ගංවතුර යනු කෙටි කාලීන ගැටලුවක් පමණක් නොවේ. හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට ගෝලීය වශයෙන් ගන්නා උත්සාහයන් වැඩි වෙමින් පවතින නමුත්, අප දරුණු දේශගුණයක් සඳහා තවදුරටත් සූදානම් විය යුතුය

හිමාලයේ අධික වර්ෂාපතනය 2022 සහ 2023 දී විශාල හානියක් සිදු කරයි. AP Photo/ Aqil Khan
අධික වර්ෂාපතනය ලොව පුරා ගංවතුර ඇති කරද්දී, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ භූමිකාව දෙස දැඩි අවධානයක්
2023 සැප්තැම්බර් මාසයේදී ධාරානිපාත වර්ෂාව නිසා ලිබියාව, ග්‍රීසිය සහ ස්පාඤ්ඤය සහ ගංවතුර කොටස් හොංකොං සහ නිව් යෝර්ක් නගරය හරහා මඩ සහිත ජලය වීදි හරහා වේගයෙන් ගලා ගියේය ලිබියාවේ ඩර්නා නගරයේ මිනිසුන් දහස් ගණනක් මිය ගියහ. ග්‍රීසියේ Zagora හි වාර්තාගත අඟල් 30 ක වර්ෂාපතනයක් එනම් වසර එකහමාරක සමාන වර්ෂාපතනයක් පැය 24 ක් තුළ වාර්තා විය.
සති කිහිපයකට පෙර මෝසම් වර්ෂාව, හිමාලයේ මාරාන්තික නායයෑම් සහ ගංවතුර හට ගන්වමින් ඉන්දියාවේ මිනිසුන් දුසිම් ගනනකගේ දිවි අහිමි කළේය.
2023 මුලදී කැලිෆෝනියාවේ මඩ රූටා යෑම් සහ ගංවතුර ද ජූලි මාසයේදී වර්මොන්ට් සහ නිව් යෝර්ක්හි විනාශකාරී ගංවතුර ඇතුළුව මේ වසරේ දී සෑම මහාද්වීපයකම පාහේ දරුණු ගංවතුරෙන් පසු, අධික වර්ෂාපතනය වඩාත් සුලභ වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.
ඉතින්, ගෝලීය උණුසුම මෙහි දී ඉටු කරන කාර්යභාරය කුමක්ද? වැදගත්ම දෙය නම්, මෙම නව යථාර්ථයට අනුවර්තනය වීමට අපට කුමක් කළ හැකිද?

2023 දී ප්රබල කුණාටු පද්ධතියක් හේතුවෙන් වර්මොන්ට් පුරා ප්රජාවන් ගංවතුරට ලක් වූ අතර අගනුවර වන Montpelier විශාල ප්රදේශ ජලයෙන් යට විය John Tully for The Washington Post via Getty Images
සිවිල් ඉංජිනේරු විද්යාව පිළිබඳ පසුබිමක් දේශගුණ විද්යාඥයකු වන මේ ලිපියේ කතුවර Mohammed Ombadi(මිචිගන් විශ්ව විද්යාලයේ දේශගුණික හා අභ්යවකාශ විද්යා ඉංජිනේරු සහකාර මහාචාර්ය) කියා සිටින්නේ , එක් අතකින් දේශගුණික විපර්යාස පිළිබඳ විද්යාව සහ ආන්තික කාලගුණික සිදුවීම් සහ අනෙක් පැත්තෙන් එම සිදුවීම් අපගේ දෛනික ජීවිතයට ඇති කරන බලපෑම් අතර සම්බන්ධතා ගවේෂණය කිරීමට හෙතෙම උනන්දු වන බවයිදේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට හොඳ උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා සම්බන්ධතා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
වඩාත් පිපාසිත වායුගෝලය, වඩා ආන්තික වර්ෂාපතනය
උෂ්ණත්වය ඉහළ යන විට, උණුසුම් වායුගෝලයට වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් රඳවා ගත හැක. ගොඩබිමෙන් ගොඩබිම සහ සාගරවලින් ජලය වාෂ්ප වීමද වැඩිවේ. එම ජලය අවසානයේ ගොඩබිමට සහ සාගරවලට නැවත පැමිණීම සිදුවේ.
සරලව කියතොත්, වායුගෝලය වැඩියෙන් තෙතමනය අවශෝෂණය කරන බැවින්, එය මගින් කුණාටු වලදී වැඩි වර්ෂාපතනයක් ලබා දෙයි. විද්යාඥයින් අදහස් කරන්නේ ආන්තික කුණාටු වලදී, උනුසුම් වීමේ වැඩිවන සෑම සෙල්සියස් අංශක 1ටම (ෆැරන්හයිට් අංශක 1.8) වර්ෂාපතන තීව්රතාවයේ 7% ක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි..
වාතය රඳවා ගත හැකි තෙතමනය ප්රමාණයේ මෙම වැඩිවීම විද්යාඥයින් හඳුන්වන්නේ එයයි Clausius Clapeyron සම්බන්ධතාවය ලෙසය. කෙසේවෙතත්, සුළං රටා සහ කුණාටු මාර්ග වෙනස් වීම මෙන්ම වාතය කෙතරම් සංතෘප්ත ද යන්න වැනි වෙනත් සාධක ද වර්ෂාපතනය කෙතරම් තීව්රද යන්න සම්බන්ධයෙන් යම් භූමිකාවක් ඉටු කරයි.
දියරද? මිදුණු ජලය ද?: වඩාත් වැදගත් වන්නේ වැස්සයි
ගංවතුරේ බරපතලකම තීරණය කරන එක් සාධකයක් වන්නේ ජලය පතිත වන්නේ වර්ෂාව ලෙසද හිම ලෙසද යන්නයි. , දියවන හිම වලින් ජලය සෙමින් මුදා හැරීමට ප්රතිවිරුද්ධව වර්ෂාවෙන් ක්ෂණිකව ගලා යාම වඩාත් දරුණු ගංවතුර, නාය යෑම් සහ වෙනත් උපද්රව වලට තුඩු දෙයි – විශේෂයෙන්ම, ගෝලීය ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන කඳුකර ප්රදේශවල සහ පහළ ප්රදේශවල මෙය වඩාත් බරපතලය.
2023 අගෝස්තු මාසයේදී හිමාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් වල දී ප්රධාන දායකත්වයක් ලබා දුන්නේ හිම වලට වඩා අධික වර්ෂාපතනයේ වැඩි අනුපාතයක් බව විශ්වාස කෙරේ. එය තහවුරු කිරීම සඳහා තවමත් පර්යේෂණ සිදු වෙමින් පවතින් බව ද අමතක නොකළ යුතුය. මීට අමතරව, බටහිර එක්සත් ජනපදයේ දිය බෙත්ම ප්රදේශ 410 ක් හරහා 2019 ගංවතුර රටා පරීක්ෂා කිරීමේ දී පෙණී යන්නේ, වර්ෂාපතනය මගින් මෙහෙයවනු ලබන විශාලතම අපධාව හෙවත් දිය දෝර(runoff) කඳු මුදුන් හිම දියවීමෙන් හටගත් ඒවාට වඩා 2.5 ගුණයකට වඩා වැඩි බවයි.
දේශගුණික ආකෘති දත්ත මත පදනම්ව පුරෝකථනය කරනු ලබන්නේ, 21 වැනි සියවසේ අවසානය වන විට ඇතැම් ප්රදේශවල වර්ෂාපතන තීව්රතාවය තවත් වැඩි වනු ඇතැයි යනුවෙනි.

මෑත අතීතයට සාපේක්ෂව ගත්විට, ලා වර්ණ දෙගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන අතර අඳුරු වර්ණ අනාගත අන්ත වර්ෂාපතනයේ අට ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරයි. Mohammed Ombadi., CC BY-ND
Nature සඟරාවේ 2023දී පළ වූ අධ්යයනයක දී මෙම ලිපියේ කතුවරයා සහ ඔහුගේ සගයන් පෙන්වා දී ඇති පරිදි, Clausius Clapeyron සම්බන්ධතාවය මගින් යෝජනා කරනවාට වඩා — උනුසුම් වීම් සෙන්ටිග්‍රේඩ් අංශක 1ට (1.8 F) ට 15% දක්වා — හිමාලය, ඇල්ප්ස් සහ රොකීස් වැනි ඉහළ අක්ෂාංශ සහ කඳුකර ප්රදේශවල වර්ෂාපතනයේ තීව්රතාවය වේගවත්ව වැඩි වෙතයි අපේක්ෂා කෙරේ.
මෙම වේගවත් වැඩිවීමට හේතුව වන්නේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මෙම ප්රදේශවල වර්ෂණය(precipitation) වැඩි වර්ෂාවක් සහ අඩු හිම පතනයක් දෙසට මාරු වීමයි. ඒ අනුව, මෙම අධික වර්ෂාණයෙන් විශාල ප්රතිශතයක් වර්ෂාව ලෙස ඇද හැලෙයි.
සිය අධ්යයනයේ දී පර්යේෂකයෝ, 1950 ගණන්වල සිට උතුරු අර්ධගෝලයේ ඇති අධිකම වර්ෂාව දෙස බැලූ අතර ඒ අනුව, අධික වර්ෂාපතනයේ තීව්රතාවයේ වැඩිවීම උන්නතාංශය අනුව වෙනස් වන බව සොයා ගත්හ. ඇමරිකාවේ බටහිර කඳුකරය, Appalachian කඳුකරයේ කොටස්, යුරෝපයේ ඇල්ප්ස් සහ ආසියාවේ හිමාලය සහ හින්දු කුෂ් කඳු ද දැඩි බලපෑම් පෙන්නුම් කළේය. එපමණක් ද නොව, දේශගුණික ආකෘතීන් යෝජනා කරන්නේ 21 වන ශතවර්ෂයේ අවසානය වන විට මෙම බොහෝ කලාපවල අධික වර්ෂාපතන සිදුවීම් ඇතිවීමේ හත්-අට ගුණයක වැඩිවීමක් දැකිය හැකි බවයි.
ගංවතුර යනු හුදෙක් කෙටි කාලීන ගැටලුවක් පමණක් නොවේ
ගංවතුර යනු හුදෙක් කෙටි කාලීන ගැටලුවක් පමණක් නොවේ
ගංවතුරෙන් පසු බොහෝ අවධනයක් හිමි කරගන්නේ, නිවාස හා නගරවලට සිදුවන මරණ සහ හානි බව පෙනේ. එනමුත් ගංවතුර වැඩිවීම බොහෝ කලාපවල ප්රජාවන්ට මෙන්ම, කෘෂිකර්මාන්තයට තීරණාත්මක වන ජලාශවල ජල සැපයුමට දිගු කාලීන බලපෑම් ඇති කරයි.
නිදසුනක් වශයෙන්, බටහිර එක්සත් ජනපදයේ, වියළි ගිම්හාන මාස සඳහා ජලය සැපයීම සඳහා වසන්ත හිම දියවන කාලය තුළ ජලාශ බොහෝ විට සම්පූර්ණ ධාරිතාවට ආසන්නව තබා ඇත. කඳුකරය ස්වභාවික ජලාශ ලෙස ක්රියා කරන්නේ ශීත සෘතුවේ හිම පතනය ගබඩා කරගෙන පසුව දිය වූ හිම මන්දගාමී වේගයකින් නිකුත් කරමිනි.

කැලිෆෝනියාවේ වායුගෝලීය ගංගා මාලාවක් කලාපයට කෙතරම් ජලය මුදා හැරියද යත්, කැලිෆෝනියාවේ ගොවිබිම් සැතපුම් ගණනක් පුරා ගංවතුර පැතිරී යද්දී වසර ගණනාවකට පෙර සිඳී ගිය Tulare විල යලි මතු වියLuis Sinco / Los Angeles Times via Getty Images
කෙසේ වුවද, පර්යේෂකයන්ගේ මෑත සොයාගැනීම් හඟවන්නේ, ලෝකය ශීඝ්රයෙන් හිම ඇද හැලීමෙන නොව ධාරානිපාත වර්ෂාවේ ආධිපත්යය දරන දේශගුණයක් දෙසට නැඹුරුවීමත් සමඟ ජල සම්පත් කළමණාකරුවන්ට යටි ගං ගංවතුරෙන් යටවීමේ අවදානම අවම කරගනු වස්, තම ජලාශවල විශාල ජල ප්රමාණයක් ගබඩා කර තබා ගැනීමට වැඩි වැඩියෙන් සිදුවනු ඇති බවයි.
දරුණු අනාගතයක් සඳහා සූදානම් වීම
හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට ගෝලීය වශයෙන් ගන්නා උත්සාහයන් වැඩි වෙමින් පවතී, එසේනමුත්, අප දරුණු දේශගුණයක් සඳහා තවදුරටත් සූදානම් විය යුතුය. 2023 දී, මධ්යධරණී කලාපයට එල්ලවූ විනාශකාරී කුණාටු ප්‍රහාර, අනුවර්තනය වීමේ වැදගත්කම පෙන්නුම් කරන කදිම නිදසුනක් සපයයි. ඒවා, බොහෝ රටවල් පුරා අධික වර්ෂාපතනය සඳහා වාර්තා බිඳ දැමූ අතර විශාල හානියක් සිදු කරන්නට හේතුවිය.
ලිබියාවේ ව්‍යසනයට දායක වූ ප්රධාන සාධකයක් වූයේ, කඳුකර භූමිවලින් පහළට ගලා එන ජලය කාලයක් තිස්සේ කළමනාකරණය කර මින් තිබෙන වයස්ගත වේලි පුපුරා යාමයි.
අනාගතයේ ඇතිවිය හැකි මහා වැසි සහ ගංවතුරෙන් බේරීම පිණිස ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන යටිතල පහසුකම් සහ ගොඩනැගිලි ඉඳිකිරිමේ ක්‍රම සහ විධි යාවත් කාලීන කිරීමේ සහ ආන්තික කාලගුණයෙන් ප්රජාවන් ආරක්ෂා කිරීමට නව ඉංජිනේරු විසඳුම් සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම මෙයින් අවධාරනය කෙරේ. ගංවතුර සහ නායයෑම් පිළිබඳ ඉහළ අනාගත අවදානම් ඇති විය හැකි කලාපවල ඉඳිකිරීම් සිදුකිරීමෙන් වැළකීම ද ඉන් අදහස් කෙරේ.
2023 සැප්තැම්බර් 19 වැනි දින මුලින් ප්රකාශයට පත් කරන ලද මෙම ලිපිය නිව් යෝර්ක් නගරයේ ගංවතුර ගැන ද සඳහන් කළ හැකි පරිදි යාවත් කාලීන කර ඇත.
The Conversation හී පළවන As extreme downpours trigger flooding around the world, scientists take a closer look a global warming’s යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න