
චිම්පන්සි මෙන්ම අනෙකුත් විශේෂයන් ප්‍රජනනය අවසන් වූ පසුත් ජීවත් වන බව අධ්‍යයන යුගලයකින් සොයා ගැනෙයි.
Marlene වයස අවුරුදු 69 දක්වා ජීවත් වූ නමුත් ඇගේ ජීවිතයේ අවසාන වසර 23 තුළ දරුවෙකු ලබුණේ නැත. Kevin C. Lee
වයස අවුරුදු 69 වන විට, මාර්ලීන්, දිරාපත් වූ දත්, ඇඹරුණු ලොම් සහ හැලී යන යන තුනී කෙස් වැටියකින් හෙබි දුබල මැහැල්ලකි . කිබාලේ ජාතික වනෝද්යානයේ වෙසෙන මේ වයෝවෘද්ධ චිම්පන්සි ගැහැණු සතා විද්යාඥයින්ට ප්රහේලිකාවක් විය. බොහෝ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ ගැහැණු චිම්පන්සි ගැහැණු සත්තුන්ට, ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වා ප්රජනනය කළ හැකි නමුත් මාර්ලීන්ට අවසන් වරට දරු උපතක් හට ගෙන ඇත්තේ වසර 23 කට පෙරය. ඒ අනුව මහා වානරයා ආර්තවාන්තයට ලක්ව ඇති බව පෙනෙන්නට තිබුණි – මේ වනතෙක්, පර්යේෂකයන් විසින් ලේඛනගත කරනු ලැබ ඇත්තේ මිනිසුන් සහ තල්මසුන් විශේෂ අතලොස්සක් තුළ පමණක් වන ප්රජනනය අවසන් කරමින් ආර්තවහරණය සිදුවන බවකි.
2023 ඔක්‍තෝබර් 26දා ප්රකාශයට පත් කරන ලද අධ්‍යයන යුගලයක් යෝජනා කරන්නේ (ආර්තවාහරණය පැත්තෙන් බලන කල) මාර්ලීන් විද්යාඥයන් සිතූ තරම් දුර්ලභ නොවන බවයි. චිම්පන්සි ආර්තවහරණයට ලක් විය හැකි බව පර්යේෂකයන් සොයාගෙන ඇති අතර අනෙකුත් ක්ෂීරපායී විශේෂ දුසිම් ගණනක ගැහැණු සතුන් ද ඔවුන්ගේ ප්රජනනය කිරීමේ හැකියාව ඉක්මවා ජීවත්වීමේ හැකියාව ඇති බව හඳුනාගෙන තිබේ. මේ ප්‍රථිඵල ආන්දෝලාත්මක බව කියා සිටින පර්යේෂකයන්, ඊට හේතුව වශයෙන් දක්වන්නේ මිනිසුන් තුළ ආර්තවහරණය පරිණාමය සඳහා වන ප්‍රමුඛ උපකල්පනවලට ඒවා නොගැලපෙන බැවින් වීමයි..

Killer Whales
ඔසප් වන සියළුම මනුෂ්‍ය ස්ත්‍රීන් ප්රමාණවත් කාලයක් ජීවත් වන විට ආර්තවාන්තය කරා ළඟාවෙයි. ඔවුන්ගේ ඩිම්බ තොගය අඩු වන විට, ගැබ් ගැනීම සඳහා අවශ්ය හෝමෝන මට්ටම පහත වැටෙන අතර අවසානයේ ඔවුන්ගේ ඔසප් චක්රය නතර වේ. පර්යේෂකයන්ට තීරණය කළ හැකි අන්දමට පෙණී ගියේ, මිනීමරු තල්මසුන් ඇතුළු අනෙකුත් විශේෂ කුඩා සංඛ්යාවක ගැහැණු සතුන් මිය යාමට බොහෝ කලකට පෙර ප්රජනනය සීමා වන බවයි. කිබාලේ හි සමහරක් අධ්‍යන ඇතුළු දිගුකාලීන අධ්‍යයනයන්ට අනුව, චිම්පන්සින්, සිය ජීවිතය අවසානය දක්වා පැටවුන් බිහි කළ විශේෂ අතුරින් එකකි.
කෙසේ වෙතත්, 1995 සිට මාර්ලීන්ගේ චිම්පන්සි ප්රජාව වන Ngogo කණ්ඩායම නිරීක්ෂණය කරන්නා වූ ව්යාපෘතියක සහාය ඇතිව ක්‍රියා කරන පර්යේෂකයන් අසාමාන්ය දෙයක් දුටුවේය. වසර 20කට වැඩි කාලයක් මෙම ව්යාපෘතියේ කටයුතු කර ඇති ඇරිසෝනා ප්රාන්ත විශ්වවිද්යාලයේ ප්‍රිමාටේස් විද්යාඥ Kevin Langergraber පවසන්නේ ගැහැණු සතුන් “තරමක සංඛ්‍යාවක්” ඔවුන් අවසන් වරට පැටවෙකු බිහි කළ වයස ඉක්මවා බොහෝ කාලයක් ජීවත් වූ බවයි.
මෙම චිම්පන්සි ප්රජාව පිළිබඳ දත්ත රාශියකින් සන්නද්ධවූ, ඔහුට සහ ඔහුගේ සගයන්ට කාන්තාවන් ආර්තවහරණයට ලක් වන්නේද යන්න පරීක්ෂා කළ හැකිවිය. ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්යාලයේ පරිණාමීය මානව විද්යාඥයෙකු වන, අධ්යයනයේ සම කර්තෘ Brian Wood පවසන්නේ “අපගේ සමීප ප්රයිමේට ඥාති සහෝදරියන් තුළ සිදු වන දේ ගැන සිතීමට අපට ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාව හිමිවුණි” යනුවෙනි.
ගැහැණු සතුන්, සිය අවසාන පැටවුන් බිහිකිරීමෙන් පසු කොපමණ කාලයක් ජීවත් වේද යන්න, ජන විකාශන මිනුම් භාවිතා කරමින් විද්යාඥයෝ තීරණය කළහ. සාමාන්යයෙන්, මෙම කාල පරිච්ඡේදය චිම්පන්සියන්ගේ වැඩිහිටි ජීවිතයෙන් 20% ක් හෙවත් හෝ අවුරුදු 8 ක් පමණ වන බව කණ්ඩායම ඔක්‍තෝබර 26දා Science සඟරව වෙත වාර්තා කරයි. අනෙකුත් සෑම විශේෂයකම පාහේ මෙම අගය 0% කට ආසන්න බව ජන විකාශන මිනුම් භාවිතා කරමින්, විද්යාඥයන් ගණන් බලා ඇති අතර, කෙසේවෙතත්, චිම්පන්සීන් තවමත් සිටින්නේ සිය වැඩිහිටි ජීවිතයෙන් 40% සිට 70% දක්වා මෙම පශ්චාත් ප්රජනක අවධිය ගත කළ හැකි ඔවුන්ගේ මානව සගයන්ට වඩා සහ 30% පමණ වන ඝාතක තල්මසුන්ට වඩා පිටුපසින්ය.
චිම්පන්සි ගැහැණු සතුන්ට ආර්තවහරණයට මුහුණ දීමට සිදු වන බව තහවුරු කිරීම සඳහා,බව තහවුරු කිරීම සඳහා, පර්යේෂකයන් මුත්රා සාම්පල එකතු කර ප්රජනක හෝමෝන හතරක මට්ටම් මැනිය. මානව වර්ගයා තුළ, ප්රජනනය අවසන් වූ පසු මෙම හෝමෝන දෙකක සාන්ද්රණය අඩු වන අතර අනෙක් දෙකේ මට්ටම් ඉහළ යයි. චිම්පන්සි තුළ ද එම රටාවම සිදු විය. එය, රෝගයක ප්රතිඵලයක් නොව “ආර්තවහරණය බව අපට පෙන්විය හැකිය,” යයි Langergraber පවසයි.
කණ්ඩායමේ ප්රවේශය අනෙකුත් පර්යේෂකයන්ග්‍රි ප්රශංසාව දෛනා ගැනීමට සමත් වී ඇත්තේය. “(පර්යේෂකයන් හෝර්මෝන ඇගයීම් සිදු කළ නිසා මම මෙම වාර්තාවට කැමතියි. ‘ප්‍රකෝපකාරීවීම’ ඊටත් වඩා සිත් ඇදගන්නා සුළු දෙයක්, ”Massachusetts Amherst විශ්ව විද්යාලයේ චර්යාත්මක ස්නායු විද්යාඥ Agnès Lacreuse පවසයි. මෙම කාර්යය “මන බඳින, වැදගත්, තීරණාත්මක දත්ත” සපයයි යනුවෙන් Stirling විශ්ව විද්යාලයේ ජීව විද්යාඥයෙකු වන Phyllis Lee අදහස් දක්වමින් කියා සිටියි.

දෙවන අධ්‍යයනය ද අනපේක්ෂිත නිරීක්ෂණයකින් වර්ධනය වූවකි. ජර්මානු පිළිකා පර්යේෂණ මධ්යස්ථානයේ ප්රවේණි විද්යාඥවරියක වන Angela Goncalves සහ ඇගේ සහචර, Ivana Winkler නිරීක්ෂනය කළේ වැඩිහිටි මීයන් බොහෝ විට පැටවුන් බිහි කිරීමේ හැකියාව ඉක්මවා ජීවත් වී ඇති බවයි. “මීයන් පිළිබඳ අපගේ පර්යේෂණවලින් පෙණී ගියෙ ඔවුන් අතරෙ ආර්තවහරණය පවතින බව අපි දුටුවෙමු,” Goncalves පවසයි.
අනෙකුත් විශේෂයන් ද ප්රජනනය කලින්ම අවසන් කර දමන්නේද යන්න ගැන කුතුහලයෙන් සිටි මෙම පර්යේෂකයන් දෙදෙනා, මිනිසුන් අතරේ සිටින සහ වනයේ නිදැල්ලේ හැසිරෙන විශේෂ 70කට වඩා වැඩි ගණනක ක්ෂීරපායින් පිළිබඳ ප්රකාශිත පර්යේෂන පත්රිකා වලින් දත්ත ලබා ගත්හ. මෙම විශේෂවල ගැහැණු සතුන් ඩිම්බ මෝචනය නතර කර ඇති බවට යෝජනා කරන ලද සාක්ෂි අංශ තුනක් ඔවුහු සෙවූහ: විවිධ වයස්වල පැවැත්ම සහ සශ්රීකත්වය පිළිබඳ ජනවිකාස දත්ත, ඩිම්බකෝෂ පරීක්ෂණ සහ හෝමෝන මට්ටම වැනි කායික්ස් විද්යාත්මක මිනුම්. විද්යාඥයින් විසින් ඔක්‍තෝබර් 26දා Cell සඟරාවෙ හි හෙළි කරන පරිදි, විශේෂ වලින් 80% කට වඩා වැඩි ප්රමාණයක ගැහැණු සතුන් තම ජීවිත අවසන් වීමට පෙර ප්රජනනය නතර කර ඇත. ලැයිස්තුවට අශ්වයන්, ගෘහාශ්රිත ගවයින්, අප්රිකානු සහ ආසියානු අලි ඇතුන්, ගෘහ මීයන් සහ, ඔව්, චිම්පන්සි ද ඇතුළත් වේ.
ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්ය විද්යාලයේ මානව චර්යා පරිසර විද්යාඥ Rebecca Sear පවසන්නේ “එය වටිනා පර්යේෂනයක්. එසේ වන්නේ ඔවුන් ප්රජනක කායික විද්යාව දෙස බලන නිසා ය ඒක පහසු කාර්යයක් නොවෙයි.
එහෙත්, මිනිසුන් ඇති දඩි කරන සතුන්ගෙන් ලැබෙන දත්ත මත විශ්වාසය තැබීම නිසාවෙන් අධ්යයනය Lee ගේ විවේචනයට ලක්වෙයි.ගෘහ ආශ්‍රිත ජීවිතයේ ආතතිය, ඉක්මනින් ප්රජනනය අවසන් කිරීමට මග පෑදිය හැකි බව ඇය පවසයි. වනයේ දී, අප්රිකානු අලි ඇතුන්ට වයස අවුරුදු 60 දී උපත ලබා දිය හැකි නමුත්, ගෘහ ආශ්‍රිත ගැහැණු සතුන් සමහර විට වයස අවුරුදු 20 ගණන්වලින් පසුව බෝ කිරීම නවත්වන බව ඇය සඳහන් කරයි. “අලියෙකුට සත්වෝද්යානයක ජීවිතය අපායකි.”
චිම්පන්සි අධ්යයනය පර්යේෂකයන්ට කල්පනා කිරීමට බොහෝ දේ ලබා දෙයි. Ngogo චිම්පන්සි තුළ ආර්තවහරණය සිදුවන්නත්, නමුත් ඔවුන්ගේ අසල්වැසියන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් තුළ සිදු නොවන්නත් මන්ද යන්න අභිරහසකි.
අධ්යයනයේ කතුවරුන් පවසන අන්දමට සිදුවිය හැකි එක් දෙයක් නම්, Ngogo හී ගැහැණු සතුන්, අවම වශයෙන් චිම්පන්සි ප්රමිතීන්ට අනුව නිදැල්ලේජීවත් වීමයි. ඔවුන් ගොදුරු කර ගැනීමට දිවියන් නොමැති අතර, ඔවුහුන් ආසන්න කණ්ඩායම් වල අයය්ට වඩා හොඳ ආහාර වේලක් – මාංශ වැඩි- හොඳ අහාර වේලක් අනුභව කරති. ඔවුන් උද්යානයේ මධ්යයේ ද සැරිසරන අතර අනෙකුත් ප්රජාවන්හි සිටින චිම්පියන්ට වඩා ඔවුනට මිනිසුන්ගෙන් කරදර අඩුය. වානරයින් සාමාන්යයෙන් වයස අවුරුදු 50 ඉක්මවා ජීවත් නොවන බව වෙනත් පර්යේෂණවලින් සොයාගෙන ඇත, නමුත් Ngogo ප්රජාවේ ගැහැණු චිම්පන්සි සත්තු වයස 60 ගණන් වනතුරුත් හොඳින් ජීවත් වෙති.

grandmother hypothesis
මෙම කෘතිය ආර්තවහරණයේ පරිණාමය පිළිබඳ වර්තමාන අදහස්වලට ද අභියෝග කරයි. එය මිනිසුන් තුළ ඇතිවන්නේ ඇයිද යන්න බොහෝ කලක් තිස්සේ පර්යේෂකයන් ව්යාකූල කරන්නේ, ප්රජනනය දිගටම කරගෙන යන අයට තවත් දරුවන් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි හෙයිනි. හොඳම පැහැදිලි කිරීම ලෙස සැලකෙන grandmother hypothesis නම් උපකල්පනය තර්ක කරන්නේ තමන්ගේම ළදරුවන් නොමැති වැඩිහිටි කාන්තාවන්ට ඔවුන්ගේ මුණුබුරන් ඇති දැඩි කිරීමට උපකාර කළ හැකි බවයි. මිනීමරු තල්මසුන් සම්බන්ධයෙන් ද එම පැහැදිලි කිරීම සත්ය විය හැකිය.
කෙසේවෙතත්, එය චිම්පියන් සඳහා අදාල කරගත නොහෙන බව බව Science සඟරාවට සැපයූ පර්යේෂණ වාර්තාවේ කතුවරු පෙන්වා දෙති. තරුණ ගැහැණු චිම්පන්සි සත්තු, තමුන්ට පැටවුන් ලැබීමට පෙර තමුන් උපත ලැබූ කණ්ඩායම හැර යයි, එබැවින් වැඩිහිටි ගැහැණු සතුන්ට කිසි විටෙකත් තම දියණියන්ගේ දරුවන් හමු නොවේ. තවද ඔවුන් තම පුතුන්ට ප්රජනනය කිරීමට උපකාර කිරීම සඳහා කිසිම වෙහෙසක් දක්වන බවක් නොපෙනේ.
චිම්පන්සින්ගේ ආර්තවහරණය සොයා ගැනීමෙන් මිනිසුන් සඳහා grandmother hypothesis උපකල්පනය අවලංගු නොවන බව අධ්යයන දෙකටම සම්බන්ධ නොවූ කොලොම්බියා විශ්ව විද්යාලයේ පරිණාමීය ජීව විද්යාඥ Alan Cohen පවසයි. එහෙත් එම ආච්චිලා සීයලාගේ රැකවරණය පමණක් ආර්තවහරණයේ මූලාරම්භය පැහැදිලි කරයි යන තර්කය සම්බන්ධයෙන් ඔහු පවසන්නේ එය මතභේදාත්මක බවයි.
AAAS Science (October 26th, 2023) හී පළවන Menopause may be widespread among mammals, challenging famed hypothesis Chimps, other species live past end of reproduction, pair of studies finds යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න