අප නිවසේ මකුළුවන් මරා දැමිය යුතුද? එසේ නොකළ යුත්තේ මන්දැයි කීට විද්‍යාඥයෙක් පැහැදිලි කරයි
උතුරු කැරොලිනා ප්රාන්ත විශ්ව විද්යාලයේ කීට විද්යාව පිළිබඳ ව්‍යාප්ති සහකාර Matt Bertone විසින්
මම කියන්න යන දේ ඔබට ඒත්තු ගැන්වීම දුෂ්කර විය හැකි බව මම දනිමි, එහෙත් මට උත්සාහ කිරීමට ඉඩ දෙන්න: ඔබ ඔබේ නිවසේ දකින ඊළඟ මකුළුවා මරා නොදමන්න.
ඇයි? මකුළුවන් ස්වභාවධර්මයේ සහ අපගේ ගෘහස්ථ පරිසර පද්ධතියේ වැදගත් කොටසක් වන නිසායි; එපමණක් නොවෙයි, ඔවුන්ගේම අයිතිය අනුව, අප මෙන්ම ජීවීන්ය.
මිනිසුන් වශයෙන් අප අපේ වාසස්ථාන බාහිර ලෝකයෙන් ආරක්ෂිතව පරිවරණය කර ඇති බව සිතීමට කැමතියි, එනමුත් විවිධ වර්ගවල මකුළුවන් අපෙ නිවෙස් ඇතුළතින් සොයාගත හැකිය. සමහරු අහම්බෙන් කොටු වී සිටින අතර අනෙක් අය කෙටි කාලීන අමුත්තතෝ වෙති
. සමහර විශේෂයන් අපගේ නිවෙස් තුළ ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කරන අතර ඒව තව තවත් මකුළුවන් බෝ කරන විශාල ගෘහස්ථයන් බවට පත්වෙයි. මෙම ඇරක්නිඩාවෙන් සාමාන්යයෙන් රහස්‍ය ස්වරූපයක් ගන්නා අතර, ඔබ හමුවන ඇරක්නිඩාවෙන් සියල්ලම පාහේ ආක්රමණශීලී හෝ භයානක නොවේ. ඔවුන් පළිබෝධකයින් අනුභව කිරීම වැනි සේවාවන් සපයනු ඇත – සමහරක් මකුළුවෝ, වෙනත් මකුළුවන් පවා අනුභව කරති.
මගේ සගයන් සහ මම, අපගේ නිවෙස්වල් ජීවත් වන සන්ධිපාදිකයන්(arthropods) ලැයිස්තුගතකිරීම පිණිස උතුරු කැරොලිනා නිවාස 50 ක දෘශ්‍ය සමීක්ෂණයක් පැවැත්වීමු. අප ගිය සෑම නිවසක්ම, මකුළුවන්ට නිවහන විය. අපට හමු වූ වඩාත් සුලභ විශේෂ වූයේ දැල් වියන(cobweb) මකුළුවන් සහ බිම් කුටි (cellar) මකුළුවන්ය.
දැල් වියන මකුළුවෙක් තම දැලෙහි සිර වූ ගොදුරක් මරු තුරුල්ලට යවයි. Matt Bertone, CC BY-ND

සමහර විට daddy longlegs ලෙස ද හැඳින්වෙන් බිම් කුටි මකුළුවෙක් Matt Bertone, CC BY-ND

දෙදෙනාම දැලට හසු වන ගොදුරක් එන තෙක් බලා සිටින තැන්වල දැල් සාදයි. බිම් කුටි මකුළුවන් සමහර විට රාත්රී ආහාරය සඳහා තම ඥාති සොහොයුරන් අල්ලා ගැනීමේ අර්මුණින් ගොදුරු අනුකරණය කරමින් තම අඩවියේ වෙනත් මකුළුවන් දඩයම් කිරීම සඳහා තම දැල්වලින් ඉවත්ව පිටව යයි.
ඔවුන්ට අල්ලා ගත හැකි ඕනෑම දෙයක් අනුභව කිරීමට සුදුසු, ඔවුන් සාමාන්‍ය විලෝපිකයන් වුවද, මකුළුවන් නිතිපතා කරදරකාරී පළිබෝධකයන් සහ රෝග වාහක කෘමීන් පවා අල්ලා ගනිති — උදාහරණයක් ලෙස, මදුරුවන් දැක්විය හැක. ලේ පිරුණු මදුරුවන් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන පනින මකුළු විශේෂයක් පවා අප්රිකානු නිවාසවල සිටියි. එබැවින් මකුළුවෙකු මරා දැමීමෙන් සිදුවන්නේ හුදෙක් සන්ධිපාදිකයෙකුගේ ජීවිතය අහිමි වෙනවා පමණක් නොව, එය ඔබේ නිවසින් මිනිසුන්ට ප්‍රයෝජනවත් විලෝපිකයෙකු ඔබේ නිවසින් පිටමං කර දමයි.
මකුළුවන්ට බිය වීම ස්වාභාවිකය. ඔවුන්ට පාද බොහොමයක් ඇති අතර ඔවුන්ගේ දළවලට අපගේ සම සිදුරු කළ හැකි නම් පවා බොහෝ මකුළු විශේෂවලට තිබෙන්නේ මිනිසුන් තුළ ගැටළු ඇති කිරීමට තරම් හැකියාව මද දුර්වල විෂ වෞඅ ද ඔවුන් සියල්ලම පාහේ විෂ සහිත වේ. කීට විද්යාඥයින්ම වුව, සන්ධිපාදකභීතිකාවට ගොදුරු විය හැක. මෙම ආකර්ශනීය ජීවීන් නිරීක්ෂණය කිරීමෙන් සහ ඔවුන් සමඟ වැඩ කිරීමෙන් ඔවුන්ගේ බිය ජයගත් මකුළු පර්යේෂකයන් කිහිප දෙනෙකු ගැනමම දනිමි. ඒ පර්යේෂකයන්ට එය කළ හැකි නම්, ඔබටත් එය කළ හැකිය!
මකුළුවන්ට බියෙන් වැඩුණ නමුත් අවසානයේ පසු කලෙක ඔවුන් කෙරෙහි ආකර්ෂණය වීම පිළිබඳ එක්තරා සන්ධිපාධක විද්යාඥයෙකුගේ කතාවක් තිබේ.
මකුළුවන්ට බියෙන් වැඩුණ නමුත් අවසානයේ පසු කලෙක ඔවුන් කෙරෙහි ආකර්ෂණය වීම පිළිබඳ එක්තරා සන්ධිපාධක විද්යාඥයෙකුගේ කතාවක් තිබේ.
මකුළුවන් නිවෙස තුළට වී නිරතුරු බලාසිටින්නේ ඔබව බිලි ගැනීමට නොවන අතර ඇත්ත වශයෙන්ම මිනිසුන් අභිමුඛවීමෙන් වැළකී සිටීමට මකුළුවෝ කැමැත්තක් දක්වති; ඇත්තවශයෙන්ම ඔවුන් අපට අන්ත්‍රාදයකවනවා වෙනුවට් අප ඔවුනට අනතුරුදායකය. මකුළුවන්ගෙන් දෂ්ඨකිරීම් අතිශය දුර්ලභ වේ. වෛද්යමය අංශයෙන් ගතඔත් වැදගත්වන, widow spiders සහ recluses වැනි විශේෂ කිහිපයක් ඇතත් දෂ්ඨකිරීම පවා දුර්ලභ වන අතර බරපතල ගැටළු ඇති කරන්නේ කලාතුරකිනි.
නිවසේ, මහල් නිවාසයේ, ගරාජයේ හෝ වෙන කොතැනක හෝ වසන මකුළුවා ඔබට දැනෙන්නේ නයාට අඳුකොළ ලෙස නම්, ඒ මකුළුවා මරාදමා විනාශ කිරීමට උත්සාහ කරනවා වෙනුවට, ඌ අල්ලා, පිටත ඌට ජීවත් වීමට සුශුසු තනක දී මුදාහරින්න. එය යාමටඒ මකුළුව ජීවත් වීමට වෙනත් තැනක් සොයාගනු ඇති අතර, (ඔබත්, මකුළුවාත් යන) දෙපාර්ශ්වයම ප්රතිඵලය ගැන සතුටු වනු ඇත.
කෙසේවෙතත්, ඔබට අමුතුවෙන් මකුළු භීතිකාවක් හෝ මකුළු පිළිකුලක් නැති නම්, ඔබේ නිවසේ මකුළුවන්ට සිටින්නට ඉඩ හැරීම සුදුසුය. ඇත්ත වශයෙන්ම, එය සාමාන්‍ය පැවතුමයි. අවංකවම කියනවා නම්, ඔබ ඔවුන්ව දකීනට නොලැබුණත්, ඔවුන් නිවසේ, මහල් නිවාසයේ, ගරාජයේ හෝ වෙන කොතැනක හෝ තවමත් සිටිනු ඇත. එබැවින් ඔබට හමුවන මීළඟ මකුළුවා වෙත ‘තමන් ද ජීවත්වෙමින්, අනුන්ටත් ජීවත්වීමට’ (live-and-let-live) ඉඩ සලසන ප්රවේශයක් අනුගමනය කිරීම ප්‍රඥාගෝචරය.
The Conversation හී පළ වූ Should I kill spiders in my home? An entomologist explains why not to යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න