සමහර  ගුද වාතගඳ ගඳ ගහන්නේ සහ සමහරක් ගඳ නැත්තේ ඇයි? සමහරක් ඒවා උණුසුම් වන්නේ ඇයි?

ප්‍රශ්නය අහන්නේ: ක්වීන්ස්ලන්තයේ Malenyහී 6 හැවිරිදි  Kian.

පිළිතුරු දෙන්නෙ: නිව්කාසල් විශ්ව විද්‍යාලයේ පෝෂණ හා ආහාර විද්‍යාව පිළිබඳ සම්මානලාභී මහාචාර්ය Clare Collins

කොහොමද Kian, ඔබගේ රසවත් ප්‍රශ්න වැලට ස්තූතියි!

ගඳ කියන එකෙන් පටන් ගනිමු. ගුද වාත(farts) ගඳද නැද්ද යන්න රඳා පවතින්නේ ඔබ කන දේ මත සහ ඔබට බඩේ අමාරුවක් තිබේද නැද්ද යන්න මතය.

බඩේ අමාරුවක් තිබීම හේතුවෙන් ඔබේ අසූචි වල ගඳ, විශේෂයෙන් ඔබට පාචනය (‘බඩ එලියයාම’) තිබේ නම් අසූචිවල ගන්ධය වෙනස්වෙන්න පුළුවනි.  මෙයට බලපාන්නේ, දිරවන්නේ නැති ආහාරවල ගඳ සුවඳ සහ ජීරණ හෙවත් ආහාර දිරවන පද්ධතියේ ක්ෂුද්‍ර ජීවීන් ද වේ.

දුර්ගන්ධය අධික ගුදවාත

ඔබේ ආහාර දිරවන විට,  ආහාර බිඳ දැමීමේ සාමාන්‍ය ක්‍රියාවලියේ කොටසක් ලෙස ඔබේ බඩවැල් වායුව නිපදවයි.

නිපදවන වායු අතරේ වැඩියෙන්ම නිපදවනු ලබන්නේ  කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් සහ මීතේන් වැනි – කොහෙත්ම ගඳක් වහනය නොවන වායූන්ය. ඔබට සමහර විට කිසිවෙකුට නොදැනෙන සේ ගුදවාතයක් පිටකිරීමට හැකිවන්නේ එහෙයිනි. එසේනමුත් සමහර ගුදවාතවල තිබෙන එක් වායුවක් ග‍ඳෙයි කියන්නේ, විස්තර කරන්න බැරි තරම් ගඳයි.  එය හැඳින්වෙන්නේ හයිඩ්රජන් සල්ෆයිඩ්(hydrogen sulphide) යනුවෙනුයි. එයට “කුණු බිත්තර වායුව” යන අන්වර්ථ නාමයක් ද ඇත.  මන්ද එය හරියටම කුණු බිත්තර වගේම ගඳ හෙයිනි.

මේ නිසා තමයි, සමහර විට ඔබට සුළු ගුද වායුවක් පිටවුණත්, අහළ පහළ  සෑම කෙනෙකුම ඔවුන්ගේ නාස් වසාගන්නේ. මෙම ගඳම ගඳ  ගුදවාතවල වැඩියෙන් හයිඩ්රජන් සල්ෆයිඩ් අඩංගු වෙයි.

ආහාර සහ ගුදවාත

ඔබ සල්ෆර් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර අනුභව කරන්නේ නම්, ඔබේ බඩවැලේ වැඩියෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිපදවනු ඇත. ඇතැම් එළවළු වල සල්ෆර් ගොඩක් තිබේ.  බ්රොකොලි, බ්රසල්ස් ස්ප්‍රවුට් ගෝවා, මල් ගෝවා, ගෝවා, ටර්නිප්ස් වැනි එළවළු වර්ගවල වැඩියෙන් සල්ෆර් අඩංගුවෙයි. මස් වලද එසේමය. ඔබ ඇත්තටම විශාල මස් කැබැල්ලක් අනුභවයට ගන්නේ නම්, ඔබේ ශරීරයට එය එකවර දිරවීමට අපහසු විය හැකිය.

ආහාර අපගේ බඩේ සිට, අපගේ බඩවැල් හරහා සහ ගුදය හරහා පිටතට ගමන් කරයි. Shutterstock

ආහාර දිරවන විට, ඒවා ඔබේ  උදරයයේ සිට මහා බඩවේල හෙවත් මහාන්ත්‍රකය() වෙත ගමන් කරයි. සල්ෆර් සහිත ආහාර එහි පැමිණි පසු, ඔබේ බඩවැලේ ඇති ක්ෂුද්‍ර ජීවීන් ඒවා බිඳ දමා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව නිපදවයි. එම වායුව වැඩියෙන් ගොඩ ගැසෙන විට ගුදවාතයක් ලෙස වාතය මුදා හැරුණොත්, අන්න එවිට එය ගන්දස්සාරේ ඉවසනු බැරි ගුද වාතයක් බවට පත්වෙයි.

 ඉතින් එහෙම නම් ගුදවාත සමහර විට උණුහුම් වන්නේ ඇයි?

ඔබේ සිරුර අභ්‍යන්තරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන්  ඉහළ අගයක් ගන්නා අතර එය, සාපේක්ෂව සිසිල් බවක් දක්වන පිටත වාතයේ උෂ්ණත්වයට වෙනස් නිසා ගුදවාත සමහර විට උණුසුම් බවක් දැනේ. මෙයින් අදහස් කරන්නේ ඔබේ මහ බඩවැලෙන් පිට වන විට ගුදවාතය උණුසුම් වන අතර ‘ගුදය’ ලෙස දැක්වෙන ඔබේ තට්ටම යට ඇති විවරය හරහා පිටවෙද්දී පිටත සාපේක්ෂව සිසිල් සම ස්පර්ශ කරයි. රස්නයක් ලෙස දැනෙන්නේ ඒ නිසයි.

ගුදවාත වේගයෙන් පිටවන විට ඔය කිව් උෂ්ණත්ව වෙනස එතරම් නොදැනේ. මන්ද ඔබේ ගුද සිදුර සමඟ එතරම් වේලා සම්බන්ධ නොවන නිසාවෙනි.   ගුද වාත උනුසුම් වීමට තවත් හේතුවක් තිබේ. සමහර විට පුද්ගලයින් ඇත්තටම සැර ආහාර අනුභව කිරීමෙන් පසු ඔවුන්ගේ පස්සා පැත්තේ  උණුසුම් හෝ දැවිල්ලක හැඟීමක් ඇති වේ. මෙයට හේතුව වන්නේ මිරිස් සහිත ආහාරවල කැප්සායිසින්(capsaicin) රසායනයයි .

ඔබ මිරිස් හෝ සැර කුළුබඩු සහිත ආහාර අනුභව කරන්නේ නම්, කැප්සායිසින් ඔබේ මුඛයේ දැවිල්ල ඇති කරයි. ඔබ අධික ලෙස සැර ආහාර අනුභව කරන විට, කැප්සායිසින් සමහරක් ඔබේ මහ බඩවැල දක්වා ගමන් කර ඔබේ මළ සමග පිට වී යයි. ඉතින්, ඔබ වැසිකිළියට යන විට කැප්සායිසින් ඔබගේ පස්සා පැත්තේ දැවීලක් ඇතිකරයි. ඇත්තටම පර්තික්‍රියාව සමානයි. සැර කෑම කන විට ඔබේ ‘කට දන්න’ පටන් ගනී.  ඔබේ මුඛයේ දැවෙන හැඟීම හා සමානව අනෙක් කෙළවරේ ද දැවීල හටගනී.

ගුදවාත වාරක යට ඇදුම්(Fart-proof undies) ඇති බව ඔබ දන්නවාද?

පර්යේෂකයන් මිනිසුන් ඇඳීමෙන් දුර්ගන්ධය අල්ලා ගත හැකිද යන්න පරීක්ෂා කිරීමට පර්යේෂණ කිහිපයක් සිදු කළේය

හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව අවශෝෂණය කරගත හැකි විශේෂ යට අඳුම් පුද්ගලයන්ට ඇඳීමට සැලැස්වීමෙන්  ගුදවාත ගඳ හසු කර ගත හැකිදැයි පර්යේක කණ්ඩායමක් අත්හදා බැලීම් සිදු කළහ. අත්හදා බැලීම් සාර්ථක විය!

දැන්  ඕස්ට්‍රේලියාවේ සමාගමක්,  බඩවැලේ ගැටළු ඇති අයට උපකාර කරනු වස් මෙම යට ඇඳුම් අළෙවි කිරීමට පියවර ගෙන ඇත.  සමාගම පවසන්නේ මිනිසුන්ට “විශ්වාසයෙන් යුතුව” ගුදවාතයක් පිට කිරීමට මිනිසුන්ට උදව් කිරීමට අවශ්ය බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending