උකුණන්, මිනිසුන්ට වදයක් වී ඇත්තේ සියවස් බොහෝ ගණනාවක් තිස්සේය. මිනිසෙකුගේ හිසින් උකුණන් ඉවත් කරන 1497 මෙම ලී අච්චු චිත්‍රය,ජර්මනියේ ස්ට්‍රාස්බර්ග්හි මුද්‍රණය කරන ලද්දකි Science & Society Picture Library via Getty Images

උකුණන්ගේ DNA වනාහී මිනිස් අපගේ ඉතිහාසය හෙළිකරන පෙළපොතකි

හිස උකුණන් කොයි රටක වුවත් මහා කරදරයක් ලෙස සලකනු ලැබේ. 

ඔබේ හෝ ඔබ ආදරය කරන්නෙකුගේ හිස මත කෙස්  මතින් විශේෂ පනාවක් හෝ ෂැම්පු යොදා ගනිමින් ඉවත් කළ යුතු පළිබෝධයකු ලෙසයි අප බොහෝ දෙනෙකු දකින්නේ. එහෙත් උකුණන් තුරන් කිරීමට පමණක් උපන් සතෙක් නොව ඊට වඩා වැඩි යමක් ලබාගැනීමට හැකි විශේෂකි. මෙම පරපෝෂිතයන් මානව ඉතිහාසයේ බොහෝ කාලයක් තිස්සේ මනුෂ්‍යයින්ගේගේ හිස මත රැඳී සිට ඇත් ද කීවොත්, ඔවුන් අපගේ ඉතිහාසය ඔවුන්ගේ DNA වල සටහන් කර ගෙන ඇත.

“මිනිස් උකුණන් අපගේ අතීතයේ උරුමයන් ලෙස අපට සිතිය හැකිය” යනුවෙන් ෆ්ලොරිඩාවේ, ගේන්ස්විල් හි එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිණාමීය ජාන විද්‍යාඥ Marina Ascunce පවසයි 

බ්‍රෙට් බොයිඩ්වර්ජිනියා පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාලයේ කීට විද්‍යාඥයෙකු වන Bret Boyd ඒ අදහස සමග එකඟ වේ. “ඔවුන් ඇත්තටම අප මේ පෘථිවිය මත ගත කල මුළු කාලය පුරාවටම අප අනුවයමින් සටහන් කරගන්නා  කුඩා ටේප් රෙකෝඩරයක් වගේ” ඔහු පවසයි.

ඒ වගේම  පවසන්නේ අපේම DNA හෝ පුරාවිද්‍යාත්මක වාර්තා භාවිතයෙන් අපට විසඳිය නොහැකි මානව ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උකුණන් විශේෂයෙන් උපකාරී වන බවයි.

PLOS One සඟරාවේ පළවන නව අධ්යයනයක  ඇය සහ ඇගේ සගයෝ ඇමරිකාවේ ජනාවාස හා ජනපදකරණයට තුඩු දුන් දැවැන්ත මිනිස් සංක්‍රමණයන් අපගේ හිස උකුණන් ඔවුන්ගේ ඪ්ණ්A වල සටහන් කරගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරති.

එනම්, මිනිසුන් කොතැන ද ගියේ ඒ සෑම තැනකම අපගේ හිස උකුණෝ ද අප සමගම සිටියහ.

උකුණන්ගේ DNA පරීක්ෂා කර බැලීම

හිස උකුණන් යනු තල ඇටයක ප්‍රමාණයේ කුඩාම කුඩ, අනුන්ගේ පිහිටෙන් නොමිලේම එහෙ මෙහෙ යන්නන්ය. උකුණන්ය. ඔවුන් අපේ කෙස් වලු අල්ලාගෙන, ඔවුන්ගේ බිත්තර අපේ කොණ්ඩයට අලවා, අපේ හිස්කබල කිති කවා අපේ හිස කැසීමට සලස්වා, ඊළඟ පුද්ගලයාගේ හිසකෙස් වලට රිංගීමට පෙර වරින්වර අපට කරදර කරන සත්ව පිරිසකි. මේ වගේ කුඩා කරදර කාරයින්  අවශ්‍ය නොවනු ඇතයි අපට සිතෙන්නට පුළුවන් නමුත් නිසැකවම ඔවුන්ට නම් අපව අවශ්‍ය වේ.

“මොවුන් අපේ හිස මත ජීවත් වන පරපෝෂිතයෙක්” යැයි Ascunce පවසයි, “ඒ වගේම, ජීවත් වෙන්න නම් ඔවුනට අපේ ලේ උරා බොන්න ඕන. ඒ නිසා ඔවුනට අපේ හිසෙන් පිටත ජීවත් වෙන්න බෑ.”

ජීව විද්‍යාවේ භාෂාවෙන්, ඔවුන් අනිවාර්ය පරපෝෂිතයන් වේ. ජීවත් වීමට නම්, ඔවුන් අප මත යැපිය යුතුය.

කෝටි, ප්‍රකෝටි ගණන් මිනිසුන්ට මෙන්ම Ascunceගේ හිස මත ද උකුණන් සිට ඇත. “මම කුඩා කාලයේ ආර්ජන්ටිනාවේ සිටින විට, අවම වශයෙන් එක් වරක් හිස උකුණන් සිටි බව මට ස්ථිරවම කිව හැකිය යි,” ඇය පවසයි. “එය නම් විනෝදයට හේතුවක් නොවීය. මගේ අම්මා කලබල වූවාය.”

Ascunceගේ අම්මාගේ පරම්පරාවට ද උකුණන් සමඟ පොර බැදීමට සිදු විය. එයාගේ ආච්චිගේ පරම්පරාවත් එහෙමමයි. ඇත්ත වශයෙන්ම, හිස උකුණෝ මිනිසුන් මේ මිහිපිට සිටිය තාක් කල් මිනිස් හිසකෙස් වලට ඇලී ගෙන ජීවත් වෙති. බාගදා,  ඊට පෙර පවා අපගේ හොමිනිඩ් මුතුන් මිත්තන්ගේ හිසකෙස් වලටත් රිංගා ඉන්න ඇති.

“මූලික වශයෙන්, වශයෙන් ධාරකයන් වන මිනිසුන් සහ පරපෝෂිතයා වන උකුණන් යන දෙපෑර්ශ්වයම එකම  කාලයේ එකට පරිණාමය වී ඇත.” Ascunce  පෙන්වා දෙයි.

එබැවින්, මෙම පරපෝෂිතයන් සහ ඔවුන්ගේ DNA අපගේ අතීතය ගැන අපට පැවසිය හැකි දේ සොයා බැලීම Ascunce ආර්ම්භ කළේ, 2010 ගණන්වල මුල් භාගයේ ෆ්ලොරිඩා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පර්යේෂකයෙකු ලෙස සිටියදී මය.

ඇයට මුලින්ම අවශ්‍ය වූයේ උකුණන් පොදියකි. එබැවින්, ලොව පුරා ස්ථාන 25 කින් උකුණන් එක්රැස් කර, උකුණු මළ සිරුරු ඇගේ සහයෝගිතාකරුවෝ  ෆ්ලොරිඩාවේ සිටි ඇය වෙත එව්වෝය.

Ascunce අනතුරුව, ඇගේ රසායනාගාර ක්‍රියා පටිපාටිය ආරම්භ කළ අතර, උකුණන්ගේ වධ හිංසාවලට ලක් වූ ඕනෑම කෙනෙකුට එය එක්තරා ආකාරයක කර්මයක් ඵලදීමක් ලෙස දැනී යා හැකිය.

“ඉතින් මුලින්ම අපි කළේ උකුණන අන්වීක්ෂයක පරීක්ෂාවට ලක් කිරීමට පළමු ඇත්ත වශයෙන්ම ඔවුන්  කපා අඩකර ගැනීමයි,” ඇය පවසයි, “ඊට පස්සේ DNA නිස්සාරණය කරන්න අපි ඒවා වෙනත් නලයකට දැම්මා .”

ඇය සහ ඇගේ සගයන් එම උකුණන්ගේ DNA සියල්ල විශ්ලේෂණය කිරීමෙන් පසුව, උකුණන් මිනිස් ඉතිහාසයේ කුඩා වාර්තාකරුවන් ලෙස ක්‍රියා කරන බවට තවත් සාක්ෂි සොයා ගත්හ.  ඇය පවසන පරිදි, මෙම පරීක්ෂාවෙ දී,  ඇය වෙනස් ජානමය පොකුරු දෙකක් අනාවරණය කර ගත් අතර, එයින් ඇඟවෙන්නේ මිනිස් හිස උකුණන් දෙවරක් ඇමරිකාවට පැමිණ ඇති බවයි.

” මිනිසුන් වන  අප, සංක්රමණය වන අතර එසේ කිරීමේ දී අප උකුණන් ද අප සමඟ රැගෙන යනවා,” ඈ කරුණු සාරාංශ කර දක්වයි.

පළමුව, මීට වසර 15,000-35,000 කට පමණ පෙර,  බෙරිං  පාලම තරණය කර  මිනිසුන් ආසියාවේ සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය කරන විට, ඒ මහා සවාරිය සඳහා උකුණන් ද අපේ හිසකෙස්වලට ඇලී සිටියා විය හැකිය. එබැවින් මිනිසුන් මහාද්වීප තරණය කිරීම ගැන අප දැන සිටි දේ ඉන් තහවුරු වෙයි.

“ස්වදේශික ඇමරිකානුවන්,” Ascunce පවසන පරිදි, “විවිධ ජනගහනය, ඔවුන් ඇමරිකාව හරහා දකුණට යද්දී,” ඔවුන්ගේ හිස උකුණෝ ද ඔවුන් සමග ගමන් කළහ.

ඉන්පසුව, වසර 500 ගණනකට පෙර, යුරෝපීයයන් ඔවුන්ගේම පරපෝෂිත උකුණන් සමඟ පැමිණියහ.

වෙනත් වචන වලින් කිවහොත්, “සංක්‍රමණ තරංග දෙකක් සමග .. ඇමරිකාවේ ජනපදකරණය මෙම උකුණෝ පිළිබිඹු කරති”, යි Ascunce පවසයි.

අධ්‍යයනයට සම්බන්ධ නොවූ රෙඩිං විශ්ව විද්‍යාලයේ අපෘෂ්ඨවංශික ජීව විද්‍යාඥයෙකු වන Alejandra Perottiපවසන්නේ (අධ්‍යනයේ) ප්‍රවේශය ශක්තිමත් බවයි. කෙසේවෙතත් ශතවර්ෂ ගණනාවක් පුරා පුළුල් මානව චලන රටා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හේතු විය හැකි – (උකුණන්ගේ) විවිධත්වය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් උකුණන්  ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම ලැබී නොතිබූ බව ඇය පවසයි.

“ඔබ පර්යේෂකයන් රැස් කරන දත්ත දෙස බැලුවහොත්, අප්රිකාව ඇතුළු ඇතැම් ජනගහනයකට ඇත්තේ එකම එක උකුණෙකු පමණි. එබැවින් නියැදීමේ ප්‍රමාණයේ ගැටලුවක් තිබේ.” ඇය කියා සිටියි.

Neanderthals

ඉදිරි වැඩ කටයුතුවල දී මෙම දත්ත පරතරය නිවැරදි කෙරෙනු ඇත. තවද, අපගේ මානව මුතුන් මිත්තන් සහ  නියැන්ඩර්තාල්වරුන් අතර පැරණි අන්තර්ක්‍රියා පිළිබඳ අපගේ හිස උකුණන් තුළ සංඥා සෙවීමට Ascunce සහ ඇයගේ සගයෝ සැලසුම් කරති (නියැන්ඩර්තාල්වරුන්ගේ හිසෙහි ඔවුන්ටම පොදු උකුණන් සිටින්නට ඇත). මෙකී අන්තර්ක්‍රියාවලට “නිදා ගැනීමේ ස්ථාන බෙදාහදා ගැනීමේ සිට අන්තර් අභිජනනය දක්වා ද, සටන් කිරීම දක්වා ද ඕනෑම ආකාරයක සමීප සම්බන්ධතාවක්” ඇතුළත් වන්නට ඇතැයි ඇය පවසයි.

එකක් කිව යුතුය; කිසිම රස රහසක් ‍රැකගැනීමට හිස් උකුණන් හට නොහැක!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending