ්OAA) සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ පරිසර සේවය (Iන්ටෙර්නටිඔනල් Sපචෙ Eන්විරොන්මෙන්ට් Sඑර්විචෙ – ISES) විසින් කැඳවන ලද මණ්ඩලයේ ඊළඟ උච්චතම අවස්ථාව ගැන නිල අනාවැකියේහි ඉලක්කය වැරදී ගොස් ඇත් බව දැන් පහැදිලිවෙමින් පවතී.  සූර්ය ක්‍රියාකාරීත්වය දැනටමත් අනාවැකිය ඉක්මවා යමින්, වසර 20කින් නොදුටු මට්ටම් කරා ළඟා වී ඇති අතර, සූර්යයාගේ උපරිමය(solara maximum) එහි උපකල්පිත කාලසටහනට වඩා මාස කිහිපයකට පෙර, එනම් ඉදිරි වසර තුළ පැමිණිය හැකිය. Oulu විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ Ilya Usoskin පවසන්නේ “නිසැකවම මණ්ඩලය එය අවතක්සේරු කර ඇත” යනුවෙනි.

සූර්යයා වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මෙම විෂමතාවය  මගින්ඉස්මතු කරනු ලැබේ. එලෙසම,සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය ඇති කරන අයනීකෘත වායු නිෂ්පාදන ඩයිනමෝවට බලපාන, තවම නොදන්නා සාධක ද ​​ පෙන්වා දිය හැකිය. Colorado Boulder විශ්ව විද්‍යාලයේ සූර්ය භෞතික විද්‍යාඥයෙකු වන Mark Miesch පවසන්නේ, “ඩයිනමෝව හරියාකාරව අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අප යම් ප්‍රගතියක් ලබමින් සිටින බව සිතීමට මම කැමතියි, ඒත් තව  ඉ‍ටු කළ යුතු කාර්යන් එමට තිබේ”.

උච්ච ක්‍රියාකාරකම් වලදී, සූර්යයා,  පෘථිවියට කඩා වැටෙන අංශු කුණාටු බොහෝ විට මුදාහරියි; චන්ද්‍රිකාවලට තර්ජන එල්ල කරයි; ගුවන්විදුලි සම්ප්‍රේෂණ අවහිර කරයි, එමෙන්ම, විදුලිබල ජාල අධිභාරයක් පටවයි. පෙර චක්‍රය අසාමාන්‍ය ලෙස සෞම්‍ය වූ නිසා, “අපි දැන් නොමනා තෘප්තියක් ලබන්නෙමු” යැයි Millersville විශ්ව විද්‍යාලයේ සූර්ය භෞතික විද්‍යාඥ Tamitha Skov පවසයි.

ඉහළට, පහළට

විද්‍යාඥයන් සාමාන්‍යයෙන් සූර්ය චක්‍ර නිරීක්ෂණය කරන්නේ සූර්ය ලප – චුම්භක ක්ෂේත්‍ර ලූප ගැට මගින් ඉහළ නංවනු ලබන ක්‍රියාකාරීත්වය – ගණන් කිරීමෙනි . සූර්ය චක්‍රයක් තුළ සූර්ය ලප සංඛ්‍යාව ඉහළ යන අතර, චුම්බක ක්‍රියාකාරකම් අඩු වන විට බිංදුවට ආසන්නව පහත වැටේ. NASA-NOAA-ISES අනාවැකි පැනලය 2019 දී ‍රැස් වූ විට, එය සූර්ය ලපවල උපරිම සංඛ්‍යාව සහ එය පැමිණෙන්නේ කවදාද යන්න ගැන ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් ඉදිරි පත් කෙරුණු විවිධ පුරෝකථන ආකෘති 60 ක් පමණ විශ්ලේෂණය කළ අතර, ඒ සෑම එකක්ම

සමහර ආකෘතීන්, සියවස් ගණනක සූර්ය ලප නිරීක්ෂණ මගින් පුරෝකථනය කරන ලද, තනිකරම සංඛ්‍යානමය ඒවා වන අතර, . තවත් සමහරු සූර්ය චක්‍රය සමඟ සහසම්බන්ධ යැයි සැලකෙන නිරීක්ෂණය කළ හැකි, සූර්ය අවමයේ දී(solar minimum)  සූර්යයාගේ ධ්‍රැවවල ඇති චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය වැනි “පෙර නිමිති” මත රඳා සිටියි;  චක්‍රය ඉදිරියට යාමත් සමඟ, එම “බීජ ‍තෝතැන්න” වඩාත් බලවත් වන්නේ සූර්යයා භ්‍රමණය වන ආකාරය — සූර්ය ධ්‍රැවවලට වඩා සමකයේ දී වඩාත් වේගයෙන් භ්‍රමනය්වන — අනුව  එහි ක්ෂේත්‍ර රේඛා ඩෝනට් හැඩයට පත් වෙමිනි. තුන්වන කාණ්ඩයක්,  හැකි තරම් නිරීක්ෂණය කළ හැකි දත්ත අවශෝෂණය කර පසුව සූර්යයාගේ ඩයිනමෝව අනුකරණය කිරීමට සහ චුම්බක ක්ෂේත්‍ර මාරු කිරීමට භෞතික විද්‍යාවේ නියමයන් භාවිතා කරමින් දේශගුණ ආකෘති මෙන් ක්‍රියා කරන උසස් පරිගණක ආකෘති මත රඳා පවතී,

විවිධ ප්‍රවේශයන්ගේ වාසි අවාසි සතියක් මුලුල්ලේ සාකච්ඡා කිරීමෙන් පසු, පැනලය ඡන්දය ප්‍රකාශ කර සම්මුතියකට එළඹ්Iණ: ‘සමහර විට 2025 ජූලි මාසයේදී පමණ මාසික හිරු ලප ගණන 115 ට පමණ ඉහළ යනු ඇත්තේ එය පෙර එක මෙන් සාපේක්ෂව දුර්වල චක්‍රයක් බවට පත් කරමිනි’. කෙසෙවෙතත් සූර්යයා කලින්ම ප්‍රබෝධමත්ව, වී ඇති අතර බලාපොරොත්තු වූවාට වඩා දරුණු බවක් පෙණේ: ජූලි මාසයේදී සූර්ය ලප 159 ක් සහ අගෝස්තු මාසයේදී 115 ක් හට ගත්තේය.

“අපි එය සම්පූර්ණයෙන්ම නිවැරදිව තේරුම් ගත්තාද? නැත,” යනුවෙන් මණ්ඩලයේ සම සභාපතිත්වය දැරූ Southwest Research Instituteහී භෞතික විද්‍යාඥ Lisa Upton පවසයි, “නමුත් අප මෙහි කිරීමට උත්සාහ කරන දෙය හා සම්බන්ධ අවිනිශ්චිතතාවයේ මට්ටම සලකා බැලීමේදී, එය ඇත්තෙන්ම හොඳ අනාවැකියකි.”

Upton විශ්වාස කරන්නේ පැනලයේ අනාවැකිය දුර්වල වීමට එක් හේතුවක් වන්නේ  නිරීක්ෂණවල ගුණාත්මකභාවය සහ කල්පැවැත්මයි — වඩාත්ම වැදගත් දෙය නම් ධ්‍රැවීය චුම්බක ක්ෂේත්‍රයේ ශක්තියයි. එම අගයන් මූලික වශයෙන් පැමිණෙන්නේ සූර්යාලෝක වර්ණාවලියේ ධ්‍රැවීය ක්ෂේත්‍රයේ කා වැදීම දැකිය හැකි Wilcox  සූර්ය නිරීක්ෂණාගාරයෙනි. එහෙත්, එම දුරේක්ෂයට ඇත්තේ  සාපේක්ෂව දුර්වල විභේදනයක් සහ සීමිත දර්ශනයක් පමනකි. සූර්යා ආසන්නයටම ගොස් දත්ත් අ ලබා ගත හැකි Firefly සහ Solaris වැනි නාසා මෙහෙයුම් සැලසුම් කර ඇති නමුත් ඒවා තවමත් සංවර්ධන අවධියේ පවතී.

ඉහළ නැවුණු ස්පන්දනය

සූර්යයාගේ ඉදිරි චක්‍රය පසුගිය එකට වඩා ප්‍රබල වනු ඇත. සූර්ය උපරිමය කෙතරම් ඉක්මනින් ළඟා වේදැයි යන්න දඅනාවැකියෙන් මග හැරී ඇත.

බරපතල අඩුපාඩු ඇතැයි අනෙකුත් පර්යේෂකයෝ සැක කරති. ධ්‍රැවීය චුම්බක ක්ෂේත්‍ර සහ පසුකාලීන සූර්ය ක්‍රියාකාරකම් අතර සම්බන්ධය දශක කිහිපයක් පමණක් විහිදෙන මිනුම් වලින් ලබාගෙන ඇති අතර ක්‍රියාත්මක විය හැකි අනෙකුත් සාධක තිබෙන්නට පුළුවන. සූර්ය භෞතික විද්‍යාඥයෙකු සහ වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ(National Center for Atmospheric Research) නියෝජ්‍ය අධ්‍යක්ෂ Scott McIntosh විසින් මෙහෙයවන ලද නිරීක්ෂණ වලින් හෝඩුවාවන් පැමිණෙමින් තිබේ.

McIntosh විශ්වාස කරන්නේ ද්විත්ව චක්‍ර රටාව යන්නෙන් අදහස් වෙන්නේ පසුකාලීන චක්‍රවල යටින් පවතින ක්ෂේත්‍ර කලාප — සමහර විට සාධනීය ලෙස —  අන්තර්ක්‍රියා කළ යුතු බවයි. එය සූර්ය ක්‍රියාකාරකම් වැඩි වීමට හේතු වේ. තවද ඔහු සිතන්නේ මෙම බාධාව,  අඛණ්ඩ අඩසීමා(terminator) සිදුවීම්වල වේලාව – සහ ඊළඟ සූර්ය උපරිමයේ උස සහ වේලාව  පුරෝකථනය කිරීමට භාවිතා කළ හැකි බවයි . 2021 දෙසැම්බරයේ නවතම අඩසීමා සිදුවීම දැකීමෙන් පසු, ඔහු සහ සගයන් අනාවැකි පළ කළේ මෙම චක්‍රයේ හිරු ලප 2024 මුල් භාගයේදී 184 ට පමණ ඉහළ යනු ඇති බවයි.

“එය ආකර්ශනීය රටාවක් සහ ඩයිනමෝ න්‍යායට අභියෝග කරන දෙයක්” යැයි Miesch පවසයි. ඉන්දීය විද්‍යා අධ්‍යාපන හා පර්යේෂණ කොල්කටා ආයතනයේ(Indian Institute of Science Education and Research තාරකා භෞතික විද්‍යාඥයෙකු වන Dibyendu Nandiට, අඩසීමා(terminator) සිදුවීම්වල පුරෝකථන බලය ගැන විශ්වාසයක් නත. කෙසේවෙතත්, දීප්තිමත් ලකුණු වැදගත් සංඥාවක් විය හැකි බව ඔහු තවමත් විශ්වාස කරයි. “මම හිතන්නේ ඔවුන් යම් දෙයක් සොයා ගැනීමට ආසන්නයි” කියා ඔහු පවසයි.

සමහර විට, McIntoshගේ නිරීක්ෂණවලින්  යෝජනා කරනු ලබන පරිදි, සූර්යයාගේ අභ්‍යන්තරයේ පවතින චුම්භක ක්ෂේත්‍රවල අන්තර්ක්‍රියා ඊළඟ චක්‍රයේ මත යම් ආකාරයක පා සටහනක් තබයි. එම හැකියාව, Nandi දැන් ඔහුගේ ආකෘතිය මගින් සොයා බලනු ලබන බවක් පෙනෙන්නට තිබේ.

“මෙම පුරෝකථන ක්ෂේත්‍රයේ එක් නිශ්චිතභාවයක් තිබේ නම්, ඒ තමයි අප ඉදිරිපත් කරන යමක් වැරදි බව ඔප්පු වීමට ඇති ඉඩ කඩ පිළිගැනිම මෙන්ම අපගේ ආරම්භක ස්ථානය් වෙත ආපසු යාමට සැමවිටම සූදානම් විය යුතුයි.” Nandi පෙන්වාදෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending