කැඩපත තුළින් දකින රුවින්, සතුන්ට තමන්ව හඳුනාගත හැකිද යන්න පිළිබඳ පර්යේෂණ 1970 1 දී ආරම්භ වූ අතර එතැන් සිට පරීක්ෂණය සමත් වී ඇත්තේ සත්ව විශේෂ අතළොස්සක් පමණි.

වඳුරෙක් ඉන්දියාවේ ජායිපූර්හි විහාර සංකීර්ණයක කණ්ණාඩියක් වෙත එබී බලයි(Image credit: Ayse Topbas/Getty Images)

සෑම දිනකම කැඩපතකින් අපගේ ප්‍රතිබිම්බ පරීක්ෂාවට ලක් කරන එකම විශේෂය මිනිසුන් වන අප වන අතර, කෙසේවෙතත්, පරාවර්තක පෘෂ්ඨයන් තුළ තමන්වම හඳුනා ගැනීමේ හැකියාව ඇත්තේ අපට පමණක් නොවේ..

මේ ගැන පර්යේෂන කරන විද්‍යාඥයන්,  චිම්පන්සියන්(Pan troglodytes) පිළිබඳ 1970 දී ප්රකාශයට පත් කරන ලද පර්යේෂණවලින් පටන් ගෙන, විශේෂ රාශියක් තුළ කැඩපතින් හඳුනාගැනීම සම්බන්ධව පරීක්‍ෂා කර ඇත. කුහුඹුවන්ගේ සිට manta ray දක්වා හා   අප්‍රිකානු අළු ගිරවුන්(Psittacus erithacus) දක්වා  පරාසයක වන සතුන්හට  කැඩපතක් ලබාදුන් පසු ඔවුනට ඇතිවන ස්වයං සම්ප්‍රජානනය පිළිබඳ සලකුණු පළකරන්නේ දැයි පරීක්ෂා කර ඇත. ඔවුන් තමන් දෙසම බලා සිටින බව කුඩා අතලොස්සක් තේරුම් ගනී. බොහෝ දෙනෙක් එසේ නොකරති. එමෙන්ම, තවත් සංඛ්‍යාවක් අවිනිශ්චිත හැසිරීම් ප්‍රදර්ශනය කර ඇත.

පර්යේෂණයෙන් ලද මිශ්‍ර ප්‍රතිඵල, පරීක්ෂණයේ ප්‍රයෝජනවත් බව සහ සත්ව සංජානනය අවබෝධ කර ගැනීමට විද්‍යාඥයින්ට එය උපකාරීවන්නේ කෙසේද යන්න ගැන විද්්‍යාඥයන් අතරේ වාද විවාද කිරීමට මග පාදා ඇත.

“බොහෝ සතුන් පරීක්ෂණ සමත් වන්නේ නැහැ”  Emory විශ්වවිද්‍යාලයේ ප්‍රයිමේටවේදියෙකු වන, Frans de Waal, Live Science වෙත පැවසීය. De Waal විසින් කැපුචින්නා(capuchin) වඳුරන් අතරේ ස්වයං ප්‍රජානන පරීක්ෂණ සිදු කරන ලද අතර එය අසාර්ථක විය. “ඔවුන් කිසිදු පුහුණුවක් හෝ  ප්‍රතිලාභයක් නොමැතිව කැඩපතක් ඉදිරිපිට දෘශ්‍ය සලකුණක් ස්වයං-පරීක්ෂාවට ලක් කළ යුතුය. එය ස්වයංසිද්ධ විය යුතුය. (පර්යේෂණ) සාහිත්‍යයේ ඇති බොහෝ ප්‍රකාශයන් මෙම විස්තරයට නොගැලපේ.”

ඉතින් පරීක්ෂණයෙන් සමත් වී තිබෙන්නේ කුමන සතුන් ද?

චිම්පන්සියන සම්බන්ධ කරගෙන 1970  අත්හදා බැලීම් වලදී, චිම්පන්සියන් හතර දෙනෙකු නිර්වින්දනය කර ඔවුන්ගේ මුහුණු රතු සායම් වලින් සලකුණු කරන ලදී. ඔවුන් අවදි වූ විට  ඔවුන්, කැඩපතේ සලකුණු කර ඇති ප්රදේශ පරීක්ෂා කිරීමෙන්, ඔවුන් තමන් දෙසම බලන බවට (ඔවුන්ගේ) අවබෝධය පෙන්නුම් කළහ.

සලකුණු පරීක්ෂණය දැන් කැඩපත් ස්වයං ප්‍රජානනයේ වඩාත්ම ඒකාන්ත සාක්ෂිය ලෙස සැලකේ.

වෙනත් මහා වානරයෝ ද පරීක්ෂණයෙන් සමත් වී සිටිති. ඔරං උටන්වරු තමන්ව කැඩපතේ හඳුනා ගත්තවා පමණක් නොව ඔවුන්ගේ සිරුරේ සලකුණු පවා හඳුනා ගත් බව 1973 අධ්යයනයකින් හෙළිව්යි.

Bonobos තමන්ගේ සිරුරේ සාමාන්‍යයෙන් නොපෙනෙන ප්‍රදේශ පරීක්ෂා කිරීම පිණිස කැඩපතක් භාවිතා කිරීමට යොමු වූ බව 1994 අධ්‍යයනයක දී නිරීක්ෂණය කරන ලදී.  කෙසේවෙතත්, ගෝරිල්ලන් සම්බන්ධ්යෙන් ලැබී ඇති ප්‍රතිඵලය එතරම් නිශ්චිත නැත.

විස්තීර්ණ පුහුණු ක්‍රම අනුගමනය කරමින් පුහුණු කිරීමෙන් අනතුරුවසමහර විශේෂයන්ට තමන්ව හඳුනාගත හැකි බව මතභේදාත්මක අධ්යයන මාලාවක් මාලාවක්  පෙන්වා දෙනු ලැබුවද වඳුරන්, කඩපතේ දකින ඔවුන්ගේ ප්‍රතිබිම්බ සාමාන්‍යයෙන් සලඤේ තවත් සතෙකුගෙ ලෙසය.   

මෙය අනෙකුත් සතුන් සම්බන්ධයෙන්ද සත්‍ය වී ඇති හෙයින්, එම අධ්‍යයනයන්හි ඇඟවීම් පිළිබඳව සැක පහළ වෙයි. “එම පුහුණු ක්‍රියාවලිය අවශ්‍ය වන විශේෂ සඳහා දර්පණ පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ හැකි ද?” පරවියන් තුළ ඉගෙනීම හැදෑරූ එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සංජානන මනෝවිද්‍යාඥ   Ellen O’Donogue ප්‍රශ්න කරයි  . පුහුණු අභ්‍යාස භාවිතා කර සිදු කරන පරීක්ෂණවල විවේචකයන් කියා සිටින්නේ එවැනි උගෙන ගත් හැසිරීම් ස්වයං දැනුවත්භාවය පිළිබඳ විශ්වාසදායක සාක්ෂි නොවන බවයි.

පරීක්ෂණයෙන් ඒත්තු ගැන්වෙන පරිදි සමත් වූ අනෙක් එකම භෞමික ක්ෂීරපායී සත්වයා බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ ආසියානු අලියෙකි (Elephas maximus).  ඩොල්ෆින් මත්ස්‍යයන් පිළිබඳ කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ ඔවුන්ට ද ඔවුන්ගේම ප්‍රතිබිම්බයන් හඳුනාගත හැකි බවයි.  දර්පණ වෙනුවට වීඩියෝ භාවිතා කල 1995 අධ්යයනය සහ   දර්පණ භාවිතා කරන ලද 2001 අධ්යයනය යන දෙකම පෙන්නුම් කළේ ඩොල්ෆින් ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු පරීක්ෂා කිරීමට ඔවුන්ගේ රූප ප්‍රතිබිම්භ භාවිතා කරන බවයි.

ක්ෂීරපායී නොවන සතුන්ට කැඩපතින් තමන්ව හඳුනාගැනීමේ හැකියාව ඇති බව, යුරේසියානු මැග්පීස්(Pica pica) අධ්‍යයනය කරන පර්යේෂකයෝ 2008 දී, පළමු සාක්ෂිය සොයා ගත්හ. පරවියන් ද පරීක්ෂණයෙන් සමත් වූ නමුත් ඒ,  දැඩි තත්ත්වාරෝපණ සමයක් පසුකිරීමෙන් පමණි. තවද 2022 දී, වනගත ඇඩේලි පෙන්ගුයින් ද (Pygoscelis adelia),  ඔවුන්ගේ සිරුරු සලකුණු කිරීම වෙනුවට ඔවුන්ගේ ගෙලෙහි එල්ල තබා තිබූ පාට බිබ් වලට ප්‍රතිචාර නොදැක්වුවද.  දර්පණ ස්වයං ප්‍රජානනභාවයේ සලකුණු පෙන්නුම් කළේය.

පහළ මට්ටමේ සතුන් පිළිබඳ පරීක්ෂණ විශේෂයෙන් මතභේදාත්මක බව ඔප්පු වී ඇත.  කුහුඹුවන් ඔවුන්ගේ ප්‍රතිබිම්බ දෙස බලන විට ඔවුන්ගේ හිසෙන් නිල් පැහැති තීන්ත ඉවත් කිරීමට උත්සාහ කළ නිසා කුහුඹුවන්ට යම් ස්වයං අවබෝධයක් තිබිය හැකි බව 2015 සිදු කළ අධ්‍යයනයකින් යෝජනා කෙරිණ. අධ්‍යයන දෙකක් යෝජනා කර ඇත්තේ මත්ස්‍යයන්ට තමන්ව හඳුනාගත හැකි බවයි.  2016 සිදු කෙරුණු තවත්එකකින්,  manta ray කැඩපතක් පෙන්වූ විට තමන්ව පරීක්ෂා කර බලා බුබුලු පිඹින බවක් පෙනෙන්නට තිබුණි. කෙසේනමුත් සලකුණු පරීක්ෂණයක් නොපැවැත්වින. තවද, කැඩපතකින් තමන්වම දැකීමෙන් පසු cleaner wrasses  (Labroides dimidiatus)  ඔවුන්ගේ යටි පැත්තේ තවරාඇති සායම් සලකුණු ඉවත් කිරීමට උත්සාහ කළ බව 2019 අත්හදා බැලීමක දී සොයා ගන්නා ලදී.

වඩාත් ප්‍රාථමික යැයි පැවසෙන මෙම ජීවීන් න් සමත් වන අතර අප්රිකානු අළු ගිරවුන් ඇතුළු වඩාත් බුද්ධිමත් මිනිස් නොවන සමහර සතුන් අතරේ එය අසාර්ථක වී ඇත, මෙම කාරණාව, දර්පණ පරීක්ෂණයෙ උපයෝගීතාව ප්රශ්නයට ලක් කරයි.  මෙම පරීක්‍ෂණ මගින්, මනුෂ්‍ය අර්ථයෙන් ගත් විට දැකිය පිළිබඳ සැබෑ හැඟීමක් පෙන්නුම් කරන්නේද නැතහොත් ඒවා හුදෙක් සංකීර්ණ කායික දැනුවත්භාවයක් පෙන්නුම් කරන්නේද යන්න පැහැදිලි නැත.

“දර්පණ පරීක්ෂණයට ස්වයං ප්‍රජානනයේ එක් අංගයක් දර්ශකගත කළ හැකිය,” O’Donoghue, Live Science වෙත පැවසීය. “සියල්ලම සැලකිල්ලට ගන්නවා හෝ කිසිවක් සැලකිල්ලට ගන්නේ නැත යන  ලෙස ස්වයං ප්‍රජානනය දෙස බැලීමේ ප්‍රවණතාවක් තිබේ. එය බොහෝ විට නිවැරදි නොවේ. බොහෝ විට එය, ප්‍රමාණ කිරීමක් හෙවත් ක්‍රමණයක් වන්නට පුළුවන.”

Live Science (November 03rd, 2023) හී පළවන Which animals can recognize themselves in the mirror?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending