රුධිරයේ ඇති ප්‍රෝටීන් සන පරීක්ෂා කිරීමෙන් පර්යේෂකයන් පවසන්නේ හදවත, මොළය, වකුගඩු සහ අක්මාව ඇතුළු ප්‍රධාන ඉන්ද්‍රියයන් 11ක වයස තක්සේරු කළ හැකි බවයි. ZEPHYR/Science Source

නව තාක්‍ෂණයක් මගින් ඉන්ද්‍රිය-විශේෂිත වයස්ගත වීම සහ ඒ ආශ්‍රිත රෝග සඳහා රුධිර සූචක නැතිනම් සලකුණු හඳුනා ගනී; එනමුත් එය සායන කරා පැමිණෙන්නට තව බොහෝ දුරක් පැමිණිය යුතුය.

‘ඔබට හැඟෙන තරමට තමයි ඔබ වියපත් වෙන්නේ’ යනුවෙන් අපේ පැ‍රැන්නන් අතරේ කියමනක් ඇත.  එහෙත්, නව පර්යේෂණවලින් පෙනී යන්නේ ඔබ, ඔබේ වයස්ගතම ඉන්ද්‍රිය තරම්ම වියපත් විය හැකි බවයි. හෘදය සහ මොළය වැනි එක් එක් අවයවවල වයසට යාමේ වේගය මැනීම සඳහා සරල, රුධිර පරීක්ෂාව පදනම් කරගත් ක්‍රමයක් තමන් විසින් නිපදවනු ලැබ ඇති බව විද්‍යාඥයෝ පවසති. ඉන්ද්‍රියයක් පුද්ගලයෙකුගේ සැබෑ වයසට වඩා සැලකිය යුතු ලෙස “පැරණි” වූ විට, මරණයේ අවදානම සහ ශරීරයේ එම කොටසට සම්බන්ධ රෝග කඩිනමින් ඉහළ යන බව පර්යේෂකයෝ 2023 දෙසැම්බර් 6දා Science හි වාර්තා කරති.

පර්යේංඅණ කණ්ඩායමේ සොයාගැනීම් තදි අවධානයට ලක්වන බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ  මහජන සෞඛ්‍යය පාසලේ වසංගත රෝග විද්‍යාඥ Daniel Belsky පවසයි.  හෙතෙම, වයස්ගත වීම සහ චිරජීවනය ගැන අවධානය යොමු කරන සමාගම් ගනනාවක උපදේශක වරයෙකු ද වේ. ඔවුන් ජනනය කරන, ඉන්ද්‍රිය වයසට යාමේ මිනුම් රෝග ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු විය හැකි බව යෝජනා කෙරෙන අවම වශයෙන් මූලික දත්ත ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත්, ඔහු සහ අනෙකුත් පර්යේෂකයන් අනතුරු අඟවන්නේ මෙම ක්‍රමය සායනික වටාපිටාවක යෙදීමට පෙර තවත් කල යුතු දැඑ බොහෝ බවයි.

දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා සහ ඇල්සයිමර්ගේ රෝගය ඇතුළු ලොව මිනිස් ජීවිත වඩාත්ම වනසන රෝග සඳහා වයස්ගත වීම ප්‍රධාන ධාවකයකි. අප ජීවත්ව සිටින වසර ගණන – අපගේ කාලානුක්‍රමික වයස – මෙම රෝග සඳහා අපගේ අවදානම පිළිබඳ යම් තොරතුරු සපයයි.  එහෙත්, මෙම අනාවැකි වර්ධනය කිරීමේ අරමුණින් විද්‍යාඥයින් විසින් අපගේ ශරීරයේ ක්ෂයවී යාම  වඩාත් හොඳින් පිළිබිඹු කරන “ජීව විද්‍යාත්මක වයස” පිළිබඳ මිනුම් වර්ධනය කිරීමට උත්සාහ කරනු ලැබ ඇත. පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ DNA වල රසායනික වෙනස්කම් නිරීක්ෂණය කිරීම සහ බඩවැල්වල ඇති ක්ෂුද්ර ජීවීන්ගේ සංයුතිය නිරීක්ෂණය කිරීම මෙයට ඇතුළත් වේ.

කෙසේවෙතත්, මෙම ප්‍රවේශයන් බොහෝමයක් එක් එක් අවයව අතරේ ගැටලු ඒකරාශීවන්නේ විවිධ අනුපාතවලින් යන්න සැලකිල්ලට  නොගන්නා බව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සහ මෙම නව අධ්‍යයනයේ සම කර්තෘ Tony Wyss-Coray පවසයි. පටක බයොප්සි වැනි තනි අවයව අධ්‍යයනය කිරීම සඳහා වර්තමානයේ පවතින ක්‍රම අස්සිරු කරදකාරී ඒවා හෝ ඒවා මිල අධික විය හැක.

වයසට යාම මැනීමට, ප්‍රායෝගික, ඉන්ද්‍රිය-විශේෂිත මිනුමක් ඉදිරිපත් කිරීම වස්, Wyss-Coray  සහ සගයන් විසින්, විශේෂයෙන් සංකේන්ද්‍රණය වී ඇති සහ ඒ අනුව හදවත, මොළය, වකුගඩු, අක්මාව සහ අග්න්යාශය. ඇතුළු ප්‍රධාන ඉන්ද්‍රියයන් 11 තුළ අදාළ ක්‍රියාකාරකම් කිරීමට ඉඩ ඇති  ප්‍රෝටීන ලැයිස්තුවක් සාදන ලදී.  පසුව ඔවුන් වයස අවුරුදු 27ත් 104ත් අතර නිරෝගී පුද්ගලයන් 1000කට වඩා වැඩි පිරිසකගේ රුධිර සාම්පලවල මෙම ප්‍රෝටීන මට්ටම් මැන බලන ලදී. මෙම තොරතුරු යන්ත්‍ර ඉගෙනීමේ ඇල්ගොරිතමවලට ලබා දීමෙන් කණ්ඩායමට අවුරුදු 55 වයස්ගත, සාමාන්‍ය ආකාර හදවතක් හෝ එහෙම නැත්නම් අවුරුදු 75ක් වයස්ගත අක්මාවක් සඳහා ප්‍රෝටීන් සන ලබා දෙන ලදී.

පර්යේෂකයන් මීළඟට කළේ, මීට කලින් සිදු කල වෛද්‍ය අධ්‍යයන පහක,  පුද්ගලයින් 5500 කට වැඩි පිරිසකගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඔවුන්ගේ අවයව වයසට යාම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් හෝ මන්දගාමී වේද යන්න පරීක්ෂා කර බැලීමයි. වැඩිපුරම,  සුදු ජාතික වැඩිහිටියන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායමේ ප්‍රෝටීන් සන වලින් හෙළි වූයේ මිනිසුන්ගෙන් පහෙන් එකකට පමණ එහි කාලානුක්‍රමික වයසට වඩා සැලකිය යුතු ලෙස පැරණි වූ එක් අවයවයක් ඇති බවයි. 2%කට ආසන්න ප්‍රමාණයක ඉන්ද්‍රිය දෙකක හෝ වැඩි ගණනක වයස්ගත වීම වේගවත් කර ඇත.

වයසට ගොස් කලක් ගතවන ඇතැම් අවයව විශේෂිත සෞඛ්ය තත්වයන් සමඟ සම්බන්ධ විය. අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ කාලානුක්‍රමික වයසට වඩා සාමාන්‍යයෙන් වසර 1 ක් පමණ පැරණි වකුගඩු තිබුණි. නිදසුනක් ලෙස, කණ්ඩායම විසින් අධ්‍යයනය කරන ලද ඇල්සයිමර්ගේ රෝගය සියලුම අවයවවල වේගවත්ව වයසට යාමේ සලකුණු සමඟ සම්බන්ධ වී ඇත – එය, ශරීරයේ අනෙකුත් කොටස් වලට සිදු වූ හානි කෙරෙහි  මොළයේ සංවේදීතාව පිළිබිඹු කළ හැකි බව Wyss-Coray සඳහන් කරයි.

පර්යේෂකයන්ට පුද්ගලයෙකුගේ අවයවවල ජීව විද්‍යාත්මක වයස ද,  අනාගත සෞඛ්‍ය ගැටලු පුරෝකථනය කරන්නේ දැයි පරීක්ෂා කිරීමට මග පෑදිය හැකි හෙයින්,  සමහර අධ්‍යයනයන් මගින්, සහභාගී වන්නන් ගැන, ඔවුන්ගේ මූලික රුධිර පරීක්ෂණ වලින් පසුව වසර ගණනාවක් මුළුල්ලේ සොයා බලන ලදී,  සිතූ ස්යුරුම,  ඕනෑම අවයවයක් වේගවත්ව වයසට යාම ඊළඟ වසර 15 තුළ මරණයට පත්වීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති අතර විශේෂිත අවයවවල වයස්ගත වීම සමඟ රෝග කිහිපයක් සම්බන්ධ විය.  උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, හෘදය වයස් ගතවීම අවුරුදු 4 කින් වැඩි නම්  හෘදයාබාධ ඇතිවීමේ අවදානම දෙගුණයකටත් වඩා වැඩිය.  (පුද්ගලයාගේ වයසට) වඩා වියපත් මොළය,  අනාගත සංජානන පරිහානියක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් සමඟ සම්බන්ධ විය.

ඉන්ද්‍රිය වයසට යාම පහසුවෙන් මැනීමට හැකිවීමෙන්  කුමන රෝග අවදානමක් තිබේදැයි අනාවැකි කීමට — සමහර විට ඒවා  නිසි වේලාවට, වළක්වා ගැනීමට ද වෛද්‍යවරුන්ට ඉඩ සැලසෙතැයි  නව තාක්ෂණයට අදාළ පේටන්ට් බලපත්‍රයක නව නිපැයුම්කරුවෙකු ලෙස ලැයිස්තුගත කර ඇති  Wyss-Coray පවසයි. හෙතෙම,  වයසට යාමේ දී සහ රෝග වල දී රුධිර ප්‍රෝටීන නිරීක්ෂණය කරන සමාගම් කිහිපයක  සම-ආරම්භකයාය.  ඔහු පවසන පරිදි,  මෙම ප්‍රවේශය සායනික පර්යේෂණ සඳහා ද ප්‍රයෝජනවත් විය හැකි  අතර සමහර විට වයස්ගත වීම හා සම්බන්ධ රෝග අවම කිරීම අරමුණු කරගත් ඖෂධ හෝ ජීවන රටා වෙනස්වීම් වල බලපෑම් මැනීමට ද හැකිය.

නමුත් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඩැනියෙලා විටන් ප්‍රශ්න කරන්නේ “ඉන්ද්‍රිය වයසේ අත්සන” මගින් වෛද්‍යවරයෙකුට දැනට පවතින රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ වලින් රෝගියාගේ සෞඛ්‍යය ගැන දැනටමත් නිගමනය කළ හැකි දේට කොපමණ තොරතුරු එකතු කරනවාද යන්නයි. මෙම අධ්‍යයනයේ දී භාවිතා කරන ලද විශේෂිත සමූහ පහෙන් ඔබ්බට තාක්‍ෂණය කෙතරම් හොඳින් ක්‍රියා කරයිද යන්න සොයා බැලිය යුතු බව ඇය පවසයි.

කෙසේවෙතත්,  වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජීව සංඛ්‍යානඥ Daniela Witten ප්‍රශ්න කරන්නේ  වෛද්‍යවරයෙකුට දැනට පවතින රුධිර පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ වලින් රෝගියාගේ සෞඛ්‍යය ගැන දැනටමත් නිගමනය කළ හැකි දේට අමතරව,  “ඉන්ද්‍රිය වයසේ සන” මගින් කොපමණ තොරතුරු එකතු කරනු ලබනවාද යන්නයි. මෙම අධ්‍යයනයේ දී භාවිතා කරන ලද විශේෂිත සමූහ පහෙන් ඔබ්බට තාක්‍ෂණය කෙතරම් හොඳින් ක්‍රියා කරයිද යන්න සොයා බැලිය යුතු බව ඇය කියා සිටියි.

කාර්යය කෙතරම් “සිත්ගන්නාසුළු සහ විදග්ද” වුවද, එය  බොහෝ කාලයක් පුරා ස්ථාන එකක හෝ කිහිපයක පමණක් පැතිරී ඇති මිනිසුන්ගේ සෞඛ්‍යය පිළිබඳ  යම් දත්ත මත රඳා පවතින බව වයස්ගත වීම පිළිබඳ ජාතික ආයතනයේ විද්‍යා අධ්‍යක්ෂ(scientific director of the National Institute on Aging) Luigi Ferrucci පවසයි.  සෑම වසර දෙකකට වරක්  වැනි කෙටි කාල පරාසයන් තුළ ලබාගත් දත්තවල එකම රටා අනුකරණය කිරීම,   පුද්ගලයෙකුට අසනීප විය හැක්කේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව වඩාත් නිවැරදි පුරෝකථනයන් කිරීමට පර්යේෂකයන්ට හැකි වන අතර එමඟින් එම පර්යේෂණ කාර්යය සායන මට්ටමට  ගෙන ඒම වඩා පහසු කරවිය හැකිය.

වඩාත් විශාල සහ විවිධ වූ සහයෝගීතාවන් සමඟ මෙම ප්‍රවේශය තවදුරටත් වලංගු කිරීම අවශ්‍ය බවට Wyss-Corayඑකඟ වන අතර, ඔහුගේ කණ්ඩායම එක්සත් රාජධානියේ භිඔබන්ක් වෙතින් දස දහස් ගණනකගේ දත්ත ලබාගෙන,  ඒවායේ විශ්ලේෂණ සිදු කිරීමට සැලසුම් කරන බව පවසයි. මීයන් යොදා ගෙන සිදු කෙරුණු සොයාගැනීම් ප්‍රතිනිර්මාණය කිරීමටත්, විශේෂිත ප්‍රෝටීන සහ ඉන්ද්‍රිය වයස්ගත වීම අතර ඇති විභව සම්බන්ධතා වඩාත් විස්තරාත්මකව ගවේෂණය කිරීමට සතුන් යොදා ගැනීමටත් ඔහු බලාපොරොත්තුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending