විමෝචන කපා හැරීම සඳහා ගෝලීය සම්මුතියක් සොයා ගැනීම දුෂ්කර බැවින්, සමහර විචාරකයන් පවසන්නේ විමෝචන ඉක්මනින් කපා හැරීම සඳහා ප්රධාන හරිතාගාර වායු දූෂකයන් අතර කුඩා මට්ටමේ බහුපාර්ශ්වික ගනුදෙනු වඩා ප්‍රායෝගික විය හැකි බවයි.

එක්සත් ජනපදය, චීනය දේශගුණික සාකච්ඡාවලට, COP 28 හි ප්රගතිය වේගවත් කළ හැකිද?
දේශගුණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා චීනය අතර නව සාකච්ඡා එළඹෙන එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික සමුළුව සඳහා දිරිගන්වන සංඥාවක් තැබිය හැකි නමුත්, එය ප්‍රායෝගික වන්නේ ලොව විශාලතම හරිතාගාර වායු දූෂකයින් ඔවුන්ගේ ප්‍රකාශයන්, ක්‍රියාවෙන් අනුගමනය කරන්නේ නම් පමණි.
රටවල් දෙක ඉක්මනින් විශාල විමෝචන කප්පාදුවක් සිදු නොකළහොත්, පැරිස් ගිවිසුමේ සෙල්සියස් අංශක 1.5 ඉලක්කය ඉක්මවායමින් ලෝකය ඉක්මනින් උණුසුම් වීමට ඉඩ ඇතැයි නව පර්යේෂණ පෙන්නුම් කරයි. එහෙත් පසුගිය අඟහරුවාදා නිකුත් කරන ලද චීනයේ සහ එක්සත් ජනපදයේ ඒකාබද්ධ ප්රකාශයේ දේශගුණික ගැටලුවේ මූලය ලෙස පොසිල ඉන්ධන සඳහන් නොවීම විමතියට කරුණකි. එය පිළිගත් දේශගුණික ප්‍රතිඥා වලට පටහැනි ප්රතිපත්ති අනුගමනය කිරීමට රජයන්ට ඉඩ සලසන ප්රධාන අතපසුවීමක් ලෙස ක්රියාකාරීන් සහ බලශක්ති විශ්ලේෂකයින් බොහෝදෙනෙක් සලකති.
එහෙත් එක්සත් ජනපදය සහ චීනය අතර සහයෝගීතාවය විමෝචනය අඩු කිරීම සඳහා යම් සැබෑ ප්රගතියක් කරා ගෙන යන්නේ නම්, ඉන් රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් සම්මුතියකට ගැනීමේ කාලය නාස්තිවන, එමෙන්ම ඉටු කරගැනීමට අපහසු ක්‍රියාවලිය මගහරවාගැනීමේ දී, වඩාත් පුළුල් COP ක්රියාවලියට වාසියක් විය හැකිය යි සමාජ විද්යාඥයෙක් කාඩිෆ් විශ්ව විද්යාලයේ සමාජ විද්යාඥයෙකු වන Aaron Thierry කියයි.
එහි ප්රතිඵලයක් වශයෙන්, සමහර ජාත්යන්තර දේශගුණ ප්රතිපත්ති විශ්ලේෂකයින් විමෝචනය කපා හැරීමේ සැබෑ ප්රගතියක් ඇති කර ගැනීමට නම්, ඇතැම් ප්‍රධාන රටවල් අතර ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කිරීමේ යෝග්‍යතාව ගැන සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇති බව ඔහු පෙන්වාදෙයි.
“සියලුම විමෝචනවලින් අඩක්ම පමණ පැමිණෙන්නේ රටවල් කිහිපයකින් ” Thierry වැඩිදුරටත් පවසයි. “ඔවුන් එකට එක්වී සකච්ඡ කළ යුතුයි. පසුව, ඔවුනොවුන් අතර යම් සම්මුතියක් ඇති කරගත් පසු, න්යාය පත්රය සකස් වෙන නිසා සෑම කෙනෙකුම එකතුවෙන්න පටන් ගන්නවා.”
එවැනි සම්මුති ගිවිසුම් මගින් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (United Nations Framework Convention on Climate Change – UNFCCC) ක්රියාවලිය වෙනුවට ආදේශ කළ යුතු නැත; නමුත් එම පුළුල් ගෝලීය උත්සාහය ඒවයින් වැඩි කළ හැකි බව ඔහු කියයි.
තවද, දේශගුණ වාර්ෂික සමුළු පවත්වන අතර වාරයේ, විශාල දූෂක රටවල් අතර සහයෝගීතාවය, COP වටා සෑම වසරකම ගොඩනැගෙන පීඩනයෙන් යම් තරමකට හෝ නිදහස් විය හැකිවා සේම, සෑම නව වාර්ෂික සාකච්ඡා දේශගුණය නිවැරදි කිරීම සඳහා යම් ආකාරයක මායාමය විසදුමක් ලබා දෙනු ඇතැයි යන අපේක්ෂාව COP වාර්ෂික සමුළු වටා පීඩනයක් ගොඩනගයි.
එම අපේක්ෂාවන් අයෝග්‍ය බව Thierry පෙන්වා දෙයි. ඊට හේතුව, දේශගුණය සම්බන්ධයෙන් අත් පත් කර ගත හැකි ප්රගතිය, වාර්ෂික සමුළුවේ පෙරළිකාර ගිවිසුමකින් නොව, ජාතික ආන්ඩු විසින් ගනු ලබන වඩාත් තීරනාත්මක සහ ස්ථාවර ක්රියාමාර්ගයකින් පැමිණෙනු ඇති බැවිනි. එපමණක් ද නොව, COP වාර්ෂික සමුළු මගින් දේශගුණික ප්රාතිහාර්යයක් පාන තුරු බලා සිටීමෙන් බහුතර ජනතාව සහ රටවල දායකත්වය හා වගකීම හීනව යා හැකි බැවින් එය ඔවුන් විසින්ම ක්රියා මාර්ග ගනු ලැබීම වෙනුවට බාහිර විසඳුමක් සපයන තුරු බලා සිටීමට ඔවුන් පොළඹවනු ලබන බව ඔහු පෙන්වාදෙයි.

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත COP28 සමුළුව, පැරිස් දේශගුණික ගිවිසුම පියර වශයෙන් ක්රියාත්මක කිරීමේ වර්ධක මාවතේ තවත් පියවරක් වන අතර, එක්සත් ජාතීන් ‘තොග පරීක්ෂාව’(stocktake) ලෙස හඳුන්වන ඉලක්කය කරා යන ප්රගතිය පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂණයක් වනු ඇත. සෑම වසර පහකට වරක් නියම කරන ලද ‘තොග පරීක්ෂාව’ පැරිස් ගිවිසුමේ වැදගත් කොටසකි. එමගින්, වැඩි විමෝචන කප්පාදු සඳහා යාවත්කාලීනකරමින් දෙන ප්‍රතිඥා සමගින් අභිලාෂය වැඩි කිරීමට අදහස් කෙරේ.
‘තොග පරීක්ෂාවට’ පටන් ගන්නත් පෙර, මෑත කාලීන වාර්තා කිහිපයක් පෙන්නුම් කරන්නේ ගෝලීය දේශගුණික ක්රියාමාර්ග ඉලක්කවලට වඩා ඉතා පහළින් ඇති බවයි, ඇස්තමේන්තු අනුව ලෝකය දැන් සෙල්සියස් අංශක 2.5 සිට 2.7 දක්වා උනුසුම් වීමකට යොමු වී ඇති අතර එය දේශගුණික බලපෑම් ඇතිවීමේ අවදානම දැඩි ලෙස ඉහළ නංවයි. බහු ආංගික, එකවර සිදුවන බෝග අසාර්ථක වීම සහ 2050 වන විට ගෝලීය වශයෙන් තාප මරණ සංඛ්යාව තුන් ගුණයකින් වැඩි කළ හැකි පුලුල්ව පැතිරුනු සහ නොනැසී පවතින, ජීවිතයට තර්ජනයක් විය හැකි තාප තරංග බලපෑම් අතරවේ.
“මේ තත්ත්වය වෙනස් කිරීමේ ඉඩකඩ බොහෝ හීන බව එක්සත් ජනපද-චීන ඒකාබද්ධ ප්රකාශයේ යොදාගෙන ඇති ඇල්මැරුණු භාෂාව පෙන්නුම් කරන්නේ ය “යි වොෂින්ටනයේ, ලාභ නොලබන දේශගුණ විශේෂඥ උපදේශක ආයතනයක් වන World Resource Institute හී දේශගුණ ප්රතිපත්ති විශ්ලේෂකයෙකු වන David Waskow පවසයි. “එහෙත් ගෝලීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා රටවල් දෙකම, වේගවත්ව හරිතාගාර වායු අඩු කිරීම බෙහෙවින් වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පෙන්ව දෙයි. මෙම ඒකාබද්ධ ප්රකාශයේ
2030 වන විට ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් වැඩි කිරීමට ඝ්20 නායකයින් ලබා දුන් පොරොන්දුව පුනරුච්චාරණය කර තිබීම දේශගුණික ක්රියාමාර්ග ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇත්තේ අවසාන COP28 ප්රතිඵලය තුළ පැහැදිලි කැපවීමකින් පිළිබිඹු වන්නේ නම් පමණකැයි ඔහු කියයි.
“නමුත් COP28 රාජ්‍ය නායක සමුලුවේ කේන්ද්රීය ප්රශ්නය වනු ඇත්තේ මෙම දශකයේ දී ෆොසිල ඉන්ධන වලින් සීඝ්රයෙන් සංක්රමණය වීමේ අවශ්යතාවයයි. ඉතින්, ඒ ගැන රටවල් දෙකම කිසිවක් ප්රකාශ නොකර සිටීම බලාපොරොත්තු සුන් කරවන සුළුය,” ඔහු ප්‍රකාශ කර සිටියි.
මීතේන් අඩුකිරීමේ ප්රගතිය?
ඔවුන්ගේ මීළඟ ජාතික දේශගුණ සැලසුම්වලට මීතේන් විමෝචන අඩුකිරීම ඇතුළත් කිරීමට දෙරටේ එකඟතාවකට එළඹීම ද වැදගත් වන්නේ එය පැරිස් ගිවිසුම යටතේ චීනයේ දැනට දී ඇති ප්රතිඥාවට ඇතුළත් නොවීම නිසා සහ චීනය ලොව විශාලතම මීතේන් විමෝචකයා ද වන බැවිනි. බොහෝ රටවල CO2 විමෝචනය සැලකිය යුතු ලෙස කපා හැරීමට අපොහොසත් වීමෙන් පසු මෑත වසරවලදී දේශගුණික ප්රතිපත්ති සම්පාදකයින් මීතේන් අඩු කිරීමේ සැලසුම්වලට වැඩි වැඩියෙන් නැඹුරු වී ඇත. නව ඒකාබද්ධප්රකාශයේ දී, එක්සත් ජනපදය සහ චීනය COP 28 හි දී, මීතේන් සහ CO2 නොවන හරිතාගාර වායු සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් සඳහා සෙසු රටවලට ආරාධනා කරනු ලැබ ඇත.

මීතේන්, වසර 20ක් පුරාවට CO2ට වඩා 81 ගුණයක වායුගෝල තාපයක් හසුකර ගනී. එබැවින් CO2 අඩු කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග ඉහළ යන බැවින් (මීතේන්) විශාල ලෙස අඩු කිරීමෙන් කෙටි කාලීන වශයෙන් උනුසුම් වීම වළක්වා ගැනීමට උපකාරී වේ. එහෙත්, වායුගෝලීය මීතේන් සාන්ද්රණයේ මෑත කාලීන ඉහළ යාමේ විශාලතම ධාවකය ගොඩබිමේ සහ මුහුදේ ඇති ස්වාභාවික ප්රභවයන් බව පෙන්නුම් කරන මෑත පර්යේෂණ ඇති අතර වර්තමාන මට්ටම පවා පෘථිවියේ දේශගුණය දැනටමත් වඩා වෙනස්, වඩා උණුසුම් රටාවකට යොමු වෙමින් පවතින බව පෙන්නුම් කරයි.
කෙසේවෙතත්, මානව ක්රියාකාරකම් වලින් මීතේන් විමෝචනය මැඩපැවැත්වීම නුදුරු කාලීනව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරනු වස් රජයන්ට කළ හැකි හොඳම දේවලින් එකක් බව පුළුල් ලෙස සැලකේ.
“එය තමයි විශාලතම සහ එය තමයි අපට කළ හැකි වේගවත්ම දෙය” ය යි වොෂින්ටනයේ පිහිටි පරිසර සංවිධානයක් වන Institute for Governance and Sustainable Development සභාපති Durwood Zaelke කියයි. මෑතක එක්සත් ජාතීන්ගේ තක්සේරුවක් දක්වන්නේ, 2030 වන විට මීතේන් විමෝචනය සියයට 45 කින් අඩු කිරීමෙන් 2040 දශකය වන විට, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 0.3 ක් පමණ වැළකෙනු ඇත.
නොවැම්බර් 7 වන දින ප්රසිද්ධියට පත් කරන ලද ඒකාබද්ධ ප්රකාශය, නිකුත් වන්නේ, දිගු කලක් අපේක්ෂාවෙන් සිටි, මීතේන් විමෝචන මැඩපැවැත්වීමේ චීනයේ නිල සැලැස්ම මුදා හැරීමෙන් පසුවය. විමෝචන නිරීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා පද්ධති සංවර්ධනය කිරීම, ගල් අඟුරු පතල් සහ තෙල් නිධි වලින් මීතේන් ග්රහණය කර ප්රයෝජනයට ගැනීම සහ, කෘෂිකාර්මික හා ගොඩකිරීම් වලින් විමෝචනය අඩු කිරීම එම සැලැස්මට ඇතුළත් වේ.
එක්සත් ජනපදය ඇතුළුව රටවල් 150කට ආසන්න ප්රමාණයක් 2030 වන විට මීතේන් විමෝචනය සියයට 30 කින් කපා හැරීමේ අරමුන ඇති ගෝලීය මීතේන් ප්රතිඥාවකට අත්සන් කර ඇත. චීනය ඊට අත්සන් කර නොමැති අතර, මෑතකදී එරට විසින් නිකුත් කරන ලද මීතේන් සැලැස්ම විමෝචනය අඩු කිරීම සඳහා සමස්ත ඉලක්කයක් හෝ කාලසටහනක් නොදක්වන්න්නේ යයි පෙන්වාදෙන Zaelkeපවසන්නේ එය, බැඳීමකින් තොර ගෝලීය මීතේන් ප්රතිඥාවෙන් ඔබ්බට යන බවයි.
ප්‍රකාශනයෙන් පසු යුරෝපා සංගමය(EU) ස්වාභාවික ගෑස් ආනයනය ඇතුළුව මීතේන් විමෝචනය සඳහා නව සීමා කිරීම් පනවන බව වහා නිවේදනය කළේය. මෙම පියවර, COP28 වන විට, මීතේන් විමෝචනය මැඩපැවැත්වීමේ ප්රමුඛ ගෝලීය ප්රයත්නයන් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂිතයි. ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් ගැනුම්කරු විසින් යෝජිත, 2030 දී ආරම්භ වීමට නියමිත මීතේන් ප්රමිතිය අනුව, ස්වභාවික වායු සහ අනෙකුත් ෆොසිල ඉන්ධන සඳහා “උපරිම මීතේන් තීව්රතාවය” සකසනු ඇ ත. යුරෝපා සංගමය වෙත ආනයනය් කරනු ලබන ඊට ඵලදායි ලෙස අනුකූල නොවන ඉන්ධන සඳහා ගාස්තුවක් අය කිරීමට ඉන් අවකාශ සැලසෙයි,
නයිට්රස් ඔක්සයිඩ්(nitrous oxide) සහ හයිඩ්රොෆ්ලෝරෝකාබන් (hydrofluorocarbons – HFCs), අනෙකුත් CO2 නොවන හරිතාගාර වායු විමෝචනය වැළැක්වීමේ ප්රයත්නයන් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදය සහ චීනය එකඟ වී ඇත්. මීතේන් සමඟ HFC සහ අනෙකුත් කෙටි කාලීන දේශගුණ දූෂක අවම කිරීම හරහා 2050 වන විට අතිරේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.6 කින් වළක්වා ගත හැකිය.
Inside Climate News(15th November, 2023) හී පළවන Can US, China Climate Talks Spur Progress at COP28? යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න