මෙම අභ්යවකාශ පාෂාණය – සමහර විට නිසියාකාරව සෑදී අවසන් නොවූ ග්‍රහලෝකයක නිරාවරණය වූ හරය – සෞරග්රහ මණ්ඩලයේ මූලාරම්භය පිළිබඳ විස්තර හෙළි කළ හැකිය.

Psyche ග්‍රහකය බලා යන අභ්යවකාශ යානය ඔක්තෝබර් 13 වන දින ෆ්ලොරිඩාවේ NASA හි කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයෙන් සාර්ථකව දියත් කරන ලදී. Credit: Chandan Khanna/AFP via Getty
NASA Psyche මෙහෙයුම දැවැන්ත ලෝහ ග්රහකය වෙත ගමන් කරයි
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2 ක නාසා අභ්යවකාශ යානයක් ෆ්ලොරිඩාවේ සිට කිලෝමීටර් බිලියන 3.6 ක ගමනකින් ළඟා විය හැකි ලෝහවලින් සරුසාර ග්රහකයක් වෙතට ගමන් අරඹයි. මේ අභ්‍යවකාශ වස්තුව විද්යාඥයින් මින් පෙර අධ්යයනය කර ඇති කිසිවක් මෙන් නොවේ.
නාසා අභ්යවකාශ යානයෙහි ගමනාන්තය වන්නේ සෞරග්රහ මණ්ඩලයේ විශාලතම ලෝහමය වස්තුව වන Psyche නම් අභ්යවකාශ පාෂාණයයි. විද්යාඥයන් සිතන්නේ මෙම ග්රහකය කිසිදා නිර්මාණය වී අවසන් නොවූ ග්රහලෝකයක හරය විය හැකි බවයි. එය එසේ නම්, Psyche අධ්යයනය කිරීම වසර බිලියන ගණනකට පෙර සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක නිර්මාණය වූ ආකාරය පිළිබඳ කාල සංචාරකයෙකුට බලන්නට ලැබෙන බැල්මක් ලබා ගැනීමක් බඳු වනු ඇත.

(මහ බලගතුPsycheකොපමණ ප්රමාණයක ලෝහමය සංයුතියකින් යුක්ත දැයි පර්යේෂකයන්ට සම්පූර්ණයෙන්ම විශ්වාස නැත; නමුත් ඔවුන්ගේ මිනුම්වලට අනුව, “අවම වශයෙන් මතුපිටින් කොටසක් ඇත්ත වශයෙන්ම ලෝහ විය යුතුය”, Tempe හි ඇරිසෝනා ප්රාන්ත විශ්ව විද්යාලයේ ග්රහලෝක විද්යාඥයෙකු සහ මෙහෙයුමේ ප්රධාන පරීක්ෂක Lindy Elkins-Tantonපවසයි. . “ඒක තමයි අපේ අධ්‍යනයේ ප්රධානම දේ – අපිට ඒ ලෝහ මතුපිට දකින්න ඕන.”
කෙසේ වෙතත්, ග්රහකය වෙත යාමට තරමක කාලයක් ගතවනු ඇත. Psyche යන නමින්ම නම් කර ඇති මෙම අභ්යවකාශ යානය 2029 වන තෙක් Psyche ග්‍රහකය් වෙත ළඟවීමට නියමිත නැත.
මේ අතර, පර්යේෂකයෝ මෙන්ම අභ්යවකාශ ලෝලීහූ ‘heavy metal’ දියත් කිරීම සමරමින් සිටිති: එල්කින්ස්-ටැන්ටන්ගේElkins-Tantonගේ කණ්ඩායම, Psyche මතුපිටින් සොයා ගන්නා ඕනෑම භූ විද්යාත්මක ලක්ෂණ heavy metal සංගීත කණ්ඩායම් අනුව යමින් නම් කිරීමට අදහස් කරන බව විනෝදයට මෙන් පවසා ඇත. එපමනක් නොව ‘Pantera’ heavy metal කණ්ඩායමේ හිටපු ප්රධාන ගායකයා මෙහෙයුම සඳහා ගේය කාවය්යක් නිකුත් කළේය, Psyche is “an asteroid of mighty power — this is NASA’s finest hour” (මහ බලගතු ග්ර්හයකයක් – නාසාවේ ජයග්‍රාහී මොහොතක්) ඔහු ගැයීය..
අභ්යවකාශ ලෝහ
සෞරග්රහ මණ්ඩලයේ මිලියනයකට අධික ග්‍රහ අංශු ලෙස ද දැක්වෙනග්රහක (asteroids) අතුරින් බොහෝමයක් පාෂාණවලින් හෝ පාෂාණ හා අයිස් මිශ්රණයකින් සමන්විත වේ. ඒවායින් කිහිපයක් පමණක් (M-වර්ගයේ ග්‍රහක ලෙස හැඳින්වෙන දුර්වල ලෙස වටහා ගත් ග්‍රහක එකතුවක්) ප්‍රධාන වශයෙන් යකඩ සහ නිකල් වැනි ලෝහ වලින් සෑදී ඇති බව පෙනේ. පළලින් කිලෝමීටර් 220ක් පමණ වන Psyche යනු M වර්ගයේ ග්‍රහක අතරින් විශාලතම ග්‍රහකයයි.

විද්යාඥයින් ඇස්තමේන්තු කරන්නේ කිලෝමීටර් 220ක් පමණ පළල ග්රහකයක් වන Psyche 30% ත් 60% ත් අතර ලෝහ වලින් සමන්විත වන බවයි. Credit: NASA/JPL-Caltech/ASU එයින් සිතාගත හැක්කේ පුරාණ මූල ග්‍රහලෝකයක(protoplanet) නිරාවරණය වූ හරය වීමට ඇති ඉඩකඩ බෙහෙවින් ඉහළයි. පර්යේෂකයන් සිතන්නේ මීට වසර බිලියන 4.5 කට පෙර, සූර්යයා බිහිවූ විගසම, අපගේ තාරකාව(ඒ කියන්නේ සූර්යයා) වටා කැරකෙන අභ්‍යවකාශ ද්‍රව්‍ය, ග්රහලෝකවල තැනුම් ඒකක ලෙසට එකතු වූ බවයි. මෙම මූල ග්රහලෝක තුළ ඇති තාපය අර්ධ වශයෙන් ඒවා උණු කර, ඒවායේ සංරචක වෙන් කිරීමට සහ පාෂාණවලින් වට වූ ලෝහමය හරයන් සෑදීමට ඉඩ සලසයි. වෙනත් අභ්යවකාශ පාෂාණ සමඟ ගැටීමෙන් ඒවායේ පාෂාණමය බාහිර පෙනුම ඉවත් කර, හිස්, ලෝහවලින් පොහොසත් හරයන්අභ්යවකාශය පුරා විසිරී යන්නට ඇත. මේවායින් එකක් Psyche විය හැකිය.
පෘථිවියට, ඒ හා සමාන යකඩින් සරු හරයක් ඇත; එහෙත් එය(හරය core) කිලෝමීටර දහස් ගණනක් පාෂාණ යට තැන්පත් වී ඇත. එබැවින් Psyche ග්‍රහකය අධ්යයනයකිරීම, හරය ආදී වශයෙන් විද්යාඥයින්ට සෘජුව ප්‍රවේශ විය නොහැකි ග්‍රහලෝක අභ්‍යන්තරය අවබෝධ කර ගැනීමේ කවුළුවක් විය හැකිය.
අර්තාපල් හැඩැති Psyche අඟහරු සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර පිහිටා ඇති ප්රධාන ග්‍රහක තීරයේ ස්ථාන ගතවෙමින් සූර්යයා වටා ගමන් කරයි. එය වෙත යැවූ අභ්යවකාශ යානය 2026 දී අඟහරු ග්‍රහයා පසුකර පියාසර කර, ග්රහලෝකයේ ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගනිමින් Psyche සමඟ ‘හමුව’ වේගවත් කර 2029 දී එහි ළඟාවෙනු ඇත. ඉන්පසු එය වසර දෙකකට වැඩි කාලයක් ග්රහකය වටා කක්ෂගත වෙමින්, Psycheහී චුම්බක ක්ෂේත්රය, ගුරුත්වාකර්ෂණය සහ ඛනිජ විද්යාත්මක සැකැස්ම පිළිබඳ දත්ත රැස් කරමින්, ක්රමානුකූලව (ග්‍රහයකයේ) මතුපිටට සමීප වේ.
ලෝහ වෙනුවෙන් දක්වන ආදරය
ග්රහලෝක විද්යාඥයන් සිතුවේ Psyche ග්‍රහකය 90%ක් තරම් ලෝහයකින් සමන්විත විය හැකි බවයි. කෙසේවෙතත්, භූමිය හා අභ්යවකාශය පාදක කර ගත් දුරේක්ෂ උපයෝගී කරගෙන කරන ලද නිරීක්ෂණ ක්රමයෙන් පෙන්නුම් කළේ එහි සැලකිය යුතු පාෂාණ හෝ වෙනත් ද්රව්ය ද අඩංගු විය යුතු බවයි. නවතම ඇස්තමේන්තු වලින් ඇඟවෙන්නේ 30% සහ 60% අතර ලෝහ වලින් Psycheසමන්විත වෙන අතර එහි ඝනත්වය ශුද්ධ-යකඩ උල්කාෂ්මයක්(pure-iron meteorite) සහ ශුද්ධ පාෂාණ උල්කාෂ්මයක්(pure-rock meteorite) අතර යම් තැනක පිහිටිය යුතු බවයි.

ඉංජිනේරුවෝ සහ කාර්මික ශිල්පීහු ෆ්ලොරිඩාවේ නාසා හි කෙනඩි අභ්වකාශ මධ්යස්ථානය අසල පිහිටි පිරිසිදු කාමරයක දියත් කිරීම සඳහා Psyche අභ්යවකාශ යානය සූදානම් කරති. Credit: NASA/Ben Smegelsky
Elkins-Tanton පවසන්නේ “ලෝහය සමඟ එහි ඇත්තේ මොනව දැයි අපි හරියටම නොදනිමු. Psyche වනාහී මූල ග්‍රහලෝකයක ලෝහමය හරය නොවන බව පෙනී ගියහොත්, තවත් හැකියාවක් විය හැක්කේ, එය සෞරග්රහ මණ්ඩලයේ පිහිටුවීමේ ප්රාථමික ද්රව්යවලින් සෑදී ඇති අතර එය කිසි විටෙකත් දිය වී ස්ථර වශයෙන් වෙන් නොවී තිබීමයි.
ඔක්තෝබර් 2 වන දින ටෙක්සාස් සැන් ඇන්ටෝනියෝ හි පැවති ග්රහලෝක විද්යා සමුළුවකදී වාර්තා කරන ලද පරිදි ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය යොදා ගැනීමෙන් මෑතක සිදු කළ නිරීක්ෂණ, Psycheලෝහමය කණිකාවන් සමඟ මිශ්ර වූ ඛනිජ අතර බැඳිය තිබිය හැකි ජලය පවා අඩංගු වීමට ඉඩ ඇති බව ඉඟි කරයි,
“Psyche කුමක් විය හැකිද යන්න ගැන සියලු හැකියාවන්, ඉඩකඩ පැහැදිලිව දැක ගත හැකියි. ඉතින් මෙහෙයුම ඉතා කුතුහලය දනවන කරුණක් වන්නේ ඒ නිසයි,” ග්රහකය පිළිබඳව අධ්යයනය කළ Pasadena හි කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ ග්රහලෝක විද්යාඥ Katherine de Kleer පවසයි. තවදුරටත් අධයනය කරන විට “අපි පුදුමයට පත් වීමට ඉතා හොඳ අවස්ථාවක් තිබේ,” ඇය කියයි.
COVID-19 වසංගතය නිසාවෙන් ඇති වූ ප්‍රමාදයන් සහ අභ්‍යවකාශ යානය තැනීමේ ප්රධාන කාර්යභාරයක් ඉටු කරන කැලිෆෝනියාවේ, Pasadena හි පිහිටි NASA හි ජෙට් ප්රචාලන පර්යේෂණාගාරයේ(NASA’s Jet Propulsion Laboratory in Pasadena) කාර්ය මණ්ඩල හිඟයක් ඇතුළුව, මෙහෙයුම වැඩි දියුණු කරමින් පවතින විට ඊට බාධාවන් කිහිපයකට මුහුණදෙන්නට සිදුවිය. එම ගැටළු, Psyche වෙත ළඟාවීමේ මෙහෙයුමේ අපේක්ෂිත දිනය 2026 සිට 2029 දක්වා දීර්ඝ කළේය. අනතුරුව, ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයෙන් දියත් කිරීම දක්වා වූ අවසාන දින කිහිපය තුල ද, එය අභ්යවකාශය හරහා පියාසර කරන විට මෙන්ම Psyche ග්‍රහකය වටා පරිභ්රමණය විට,අභ්යවකාශ යානයේ දිශානතිය පාලනය කිරීමට භාවිතා කරන නයිට්රජන් තෙරපුම් වල(nitrogen thrusters) ගැටළු ඉංජිනේරුවන් විසින් සොයා ගන්නා ලදී. ප්රශ්නය විසඳීම සඳහා, තෙරපුම්වලට හානි නොවන පරිදි, දිගු කාලයක් සඳහා සහ මුලින් සැලසුම් කර තිබූ ප්රමාණයට වඩා අඩු බල මට්ටමකින්, තෙරපුම්වලට බල ගැන්වීමට මෙහෙයුමට සිදුවේ.
nature (13th October, 2023) සඟරාවෙහි පළවන NASA’s Psyche mission is on its way to this huge metal asteroid නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න