දේශගුණික විපර්යාස සමඟ  ඔවුන්ගේ අනුවර්තනයවීමේ වාසිය සත්ව ස්නායු පද්ධතියට අහිමි වී යා හැක. PM Images/DigitalVision via Getty Images

දේශගුණික විපර්යාස සතුන්ගේ මොළය සහ හැසිරීම වෙනස් කරයි: එය සිදුවන්නේ කෙසේ දයි ස්නායු විද්‍යාඥයෙක් පැහැදිලි කරයි

Drexel විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්වය, පෘථිවි හා පරිසර විද්‍යාව සහ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Sean O’Donnell

මිනිසා විසින් මෙහෙයවන දේශගුණික විපර්යාස පෘථිවියේ ජීවන පරිසරය හැඩගැස්වීම වැඩි වෙමින් පවතී. උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතනයේ සහ සෘතු ස්වභාවයේ වේගවත් විස්ථාපනයවීම් සහ සාගර ආම්ලිකතාවය බොහෝ සත්ව විශේෂ සඳහා ටිබුනාට වඩා වෙනස් වූ පරිසරයන් සපයයි.  බොහෝ විට ආන්තික, මෙම නව තත්වයන්ට සතුන් හැඩ ගැසෙන්නේ කෙසේද?

වෙනස්වන දේශගුණයට ප්‍රතිචාර දක්වන ආකාරය  සහ සීමා කිරීම යන දෙකෙහි දී ම, සත්ව ස්නායු පද්ධතිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජීව විද්යාඥයෙකු සහ ස්නායු විද්යාඥයෙකු ලෙස මාගේ ප්‍රධාන පර්යේෂණ අවශ්‍යතා දෙකකි:  ඉන් එකක් ආන්තික උෂ්ණත්වයන්ට මුහුණ දීමට සතුන් හැඩගැසෙනේ කෙසේද යන්න තේරුම් ගැනීමට සම්බන්ධ වේ. සතුන්  සත්ව ස්නායු පද්ධති, විශේෂයෙන්ම මොළයෙහි ව්යුහය සහ කාර්යය  හැඩගස්වන බලවේග හඳුනා ගැනීම දෙවැන්නයි. මෙම අවශ්‍යතාවල විවඡේදනය, සත්ව ස්නායු පද්ධතිය කෙරෙහි දේශගුණයේ බලපෑම් සහ වේගයෙන් විස්ථාපනය වන පරිසරයන්ට සතුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමට මා යොමු කළේය.

ඉන්ද්‍රිය හඳුනාගැනීම, මානසික සැකසුම් සහ හැසිරීම් දිශාව යනාදී වශයෙන් ස්නායු පද්ධතියේ සියලුම ප්‍රධාන කාර්යයන්  තීරණාත්මක වේ. ඒවා, සතුන්ට ඔවුන්ගේ පැවැත්මට සහ ප්‍රජනනයට හැකි වන පරිදි ඔවුන්ගේ පරිසරයේ සැරිසැරීමට ඉඩ සලසයි. දේශගුණික විපර්යාස මෙම කාර්යයන් කෙරෙහි බලපානු ඇත, බොහෝ විට ඒ බලපෑම නරක අතටය.

සංවේදී පරිසරයන් මාරු කිරීම

වෙනස්වන උෂ්ණත්වය,– සූර්යාලෝකයෙන් ශක්තිය නිපදවන ශාකවල සිට ශාක මෙන්ම අනෙකුත් සතුන් පරිභෝජනය කරන සතුන් දක්වා — පරිසර පද්ධතිවල ශක්ති සමතුලිතතාවය විස්ථාපනය කරයි.  එහි ප්‍රතිඵලය ලෙස සතුන් අත්විඳින සංවේදී ස්වභාවයන් වෙනස් කරයි. දේශගුණික විපර්යාස, පෙනීම සහ රසයේ සිට සුවඳ සහ ස්පර්ශය දක්වා ඔවුන්ගේ සියලු ඉන්ද්‍රියයන්ට අභියෝග කිරීමට ඉඩ ඇත.

ක්ෂීරපායින් වැනි සතුන්  ඔවුන්ගේ ස්නායු පද්ධතිය තුළ තාපයට සහ සීතලට ප්‍රතිචාර දක්වන විශේෂ ප්රතිග්රාහක ප්රෝටීන උපයෝගීකරගෙන් මධ්‍යස්ථ හා අධික උෂ්ණත්වයන් අතර වෙනස හඳුනා ගනිමින්, උෂ්ණත්වය අර්ධ වශයෙන් වටහා ගනී. . මෙම ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන සුදුසු වාසස්ථාන සොයාගැනීමට සතුන්ට උපකාර කරන අතර, වෙනස්වන උෂ්ණත්වයට සතුන් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ද ඉටු කළ හැකිය.

වාසස්ථානයක් තෝරා ගැනීම, ආහාර සොයා ගැනීම සහ සහකරුවන් තෝරා ගැනීම වැනි ගැටළු විසඳීමේ දී සතුන් විශ්වාසය තබන  පාරිසරික ඉඟි දේශගුණික විපර්යාස නිසාවෙන් අවුල්වෙයි. පරපෝෂිතයන් සහ ව්යාධිජනක සම්ප්රේෂණය කරන මදුරුවන් වැනි සමහර සතුන් තම පරිසරයට අනුහුරුවීමට උෂ්ණත්ව අනුක්‍රමික මත රඳා පවතී. මදුරුවන් ධාරකයන් සොයන්නේ කොතැනද සහ කොයිවෙලාව ද යන්න උෂ්ණත්ව විස්ථාපන අනුව වෙනස් වන අතර එය රෝග සම්ප්‍රේෂණයේ වෙනස්කම් වලට තුඩු දෙයි.

මිනිසුන් තම ප්‍රියතම සත්කාරකයින් ලෙස ගැනීමට, දේශගුණික විපර්යාස  වැඩි වැඩියෙන් මදුරුවන්ව යොමු කරයි.

එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට හෝ තරඟකරුවන්ට හානි කිරීමට සතුන් භාවිතා කරන රසායනික සංඥා වලට දේශගුණික විපර්යාස  බලපාන ආකාරය, රසායනික සංයෝග උෂ්ණත්වයට ඉතා සංවේදී බැවින් විශේෂයෙන් සංකීර්ණ විය හැක.

දිවා ආලෝකයේ සෘතුමය වෙනස්වීම් වැනි කලින් දැන සිටි විශ්වාසදායක තොරතුරු මූලාශ්‍ර අසම්බන්ධ වන විට,  ඒවායේ ප්‍රයෝජනය නැති වී යා හැක. මෙය, දිවා කාලයී දිග සහ ශාක මල් සහ ගෙඩි හට ගැනීම  අතර සම්බන්ධය බිඳවැටීමට මෙන්ම  දිවා කාලයේ දිග තවදුරටත් සම්පත් ඇති බව පුරෝකථනය නොකරන විට  ශිශිරතරණය සහ සංක්‍රමණය වැනි සත්ව හැසිරීමට බාධා කිරීම් හටගැනීමට හේතු විය හැක.

මොළය සහ සංජානනය වෙනස් කිරීම

සත්ව මොළ වර්ධනය වන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය, උෂ්ණත්වය ඉහළ යාම මගින් කඩාකප්පල් කළ හැකි අතර, නව පරිසරයන්ට ඵලදායී ලෙස අනුවර්තනය වීමට  ඒවාට ඇති හැකියාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

උෂ්ණත්ව අන්ත   ජානමය සහ ව්යුහාත්මක මට්ටමේ දී තනි, තනි නියුරෝන වෙනස් කළ හැකි ආකාරය මෙන්ම සමස්තයක් ලෙස මොළය සංවිධානය වී ඇත්තේ කෙසේද යන්න පර්යේෂකයන් ලේඛනගත කර ඇත.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සාගර පරිසරයන්හිදී, සාගර ආම්ලිකකරණය වැනි දේශගුණික බලපෑමෙන් සිදුවන ජල රසායන විද්‍යාවේ වෙනස්වීම් සතුන්ගේ සාමාන්‍ය සංජානන ක්‍රියාකාරිත්වයට සහ ගල්පර මාළු සහ මෝරුන්ගේ ගන්ධ ලුහුබැඳීම වැනි සංවේදී හැකියාවන්ට බලපාන බවයි.

හැසිරීම අවුල්වීම්

ඔවුන් භාවිත කරන ක්ෂුද්ර වාසස්ථාන වෙනස් කිරීමේ සිට  ඔවුන්ගේ භූගෝලීය පරාසයන් වෙනස් කිරීම දක්වා ස්ථාන මාරු කිරීම මගින් සතුන් දේශගුණික විපත්වලට ප්‍රතිචාර දැක්විය හැක

දවසේ වෙනස් කාල පරිච්ඡේද හෝ  වෙනත් සෘතු වෙත යොමුවීමෙන් ක්‍රියාකාරකම් ද මාරු විය හැක.  මෙම චර්යාත්මක ප්‍රතිචාර සතුන් නිරාවරණය වන පාරිසරික උත්තේජක සම්බන්ධයෙන් වැදගත් ඇඟවුම් ඇති කළ හැකිය.

සර්ප විශේෂ වනාන්තර සහිත වාසභූමි වෙතට යොමු කරයි: කැදැල්ලේ වසන පක්ෂීන්ගේ විලොපිතයන් එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිවීම, තිරසාර මට්ටම්වලට වඩා ඉහළ යා හැකිය. Rapeepong Puttakumwong/Moment via Getty Images

නිදසුනක් වශයෙන්, උණුසුම් වන සාගරයන්හී වසන මසුන්, ඔවුන්ගේ දෘශ්‍ය පද්ධතිවලට හුරුපුරුදු ආලෝකයේ තීව්රතාවය සහ වර්ණ පරාසයන්ට  තීරණාත්මක ලෙස වෙනස් වූ සිසිල්, ගැඹුරු ජලය වෙත මාරු වී ඇත. තවද, සෑම විශේෂයක්ම ඔවුන්ගේ හැසිරීම් එකම ආකාරයෙන් වෙනස් නොකරන නිසා, නව වාසස්ථානයකට, දවසේ නව වේලාවකට හෝ වෙනස් ස්ර්තුවකට මාරුවෙන මත්ස්‍ය විශේෂයන්, ආහාරයට ගන්නා ශාක සහ ගොදුරු සතුන්, තරඟකරුවන් සහ විලෝපිකයන් සහ රෝග කාරක ඇතුළුව නව ස්වභාවයන්ට මුහුණ දෙන්නට සිදුවේ.

දේශගුණික විපර්යාස මගින් මෙහෙයවනු ලබන චර්යා මාරුවීම්, සංකීර්ණ සහ අනපේක්ෂිත ප්‍රතිඵල සමඟින් ලොව පුරා පරිසර පද්ධති ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

සුවිකාර්යතාව හා පරිණාමය

ඒ ඒ පාරිසරික අත්දැකීම්වලට ගැලපෙන ගැලපෙන පරිදි වර්ධනය වී ඇති සතුන්ගේ මොළය, කැපී පෙනෙන ලෙස නම්‍යශීලීය.  වැඩිහිටි වියේදී පවා සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට ඒවාට හැකියාව ඇත.

කෙසේවෙතත්, විශේෂ සංසන්දනය කරන අධ්‍යයනයන් පෙන්වන්නේ මොළයේ පරිණාමය මත පාරිසරික බලපෑම් බොහෝ ප්‍රබල බවයි. එක් එක් විශේෂයේ ක්‍රියාකාරකම් අවකාශයේ සංවේදී පරිසරයන්ට ගැලපෙන පරිදි සත්ව ස්නායු පද්ධති පරිණාමය වේ. මෙම රටා යෝජනා කරන්නේ නව දේශගුණික පිළිවෙලවල, ස්නායු පද්ධති පරිණාමය වීමට බල කිරීමෙන් අන්තිමේ දී ඒවා හැඩගස්වනු ඇති බවයි.

ප්‍රවේණික විද්‍යාව මොළයේ වර්ධනයට ප්‍රබල බලපෑමක් ඇති කරන විට, දේශීය පරිසරයට සියුම් ලෙස අනුවර්තනය වන ස්නායු පද්ධතිවලට දේශගුණික විපර්යාස සමඟ ඔවුන්ගේ අනුවර්තන වාසිය අහිමි වීමට පුළුවන. මෙය නව අනුවර්තන විසඳුම් සඳහා මග පෑදිය හැක. සංවේදී උත්තේජක සහ සෘතුමය ඉඟිවල පරාසය සහ වැදගත්කම වෙනස් වන විට, ස්වභාවික වරණය නව සංවේදී හෝ සංජානන හැකියාවන් ඇති අයට අනුග්රහය දක්වනු ඇත.

ජාන අනුවර්තන ස්නායු පද්ධතියේ සමහර කොටස් සීමා කර ඇත  අනෙක් ඒවා වඩාත් සුවිකාර්ය වන අතර පාරිසරික තත්ත්වයන්ට ප්රතිචාර දක්වයි.  වේගයෙන් වෙනස් වන පරිසරයන්ට සත්ව ස්නායු පද්ධතිය අනුවර්තනය වන ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක් දේශගුණික විපර්යාස, සියලුම විශේෂයන්ට බලපාන ආකාරය ගැන අනාවැකි පලකිරීමට උපකාරී වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending