අප්‍රකාශිත විග්‍රහයකින් පෙනී යන්නේ ප්‍රකාශයට පත්වන ලිපි ලේඛන තුළ ‘ලේඛන කර්මාන්තශාලා’(‘paper-mills’) මගින් නිර්මිත, ව්‍යාජ ලිපි සිය දහස් ගණනක් සැඟවී ඇති බවයි.
විද්‍යාවේ ව්‍යාජ පර්යේෂණ පත්‍රිකා ගැටළුව කෙතරම් උග්‍ර ද?
ලේඛන කර්මාන්තශාලා මගින් ‘නිෂ්පාදනය’ කරනු ලබන ව්‍යාජ ලිපි හඳුනා ගැනීමට ප්‍රකාශකයන්ට උපකාර වන්නේ පරිගණක මෘදුකාංගයි. Credit: Getty
ලේඛන කර්මාන්තශාලා මගින් වග විභාගයකින් තොරව ‘එළියට දමන’ ව්‍යාජ අත්පිටපත් වලින් විද්‍යාත්මක ලිපි ලේඛන දූෂ්‍ය කර ඇත — ඔවුන්ගේ CV හී සඳහන් කිරීම සඳහා සඟරාවල පළවන පර්යේෂණ පත්‍රිකා හා වාර්තා අවශ්‍ය පර්යේෂකයන්ට ව්‍යාජ වැඩ සහ කර්තෘත්වය විකුණන ව්‍යාපාර.
[පර්යේෂණ සහ ප්‍රකාශනයේ දී, “ලේඛන කර්මාන්තශාලා” යනු නීත්‍යානුකූල පර්යේෂණ ලිපිවලට සමාන වංචනික අත්පිටපත් නිෂ්පාදනය කර අලෙවි කරන ආයතන වේ. ලේඛන කර්මාන්තශාලා, “ලාභ ඉලක්ක කරගත්, නිල නොවන එමෙන්ම නීති විරෝධී සංවිධානයක්වීමේ විභවයකින් යුක්ත වන අතර එය අව්‍යාජ පර්යේෂණවලට සමාන බව පෙනෙන වංචනික අත්පිටපත් නිෂ්පාදනය කර අලෙවි කරයි.” — සංස්කාරක (අන්තර්ජාලය ඇසුරෙනි)]
කෙසේවෙතත්, අද වන විට මෙම ලේඛන කර්මාන්තශාලා ගැටලුව කෙතරම් උග්‍ර වි ඇත්ද?

Nature සඟරාව සමඟ බෙදාහදා ගත් අප්‍රකාශිත විශ්ලේෂණයක් යෝජනා කරන්නේ පසුගිය දශක දෙක තුළ ලේඛන කර්මාන්තශාලා විසින් නිෂ්පාදනය කරන ලද, දන්නා අධ්‍යයනයන්ට පාඨමය වශයෙන් ප්‍රබල සමානකම් පෙන්වන පර්යේෂණ ලිපි 400,000 කට වඩා ප්‍රකාශයට පත් කර ඇති බවයි. මේවායින් 70,000ක් පමණ පසුගිය වසරේ පමණක් ප්‍රකාශයට පත් කර ඇත. එකී විශ්ලේෂණය ඇස්තමේන්තු කර ඇත්තේ 2022 දී ප්‍රකාශයට පත් කරන ලද සියලුම විද්‍යාත්මක පත්‍රිකාවලින් 1.5-2% ක් ලේඛන කර්මාන්තශාලා පර්යේෂණ කෘතිවලට සමීපව සමාන වන බවයි. ජීව විද්‍යාව සහ වෛද්‍ය පර්යේෂණ පත්‍ර අතර මෙම අනුපාතය 3% දක්වා ඉහළ යයි.
මේ ව්‍යාජ ලේඛන එක එක ගෙන කරන විමර්ශනයකින් තොරව, ව්‍යාජ පත්‍රිකා සියල්ල ඇත්ත වශයෙන්ම ලේඛන කර්මාන්තශාලාවල නිෂ්පාදන දැයි දැනගත නොහැක.කෙසේවෙතත්, සියයට සුළු ප්‍රමාණයක් වශයෙන් ගත් විට එම අනුපාතය, සාධාරණ ගතානුගතික ඇස්තමේන්තුවක් බව ලන්ඩනයේ විද්වත් දත්ත සේවා සමාගමක් වන Clear Skies හි අධ්‍යක්ෂ Adam Day පවසන්නේය. ඔහු විසින් නිපදවන ලද Papermill Alarm( ලේඛන කර්මාන්තශාලා අනතුරු ඇඟවීම) ලෙස නම් කෙරුණු යන්ත්‍ර ඉගෙනුම් මෘදුකාංගය භාවිතයෙන් විශ්ලේෂණය සිදු කර ඇත්තේය. ලේඛන කර්මාන්තශාලා අනතුරු ඇඟවීම. වංචනික විද්‍යාවට එරෙහිව සටන් කිරීමට ප්‍රකාශකයන්ට උපකාර කිරීම අරමුණු කරගත් STM Integrity Hub නම් බහු ප්‍රකාශක ආර්ම්භනයක්(a cross-publisher initiative – එකම පර්යේෂණ වාර්තාව සිය ප්‍රකාශන කිහිපයක පළකරන ප්ර්කාශකයෙකු)), Day ගේ මෘදුකාංගයේ අනුවාදයකට සප්තම්බරයේ දී බලපත්‍රයක් ලබා ගෙන ඇත. ව්‍යාජ ලෙස ගොතන ලද අත්පිටපත්, මෘදුකාංගයේ මෙවලම් කට්ටලය යොදාගනිමින්, හඳුනා ගැනීම ඔවුන්ගේ අර්මුණ විය.
ලේඛන කර්මාන්තශාලා අධ්‍යයනයන්, විශාල කණ්ඩ වශයෙන්, වේගයෙන් නිපදවනු ලබන අතර, ඉඳහිට වචනයක් දෙකක් හෝ රූපයක් මාරු කිරීම හැර, ඒවා බොහෝ විට නිශ්චිත ආකෘති අනුගමනය කරයි, OpenAlex හි ලැයිස්තුගත කර ඇති පරිදි, 2000 සිට ප්‍රකාශයට පත් කරන ලද මිලියන 48 කට වඩා වැඩි පත්‍රිකා වල මාතෘකා සහ සාරාංශ විශ්ලේෂණය කිරීමට Day සිය මෘදුකාංගය සකසා ඇත. පසුගිය වසරේ දියත් කරන ලද OpenAlex, පර්යේෂණ පත්‍රිකාවල යෝධ විවෘත දර්ශකයක් ලෙස සේම දන්නා ලේඛන කර්මාන්තශාලා කෘති හා ඉතා සමීපව ගැළපෙන පෙළ, අත්පිටපත් සලකුණු කිරීමට හැකියාව ඇත්තකි. මේවාට ඉල්ලා අස්කරගත් ලිපි මෙන්ම, කැලිෆෝනියාවේ Elisabeth Bik සහ (Smut Clyde යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන) නවසීලන්තයේ, David Bimler වැනි පර්යේෂණ අනුකූලතා සොයා බැලීමේ විශාරදයන් විසින් හඳුනා ගනු ලැබූ සැකකටයුතු ලේඛන කර්මාන්තශාලා නිෂ්පාදන ද යන දෙකම ඇතුළත් වේ.
ලේඛන කර්මාන්තශාලා අධ්‍යයනයන්හි ව්‍යාප්තිය තක්සේරු කිරීම පිණිස, Dayගේ “සමාන-ශෛලීය ප්‍රවේශය(stylistic-similarity approach) මේ මොහොතේ අපට ඇති හොඳම ප්‍රවේශය” යයි Bimler පවසයි, එහෙත්, ඔහු සහ තවත් අය අනතුරු අඟවන්නේ ලේඛන කර්මාන්තශාලා විසින් පිටපත් කර ඇති අව්‍යාජ ලිපි ලේඛන හෝ කතුවරුන් සැබෑ දත්ත සැකිලි, ආකෘති ආකාරයේ ලිපියකට එක් කර ඇති අවස්ථා නොදැනුවත්වම එම ප්‍රවේශයට හසු විය හැකි බවයි. . කෙසේ වෙතත්, ඩේ පෙන්වා දෙන්නේ, සත්‍ය හෝ ව්‍යාජ යැයි දැනගත් පත්‍රිකාවල පරීක්ෂණ කට්ටල, සොයාගැනීම් හා එකට ගෙන ගැලපා වලංගු කිරීමෙන් වැරදියට ධනාත්මකලෙස් හඳුනා ගැනිම් “ශුන්‍යයට ආසන්නව” තබා ගැනීමට ඔහු උත්සාහ කළ බවයි. “පත්‍රිකාවක්, ව්‍යාජ එකක් සේ සලකුණු කිරීම සඳහා විශාල සංඥාවක් ලැබිය යුතුය,” ඔහු පවසයි.
OpenAlex දත්ත ගබඩාවේ විෂය ක්ෂේත්‍රයක් සටහන් කර ඇති, 2022 දී ප්‍රකාශයට පත් කරන ලද කෘති මිලියන 2.85 ක කුඩා උප කුලකයක් ද ඩේ විසින් පරීක්ෂා කරන ලදී. මේවායින් 2.2%ක් පමණ ලේඛන කර්මාන්තශාලා අධ්‍යයනයන්ට සමාන වූ නමුත් විෂයය අනුව අනුපාතය වෙනස් විය .

බික්ට අනුව, ඩේගේ ඇස්තමේන්තුව, “අතිශය ලෙස ඉහළ වුවද, හැබැයි, සිදු විය නොහැකි දෙයක් නොවේ”. කෙසේවෙතත් ඇය පවසන්නේ ඔහුගේ විධි ක්‍රම සහ ඔහුගේ නිදර්ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තර දැකීමෙන් තොරව ඔහුගේ කාර්යය ඇගයීමට නොහැකි බවයි. එම අදහසම, පිළිකා පර්යේෂකයෙකු සහ පර්යේෂණ අනුකූලතා සොයා බැලීමේ විශාරදයෙකු වන, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ Jennifer Byrne විසින් ද ප්‍රතිරාවය කරන ලදී. ජෙනිෆර් බර්න්, “කණගාටුවෙන් වුව ද කිවයුත්තේ මෙම ඇස්තමේන්තු සත්‍යරූපි ලෙස මට නොපෙනෙන බවයි,” Byrne තවදුරටත් පවසයි.
ඔහුගේ කාර්යයන් ගැන නිතිපතා බ්ලොග් මගින් කරුණු දක්වන Day, පසුව දිනකදී වැඩි විස්තර නිකුත් කිරීමට අදහස් කරන බව කියා සිටියි, එසේනමුත් තරඟකරුවන් ඔහුගේ මෘදුකාංගය වංචා සහගත ලෙස පනුපිටපත් කිරීම වැළැක්වීමට ඇති වුව්මනාව හෝ වංචාකරුවන්, එය හොරෙන් යොදාගෙන වැඩ ගැනීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ බෙදා ගන්නා දේ සීමා කරන්නට සිදුව ඇති බව ද එහෙත්, සංවේදී තොරතුරු වංචා විමර්ශකයන් සමඟ පුද්ගලිකව බෙදාහද ගන්නා බව ද ඔහු පෙන්වාදෙයි.
සමස්තයක් වශයෙන්, ඔහුගේ ඇස්තමේන්තුව අඩු සීමාවක් ලෙස ඔහු දකී, මන්ද යත්, දන්නා ආකෘති යොදා නොගන්නා ලේඛන කර්මාන්තශාලා (ඒවායින්) මග හැරෙන නිසාවෙනි. විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ ලේඛන කර්මාන්තශාලා සඟරා අතරේ ඒකාකාරව පැතිරී නොමැති නමුත් ඒ වෙනුවට ඒව විශේෂිත මාතෘකා වෙත රොක්වන බවයි. ඩේ පවසන්නේ වඩාත්ම නරක ලෙස බලපෑම ඇතිවන්නේ කුමන ප්‍රකාශකයන්ටද යන්න ඔහු ප්‍රසිද්ධියේ හෙළි නොකරන බවයි; මන්ද එය එසේ කිරීම හානිකර විය හැකි යැයි ඔහු සිතන බැවිනි.
එක්සත් රාජධානියේ Eastleigh හි පදනම් වූ ප්‍රකාශන ආචාර ධර්ම පිළිබඳ කමිටුවේ(Committee on Publication Ethics) 2022 ජුනි වාර්තාවක් දක්වන්නේ, බොහෝ සඟරා ගතහොත්, ඉදිරිපත් කරන ලද පත්‍රිකාවලින් 2% ක් ලේඛන කර්මාන්ත ශාලාවලින් පැමිණිය හැකි බවත් සහ සමහරක් සඳහා එම අගය 40% ට වඩා වැඩි විය හැකි බවත්ය. මේ වාර්තාව ප්‍රකාශකයින් හය දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික දත්ත මත පදනම් වූ අතර, ඇස්තමේන්තු සෑදූ ආකාරය හෝ ඒඛන කර්මාන්ත ශාලාවලින් ආ අත්පිටපත්වලින් කොපමණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් වී ද යන්න එහි සඳහන් නොවීය.
ලේඛන කර්මාන්තශාලා හඳුනාගැනීම
පසුගිය වසර කිහිපය තුළ, ලේඛන කර්මානශාලවලට එරෙහිව සටන් කිරීමෙ දී ප්‍රකාශකයින් සිය උත්සාහයන් වේගවත් කර ඇති බව හඳුනා ගැනීමට උපකාර වන මෙවලම් (Day ගේ මෘදුකාංග ද ඇතුළුව) කෙරෙහි අවධානය යොමු කරමින් STM Integrity Hub සංවර්ධනය කිරීමට නායකත්වය දුන් Sඨ්ඹ් හි පර්යේෂණ අඛණ්ඩතාව පිළිබඳ අධ්‍යක්ෂ Joris Van Rossum පවසයි. ඔවුන්ට වංචනිකව ඉදිරිපත් කළ අත්පිටපත් තෝරා බේරා ගැනීම සඳා දැන් විවිධ ක්‍රම තිබේ. භික්, භ්ය්ර්නෙ සහ වෙනත් අය බොහෝ ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇති අතර Sඨ්ඹ් Iන්ටෙග්‍රිට්ය් Hඋබ් පවසා ඇත්තේ දැන් එහි සංඥා 70කට වඩා ඇති බවයි.
පොදු ආකෘතියක් අනුගමනය කරන පෙළ්(text) එක් ලකුණක් නැතිනම් සංඥාවක් පමණි. අනෙක් ඒවා අතරට, කිසිදු පත්‍රිකාවක කතුවරයෙකුට අනුරූප නොවන සැක සහිත විද්‍යුත් තැපැල් (ඊමේල්) ලිපින නැතිනම් චීනයේ රෝහල්වල විද්‍යුත් තැපැල් ලිපින (ප්‍රශ්නය එහි බහුලව පවතින බව කියන නිසා) ; විවිධ අත්හදා බැලීම් නියෝජනය කරන බව කියන සමාන ප්‍රස්ථාර; රචනා චෞරයය(plagiarism) හඳුනාගැනීම වැළැක්වීමේ උත්සාහයන් පෙන්නුම් කරන වාක්‍ය ඛණ්ඩ; වෙනත් ලේඛන කර්මාන්තශාලා අධ්යයනවල උද්ධාර හෙවත් හේතු පාඨ දැක්වීම්; සහ සඟරා අතරේ අනුපිටපත් ඉදිරිපත් කිරීම් ඇතුළත් වේ. Day සහ STM Integrity Hub හා සම්බන්ධ අය, වංචාකරුවන්ගේ කපටි ඇස්වලට හසුවීම වැළැක්වීම සඳහා ඔවුන් භාවිතා කරන සියලුම සංඥා හෙළි නොකරනු ඇත.
Bernhard Sabel,ජර්මනියේ Magdeburg හී Otto-von-Guericke University විශ්ව විද්‍යාලයේ ස්නායු මනෝවිද්‍යාඥයෙකි; හෙතෙම, මැයි මාසයේදී, පූර්ව මුද්‍රණයක් පළ කරමින්, රෝහලකට අනුබද්ධ එහෙත් අනධ්‍යයන විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දෙන කතුවරයකු සපයන ඕනෑම පත්‍රිකාවක්, ලේඛන කර්මාන්තශාලා ප්‍රකාශනයක් ලෙස සලකුණු කළ යුතු බව යෝජනා කරයි. 2020 දී වෛද්‍ය විද්‍යාව සහ ස්නායු විද්‍යාව පිළිබඳ පත්‍රිකාවලින් 20-30%ක් ලේඛන කර්මාන්තශාලා නිෂ්පාදන විය හැකි බව Sabel ඇස්තමේන්තු කල නමුත් ඔක්තෝම්බර් මාසයේදී ඉදිරි පත් කල සංශෝධිත පූර්ව මුද්‍රණයකින් මෙය 11% දක්වා පහත දැමිණි. ඔහුගේ ක්‍රමය වන්නේ ව්‍යාජ ධනාත්මක ලෙස සලකුණු කිරිම බව ඔහු පිළිගත්තේ වී නමුත් එය බොහෝ පර්යේෂකයන්ගේ විවේචනයට ලක්විය.
ගැටලුවේ පරිමාණය කුමක් වුවත්, එය ප්‍රකාශකයන්ගේ පද්ධති යටපත් කර ඇති බව පැහැදිලිය. Retraction Watch වෙබ් අඩවියමගින් සම්පාදනය කරන ලද ලොව විශාලතම ප්‍රතිකර්ෂණ(retractions) දත්ත සමුදාය 44,000ක් වන මුළු සංඛ්‍යාවෙන් ලේඛන කර්මාන්තශාලා ක්‍රියාකාරකම් වලට අදාළව 3,000 කට වඩා අඩු ප්‍රමාණයක් වාර්තා කරයි. එය අඩු තක්සේරුවක් බව වෙබ් අඩවියේ සම-නිර්මාතෘ Ivan Oransky පවසයි, මන්ද දත්ත සමුදාය නඩත්තු කරන්නන් තවමත් දහස් ගණනක් ප්‍රතිකර්ෂණ ඇතුල් කරමින් සිටින අතර සමහර ප්‍රකාශකයින් ප්‍රතිකර්ෂණ දැන්වීම් වල ‘ලේඛන කර්මාන්තශාලා’ යන යෙදුම මග හරින හෙයිනි
එම ප්‍රතිකර්ෂණ සංඛ්‍යා “ ගැටලුවේ පරිමාණය සඳහා මේ අවස්ථාවේ අප සතුව ඇති අඩුම ඇස්තමේන්තු වලිනුත් කුඩා පංගුවක් පමණි”, ඩේ පවසයි, ඒ හේතුවෙන් “ලේඛන කර්මාන්තශාලා නිෂ්පාදකයින්ට ආරක්ෂිත බවක් දැනී යා යුතුය.”
Nature (06th November, 2023) හී පළවන How big is science’s fake-paper problem? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න