
කඳුළු, ඔබේ ඇස් වියළීම වළක්වන අතර උත්කෝපනයෙන් හා ආසාදනවලින් ඇස් ආරක්ෂා කරයි. Vizerskaya/E+ via Getty Images
ඔබට දිය යට දී අඬන්න පුළුවන්ද?
ප්‍රශ්නය අසන්නේ: නිව් හැම්ප්ෂයර්, බෙඩ්ෆෝර්ඩ් හී 17 හවිරිදි රෝසී
පිළිතුරු දෙන්නේ: බටහිර වර්ජිනියා විශ්ව විද්‍යාලයේ ළමා රෝග සහ අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය Geoffrey Bradford
තෙල්, ජලය සහ ශ්ලේෂ්මල වලින් සෑදී ඇති කඳුළු වලින් ඔබේ ඇස් නිරන්තරයෙන් වැසී ඇත,
යමෙකු චිත්තවේගීය වන විට, ඔවුන් අසතුටට, සිත් රිදවීමකට පත්වී ඇති බව හෝ අනෙක් අතට අතිශයින් ප්‍රීතියෙන් සිටින බව අන් අයට දැන ගැනීමට සලස්වනු වස් ඔවුන්ගේ ඇස් අමතර කඳුළු සලයි. කෙනෙකු අඬන විට ශරීරය තුළ ඇති endorphins වැනි සතුට දනවන හා වේදනාව අඩු කරන ස්වභාවික රසායනික ද්රව්ය ඉබේටම මුදා හැරේ. මිනිසුන්ට අන් අය සමඟ බැඳීමක් ඇති කර ගැනීමට සහ විශ්වාසය හා ආදරය ගොඩනඟා ගැනීමට උපකාර කරන හෝමෝනයක් වන oxytocin ද එලෙසම මුදා හැරේ. ඇති පදම හැඬීමක්, අපට සිත සන්සුන් කර ගැනීමට උපකාරී වේ.
කඳුළු තවත් බොහෝ වැදගත් ආකාරවලින් ද අපට උපකාරී වේ. මම ළමා අක්ෂි වෛද්‍යවරයෙක් – ඒ කියන්නේ දරුවන්ගේ ඇස්වලට ප්රතිකාර කරන විශේෂඥ වෛද්යවරයෙක්. කඳුළු මගේ රැකියාවේ වැදගත් අංගයක් වන අතර, ඔබ රාත්‍රියේ නිදා සිටින විට හෝ ජල තටාකයක පිහිනන විට පවා ඇස් නිරෝගීව තබා ගැනීමට ඒවා(කඳුළු) ඉතා වැදගත් වේ.
කඳුළු, අපේ ඇස් තෙතමන්යෙන් සහ සෞඛ්ය සම්පන්නව තබයි
ඇස් පිහාටුවලින් ඉහළ එහෙත් ඇහි බැම යට පිහිටි අශ්‍රැ ග්රන්ථි(lacrimal glands) ලෙස දැක්වෙන කඳුළු ග්රන්ථි මගින් කඳුළු නිපදවනු ලැබේ, ඒවායේ ප්රධාන කාර්යය වන්නේ ඇස් ලිහිසි කර(lubricated), ආරක්ෂා කර ගැනීමයි.
ඇස් වියළීම වැළැක්වීම පිණිස කඳුළු, සෑම විටම ඇස් මෘදු ලෙස දෝවනය කරයි. ඔබ, ඔබේ ඇහි පිහාටු උස් පාත් කරන සෑම විටම, සාමන්‍යයෙන් කියන විදිහට ඇසිපිය හෙළන සෑම විටම, ඔබේ ඇස්වල තෙතමනය තබා ගැනීම සඳහා නොදැනීම වාගේ ඔබේ ඇස්වල මතුපිට පැතිරී ඇති කඳුළු පටලයට යම් ආකාරයක උපකාරයක් කරයි. ඔබ පහසුවෙන් පැළඳිය හැකි අක්ෂි සිවි කාච(contact lenses) පළඳන විට, සැබවින්ම සිදුවන්නේ කාච , මෙම කඳුළු තට්ටුව මත පාවී. කඳුළු අඩු වූ විට සිදුවන්නේ, ඔබේ සිවි කාච ඔබේ ඇස්වලට ඇලී සිටිය හැකි බැවින් අතර අපහසුතාවයට පත් වීමයි.
ඔබ නිදා සිටින විට, ඔබේ ඇස් අඩුවෙන් කඳුළු නිපදවයි. එසේ වුවද, ඒවා නිදමින් සිටින ඔබේ ඇස් දිගටම තෙත්ව තබා ගැනීමට ක්‍රියා කරයි, ඔබ අවදි වන විට ඔබේ ඇස් හොඳින් නාභ්ගත කිරීමට එය උපකාරීවේ. එහෙත්, ඔබ උපැස් පළඳින්නෙක් නම් ඔබට පැහැදිලිව දැකීමටඑම ඇස් කණ්නාඩි අවශ්‍යවිය හැකියි. සුමට ලෙස ඇසිපිය හෙළීම පිණිස මෙන්ම ඇස් සීරීමෙන් වළක්වාලීම පිණිස ද කඳුළු ඇස් ලිහිසි කරයි.

ඇස් නිරෝගීව තබා ගැනීමට සහ උත්කෝපනය සමනය කිරීමට කඳුළු උපකාරී වේ. ViDi Studio/iStock via Getty Images Plus
ඇසට ඇතුල්වන දූවිලි, දුම, කුඩා කෘමීන් සහ ඇස්වලට ඇතුළු විය හැකි වෙනත් දේ සෝදා හරිනු ලැබේ. ශාක හෝ සුරතල් සතුන් නිසාවෙන් අසාත්මිකතා ඇතිවන යමෙකුට කඳුළු, කෝපකයන් සෝදා ගැනීමට උපකාරී වේ. අක්ෂි ආසාදන වැළැක්වීම පිණිස ද ඒවා උදව්වේ;තව ද යමෙකුට pinkeye ආසාදනය ඇති වූ විට, විෂබීජ මරා ඇස් සෝදා හරින්නට ද කඳුළු උදව් කරයි. අවසාන වශයෙන්, ඇස්, ජීවිත කාලය පුරාවට පැහැදිලිව සහ සෞඛ්ය සම්පන්නව පවත්වාගෙන යාම.පිණිස, කඳුළු රුධිරයේ සිට ඇස්වලට පෝෂ්‍ය පදාර්ථ රැගෙන යාම සඳහා වැදගත් වන්නේය.
ජලය සහිත පරිසරයක දී කඳුළු වලට සිදුවන්නේ කුමක් ද?
ඔබ දිය යට පිහිනන විට වුව ද, ඔබේ කඳුළු තවමත් ලෙසම පවතී. ජලය ඉක්මනින් කඳුළු සෝදා හරින නමුත් ඔබට දිය යට දී අඬන්න තවමත් ඔබට පුළුවන්.
ඔබ ස්නානය කරන ජලයේ බොහෝ විට ක්ලෝරීන්, බැක්ටීරියා හෝ වැලි වැනි අක්ෂි උත්කෝපික ද්‍රව්‍ය(eye irritants) අඩංගු වන බැවින්, ඔබේ ඇස් විවෘතව තබා ගෙන ජලයේ එබීම ඔබේ කඳුළු ග්‍රන්ථිවලින් කඳුළු නිපදවීමට හේතු වේ. ගොගල් ඇස් ආවරණ(goggles) පැළඳීම හෝ ජලය යට ඔබේ ඇස් වසා තබා ගැනීම ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට සහ ඒවා වඩාත් සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ.
තටාකයක ස්නානය කර ආපසු ඉන් එළියට ආවිට තටාකයේ ජලයෙහි ක්ලෝරීන් සහ සාගර ජලයේ ලුණු ඉක්මණින් සෝදා හැරීමට කඳුළු උපකාරී වේ.
ඇස් ඇතුලේ කඳුළු යන්නේ කොයිබට ද?

කඳුළු ග්‍රන්ථි කඳුළු නිපදවන අතර කඳුළු නල ඒවා අවශෝෂණය කරයි. Geoffrey Bradford, CC BY-ND
සමහර කඳුළු වාෂ්ප වී යයි. ඔබේ ඇස්වල අභ්‍යන්තරයේ කොන්වල ඔබේ කඳුළු ගලා යාම සඳහා කාණු වැනි කඳුළු නල ද ඔබට ඇත. කඳුළු නාලිකා පැරණි කඳුළු ඔබේ නාසයට ගෙන යාමෙන් අනතුරුව උගුරට ගෙන යන අතර එහිදී ඔබ ඒවා ගිල දමයි. ඔබ බොහෝ සේ අඬන විට ඔබේ නහයෙන් දියර ගලන්නේ එබැවිනි. ඒවගේම සමහර වෙලාවට ඇසට දමන් බෙහෙත් බිංදු වල ‘රස’ දිවේ පිටිපස්සෙන් දැනෙන්නට පුළුවන්.
සමහර ළදරුවන්ට, ඔවුන් ඉපදෙන විටම අවහිර වූ කඳුළු නල තිබෙන්නට පුළුවන . ඉතින් කඳුළු නල දිගේ ගලනු වෙනුවට ඔවුන්ගේ කඳුළු සියල්ල, ඔවුන්ගේ කම්මුල් දිගේ ගලා යයි — නිරන්තරයෙන් ජලය පිරී ඇතැයි පෙනෙන ඔවුන්ගේ ඇස් ඔවුන්ට ඇඬීම කාරණාවක් නැති විට පවා ඔවුන් අඬන බවක් හඟවයි. මෙම ළදරුවන්ට ඔවුන්ගේ කඳුළු නල විවෘත කර දීමට වෛද්‍යවරුන්ට උපකාර කළ හැකි අතර එමඟින් ඔවුන්ගේ ඇස් දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකිය.
පුද්ගලයෙකු වයස් ගත වන විට, සමහර විට කඳුළු ග්රන්ථි මගින් කඳුළු නිපදවීම අඩුවෙයි. කඳුළු අඩුවූ විට, ඇස් දැවිල්ල සහ කසන ගතිය ඇති විය හැක. සමහර වැඩිහිටියන්ට තමන්ගේම ස්වභාවික කඳුළු තම ඇස් තෙත් සහ වඩාත් සුවපහසුව තබා ගැනීමට උපකාර කිරීම පිණිස කෘතිම කඳුළු(artificial tears) ලෙස හඳුන්වන බෙහෙත්බිංදු භාවිතා කිරීමට, එය එක් හේතුවකි.
Curious Kids(The Conversation) හී පළවන Can you cry underwater? නම් ලිපිය ඇසුරෙණි





ප්‍රතිචාරයක් ලබාදෙන්න