ප්ලාස්ටික් නැනෝ අංශු (කොළ), ප්‍රෝටීන් පොකුරු (රතු) සහ ලයිසොසෝම (නිල්).(ඩියුක් විශ්වවිද්‍යාලය)

නැනෝප්ලාස්ටික් පාකින්සන් රෝගයට සම්බන්ධ මොළයේ ප්‍රෝටීනවල වෙනස්වීම්වලට සම්බන්ධ බව අධ්‍යනයකින් හෙළිවෙයි

ප්ලාස්ටික් අපේ පරිසරය සහ සමහරවිට  කරදරකාරී ආකාරවලින් අපේ සෞඛ්යට පවා බලපායි. ප්ලාස්ටික් කුඩාම කොටස්, පාකින්සන් රෝගය ඇතුළු සමහර ඩිමෙන්ශියා වර්ග සමඟ සම්බන්ධ මොළයේ ප්‍රෝටීන වල වෙනස්කම් වලට අදාල වේ යයි දැන් සොයා ගනු ලැබ ඇත.

පොලිස්ටයිරීන් වලින්(polystystyrene) බිඳී ගිය නැනෝ ප්ලාස්ටික් සහ ප්‍රෝටීන් අතර සම්බන්ධය එක්සත් ජනපදයේ ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයා බලනු ලැබීය.alpha-synuclein

මෙම ප්‍රෝටීනයේ විකෘති ආකාර ගොඩ නැගීමක් මීට පෙර පාකින්සන් රෝගීන්ගේ මොළයේ සිදු වි ඇතැයි නිරීක්ෂණය කර ඇත .

“පාකින්සන් රෝගය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්නායු ආබාධය ලෙස හැඳින්වේ.”යයි ඩියුක් විශ්ව විද්‍යාලයේ ස්නායු ජීව විද්‍යාඥ සහ අධ්‍යනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන Andrew Westපව්සයි.

සාමාන්‍යයෙන්, ඇල්ෆා-සින්යුක්ලීන් ප්‍රෝටීන(alpha-synuclein proteins)  (රතු) ලයිසොසෝම (නිල්) අතරේ අන්වීක්ෂයකින් නොපෙනේ; එහෙත්, ප්ලාස්ටික් (කොළ) ගැටිති ඇති කරයි. (ඩියුක් විශ්ව විද්යාලය)

“පාර්කින්සන් රෝගය සඳහා පාරිසරික සාධක ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හැකි බව විවිධ දත්ත අංශ යෝජනා කරයි; එහෙත් එවැනි සාධක බොහෝ දුරට හඳුනාගෙන නොමැත.”

 ද්‍රාවන තුළ, රසායනාගාරයේ වර්ධනය කරන ලද සෛල සහ  ජානමය වශයෙන් නිර්මිත මීයන් තුළ සිදු කෙරුණු පර්යේෂණ මගින්  පාකින්සන් රෝගයට සමාන තත්වයක් වර්ධනය වීමට නැඹුරුතාවයක් තිබීම දැක්විණ.- විවිධ ආකාරයේ අත්හදා බැලීම් තුනකින් පෙන්නුම් කළේ ප්ලාස්ටික් තිබීමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ෆා-සින්යුක්ලීන් පොකුරු ආකර්ෂණය වූ බවය.

විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් වූයේ, පොලිස්ටිරින් නැනෝ අංශු සහ ඇල්ෆා-සින්යුක්ලීන් ප්‍රෝටීන් අතර, විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම හසුරුවන තැන වන සෛල ලයිසොසෝම තුල ඇති වූ දඩි රසායනික බන්ධනයි.

ප්ලාස්ටික්, නියුරෝන වල ස්වාභාවික පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට බාධා කරන බවට මෙහි සාක්ෂි තිබේ, එය නැවතත් අප යොමුකෙරෙන්නේ පාකින්සන් සහ එවැනි රෝග වෙතයි.

අප දැනට් අප සිටින තැනට වඩා ඉදිරියෙන් සිටීමට පෙර, මේවා තවමත් මුල් සොයාගැනීම් බව සැලකිල්ලට ගත යුතු අතර, තවමත් මිනිසුන් අතරේ කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත. නැනෝප්ලාස්ටික් සහ ඇල්ෆා-සින්යුක්ලීන් අතර සම්බන්ධය හෝ ඇල්ෆා-සින්යුක්ලීන් ගොඩගැසීම හා ඩිමෙන්ශියාව අතර සම්බන්ධය ද තවමත් පැහැදිලි නැත.

මොළයේ නියුරෝන නිරෝගීව තබා ගැනීම සඳහා ඇල්ෆා-සින්යුක්ලීන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කිරීම වටී – එය විකෘති වූ විට හෝ වැරදි ලෙස නැමුණු විට පමණක් ගැටළු ආරම්භ වේ. කෙසේ වෙතත්, මෙය පාකින්සන් වැනි රෝග සඳහා හේතුවක් ද නැතහොත් රෝග ලක්ෂණයක් ද යන්න තීරණය කිරීම තවමත් අසීරු කාර්යයක්  බව පෙණී යමින් තිබේ.

මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ නැනෝ ප්ලාස්ටික් ප්‍රෝටීන් මට්ටම් කෙරෙහි බලපෑමක් ඇති කරන බවයි. මීළඟ පියවර වන්නේ වඩාත් සමීපව සොයා බැලීමයි — ඒ සඳහා ප්ලාස්ටික් මට්ටම් සහ කුඩාම පරිමාණයේ දී, ඒවායේ රසායනික අන්තර්ක්‍රියා  නිරීක්ෂණය කිරීමට වඩා හොඳ නව තාක්ෂණයන් අවශ්‍ය විය හැකිය.

අප දැනටමත් දන්නා දෙය නම් අපගෙන් බොහෝ දෙනෙකුගේ රුධිරයේ  ප්ලාස්ටික් වල අන්වීක්ෂීය අංශු එහා මෙහා ගමන් කරන බවයි. එය, අපගේ සෞඛ්යයට බලපාන්නේ  කෙසේ දැයි සොයා බැලීම  ඉදිරි වසරවලදී පර්යේෂණවල තීරණාත්මක අංශයක් වනු ඇත.

“ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝප්ලාස්ටික් දූෂක, පිළිකාව සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග(autoimmune diseases) කෙරෙහි කෙරෙන ඒවායේ විභව බලපෑම සම්බන්ධයෙන් වඩා සූක්ෂමව ඇගයීමට ලක් කරමින් තිබෙන්නේ යයි” West පෙන්වා දන අතර, “අපගේ ආකෘතිවල අපට නිරීක්ෂණය කළ හැකි අන්තර්ක්‍රියාවල කැපී පෙනෙන ස්වභාවය යෝජනා කරන්නේ පාකින්සන් රෝගය සහ ඩිමෙන්ශියා අවදානම සහ ප්‍රගතිය මත නැනෝප්ලාස්ටික් අපවිත්‍ර දූෂක වැඩි වීම තක්සේරු කිරීමේ අවශ්‍යතාවයකි” යි කියයි.

මෙම පර්යේෂණය Science Advances හී ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending