වසර මිලියන 250 කින් පෘථිවි මහාද්වීප පෙනෙනු ඇත්තේ මෙලෙසයි

මීළඟ සුපිරි මහාද්වීපය වන Pangaea Ultima, සෑදෙන විට ක්ෂීරපායින්ට වාසයට සුදුසු වනු ඇත්තේ ග්‍රහලෝකයේ මතුපිටින් කොටසක් පමණකි.
වසර මිලියන 250 කින් පෘථිවි මහාද්වීපවලට හා ජීවීන්ට වෙන දේ
වසර මිලියන 250කින් පමණ යුරෝපය, ආසියාව සහ අප්‍රිකාවෙන් සමන්විත භූමි ස්කන්ධයක් ඇමරිකාව සමඟ ඒකාබද්ධ වන විට Pangea Ultima නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ණය: Credit: Alex Farnsworth and Chirs Scotese
වසර මිලියන 250කින් පෘථිවියෙන් 92%ක් ක්ෂීරපායීන්ට වාසය කළ නොහැකි විය හැකි බව පර්යේෂකයෝ අනාවැකි පළ කරති. යමහල් ක්‍රියාකාරිත්වය වර්ධනය කරමින් එමෙන්ම, කාබන් ඩයොක්සයිඩ් මට්ටම් වැඩි වීඑමෙන් මහපොළවෙන් වැඩි කොටස මුඩු බිමක් කර ග‍්‍රහලෝකයේ ගොඩබිම් සුපිරි මහාද්වීපයක් ලෙස සෑදෙනු ඇතැයි විශ්වාස කෙරේ, ඵොට්ස්ඩම් හි GFZ ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ භූ විද්‍යාඥ(GFZ German Research Centre for Geosciences) Hannah Davies පවසයි.
එහි වර්තමාන මහාද්වීප ප්ලාවනය හැටියට, පෘථිවිය දැනට සුපිරි නැතිනම් අධි මහාද්වීප චක්‍රයක මධ්‍යයේ ඇතැයි සැලකේ. අවසාන සුපිරි මහාද්වීපය වන පැන්ජියාව(Pangaea) වසර මිලියන 200 කට පමණ පෙර කැඩී වෙන් වී ගියේය. වසර මිලියන 250කින් පමණ, අත්ලාන්තික් සාගරය හැකිලී සහ ඒකාබද්ධ වූ අප්‍රිකානු-යුරේසියානු මහාද්වීපයක් ඇමරිකා මහාද්වීපයන් තුළට කඩා වදිද්දී, Pangaea Ultima ලෙස නම් කරන ලද මීළඟ අධි මහාද්වීපය සමකයේ ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සැප්තැම්බර් 25 වන දින Nature Geoscience හී විස්තර කරන ලද නව සුපිරි මහාද්වීපයේ දේශගුණය ආකෘතිගත කිරීමේ දී එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ Alexander Farnsworth සහ ඔහුගේ සගයන්ට පෙණී ගොස් ඇත්තේ Pangaea Ultima හි බොහෝ ප්‍රදේශ සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි උෂ්ණත්වයක් අත්විඳින අතර එය බොහෝ ක්ෂීරපායී ජීවීන්ට වාසයට නුසුදුසු වේ. ඒවා එකට එකතු වී අනතුරුව ප්ලවනය වී ඉවතට ගසාගෙන යන විට, මහාද්වීප “විශාල CO2 ප්‍රමාණයක් වායුගෝලය වෙත ඉහළට පිට කරන යමහල් ක්‍රියාකාරකම් මෙහෙයවනු ඇත. එවිට, එය පෘථිවිය උණුසුම් කරයි.” යනුවෙන් Farnsworth පවසයි.
සාගරවලින් බොහෝ එපිට, සුපිරි මහාද්වීපයේ මැද පිහිටි ප්‍රදේශ “ඉතා විශේෂිත බවක් අත්පත් කරගත් ක්ෂීරපායින්ට” හැර, සෙස්සන්ට ජීවත් විය නොහැකි කාන්තාර බවට පත් වනු ඇතැයි Farnsworth පවසයි. තෙතමනය නොමැතිකම CO2වායුගෝලයෙන් සාමාන්‍යයෙන් ඉවත් කරන්නා වූ සිලිකා සාගරවලට ගලා යන ප්‍රමාණය අඩු කරයි.
සූර්ය විකිරණ වැඩි වීම පෘථිවිය තවදුරටත් උනුසුම් වීමට හේතු වේ. Pangea Ultima නිර්මාණය වන අවස්ථාව වනවිට සූර්යයා 2.5% වැඩි දීප්තියකින් යුක්ත වනු ඇතැයි පුරෝකථනය කර ඇත, සූර්ය විකිරණ වැඩි වීම තවදුරටත් උනුසුම් වීමට හේතු වේ. සූර්යයා, එහි න්‍යෂ්ටික විලයන වේගය වැඩි කරමින්, (සූර්යයා) හයිඩ්රජන් ඉන්ධන වැඩි ප්රමාණයක් දහනය කර එහි හරය හැකිලීමේ ප්‍රථිඵලයක් ලෙස Pangea Ultima නිර්මාණය වන විට සූර්යයා 2.5% වැඩි දීප්තියකින් යුක්ත වනු ඇතැයි පුරෝකථනය කර ඇත,
මට්ටම් දෙගුණයකටත් වඩා වැඩිවෙමින් CO2 මට්ටම් මිලියනයකට කොටස් 1,120 දක්වා ළඟා වන , නරකම අවස්ථාවක් ගැන හිතුවොත්, බොහෝ ක්ෂීරපායී ජීවීන්ට වාසයට සුදුසු වන්නේ, ග්‍රහලෝකයේ මතුපිටින් – වෙරළබඩ සහ ධ්‍රැව ප්‍රදේශවලින් 8% ක් පමණකි – සංසන්දනාත්මකව සලකන්නේ නම් අද එය 66% ක් පමණ වේ.
මෙය මහා වඳවීයාමකට තුඩු දෙනු ඇති බව Farnsworth පවසයි. “එය ක්ෂීරපායින් සඳහා පමණක් නොවේ. එය ශාක ජීවිතය සඳහා මෙන්ම, අනෙකුත් ජීව වර්ග සඳහාද විය හැක්කකි. අනුමාන කිරිම් හැර ඒවායෙ ප්‍රථිඵල කුමක් වේ දයි කාටවත් හරි හැටි කිව නොහැකිය. අනෙකුත් මහා නෂ්ටප්‍රාප්තවීම් වලදී නව විශේෂයක් ආධිපත්‍යය දැරීමට නැඹුරු වේ”.
දිගු කාලීන දේශගුණික ආකෘති නිර්මාණය කෙරෙහි අවධානය යොමු කළ පර්යේෂකයන් විසින් මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන කාබන් විමෝචනය සැලකිල්ලට නොගන්නා ලදී.
පැවැත්මේ බලාපොරොත්තු
පාරිසරික වෙනස්කම් වලින් සමහර ක්ෂීරපායී ජීවීන්හට බේරී සිටිය හැකි බව Pangea Ultima ගොඩනැගීම ගැන කලින් අධ්‍යයනය කර ඇති Davies පවසයි. “ඔවුන් සියල්ලම වඳ වී යනවාද නැද්ද යන්න එක් ප්‍රතිඵලයක් පමණි, නමුත් එය [එකම] ප්‍රතිඵලය නොවේ,” ඇය පෙන්වා දෙයි, Pangea Ultima කොතැනක පිහිටයිද යන්න නිශ්චිත නැත.
Farnsworth ගේ ආකෘතිකරණ උපකල්පනය කරන්නේ එය උණුසුම් නිවර්තන කලාපවල එකට එකතු වන බවයි; එනමුත් අනෙකුත් මත මගින් යෝජනා කරනු ලබන්නේ එය උත්තර ධ්‍රැවයේ මුදුනේ ඇති විය හැකි බවත්, එය, ජීවිය සඳහා වඩා හිතකර විය හැකි සිසිල් තත්වයන්ට තුඩු දිය හැකි බවත්ය.
පැන්ජියා(Pangaea) සහ පෙර පැවති අනෙකුත් සුපිරි මහාද්වීපවල විශාල අභ්‍යන්තර කාන්තාර තිබූ බවට යම් සාක්ෂි ඇතැයි ඩේවිස් පවසන්නීය. එය, වාසයට සුදුසු භූමි ප්‍රමාණය අඩු වී ගොස් නෂ්ටප්‍රාප්තවීම්වලට මග පෑදීය. “මීට වසර මිලියන 200 කට පමණ පෙර ඇති වූ ත්‍රියාසික-නිමා භූ යුගයේ නෂ්ටප්‍රාප්ත සිදුවීමේ දී සමාන දේ සිදු වන බව අපට දැකියහැකිය”, ඇය පවසයි.
තවත් වසර මිලියන 250 ක් පමණ ගත වන විටත් මානවයන් සිටින්නේ නම්, Dune නම්1965 විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ එන අන්දමට පෘථිවිය සමාන වී විටක දිවි රැකගෙන ජීවත්වීමට ඔවුන් අනුවර්තනය වීමේ ක්‍රම සොයා ගෙන තිබෙන්නට ඇතැයි Farnsworth අනුමාන කරයි, “මිනිසුන් කාන්තාර පරිසරයේ වඩාත් යහතින් ජීවත්වීමේ විශේෂඥයන් බවට පත් වෙනවා ද?, නිශාචර ජීවිතයකට වඩාත් අනුගත වෙනවා ද?, නැතහොත් ගුහාවලට වී ජීවත් වෙනවා ද?” ඔහු ප්‍රශ්න කරයි, “අපට මෙම ග්‍රහලෝකයෙන් බැහැර වාසයට සුදුසු වෙනත් ස්ථානයක් සොයා ගත හැකි නම්, එය වඩාත් සුදුසු යැයි මම කල්පනා කරමි.”
කෙසේ වෙතත්, අනාගතය මේ අන්දමේ ව්‍යසනකාරී, අපේක්ෂාභංග තත්ත්වයක් නොවන්නටත් පුළුවන. “අතීතයේ වඳවී යාමේ සිදුවීම් ඇති අතර අනාගතයේදී වඳ වී යාමේ සිදුවීම් සිදුවනු ඇත” යනුවෙන් Davies පවසයි. “මම හිතන්නේ ජීවිය මේ හරහාත් ගමන් කරාවී. එකම දේ එය එක්තරා ආකාරයක කටුක කාල පරිච්ඡේදයක් වනු ඇති වීමයි. ”
nature Geoscience(25th September, 2023) හී පළ වූ This is what Earth’s continents will look like in 250 million years යන ලිපිය අසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න