එළුවන් ඇතුළු සමහර සත්තු සාමාන්‍යයෙන් එකවර පැටවුන් දෙදෙනෙකු බිහි කරති. Image Source via Getty Images

ඕනෑම දෙමව්පියෙකුගෙන් අහලා බලන්න – පවුලට අලුත උපන් බිළිඳකු පිළිගැනීමට සිදුවුවහොත්, එය සතුටට කරුණක් බව කියාවි; ඒත්, ඒ සමග වැඩ අධික වෙන බවත් කියාවි. ඉතින්, හිතන්නකෝ අළුතෙන් එකතු වෙන්නේ ළදරුවන් යුගලයක් , ඒ කියන්නේ නිවුන් දරුවන් නම්? දෙමව්පියන්ට ඔවුන්ගේ වැඩකටයුතු කරගැනීම සඳහා සැබෑ කැප කැප කිරීමක් කරන්න වෙන්වා.

බොහෝ සත්ව විශේෂ ගතහොත් එකවර දරුවන්(පැට්වුන්) කිහිප දෙනෙකු බිහි කිරීම සාමාන්ය දෙයකි. හැබැයි, සූකර(ඌරු) අම්මලා නම් එකවර පැටවුන් 11ක් පමණ හෝ ඊට වැඩියත් බිහිකරනවා!

ඌරන් යනු විශාල පැටවුන්සංඛ්යාවක් බිහි කරන එක් විශේෂයකි. Arthur Dries/DigitalVision via Getty Images

අප  මිසිසිපි ජනපද විශ්වවිද්යාල පශු වෛද්ය විද්යාලයේ පීඨ සාමාජිකයින්. වසර ගණනාවක් පුරා බලු පැටවුන්ඒ වගේම පූස් පැටවුන් උපදින අව්ස්ථා අපි එමට දැක තියෙනවා. සහ සත්ව මව්වරු සෑම විටම පාහේ පැටැව් ගණනාවක් බිහි කරනව — ඒති ඉතින් එකම උපන්දිනය සමරන ඒ සියලුම පැටැව් — සහෝදර සහෝදරියන් නිවුන්නු ද?

නිවුන්නු යනු එක කරලක ඇට දෙකකි.

නිවුන් දරුවන් ලෙස අර්ථ දක්වා ඇතත්තේ එකම ගැබ්ගැනීමකින් බිහිවන ජනිතයන් දෙදෙනෙකු ලෙසය.

එම නිවුන්නු අනන්‍ය(identical)  විය හැකිය, එනම් එක් ශුක්රාණුවක් එක් ඩිම්බයක් සංසේචනය කළ අතර එය වෙනම සෛල දෙකකට බෙදී අනන්‍ය හෙවත් එක සමාන ළදරුවන් දෙදෙනෙකු දක්වා වර්ධනය වීමයි. ඔවුන් එකම DNA බෙදාහදා ගන්නා අතර, නිවුන් දරුවන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගත නොහැකි වන්නේ එබැවිනි.

නිවුන්නු,  භාතෘක(සහෝදර)  නිවුන් දරුවන්  (fraternal) වන්නට ද පුළුවන.  වෙන වෙනම ඩිම්බ දෙකක් එකම අවස්ථාවේදීම තනිව සංසේචනය වූ විට ප්රතිඵලය එයයි. සෑම නිවුන් දරුවෙකුටම මවගෙන් සහ පියාගෙන් ආවේනික ජාන කට්ටලයක් ඇත. එක්කෙනෙක් පිරිමි වෙන්නත් පුළුවන්, ගැහැණු කෙනෙක් වෙන්නත් පුළුවන්. සහෝදර නිවුන් දරුවන් මූලික වශයෙන් ඕනෑම සහෝදර සහෝදරියන් සමූහයකට සමාන ය.

භාතෘක(සහෝදර) නිවුන් දරුවන් වෙන වෙනම සංසේචනය කරන ලද ඩිම්බ දෙකකින් බිහි වන අතර සමාන නිවුන් දරුවන් එක් සංසේචනය කළ ඩිම්බයකින් ආරම්භව කළල දෙකක් නිර්මාණය කරයි. Veronika Zakharova/Science Photo Library via Getty Images

ආසන්න වශයෙන් එක්සත් ජනපදයේ මිනිස් ගැබ්ගැනීම් වලින් 3% ක්, නිවුන් දරුවන් බිහි කරති. ඒවායින් බොහොමයක් සහෝදර නිවුන්නුය. ආසන්න වශයෙන් සෑම නිවුන් යුගල තුනකින් එකක් අනන්‍ය නිවුන්නුය.

එක් සත්ව මවකගෙන් පැටව් ගණනාවක්

සෑම සත්ව වර්ගයකටම එක උපතකට, ඔවුන්ටම සම්මත පැටවුන් සංඛ්යාවක් ඇත. සුරතල් සතුන් හෝ ගොවිපල සතුන් ලෙස ඇති කරන ගෘහාශ්රිත විශේෂ ගැන  දැන ගැනීමට මිනිනිසු වැඩිපුරම නැඹුරු වෙති.

නුමුහුම් සුනඛයින් අතරේ, එකවර වැදූ පැටව් ගොන්නවල්(litters)10,000 කට වඩා වැඩියෙන් සමීක්ෂණය කළ එක් අධයනයක දී සොයා ගන්නා ලද්දේ සුනඛ වර්ගයේ ප්රමාණය අනුව සාමාන්ය බලු පැටවුන් සංඛ්යාව වෙනස් වන බවයි.  සාමාන්යයෙන් රාත්තල් 10 (කිලෝග්රෑම් 4.5) ට වඩා අඩු බරැති – chihuahuas සහ toy poodles වැනි කුඩා වර්ගවල සුනඛයන්ගේ සාමාන්යයෙන් එකවර වැදූ පැටව් ගොන්නට, පැටවුන් 3.5 කි. සාමාන්යයෙන් රාත්තල් 100 (කිලෝග්රෑම් 45) ට වැඩි mastiffs සහ Great Danes  වැනි දැවැන්ත වර්ගවල සුනඛයන්,  එකවර වැදූ පැටව් ගොන්නට සාමාන්යයෙන් පැටව් හත් දෙනෙකුට වඩා වැඩිය.

එකවර වැදූ පැටව් ගොන්නකට, නිදසුනක් වශයෙන්, බලු පැටව් පැටවුන් දෙදෙනෙකු පමණක් සිටින වන විට, මිනිස්සු බලු පැටවුන් දෙදෙනා නිවුන් පැටවුන් ලෙස හැඳින්වීමට නැඹුරු වෙති.  එළු මවකට තනි පැටවකු හෝ පැටවුන් ගණනාවක් බිහි කළ හැකි වුවද. ගැබ්ගන්නා එළු මවකගෙන් බලාපොරොත්තු විය හැකි වඩාත් පොදු ප්රතිඵලය නිවුන් පටවුන්ය.  බැටළුවන්, බොහෝ විට නිවුන් දරුවන් බිහි කරන මුත් තනිව උපන් බැටළු පැටවුන් ද බහුලව දක්නට ලැබේ.

මාස 11 සිට 12 දක්වා ගැබ් කාලයක් ගත කරන  අශ්වයන් වාගේම, මාස නවයේ සිට 10 දක්වා ගැබ් දරා සිටින එළදෙනුන්, සාමාන්‍යයෙන් වරකට එක් පැටවෙකු  පමණක් බිහි කරන නමුත් නිවුන් පටවුන් ඇති විය හැක. කිරි ගවයින්ට සහ මසට ඇති කරන ගවයින් අතරේ  නිවුන් පැටවුන් පිළිසිඳ ගැනීම දිරිමත් කිරීම මූල්‍යමය වශයෙන් ප්රයෝජනවත් වනු ඇතැයි පශු වෛද්යවරු සහ ගොවීහු බොහෝ කලක සිට විශ්වාස කරති. මූලික වශයෙන් එක් ගැබ් ගැනීමක දී දරන වියදමට ගොවියාට පැටවුන් දෙදෙනෙකුම ලැබෙන හෙයිනි. එසේ වුවද, ගවයින් අතරේ නිවුන් දරුවන් හට ගැනීමෙන් එළදෙනට උපත් සංකූලතා ඇතිවීමෙ සහ අඩු පැවැත්ම අනුපාත අනුපාතයක් සහිත, ප්රමාණයෙන් කුඩා පැටවුන් බිහිවීමේ අවදානම ඇත.   අශ්වයන් තුළ නිවුන් ගැබ්ගැනීම් වල දී, ගැබ්ගැනීමේ සංකූලතා සහ දුර්වල පැටවුන්ගේ උපත යන දෙකටම හේතු වන  සමාන අවදානම් පැමිණේ.  

කුමන ආකාරයේ නිවුන් දරුවන් ද යන්නට පිළිතුර  DNA සතුව ඇත

එබැවින්, බොහෝ සතුන්ට නිවුන් පැටවුන් බිහි කළ හැකිය. කෙසේවෙතත්, වඩාත් සංකීර්ණ ප්රශ්නය වන්නේ එකට උපන් සත්ව පැටවුන් දෙදෙනෙකු, අනන්‍ය(එක සමාන) හෝ සහෝදර නිවුන් දරුවන් ද යන්නයි.

එකම පැටව් ගොන්නක උපත ලැබුවද, මෙම පූස් පැටවුන්ට විවිධ ජාන කට්ටල ඇත. Bozhdb/iStock Getty Images හරහා

බල්ලන්ගේ සහ බළලුන්ගේ ගැහැණු සත්තු එක් වරකට ඩිම්බ කිහිපයක් (ඩිම්බ) මෝචනය කරති. පිරිමි සතෙකුගේ නිශ්චිත ශුක්රාණු මගින් තනි තනි ඩිම්බ සංසේචනය කිරීමෙන් බහු කළල නිපදවෙයි. මෙම ක්රියාවලියේ ප්රතිඵලයක් ලෙස බලු පැටවුන් හෝ පූස් පැටවුන් පෙනුමෙන් බොහෝ දුරට සමාන වුවත්, ඔවුන් අනන්‍ය නොවන භාතෘක(සහෝදර) නිවූන්නු වෙති.

ජීව විද්යාඥයින් විශ්වාස කරන්නේ බොහෝ සතුන් අතරේ අනන්‍ය නිවුන් දරුවන් ඉතා දුර්ලභ බවයි. තේරුම් ගැනීමට අපහසු කාරනාව වන්නේ, බොහෝ විට, සත්ව සහෝදර සහෝදරියන් ප්පෙනුමෙන් බොහෝ සෙයින් සමාන වීමයි. පැටවුන් දෙදෙනෙකු ඇත්ත වශයෙන්ම සිය, සියලුම ජාන බෙදාහදා ගන්නේද යන්න තහවුරු කිරීම පිණිස පර්යේෂකයන්ට DNA පරීක්ෂණයක් සිදු කළ යුතුවේ. DNA පරීක්ෂණයෙන් අනන්‍ය හෙවත් එක සමාන නිවුන් සුනඛයන් සිටින බව තහවුරු වී අත්තේ  එකම එක් ලේඛනගත වාර්තාවකින් පමණකි. එහෙත් සංසේචනය වූ සත්ත්ව ඩිම්බ කොපමණ වාරයක් බෙදී සමාන නිවුන් සත්ත්ව පැට්වුන් බවට පත්වේදැයි කිසිවෙක් නිශ්චිතව නොදනිති.

ඒ වගේම විවිධ සතුන් අතර ප්රජනනය ද වෙනස්ය. නිදසුනක් වශයෙන්,  වෛරම් නවයක් සහිත ආමඩිලෝ සාමාන්යයෙන් අනන්‍ය සිව් නිවුන් පැටවුන්(quadruplets)  බිහි කරයි. ආමඩිලෝ මවක් ඩිම්බයක් මුදා හැර එය සංසේචනය වූ පසු, එය වෙනම සමාන සෛල හතරකට බෙදී සමාන පැටවුන් බවට පත්වේ. වෛරම් නවයක් සහිත ආමඩිලෝවන් ගේ  ඥාතියෙකු වන වෛරම් හතකින් යුත් ආමඩිලෝට එක වරකට සමාන පැටවුන් හතත් නවයත් අතර ඕනෑ ගණනක පැටැවුන්ට  උපත ලබා දිය හැකිය .

වෙනත් විශේෂවල නිවුන් දරුවන් සම්බන්ධයෙන් විද්යාඥයින්ට සහතික කොට කිව නොහැකි බොහෝ දේ තවමත්  ඇත. DNA පරීක්ෂණය සාමාන්යයෙන් සතුන් තුළ සිදු නොකරන නිසා, අනන්‍ය නිවුන් දරුවන් කොපමණ වාරයක් උපදිනවාද යන්න කිසිවකු දන්නේ නැත. කිසිවෙකු නොදැනුවත්වම සමහර විශේෂවල අනන්‍ය නිවුන් දරුවන් ඉපදීමට ඉඩ ඇත – සමහර විට ඉපදෙන්නට පවා  ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending