නවීන හා පුරාවිද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන, නැඟෙනහිර චීනයෙන් හමුවූ, නිකට නැති හකු අස්ථියක් , එය මිනිස් පවුල් වෘක්ෂයේ නව ශාඛාවක් නියෝජනය කරයි.

චීනයේ නගෙනහිර Hualongdong හිදී හමු වූ බාලයෙකුගේ හිස් කබලේ ඩිජිටල් ප්‍රතිනිර්මාණයකි.Credit: Xiujie Wu

නව මානව විශේෂයක්? වසර 300,000ක් පැරණි පොසිල වටා ගෙතුණු අභිරහසක්

නැඟෙනහිර චීනයේ ගුහාවක තිබී සොයා ගන්නා ලද පොසිල හකු ඇටයක් පුරාණ හා නවීන ලක්ෂණවල කුතුහලය දනවන මිශ්‍රණයකින් යුක්ත බව  බව, එය අනෙකුත් මානව නිදර්ශක දුසිම් ගණනක් සමඟ සංසන්දනය කරන සවිස්තරාත්මක විශ්ලේෂණයකට අනුව දැක්වේ. Journal of Human Evolution හි පළ කර ඇති මෙම සොයා ගැනීම, වසර 300,000 ක් පැරණි අස්ථිය තවමත් විස්තර කර නොමැති ආදි කල්පිත මානව විශේෂයකට අයත් විය හැකි බව පෙන්නුම් කරයි.

නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ පිහිටි Hualongdong නම් ගුහාව කැණීම් කරන විද්‍යාඥයින් විසින් වසර 300,000 කට පමණ පෙර අයත් යයි දින නිර්ණිත පුද්ගලයන් 16 දෙනෙකුගේ අවශේෂ සොයා ගනු ලැබ ඇත. කොටස් කිහිපයක්, අවුරුදු 12 සිට 13 දක්වා වයසැති ගැටවර්යෙකුගේ හිස් කබලේ  කොටස් යයි සැලකේ.

හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම DNA, විස්මිත ලෙස මෑතකාලීන නියැන්ඩර්තාල්(Neanderthal) පරම්පරාව හෙළි කරයි

බීජිං හි පෘෂ්ඨවංශික තත්ත්ව විචාරය සහ පුරා මානව විද්‍යා ආයතනයේ(Institute of Vertebrate Paleontology and Paleoanthropology) පුරා මානව විද්‍යාඥවරියක වන Xiujie Wu සහ ඇගේ සගයන් විසින් හිස් කබල ගැන මුලින්ම විස්තර කළේ 2019 දී ය. කෙසේවෙතත් 2020 දී ගුහාවේ තිබී සොයාගත් සත්ව ඇටකටු අඩංගු තැටි හාර අවුස්සා බැලීමේදී, එම හිස් කබලේ තවත් කොටසක් විය හැකි අධෝහනුවක(manible) කැබැල්ලක් – හකුවේ පහළ කොටස — ඔවුහු හඳුනා ගත්හ.

Hualongdong මානවයින්, මිනිස් පවුල් ගසට ගැළපෙන්නේ කුමන ස්ථානයක දී යන්න  පිළිබඳ වඩාත් සවිස්තරාත්මක මෙම සොයාගැනීම මගින්  විශ්ලේෂණයක් සිදු කරනු ලැබ ඇත. අධෝහනුවේ, නවීන මෙන්ම පෞරාණික ලක්ෂණ දෙකේම සම්මිශ්‍රණයක් ඇත. නිදසුනක් වශයෙන්, හකු රේඛාව දිගේ අස්ථිය ඝන වන අතර එය, Homo erectus වැනි මුල් මානව විශේෂ සමඟ බෙදාහද ගත් ලක්ෂණයකි. තවද,  එයට සැබෑ නිකටක් ද නොමැත; එහෙත්,  එවැනි නිකටක් තිබීම හෝමෝ සේපියන්වරුන් අතරේ ඇති ප්‍රධාන ලක්ෂණයකි. කෙසේනමුත් අධෝහනුව, උඩු හකුවට සම්බන්ධ වන පැත්ත පෞරාණික හෝමිනින් වරුන්ගේ(hominins) ඒවාට වඩා තුනී වන අතර නූතන මිනිසුන්ට අයත් ඒවා සිහිපත් කරයි..

පැරණි හා නවීන

වසර 12,000කට පමණ පෙර අවසාන අයිස් යුගයේ අවසානයට පෙර වසර 800,000කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය මැද සිට අග ප්ලයිස්ටොසීන යුගය තුළදී මෙම ප්‍රදේශයේ කුමන පැරණි මානව විශේෂයන් වාසය කළේද යන්න විශ්ලේෂණය ගැඹුරු කරයි.

Homo neanderthalensis

පැරණි හා නවීන

අවසාන අයිස් යුගයේ අවසානයට පෙර වසර 800,000කට ආසන්න කාලයක් පුරා පැතිර ගිය  ප්ලයිස්ටොසීන අවධියේ  මැද සිට අග තුළදී මෙම ප්‍රදේශයේ කුමන පැරණි මානව විශේෂයන් වාසය කළේද යන අභිරහස  විශ්ලේෂණය හේතුවෙන්  තවත් තීව්‍ර වෙයි.

වෙනත් හණු අස්ථි 83 ක් සමඟ අලුතින් සොයා ගනු ලැබූ අධෝ හනුව  ඩිජිටල් ක්‍රමයට සංසන්දනය කිරීමෙන් පැරණි හා නවීන ව්යව්ඡේදීය ලක්ෂණවල අමුතු මිශ්‍රණය තහවුරු විය.  Wu සහ ඇගේ සගයන් වසර 40,000 කට පෙර වන තුරු යුරේසියාවේ ජීවත් වූ නියැන්ඩර්තාලෙන්සිස් (Homo neanderthalensis)වරුන්ගෙ මානව බාලයන්ගේ සහ වැඩිහිටියන්ගේ මෙන්ම ලොව පුරා සිටි හෝමෝ  හෝමෝ සේපියන් සහ වසර මිලියන 1.9 ත් වසර 250,000 ත් අතර කාලයකට පෙර නැගෙනහිර අප්‍රිකාවේ සිට ඉන්දුනීසියාවේ අග්නිදිග ආසියානු දූපත් දක්වා විහිදුණු විශේෂයක් වන හෝමෝ ඉරෙක්ටස්(H. erectus) අස්ථි භාවිතා කළහ.

 පෞරාණික මානව විශේෂ අතර, අන්තර් අභිජනනය සඳහා සාක්ෂි වැඩිවේ   

Wu පවසන්නේ හණු අස්ථියේ ඇති හෝමෝ සේප්යන් ලක්ෂණ, එය වසර 160,000ක් පැරණි ටිබෙටයේ ඩෙනිසෝවන් සහ පීකිං මිනිසා ලෙස හැඳින්වෙන වසර 770,000ක් පමණ පැරණි අවශේෂ ඇතුළු මධ්‍ය ප්ලයිස්ටොසීන අවධියේ අනෙකුත් හොමිනින්ගේ ලක්ෂණ වලින් වෙන් කර ඇත. කලින් නොදන්නා මුතුන් මිත්තෙකු හෝ මුල් කාලීන සමීප ඥාතියෙකු  Hualongdong මිනිසුන් විසින් නියෝජනය කළ හැකි බව ඇය වැඩිදුරටත් පවසයි. වසර 230,000කට පෙර තෙක් දිවෙන පැරිණිතම, හෝමෝ සේපියන් ෆොසිල හමුවන්නේ ඉතියෝපියාවේ ස්ථාන වලින්ය.  එහෙත් නූතන මිනිසා, ආසියාවේ සිටි මුතුන් මිත්තන්ගෙන් බිහි වු යේය යන මතය පුළුල් ලෙස පිළිගැනෙන්නේ නැත.

අවුල් සහගත චිත්රය

ප්ලයිස්ටොසීන අවධියේ නැගෙනහිර ආසියාවේ මානවයන් අරක් ගෙන සිටියේය යන චිත්‍රය ව්‍යාකූල එකක් බව චීනයේ Jinan හී Shandong විශ්ව විද්‍යාලයේ පුරා මානව විද්‍යාඥ Yameng Zhang පෙන්වාදෙයි. ඔහු පවසන්නේ මීට වසර 800,000 සිට 126,000 දක්වා කාලයකට පෙර මධ්‍ය ප්ලයිස්ටොසීන යුගයේදී පෞරාණික හෝමිනින් විශේෂ ගණනාවක් නැගෙනහිර ආසියාවේ වාසය කළ බවයි. මොවුන්ගෙන් කිසිවෙකුත් නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් වැනි නූතන මානවයන්ගේ මුතුන් මිත්තන් වන්නට හැකිද යන්න පැහැදිලි නැත — ඔවුන් නොදැනීම මිය ඇදී ගියා වන්නට ඇත.

Hualongdong අධෝහණුවෙ හි ඇති පැරණි සහ නවීන ලක්ෂණ වල එකතුව 2000 ගණන්වල මුල් භාගයේදී මොරොක්කෝවේ Jebel Irhoud පුරාවිද්‍යා අඩවියේ තිබී හමු වූ නටබුන් වලට සමාන බව Hualongdong හි සොයාගැනීම් විස්තර කළ කණ්ඩායමේ කොටසක් වූ ස්පාඤ්ඤයේ, Burgos හි පිහිටි මානව පරිණාමය පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ(National Research Center on Human Evolution) පුරා මානව විද්්‍යාඥයරියක වන María Martinon-Torres පවසයි.  හිස් කබල කොටස් කිහිපයක් සහ සම්පූර්ණ අධෝහනුවක් ඇතුළත් Jebel Irhoud අවශේෂ Hualongdong අවශේෂවල වයසට සමාන වයසක් ඇති අතර හෝමෝ සේපියන් ද ඇතුළත් පරිණාමීය පරම්පරාවේ මුල්ම සාමාජිකයෙකුට අයත් යැයි සැලකේ. “මිනිස් පවුල් ගස තුළ [the Hualongdong ජනයාගේ] නිශ්චිත ස්ථානය තේරුම් ගැනීමට තවත් පොසිල සහ අධ්‍යයනයන් අවශ්‍ය වේ,” ඇය පවසයි.

Martinón-Torres තවදුරටත් කියා සිටින්නේ අස්ථි වලින් ලබාගත් පුරාණ ප්‍රෝටීන මගින් Hualongdong මිනිසුන් නූතන මිනිසුන්ට මෙන්ම වඩාත් පෞරාණික විශේෂවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබා දෙනු ලබන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending