යුද්ධයක දී බහුතරයේ අවධානය යොමුවන්නේ ජීවිත විනාශවීම් සහ දෙපළ හානි කෙරෙහිය. එහෙත්, ගැ‍ටුම් නිසාවෙන් විද්‍යා ප්‍රජාවට හා විද්‍යා පර්යේෂන කටයුතු කෙරෙහි ඇතිවන පාඩුව දිගු කාලීනය; පියවා ගැනීම ද අසීරුය.

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස,  කලාපයේ සහ ලොව පුරා විද්යාත්මක ප්‍රජාව කම්පනයට පත්ව සිටියි.

ඊශ්‍රායලය වෙත, හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කරන ලද හදිසි ප්‍රහාරයෙන් මිය ගිය විද්යාඥයන් සහ තවත් අය වෙනුවෙන් විශ්වවිද්යාල ප්‍රජාව ශෝක වෙමින් සිටිති. ත්රස්තවාදී සංවිධානයක් ලෙස පොදුවේ සැලකෙන හමාස් සංවිධානය ගාසා තීරය පාලනය කරයි. විදේශීය උපාධි අපෙක්ෂකයන්  ආපසු සිය නිවෙස් බලා යාමත්  තරුණ විද්වතුන් හමුදා සේවය සඳහා වාර්තා කිරීමත් නිසා අධ්‍යයන කටයුතු සඳහා යොදාගන්නා රසායනාගාර පාළු ස්වභාවයක් උස්ලන්න්ට පටන්ගෙන තිබේ. සමහර විද්‍යාත්මක කටයුතු දිගටම කරගෙන යන්නේ වුව ද ජෙරුසලමේ හෙබ්රෙව් විශ්ව විද්යාලයේ (Hebrew University of Jerusalem – HUJI) සභාපති Asher Cohen පවසන්නේ “අපට සම්පූර්ණ පර්යේෂණ පහසුකම් පවත්වා ගත නොහැකිය.” යනුවෙනි.

ගාසා තීරයේ, පර්යේෂකයන් පවසන්නේ පලස්තීන වාසභූමියේ ඇති ස්වල්පයක් වන එමෙන්ම අඩපණ වූ විද්යාත්මක ආයතනවලට ඊශ්රායල ගුවන් ප්රහාරවලින් හානි සිදුවී ඇති අතර විද්යාඥයන් ආරක්ෂිත ස්ථාන සොයා ගැනීමට දැඩි වෙහෙසක් දරමින්  සිටින බව ද පර්යේෂකයෝ පවසති. බටහිර ඉවුර පදනම් කරගත් පලස්තීන විද්යා හා තාක්ෂණ ඇකඩමියේ(Palestine Academy for Science and Technology) සභාපති Marwan Awartani පවසන්නේ “ඇත්තටම දැන් ප්රමුඛතාවය විද්යාව නොවේ – ප්රමුඛතාවය ජීවිතය ‍රැක ගෙන සිටීමයි” යනුවෙනි.

වෙනත් තැන් සලකද්දී නිරීක්ෂණය වන්නේ,  පර්යේෂණ සඳහා අරමුදල් සපයන්නන්ට සැලසුම් නැවත සකස් කිරීමට යුද්ධය බල කරන බවයි. උදාහරණයක් ලෙස,  යුරෝපීය කොමිසම 18දා නිවේදනය කළේ, ප්‍රධාන පර්යේෂණ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් ඉදිරියට කෙරෙන ඉල්ලීම් සම්පූර්ණ කිරීම සඳහා සියලුම අයදුම්කරුවන්ට අමතර සතියක් හෝ ඊට වැඩි කාලයක් ලබා දෙනු ඇති බවයි . “මෑත එදිරිවාදුකම්වලින් පීඩාවට පත් වූවන්ට අපි අපගේ සහයෝගය ලබා දෙන්නෙමු” යි නවෝත්පාදන, පර්යේෂණ, සංස්කෘතිය, අධ්යාපනය සහ තරුණ කටයුතු පිළිබඳ යුරෝපීය කොමසාරිස් (European commissioner for innovation, research, culture, education and youth) Iliana Ivanova නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

හමාස් කන්ඩායමේ ක්රියාකාරීන් විසින් ඊශ්රායල ජාතිකයන් සහ විදේශීය ජාතිකයන් 1300කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් (ඝාතනය වූවන් ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන්ය) ඉක්බිතිව තවත් 200 දෙනෙකු පැහැරගෙන ගිය පසු, ඊශ්රායලය පසුගිය ඔක්තෝබර් 8 වන දින හමාස් සංවිධානයට එරෙහිව යුද්ධ ප්රකාශ කළේය. පලස්තීන බලධාරීන්ට අනුව (ඔක්‍තෝබර් 19 වනවිට) ගාසා තීරයේ මියගිය සංඛ්යාව 3500 ඉක්මවයි.

ඊශ්රායල හමුදාව විසින් 300,000කට වඩා අතිරේක් හමුදා භටයින් කැඳවීමෙන් පසුව, ඊශ්රායලයේ විද්යාල සහ විශ්ව විද්යාල සරත් සෘතුවේ අධ්යයන වාරයේ ආරම්භය අවම වශයෙන් නොවැම්බර් මුල දක්වා වත් කල් දැමීය. ඇතැමෙක් තම නේවාසිකාගාරඅතිරේක් හමුදා සඳහා වාසස්ථාන බවට හෝ යුද්ධයෙන් අවතැන් වූ ඊශ්රායල වැසියන්ගේ තාවකාලිකනවාතැන් බවට පත් කර ඇත.

Negev හි Ben-Gurion විශ්ව විද්යාලයේ  ජාත්යන්තර පශ්චාත් ආචාර්ය උපාධි සිසුන් 242 න් බොහෝ දෙනෙකු රටින් බැහැරව ගොසිනි. ඇතැම්විට ඔවුන් එසේ යන්නට ඇත්තේ  බොහෝ විට ඔවුන්ගේ මව් රටවල බලකිරීම මත බව ජනාධිපති Daniel Chamovitz පවසයි.  Ben-Gurion විශ්ව විද්යාලය පිහිටා ඇත්තේ ගාසා දේශසීමාවේ සිට කිලෝමීටර 41ක් එපිටින් වන අතර එය, හමාස් සහ එහි සහචරයින් විසින් එල්ල කරන ලද රොකට් වලට ළඟා විය හැකි දුරකි.. හමාස් ප්රහාරයෙන් අවම වශයෙන් බෙන්-ගුරියන් සිසුන්, කාර්ය මණ්ඩලය සහ පීඨයේ 50ක් මිය ගිය බව විශ්ව විද්යාල බලධාරීහු පවසති. තවත් පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටිති.

මිය ගිය විශාල සංඛ්යාව සැලකිල්ලට ගෙන, Chamovitz විශ්ව විද්යාලය ශෝක ප්‍රකාශ චර්යා ක්‍රමයක් සකස් කිරීමට පෙළඹී ඇත. මේ ක්‍රම වේදය, අවම වශයෙන් පරිපාලනයේ එක් සාමාජිකයෙකු සෑම අවමංගල්‍යයකටම සහ  සෑම ශිවාවකටම(දින 7 ක යුදෙව් ශෝක කාලය) සහභාගී වන බව සහතික කරයි –

Ben-Gurion හි පර්යේෂණවල යෙදෙන විද්යාගාර කිහිපයක් තවමත් ක්රියාත්මක වන නමුත් ඒ, උපරිම ධාරිතාවට වඩා අඩුවෙන් යයි Chamovitz විශ්ව විද්යාලය පෙන්වාදෙයි. දත්ත විද්යාවේ නිරත හෝ සඟරා ලිපි ලියන පශ්චාත් ආචාර්ය උපාධි විද්‍යාර්ථීන් දිගටම වැඩ කරන අතර, තත්වය ස්ථාවර වනු ඇතැයි අපේක්ෂාවෙන් ඉදිරි මාසය සඳහා ශිෂ්යත්ව ආධාර මුදල් ගෙවීමට ද විශ්ව විද්යාලය තීරණය කර ඇත.

HUJI හි ජෛව වෛද්ය පර්යේෂක Yuval Dor පවසන්නේ දියවැඩියාව සහ රෝග හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමු කරන ඔහුගේ රසායනාගාරයේ සාමාජිකයින් 20 දෙනාගෙන් පස් දෙනෙකු හමුදා සේවය සඳහා පිටත්ව ගොස් ඇති බවයි. “හැමෝම වික්ෂිප්තවෙලා. … තුවාල වූ හෝ මරා දැමූ හෝ පැහැරගෙන ගිය අය ගැන හැමෝම දන්නවා, ” Dor පවසයි, “අත්හදා බැලීම් බොහෝ දුරට නතර වෙලා.” විද්යාගාරය  නව සමාගමක් ආරම්භ කරමින් තමයි හිටියේ ඒත් අනාගත ආයෝජකයින් දැන් පසුබට වනු ඇතැ” යි Dor බිය පළ කරයි.

Dor පවසන්නේ විදේශයන්හි සිටින විද්‍යාඥ සගයන්ගෙන් තමාට ලැබුණු “කෙලවරක් නැති” පණිවිඩ, ඔහුගේ දිරිය වැඩි කිරීමට හේතු වූ බවයි. කෙසේ වෙතත්, “රෝග විනිශ්චය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට වින්දිතයින්ගේ DNA හඳුනාගැනීමේ ක්‍රම ගැන කල්පනා කිරීම කෙරෙහි යොමුවන්නට සිදුවීම හද කම්පා කරවන සුළුය.” යනුවෙන් හෙතෙම කියා සිටියි.

Technion – Israel Institute of Technology හි සමහර ජාත්යන්තර සිසුන් ඉවත්ව යන ලෙසට කෙරෙන අනතුරු ඇඟවීම් නොතකා එහි රැඳී සිටින බව තරයේ ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති Uri Sivan පවසයි. ඔවුන්ගේ සහයෝගය “අනුප්‍රාණය දනවන්නක්” බව හෙතෙම කියා සිටියි.

ගාසා තීරයේ තත්වය දරුණු බව බටහිර ඉවුරේ පාලනය හොබවන පලස්තීන අධිකාරියේ හිටපු අධ්යාපන ඇමතිවරයෙකු වන Awartani  පවසයි. වත්මන් යුද්ධයට පෙර සිටම, ඊශ්රායලය විසින් ගාසා තීරය තුළ සිදු කරන ලද අවහිර කිරීම නිසා පලස්තීන පර්යේෂකයන්ට අරමුදල් ලබා ගැනීම හෝ විදේශ රටවල සම්මන්ත්රණවලට සහභාගි වීම සහ විදේශීය පර්යේෂකයන්ට ගාසා තීරයේ විශ්වවිද්යාලවල වැඩ කිරීම අතිශයින් දුෂ්කර විය. ඊශ්රායලය, බොහෝ විට ආරක්ෂාව පිළිබඳ කරුණු ගෙන හැර පාමින්, විද්යාත්මක උපකරණ ආනයනය කිරීම ද අවහිර කළේය.

දැන්, ගාසා තීරයේ කහොහ්මට ඇති සීමිත විද්යාත්මක යටිතල පහසුකම් බොහොමයක් නටබුන් වී ඇති බව Awartani  පෙන්වා දෙයි. ප්රධාන ආයතන දෙකක් – ගාසා හි ඉස්ලාමීය විශ්ව විද්යාලය සහ අල්-අසාර් විශ්ව විද්යාලය(Islamic University of Gaza and Al-Azhar University) – ඊශ්රායල ගුවන් ප්රහාරවලින් විශාල හානියකට ලක්ව ඇත. “බොහෝ සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව පැහැදිලිය,” Aවර්ටනි පවසයි.

“ගාසාවේ උසස් අධ්යාපන ක්රමය කෙරෙහි මෙම යුද්ධයේ දිගුකාලීන අප්‍රසන්න ප්‍රතිවිපාක ගණනය කළ නොහැකි ය” යනුවෙන් පලස්තීන විද්යා හා තාක්ෂණ ඇකඩමිය(Palestine Academy for Science and Technology) නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි,  “සමෘද්ධිමත් ශාස්ත්රීය ප්රජාවක් සඳහා අවශ්ය මනෝවිද්යාත්මක, බුද්ධිමය සහ සංස්කෘතික ව්යුහය කඩා බිඳ දමා ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට පරම්පරා ගණනක් නොවේ නම් වසර ගණනාවක් ගතවනු ඇත.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending