ඉන්ස්ටග්‍රෑම් විසින් සිරුරේ ප්‍රේරක  ඡායාරූප වෙනුවෙන් කෙරෙන අවධාරණය ගැහැණු ළමයින්ගේ ආත්ම ප්‍රතිබිම්බයට හානි පමුණුවයි.  Thomas Barwick/DigitalVision via Getty Images

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යොදාගනිමින් යෞවනයන්, දැනුවත්ව පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් අමරිකාවේ ජනපද, Meta සමාගමට එරෙහිව නඩු පවරයි: පර්යේෂකයන් ලේඛනගත කර ඇති හානි මෙන්න

කර්තෘ කෙන්ටකි විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය  Christia Spears Brown

ගැටවර වියේ අයට සහ තරුණ පරිශීලකයින්ට හානි කරන විශේෂාංග සහිතව Facebook සහ Instagram සමාගම හිතාමතාම නිර්මාණය කර ඇති බවට චෝදනා කරමින් ජනපද හතළිස් එකක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය Metaට  විරුද්ධව 2023 ඔක්‍තෝබර 24 වෙනිදා නඩු පැවරීය

TikTokවලට පසු නව යොවුන් වියේ පසුවන්නන් විසින් වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වේදිකාව වන Instagram – ගැට්වර වියේ ගැහැණු ළමයින්ගේ ආත්ම ප්‍රතිබිම්බයට සහ යහපැවැත්මට හානිකර වෙන බව පෙන්වන අභ්‍යන්තර පර්යේෂණ දත්ත 2020 මාර්තු මාසයේ සිටම Meta නිළධාරීන් සතුව තිබුණි. එහෙත්, එහෙත් මේ සමාගම එම සොයාගැනීම් යට ගසමින් සුපුරුදු පරිදි සිය ව්‍යාපාරය කරගෙන යන බව දැක්වෙන Wall Street Journal වාර්තාවක්

2021 සැප්තැම්බර් 14 දින එළිදැක්විණ.  Wall Street Journal වාර්තාව,ෆේස්බුක් සමාගමේ දූෂණ සහ අකටයුතු දන්වන්නෙකු වන (Whistleblower) Frances Haugen විසින් සපයන ලද ලියකියවිලි මත වාර්තාව පදනම් විය

ලේඛනගත හානිය නොතකා ලාභය හඹා යාමේ Meta සමාගමේ පිළිවෙත හේතුවෙන් එය, Big Tobacco හා සැසඳීමට පෙළඹීමක් ඇත. තම නිෂ්පාදන පිළිකා කාරක බව 1950 ගණන්වල පටන් Big Tobacco දැන සිටියේය. එනමුත් Big Tobacco 21 වැනි සියවස දක්වාවම ප්‍රසිද්ධියේ එම කාරණාව ප්‍රතික්ෂේප කළේය.

යෞවනයන් විසින් සමාජ මාධ්‍ය භාවිතකරනු ලැබීම අධ්‍යයනය කරන අපට Instagram නව යොවුන් වියට හානි කළ හැකි බව දැන ගැනීමට සඟවා යටපත් කර තබන ලද අභ්‍යන්තර පර්යේෂණ අධ්‍යයනයක් අවශ්‍ය නොවේ. එම කාරණාවම තහවුරු කෙරෙන  සමපදස්ථයන් විසින් සමාලෝචනය කරන ලද පර්යේෂණ පත්‍රිකා ඕනෑ තරම් ඇත.

—————————————————

Big Tobacco යනු දුම්කොළ කර්මාන්තයේ විශාලතම සමාගම් හැඳින්වීමට භාවිතා කරන නමකි. World Medical Journal  අනුව, විශාලතම දුම්කොළ සමාගම් පහ වන්නේ: පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල්, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ, ඉම්පීරියල් සන්නාම, ජපන් දුම්කොළ ජාත්‍යන්තර සහ චීන ජාතික දුම්කොළ සමාගම. මෙම සමාගම්වලට ආර්ථිකමය වශයෙන් සැලකිය යුතු බලයක් ඇත, ආදායම සමහර කුඩා රටවල ජාතික ආදායමට ගැලපේ. මෙම සමාගම් ,  සීමා ලිහිල් කිරීම් සහ අඩු බදු  වෙනුව්න් පෙනී සිටිමින් ආණ්ඩුවලට බලපෑම් කරන බව ප්‍රසිද්ධය. (පරිවර්තනයකි)

                   — From Wikipedia, the free encyclopedia

—————————————————

නව යොවුන් වියේ පසුවන සෑම අයෙකුම පාහේ දිනපතා මාර්ග ගතව සබැඳි වන බැවින් නව යොවුන් වියට, සමාජ මාධ්‍යවල බලපෑම අවබෝධ කර ගැනීම වැදගත් වේ. Pew Research Center මගින් සිදු කරන ලද මත විමසුමකින්  පෙන්නුම් කරන්නේ භද්‍ර යෞවනයන්ගෙන් 77%ක්ම තමන් දිනපතා සමාජ මාධ්‍ය භාවිත කරන බව වාර්තා කර ඇත් බවයි.

TikTok හැර වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට වඩා යෞවනයන් Instagram වෙත පුරන්නට(log on) වැඩි ඉඩක් ඇත. Instagram, නව යොවුන් වියේ දිවියේ සෑම අංශයක්ම වසාගෙන ඇති බව දක්නට ලැබෙන කොටසකි. එහෙත් අධ්‍යයනයන් නිරන්තරයෙන් පෙන්නුම් කරන්නේ යෞවනයන් වැඩි වැඩියෙන් Instagram භාවිතා කරත්ම, ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම, ආත්ම අභිමානය, ජීවිත තෘප්තිය, මනෝභාවය සහ ස්වයං-ප්‍රතිබිම්භය නරක අතට හැරේ. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්, ඕනෑම දිනක Instagram භාවිතා කරන ප්‍රමාණය වැඩි වන විට, ඔවුන්ගේ මනෝභාවය සහ ජීවිතයේ තෘප්තිය අයහපත් අතට හැරුණි.

Instagram නව යොවුන් වියට හානිකර නොවන බවට පත් කිරීමට Meta පියවර ගෙන ඇති නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි වෙනස්කම් ප්රමාණවත් නොවන බවයි.

අහිතකර සැසඳීම්

කෙසේවෙතත්, ඉන්ස්ටග්‍රෑම් ගැටලුසහගත වන්නේ, එය ජනප්‍රිය නිසාම නොවේ.  එය පර්ශීලකයන්ට විශේෂයෙන් අවදානම් සහගත බව පෙන්නුම් කරන ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රධාන අංග දෙකක් තිබේ. පළමුව, එය, පරිශීලකයින්ට කීර්තිමත් පුද්ගලයින් සහ සමපදස්ථිකයන් යන දෙපිරිසම අනුසරණය කිරීමට ඉඩ සලසයි, ඒ දෙපිරිසටම, යථාර්ථවාදී නොවන සිරුරක් පිළිබඳව හසුරුවන ලද, පෙරහන් කළ චිත්‍රයක් මැවිය හැකි අතර  පරිපූර්ණ ජීවිතයක් පිළිබඳ අතිශයින් සුවදායී වූ හැඟීමක් ඉදිරිපත් කළ හැකිය.

සියලුම සමාජ මාධ්‍ය, සිය පරිශීලකයින්ට ඔවුන් ලෝකයට පෙන්වන දේ තෝරා බේරාගැනීමට ඉඩ සැලසෙන නමුත්,Instagram එහි ඡායාරූප සංස්කරණය සහ ප්‍රේරක හැකියාවන් පිළිබඳව කුප්‍රකට ය. තවද, Instagram වේදිකාව කීර්තිමත් පුද්ගලයන්, නිරූපිකාවන් සහ බලපෑම් කරන්නන් අතර ජනප්‍රියයි. Facebook පරණතාලේ දෙමාපිය සහ සහ ආච්චිලා සීයලා වෙත සීමා වෙන අන්දමකට ඇද දමා ඇත. අනෙක් තට, නව යෞවනයන් ගේ පැත්තෙන් ගතහොත්, Instagram වේඉදිකාව තුළ කීර්තිමත් පුද්ගලයින්ගේ සහ සැබෑ ජීවිතයේ සමස්ථපාද මිතුරන්ගේ නැවත සකස් කළ ප්‍රතිරූප බාධාවකින් තොරව ඒකාබද්ධ වීම ඉහළ සමාජ සංසන්දනයට නැතහොත් යම් ආකාරයකින් තමන්ට “වඩා හොඳ” කෙනෙකු සමඟ  සංසන්දනය කරගන්නට යෝග්‍ය වාතාවරනයක් සපයයි.

පුද්ගලයෝ, සාමාන්‍ය රීතියක් ලෙස, තම ජීවිතයට ගැලපෙන ලෙස කටයුතුකිරීම සහ තම් තමන්ගේ ජීවිත විනිශ්චය කරගන්නේ කෙසේදැයි දැන ගැනීම පිණිස අන් අය දෙසට හැරෙති. නව යොවුන් වියේ අය  මෙවෛනි සමාජ සංසන්දනයන් සඳහා නැඹුරුවීමේ විශේෂ අවදානමට ලක් වේ. උසස් විද්‍යාලයේ දී ඊට ගැලපීම සඳහා  දැරූ වෙහෙස සෑම කෙනෙකුගේ ම පාහේ මතකයේ ‍රැඳී තිබෙනවා විය හැකිය. Instagram එම ක‍ටුක මතකය උග්‍ර කරයි. (පෙරහන් කරන ලද වුවද) මනරම් පෙනුමක් ඇති සුපිරි නිරූපිකාවකට ඔබව සංසන්දනය කරගැනීම තරමක් අපහසු වන්නට පුළුවන;  සංසන්දනය සුපිරි තරුවක පෙරහන් කරන ලද ප්‍රතිබිම්බයක් සමග වූ විට එය බොහෝ සේ අපහසුය.

සෘණාත්මකව තමන් අන් අය සමඟ සංසන්දනය කිරීම මිනිසුන්ට  අන් අයගේ (පෙනෙන්නට ඇති පරිදි) වඩා හොඳ ජීවිත සහ සිරුරු  කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කරයි. පෝස්‍ටුවල(posts) පළ කිරීම් යථාර්ථවාදී නොවන බව Instagram පරිශීලකයින්ට මතක් කර දීමෙන් මෙම බලපෑමට එරෙහිව සටන් කිරීමට පවා පර්යේෂකයෝ මෑතකදී උත්සාහ කළහ

එහෙත් එය සාර්ථක වූයේ නැත. නැවැත්විය නොහැකි තරමේ සෘණාත්මක සැසඳීම් තවදුරටත් ඊර්ෂ්‍යාවට සහ ආත්ම අභිමානය අඩු කිරීමට හේතු විය. ඉන්ස්ටග්‍රෑම් හි තමන්ට පෙන්වන ලද ඡායාරූප නැවත නිමහම් කරන ලද සහ  නැවත හැඩගස්වන් ලද ඒවා බව සහභාගිවන්නන් දැන සිටි අධ්‍යයනයන්හි පවා, නව යොවුන් වියේ ගැහැණු ළමයි  ඔවුන්ගේ ශරීරය ගැන තවදුරටත් හිත නරක් කරගැනීමට පෙළඹුණහ. සමාජ සංසන්දනය බොහෝ සේ අගය කිරීමට නැඹුරු වන ගැහැණු ළමයින් සඳහා, මෙම බලපෑම් වඩාත් දරුණුය.

වාස්තවිකරණය සහ ශරීර ප්‍රතිබිම්භය(Objectification and body image)

ඉන්ස්ටග්‍රෑම් නව යොවුන් වියේ පසුවන්නන් සඳහා  අවදානම් වන්නට තවත් හේතුවක් වන්නේ එය ශරීරයේ ඡායාරූප කෙරෙහි අවධාරණය කිරීම නිසා පරිශීලකයන් තම ශරීරය අන් අයට පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව නුවමනා ලෙස අවධානය යොමු කිරීමට හේතු වේ. එය පරිශීලකයන් තම සිරුරු ගැන ලජ්ජාවට පත්කිරීමට මග පාදයි. මගේ සගයන්ගේ මෙන්ම මගේ පර්යේෂණවලින් පෙනී යන්නේ නව යොවුන් වියේ ගැහැණු ළමයින් – සහ එන්ට එන්ටම වැඩිවන නව යොවුන් වියේ පිරිමි ළමයින් – ඡායාරූපයකට සුදුසු වස්තුවක් ලෙස තම ශරීරය ගැන සිතන බවයි ඔවුන් අන් අයට පෙනෙන්නේ කෙසේද යන්න ගැන හිතට දැනෙන් කරදරකාරී සිතුවිලි වැඩි කරන්නාසේම එය ඔවුන්ගේ ශරීරය ගැන ඇතිවන ලැජ්ජාවද වැඩි කරයි. පසුව පළ කිරීමට සෙල්ෆියක් ගැනීම වුව, ඔවුන් අන් අයට පෙනෙන ආකාරය ගැන වඩාත් නරක හැඟීම් ඇතිකරවයි.

අන් අයට නැරඹීමට වස්තුවක් වීම “සෙල්ෆි පරම්පරාවට” තමන්ව සවිබල ගැන්වීමට සහ තමන් ගැන විශ්වාස තහවුරු කිරීමට උපකාරී නොවේ – ඇත්තටම ඉන් හරියටම ප්‍රතිවිරුද්ධ දෙය ඉ‍ටු විය හැකිය. මේවා නොවැදගත් සෞඛ්‍ය ගැටළු නොවේ, මන්ද යොවුන් වියේදී ශරීරය ගැන අතෘප්තියට පත්වීම,  පසුකාලීනව ආහාර ගැනීමේ අක්රමිකතා රෝග ලක්ෂණ ඇතිවීමේ පෙර නිමිත්තක් වන්නට පුළුවන.

පර්යේෂකයන් වසර ගණනාවක් තිස්සේ ලේඛනගත කර ඇති දේ Meta අභ්‍යන්තරව පිළිගෙන ඇත: එනම්, Instagram ‘යෞවනයන්ට හානිකර විය හැක’ යන්නය.  පෙනුම සහ යථාර්ථය අතර වෙනස ගැන තම නව යොවුන් දරුවන් සමඟ නැවත නැවතත් කතා බහ කිරීමෙන්, සමස්ථපාද මිතුරන් සමඟ අභිමුඛව අන්තර් ක්‍රියා කිරීමට, සෙල්ෆි වෙත අවධානය යොමු කිරීම වෙනුවට ඔවුන්ගේ ශරීර ක්‍රියාශීලී ආකාරයෙන් භාවිතා කිරීමට ඔවුන්ගේ දරුවන් දිරිමත් කිරීමෙන් මෙම කාරණාවේ දී දෙමාපියන්ට සහාය වීමට පුළුවන.

දැනට පර්යේෂකයන් හමුවේ ඇති, ප්‍රශ්නය වනුයේ Meta මෙම හානිකර ප්‍රතිඵල හසුරුවන්නේ කෙසේද යන්නයි. ඉතිහාසය සහ උසාවි, Big Tobacco අනුගමනය කරන ‘හිස වැල්ලේ සඟවා ගන්නා’ මාදිලියේ පිළිවෙතට ඕනෑවට වඩාත්  සමාව දී ඇත!

Meta සමාගම දැනුවත්ව ළමයින් අවදානමට ලක් කරන බව පවසමින් මෙටාට එරෙහිව නඩු පැවරීමේ රජයේ නීතිපතිවරයාගේ පුවත් ඇතුළත් කිරීමට ඉඩ සැලසෙන පරිදි මෙම වාර්තාව යාවත්කාලීන කර ඇත.

The Conversation(Updated 24th, October 2023) හී පළවන States sue Meta for knowingly hurting teens with Facebook and Instagram − here are the harms researchers have documented  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending