දේශගුණ රාජ්‍ය නායක සමුළුවේදී වැදගත් තීරණයකට රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් එකඟ වෙයි.

COP 28 හෙවත් 2023 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව 12 වෙනි බදාදා අවසන් විය. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ගත යුතු මීළඟ පියවර පිළිබඳ අවසන් ගිවිසුමට ඇතුළත් යුතු භාෂාව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන රටවල් නියෝජිතයෝ  නියමිත් කාලය ඉක්මවා වැඩ කළහ. ඒ සම්බන්දයෙන් 13 වෙනිදා උදෑසන වන විට යම් එකඟතාවකට පත්වන්නට ඔවුහු සමත් වූහ. එලෙස, පිළිගත් අනුවාදයේ භාෂාවෙන්  පවසන්නේ, “යෝග්‍ය, ක්‍රමවත් සහ සාධාරණ ලෙස, විද්‍යාවට අනුකූලව ශුද්ධ ශුන්‍යය ඉලක්කය අතපත් කරගැනීම සඳහා, මෙම තීරණාත්මක දශකය තුළ ක්‍රියාකාරීත්වය වේගවත් කරමින්, ශක්ති පද්ධතිවල පොසිල ඉන්ධනවලින් බැහැරව, (වෙනත් ඉන්ධනවලට) සංක්‍රමණය වීමට රටවල් එකඟ වන බවයි. .”

එක්සත් ජනපද දේශගුණ නියෝජිත ජෝන් කෙරී බදාදා සිය අවසන් මාධ්‍ය හමුවේදී පොසිල ඉන්ධන වලින් ලෝකය බැහැර විය යුතු බවට COP28 එකඟත්වය  “පැහැදිලි, අසංදිග්ධ පණිවිඩයක්” ලෙස හඳුන්වමින් කියාසිටියේ, පොසිල ඉන්ධන මත ආර්ථික වශයෙන් රඳා පවතින රටවල් පවා  බලශක්ති අංශයෙන් ෆොසිල් ඉන්දන වලින් ඈත් වීමට එකඟවෙමින්  ගිවිසුමට අත්සන් කර ඇති  බවත්, එය ඉතා වැදගත් බවත් අවධාරණය කළේය..

“පළමු වතාවට COP සමුළුවේ දී, අපගේ සාකච්ඡා වල ප්‍රධාන කොටසක් ලෙස ෆොසිල ඉන්ධන සාකච්ඡාවට තැබිණ. තවද එහි ප්‍රතිඵලයක් ලෙස එළඹි තීරණය පැහැදිලිවම  2050 වන විට ශුද්ධ ශුන්‍යඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා බලශක්ති පද්ධතිවල පොසිල ඉන්ධන වලින් බැහැර වීම පිළිගනී. ” කෙරී එහිදී වාර්තාකරුවන්ට පැවසීය.

දේශගුණය සඳහා එක්සත් ජනපද විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී, වම් සහ දේශගුණය පිළිබඳ චීනයේ විශේෂ නියෝජිත Xie Zhenhua, ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා හමුවෙයි. Rafiq Maqbool/AP

පොසිල ඉන්ධන කර්මාන්තයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති බැඳීම් සමුළුවේ ප්‍රතිඵලයට බලපානු ඇතැයි දේශගුණ උපදේශකයෝ කනස්සල්ලට පත්ව සිටියහ. COP28 සභාපති ආචාර්ය සුල්තාන් අහමඩ් අල් ජාබර් රාජ්‍ය තෙල් සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.

 විශේෂඥයින් පවසන්නේ අවසාන ගිවිසුම පරිපූර්ණ එකක් නොවූවත්, පොසිල ඉන්ධනවලින් ඈත්වීම දේශගුණික ඉලක්ක සපුරාලීමට ලෝකය සමීප කරවන බවට ප්‍රබල සංඥාවක් (එමගින්) යවන බවයි.

මේ තමයි  COP28 වඩාත් යහපත්ම ප්‍රථිඵල:

ෆොසිල ඉන්ධන පළමු ගැන ප්‍රථම වතාවට ගිවිසුමට ඇතුළත් කර ඇත

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන හරිතාගාර වායුවල විශාලතම ප්‍රභවය වන බලශක්ති අංශයේ ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට ජාතීන් 200 කට ආසන්න ප්‍රමාණයක් එකඟ වී ඇත.

COP28 හි අවසානය නිල වශයෙන් සළකුණු වෙද්දී, එය පැරිස් ගිවිසුමේ දක්වා ඇති ඉලක්කයක් වන ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩුවෙන් තබා ගැනීමේ මහාභිලාෂකාමී ඉලක්කය සපුරා ගැනීම සඳහා රටවල් 198 ක එකඟතාව පලවිය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතිය” ලෙස නම් කර ඇති ඓතිහාසික සම්මුතිය, 2050 වන විට ශුද්ධ ශුන්‍යයට ළඟා වීමට ෆොසිල ඉන්ධනවලින් බැහැරව සංක්‍රමණය වන ලෙස පාර්ශවකරුවන්න්ගෙන් ඉල්ලා සිටින අතර 2030 වන විට පුනර්ජනනීය ද්‍රව්‍ය තුන්ගුණයකින් වැඩිකිරීමට සහ බලශක්ති කාර්යක්ෂමතාව දෙගුණ කිරීමට නව නිශ්චිත ඉලක්කයක් ඇතුළත් වේ. පැරිස් ගිවිසුමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සාමූහිකව ප්‍රගතියක් ලබා ඇති රටවල් සහ පාර්ශවකරුවන් සඳහා ක්‍රියාවලියක් වන, ප්‍රථම ගෝලීය තොග පරීක්ෂාව (Global Stocktake) ඇතුළත් වේ.

ග්‍රීන්පීස් සාමාජිකයෝ දේශගුණ සමුළුවේදී “අපි පොසිල ඉන්ධන අවසන් කරන්නෙමු” යනුවෙන් දැක්වෙන බැනරයක් වටා ඡායාරූපයක් සඳහා රැස්වෙති Rafiq Maqbool/AP

“මෙය වැදගත් සන්ධ්ස්ථානය්” කෙරී බදාදා මාධ්‍ය හමුවේඉ දී කියා සිටියේය, “ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ  එක රැයකින් හැමදේම විසඳුවා කියලා. අපි දිගටම බල කරන්න ඕනේ.”

බලශක්තිය පද්ධති සඳහා පොසිල ඉන්ධන භාවිතා කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීම ගැන විමසූ විට කෙරී පැවසුවේ, ප්‍රවාහනය හෝ ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ඒවා(ෆොසිල ඉන්ධන) අඛණ්ඩව භාවිතා කිරීමට දොර විවෘත කළ හැකි බවත්,  සෑම රටක්ම එකඟ කර ගැනීම සඳහා සම්මුතීන් ඇති කළ යුතු බවත් ය.

World Resources Institute නැතිනම් ලෝක සම්පත් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Aනි ඪස්ගුප්ට වැනි ප්‍රවීණයන් පැවසුවේ ගිවිසුමට පොසිල ඉන්ධන ඇතුළත් කිරීමට ගත් තීරණය බොහෝ කාලයකට පෙර කිරීමට තිබූ එකක් වන අතර ලෝකය පොසිල ඉන්ධන නිස්සාරණය මත යැපෙන යුගයේ “අවසානයේ ආරම්භය මින් සනිටුහන් කරන” බවයි. 

“දශක තුනක කාලයක් තිස්සෙ කට්ටි පැනීම් සහ මග හැරීම් වලින් පසු  ෆොසිල ඉන්ධන අවසානයේ මෙවර් එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡා වලදී  අවධානය යොමු වී මට්‍ටුවීමකට ලක් විය,” දාස්ගුප්තා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මම ස්වේච්ඡා ගිවිසුම මගින් ජාතීන් තම සමස්ත ආර්ථිකයෙන් විමෝචනය අඩු කිරීමටත්, පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීමට මුදල් යෙදවීම සඳහා නව සැලැස්මක් සැකසීම දෙසට යොමු කිරීමටත්  සිය රවල සැලසුම් ඉදිරිපත් කරන ලෙස දිරිමත් කරයි.

ගෝලීය දේශගුණික ඉලක්ක ළඟා කර ගත හැකි මට්ටමක තබා ගැනීම සඳහා, 2030 වන විට ලෝකය ඩොලර් ට්‍රිලියන 4.3 ක වාර්ෂික දේශගුණික ආශ්‍රිත මූල්‍ය ප්‍රවාහයන් අත් පත් කර ගත යුතු බව දාස්ගුප්තා පැවසීය.

“තෙල් සහ ගෑස් නිෂ්පාදකයන් ගෙන්  විශාල පීඩනයක් තිබියදීත්, ඉහළ අභිලාෂකාමී රටවල් ධෛර්ය සම්පන්නව තම ස්ථාවරය ස්ථාවරව තබා ගෙන ෆොසිල ඉන්ධනවල ඉරණම තීරනය කළා” යි ඔහු පැවසීය.

පොහොසත් රටවල් ඔවුන්ගේ කොටස ඉටු කළ යුතුයි ඉල්ලා සිටීම

COP28 සමුළුව දී කවදත් දඩිව මතුවී ආ මාතෘකාවක් වූයේ, ඓතිහාසිකව වැඩිම හරිතාගාර වායු විමෝචනය කළ ලෝකයේ ධනවත්ම රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ බලශක්ති ක්ෂේත්‍ර පරිසර හිතකාමී ලෙස පරිවර්තනය කිරීමට සහ  ආපසු හැරවිය නොහැකි දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා මුදල් සපයන ලෙස බලකිරීමයි.

ආන්තික දේශගුණික බලපෑම්වලට මුහුණ දෙන රටවල් සඳහා අලාභ හා හානි පූටණ අරමුදල(The Loss and Damage Fund)  මෙන්ම දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට රටවලට උපකාර කිරීම අරමුණු කරගත් අනුවර්තනය සඳහා ගෝලීය රාමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතිය ක්‍රියාත්මක තත්ත්වයට පත් කළේය.

පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය වීමට ධනවත් රටවල් ආදර්ශවත් ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය සම්පාදනය යන දෙකෙන්ම නායකත්වය ගෙන ක්‍රියා කිරීම අවශ්‍ය වනු ඇති බව සම්මුති ප්‍රකාශනයේ පෙලෙන් පැහැදිලි වේ.

දේශගුණික අවදානමට ලක්විය හැකි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට,  දේශගුණික විපර්යාසවල ආන්තික බලපෑම්වලට මුහුණ දීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට හැකි වන පරිදි ඇති කරන පාඩු හා හානිපූරණ අරමුදල වෙත, ප්‍රධාන වශයෙන් ධනවත් රටවල් විසින්  “ඉක්මන් හා ශක්තිමත්ව” සම්පත් සපයනු ලැබිය යුතු බව Union of Concerned Scientists අධ්‍යක්ෂ  රේචල් ක්ලීටස් පවසයි. 

“ලෝකය මෙම සාමූහික අරමුණු ක්‍රියාවට නංවන විට, එක්සත් ජනපදය වැනි ධනවත් ජාතීන්ට ෆොසිල ඉන්ධන වලින් ඉක්මනින් ඉවත් වීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට පරිමාණයෙන් ඉහළ කාලගුණික මූල්‍යඅරමුදල් සැපයීමේ දී  පෙරමුණ ගැනීමට වගකීමක් ඇත,” ක්ලීටස් පවසයි, “එසේ නොමැතිව, තවමත් අත්‍යවශ්‍යව පවතින ෆොසිල ඉන්ධන ක්‍රමානුකූලව ඉවත් කිරීමට අපට නොහැකි වනු ඇත – එසේම දේශගුණික අර්බුදයට මුහුණපාමින්  පෙරමුණේ සිටින පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීමට අපට නොහැකි වනු ඇත.”

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් දක්වන පරිදි, සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාසවල බලපෑමට අනුවර්තනය වීමට වසරකට ඩොලර් බිලියන 387 ක් අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  COP28 සමුළුවේ දී අරමුදලට කලින්ම පොරොන්දු මුදලක් ලෙස ඩොලර් මිලියන 792ක් ප්‍රකාශයට පත් කරන ලදී.

2023 මාර්තු 2 වන දින ටෙක්සාස් හි මිඩ්ලන්ඩ් හි තෙල් කැණීමේ යන්ත්‍රයක් අසල අනතුරු ඇඟවීමේ සංඥාවක්.Sergio Flores/Bloomberg via Getty Images

විද්වතුන් පැවසුවේ ඉදිරි වසර එම අරමුදල් රැස්කිරීමේ දැඩිව පරීක්ෂ්ෂවට ලක්වන කාලයක් වනු ඇති බවයි.

“ෆොසිල ඉන්ධන වලින් සෂ්ක්‍රමණයවීම සාධාරණ හා වේගවත් විය යුතුය — කිසිවෙකු අතරමග අත්හැර දමා යා නොහැක,” දාස්ගුප්තා පෙන්වාදෙයි.

ඊට අමතරව, නව හෝ පුළුල් කරන ලද ෆොසිල ඉන්ධන නිෂ්පාදනය ඉක්මනින් ක්‍රමවත්ව අඩු කිරීමට මෙන්ම පොසිල ඉන්ධන සහනාධාර අවසන් කරන ලෙස ද  ගිවිසුම මගින් එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ විශාලතම ෆොසිල ඉන්ධන නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ යයි ක්ලීටස් ප්‍රකාශ කරයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතිය දේශීය වශයෙන් පිරිසිදු බලශක්ති ගම්‍යතාව වේගවත් කිරීම අරමුණු කරගත් උද්ධමනය අඩු කිරීමේ පනත වැනි එක්සත් ජනපද ප්‍රතිපත්තිවලට “අවශ්‍ය අනුපූරකයක්” බව ඇය කියා සිටියි.

COP28 සාර්ථකවී ද?

2023 දේශගුණ සමුළුව වැදගත් අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර, එය දේශගුණික ක්‍රියාකාරකම් තවදුරටත් වේගවත් කළ හැකි සාධක කිහිපයක මග හැරී ඇති බව පැහැදිලිය.

ගෝලීයඋනුසුම්වීමට දායක වන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ලෝකයේ  රටවල් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත්, ලෝකය තවමත් සෙනිටිග්‍රේඩ් අංශක 2.1℃ සිට සෙනිටිග්‍රේඩ් අංශක 2.8 ° දක්වා උනුසුම් වීමක් කරා ගමන් කරමින් සිටින අතර එය උණුසුම් වීම සෙනිටිග්‍රේඩ් අංශක 1.5 දක්වා සීමා කිරීමේ පැරිස් ගිවිසුමේ ඉලක්කය ඉක්මවා යා හැකි බව UAE සම්මුතිය පිළිගනී.

පැරිස් ගිවිසුමට පෙර, දේශගුණික ආකෘතීන්  ප්රක්ෂේපණය කර තිබුණේ සෙනිටිග්‍රේඩ් අංශක 4ක උණුසුම්වීමකි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්‍රධානී සයිමන් ස්ටයිල් ඡ්Oඵ්28 ජනාධිපති සුල්තාන් අල්-ජාබර් වැළඳ ගන්නා විට තිරය මත දිස් වේ Peter Dejong/AP

ක්ලීටස් පවසන්නේ ෆොසිල ඉන්ධන ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මුතිය තීරණාත්මක ඉදිරි පියවරක් නියෝජනය කරන නමුත් පිරිසිදු බලශක්තියට සංක්‍රමණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ සාධරණත්ව ප්‍රතිපාදන සලකා බැලීමේදී “අපේක්ෂාවන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු” වන බවයි.

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මිනිසුන් අවතැන් වනු ඇතැයි දැනටමත් දැඩි උද්වේගයෙන් පසුවන කුඩා දූපත් රාජ්‍යයන්, අවසාන ගිවිසුම පිළිබඳ වඩාත් ප්‍රබල විවේචකයන් අතර වෙයි.

මාෂල් දූපත් හි  ස්වභාවික සම්පත් සහ වාණිජ කටයුතු අමාත්‍ය ජෝන් සිල්ක් කියා සිටින්නේ,  මෙම ගිවිසුම නිවැරදි දිශාව වෙත තැබූ කුඩා පියවරක් වන නමුත් දේශගුණික විපර්යාසවල බලපෑමෙන් අවදානමට ලක්විය හැකි දූපත් ජාතීන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

“මම මෙතනට ආවේ කවුරුත් එක්ව,  මගේ රට වෙනුවෙන්  ඔරුවක් හදන්න. ඒ වෙනුවට අපි හැදුවේ දුර්වල, කාන්දු වන කඳක් සහිත සිදුරුවලින් ගහණ ඔරුවක්. ඒත් ඉතින් සිද්දවෙල තියෙන්නෙ  අපට වෙනත් විකල්පයක් නැති නිසා එය(අබලන් ඔරුව) වතුරට දැමීමයි” සිල්ක් සමාප්ති උත්සවයේදී පැවසීය.

Natural Resources Defense Council හෙවත් ස්වාභාවික සම්පත් ආරක්ෂක කවුන්සිලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මනීෂ් බාප්නා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ඩුබායි හි දී සියල්ල හොඳින් සිදු නොවූ බවයි. “මෙය වාර්තාගත උණුසුම්ම වසර වන අතර  සමුළු ශාලාව පිරී තිබුණේ තත්වය නරක අතට හැරීම සඳහා දායකවන (ෆොසිල් ඉන්දන) කර්මාන්තයේ සභාකක්ෂ සමූහයන්ගෙනි.”

බදාදා උදෑසන සමාප්ති පූර්ණ රැස්වීම අතරතුර, Al Jaber සම්මන්ත්‍රණය සමස්තයක් ලෙස ඵලදායි යයි දැක්වීය.

“අපි එකට එක්ව, කෙටි කාලයක් තුළ  දිගු දුරක් ගමන් කර ඇත්තෙමු”, COP28 හි නම් කරන ලද සභාපතිවරයා සිය ප්‍රකාශය අතරතුර පැවසීය. “පසුගිය සති දෙක තුළ, අපගේ ජනතාවට සහ අපගේ ග්‍රහලෝකයට වඩා හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීම පිණිස අපි ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළෙමු. අපගේ ඓතිහාසික ජයග්‍රහණය ගැන අප ආඩම්බර විය යුතුයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending