බිත්තරයක් නැතුව කිකිළියක් හටගන්න බෑ. ඒ වගේම, කිකිළියක් නැතුව බිත්තරයක් හටගන්නත් බෑ. මහා ම උභතොකෝටිකයක්!

අප බොහෝ දෙනෙකු වෙනුවෙන් ප්‍රශ්නය අහන්නේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර, 12 හැවිරිදි ග්‍රේස්.

පිළිතුරුදෙන්නේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ පුරාසද්භාවවේදය(Palaeontology) පිළිබඳ අනුබද්ධ සහකාර කථිකාචාර්ය, Ellen K. Mather 

මේ අනගි ප්‍රශ්නයට ස්තූතියි, ග්රේස්. එය බොහෝ දෙනෙකුගේ හිස අවුල් කිරීමට සමත් කමක් ඇති, බොහෝ කාලයක් සිට පැවත එන උභතෝකෝටිකයකි.

පරිණාමීය දෘෂ්ටිකෝණයකින් ගත් කල පිළිතුරු දෙකම සත්‍ය ලෙස සැලකිය හැකිය! ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ ප්‍රශ්නය අර්ථ නිරූපණය කරන ආකාරය මත ය.

බිත්තරය පාර්ශවය වෙනුවෙන් පෙනිසිටීම

පළමු පෘෂ්ඨවංශීන් – එනම් කොන්ද සහිත මුල්ම සතුන් – ගොඩබිම ජීවත් වීම පිණිස මුහුදෙන් ගොඩට පැමිණි විට, ඔවුන්ට අභියෝගයකට මුහුණ දීමට සිදු විය.

නූතන මත්ස්‍යයන්ගේ බිත්තරවලට සමාන ඔවුන්ගේ බිත්තර ආවරණය කර තිබුණේ පටලයක් ලෙස හැඳින්වෙන තුනී ස්ථරයකින් පමණි. වාතයට නිරාවරණය වූ විට බිත්තර ඉක්මනින් වියළී මිය යයි. උභයජීවීන් වැනි සමහර සතුන් (දිය මැඩියන් සහ අක්සොලොට්ල්(frogs and axolotls) ඇතුළු වර්ගය) මෙම ගැටලුව විසඳා ගත්තේ හුදෙක් ජලයේ බිත්තර දැමීමෙනි – නමුත් මෙම කාරණාව ගොඩ බිම අභ්‍යන්තරයට ඔවුන්ට යා හැකි දුර සීමා කළේය.

මෙම ගැටලුව සඳහා ප්රධාන විසඳුමක් පරිණාමය වූ මුල් උරගයින් අතරය: ආරක්ෂිත පිටත කවචයක් සහිත බිත්තරයක්. පළමු බිත්තර ක‍ටුව සර්පයෙකුගේ හෝ මුහුදු කැස්බෑවෙකුගේ බිත්තර වගේ  කටුවක වාගේ මෘදු හමක් වගේ වන්නට ඇති. කුරුල්ලන්ගේ බිත්තර වැනි තද කටු සහිත බිත්තර  බොහෝ කලකට පසුව දැකගන්නට හැකිවන්නට ඇති.

Wikimedia Commonsහී සඳහන් පරිදි, නවීන කුරුළු බිත්තරවල අභ්‍යන්තර සහ පිටත කවච පටලයක් සෘජුවම දෘඩ කවචයට යටින් ඇත.

දන්නා පැරණිතම සමහරක් තද කටු සහිත බිත්තර දළ වශයෙන් වසර මිලියන 195 කට පෙර මුල් ජුරාසික් යුගයේ පොසිල වාර්තා වල දක්නට ලැබේ. ජුරාසික් සමයේදී කිඹුලන් වැනි උරගයින් ද බිත්තර දැමූ නමුත්, මෙකී බිත්තර දැම්මේ ඩයිනෝසෝරයන්ය.

අපි දැන් දන්නා පරිදි,  අවසානයේ දී කුකුළුඇතුළු අද අප දකින බොහෝ පක්ෂීන් විශේෂ හට ගැන්වීමට හේතු වූ ඩයිනෝසරයන් පෙළක් විය.

කුකුළන් අයත් වන්නේ Galliformes ලෙස හඳුන්වන පක්ෂී ගෝත්‍රයටය(Order). කළුකුම්, වළිකුළන් සහ බෝලවටුවන් වැනි අනෙකුත් බිම්වාසී  පක්ෂීන්ද මෙ ගෝත්‍රයට ඇතුළත් වේ.

නිශ්චිතවම, කුකුළන් යනු ගැලීෆෝම් ගණයක්(genus) වන ගැලස්(Gallus) ගණයට අයත්ය. මොවුන්, මිලියන 6 ත් 4 ත් අතර වසර ගණනාවකට පෙර අග්නිදිග ආසියාවේ දී, එහි නවීන විශේෂ බවට වෙනස් වීමට පටන් ගෙන ඇතැයි සැලකේ  . ගෘහස්ථ කුකුළන් දක්නට පටන් ගත්තේ ටික කලකට පසුව, එනම් පසුගිය වසර 10,000 ඇතුළතය.

මෙයින් අදහස් කරන්නේ කුකුළන් දමන බිත්තර වැනි තද කටු සහිත බිත්තර කුකුළන්ට වඩා වසර මිලියන 200 ක් පමණ පැරණි බවයි. ඔන්න ඉතින් අසන ලද ප්‍රශ්නය විසඳුම ලැබුණා  නේද?

හැබැයි ඉතින්, මේක බලන දෘෂ්ඨිකෝණයට අදාල කාරණයක්.

කිකිළිගේ පාර්ශවය වෙනුවෙන් පෙණීසිටිම

අපි ප්‍රශ්නය සියළු බිත්තර වර්ග වෙනුවට විශේෂයෙන් කුකුල් බිත්තරවලට පමණක් අදාල යොමු කිරීමක් ලෙස අර්ථකථනය කරන්නේ නම් පිළිතුර බෙහෙවින් වෙනස් ය.

බොහෝ සත්ව විශේෂ මෙන් නොව, නූතන කුකුළා පරිණාමය හරහා ස්වභාවිකව පරිණාමය නොවීය. ඒ වෙනුවට, කුකුළන්  ගෘහාශ්‍රිතකරණයේ ප්‍රතිඵලයකි: ගෘහාශ්‍රිතකරණය යනු මිනිසුන් විසින් වඩාත් හීලෑ සහ වඩාත් මනාප ගතිලක්ෂණ සහිත අය නිර්මාණය කිරීම සඳහා වරණීය ලෙස සතුන් බෝ කරනු ලබන ක්‍රියාවලියකි.

වඩාත්ම ප්‍රසිද්ධ උදාහරණය නම් මිනිසුන් විසින් වෘකයින් සුනඛයන් බවට පත් කරනු ලැබීමයි. වෘකයන්ට සහ බල්ලන්ට සම්පූර්ණයෙන්ම පාහේ එකම DNA ඇති නමුත් ඔවුන් පෙනුමෙන් හා හැසිරීමෙන් බෙහෙවින් වෙනස් ය. බල්ලන් හට ගත්තේ වෘකයන්ගෙන් වන අතර, එබැවින් විද්යාඥයෝ සුනඛයන් වෘකයාගේ උප විශේෂයක් ලෙස සලකති.

ඒ හා සමානව, කුකුළන් හටගත්තේ,  දකුණු සහ අග්නිදිග ආසියාව පුරා දක්නට ලැබෙන රතු වළිකුකුළන් නම් විශේෂයකිනි. පර්යේෂකයන් සිතන්නේ රතු වළිකුකුළන් මුලින්ම මිනිසුන් වෙත ආකර්ෂණය වන්නට ඇත්තේ මීට වසර දහස් ගණනකට පෙරය; එනම්,  මිනිස්සුන් වී සහ අනෙකුත් ධාන්ය වර්ග ගොවිතැන් කරන්න පටන් ගත්තාවිටය .

මෙම සමීපත්වය පසුව ගෘහාශ්රිතකරණයට ඉඩ සැලසීය. පරම්පරා ගණනාවක් පුරා මෙම හීලෑ කුරුල්ලන්ගෙන් පැවත එන්නන්, තමන්ගේම උප විශේෂයක් බවට පත් විය.

තාක්‍ෂණිකව කල්පනා කළොත්, පළමු කුකුළු පැටවා බිහිවන්නේ තෝරාගෙන අභිජනනය කරන ලද වළිකුකුළෙකුගේ බිත්තරයකිනි. මේ කුකුළා පරිණත වී ප්‍රජනනය ආරම්භ කළ විට තමයි මුල්ම සැබෑ කුකුල් බිත්තර දැම්මේ.

 තායිලන්තයේ Kaeng Krachan ජාතික වනෝද්‍යානයේ රතු වළිකුකුළෙක්. Francesco Veronesi/Flickr

ඉතින් වඩා හොඳ පිළිතුර කුමක්ද?

එය සම්පූර්ණයෙන්ම තීරණය කිරීමට ඔබට භාරයි. බොහෝ උභතෝකෝටික ප්‍රශ්නවලදී මෙන්, මෙම ප්‍රශ්නයේ සමස්ත අභ්ය වන්නේ ඔබව සිතීමට සැලැස්වීමයි – පරිපූර්ණ පිළිතුරක් ඉදිරිපත් කිරීමම  නොවෙයි.

මෙම අවස්ථාවේ දී, පරිණාමීය ජීව විද්‍යාව අපට දෙපාර්ශවයටම තර්කයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි – එය විද්‍යාවේ අපූරු ස්වභාවය එයයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending