නිදර්ශනය: නිරීක්ෂක සැකසුම ; Redmond Durrell/Alamy; molekuul.be/Alamy

සුමිහිරි ලෙඩ රෝග: අපගේ සීනි ආලේපිත සෛල ලෙඩරෝග, පරිණාමය බවට පත් කිරීමට මානව වර්ගයාට උපකාර කළ ආකාරය

අපගේ සෛල ආවරණය කරන අණු අපගේ පරිසරය හා අපව පීඩාවට පත් කරන රෝගාබාධ සමඟ යුග ගණනාවක් තිස්සේ අන්තර්ක්‍රියා කර ඇති අතර ක්‍රියාවලිය අතරතුර  අපගේ පරිණාමය හැඩගස්වා ඇත.

නවතම ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මිලියන 18 කට වඩා වැඩි මරණ සඳහා ඡොවිඩ්-19 වගකිව යුතු වන්නේය. මෙවැනි බෝවන රෝග මනුෂ්‍ය වර්ගයා වෙත මහා විපත් පමෞණුවා ඇති අතර, ඒවා සෑම විටම අපගේ පැවැත්මට සහ විශේෂයක් ලෙස සමෘද්ධිමත් වීමට විරුද්ධ යැයි උපකල්පනය කිරීම වැරදි වන්නට පුළුවන. එසේ නොමැති නම්, මැලේරියාව (of the falciparum type), කොලරාව, ටයිපොයිඩ්, සරම්ප සහ ඉන්ෆ්ලුවෙන්සා A වැනි පැරණි රෝග කාරක මිනිසුන්ට පමණක් බලපාන රෝග ලෙස පවතිනු ඇත්තේ ඇයි – සහ අප ඒවාට ප්‍රතිශක්තිය ගොඩ නගාගන්නා ලෙස පරිණාමය නොවූයේ මන්ද?

එය මහාචාර්යවරුන් වන අජිත් සහ නිසී වර්කි (සැමියා සහ භාර්යාව ගෙන සමන්විත කණ්ඩායමක්) මෙන්ම සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඔවුන්ගේ විද්‍යාගාරයේ සගයන් දශක ගණනාවක් තිස්සේ අසන ප්‍රශ්නයකි.  ඊට පිළිතුර, සෛල මතුපිට අලංකාර කරන ග්ලයිකන(glycans) නම් සීනි දාමවල සංකීර්ණ අරාව සහ මෙම දාමවලින් වැඩි ප්‍රමාණයක් ආවරණය කරන සියැලික් අම්ල(sialic acids) ලෙස හඳුන්වන සීනි අණු තුළ ඇති බව ඔවුහු විශ්වාස කරති. මෙම අග්‍රස්ථ සීනි දාමයන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර නියාමනය කිරීමේ සිට  අපගේ මුල් හෝමිනින් මුතුන් මිත්තන් වෙහෙසට පත් නොවී වැඩි කාලයක් දිවීමට ඇති (ගොදුර පසුපස හඹා යාමේ වාසියක් අත්පත් කරදෙන) හැකියාව වැනි –  මානව පරිණාමයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති අනුවර්තනයන් දක්වා සෑම දෙයකටම සම්බන්ධ වේ,

මහාචාර්ය අජිත් සහ බිඳ නිසී වර්කි. ඡායාරූපය: Corey Levitan / La Jolla Light

අජිත් වර්කි ප්‍රථම වරට සියාලික් අම්ල සහ ග්ලයිකොජීව විද්‍යාව ගැන උනන්දු වූයේ 1980 ගණන්වල මුල් භාගයේදී,ය; ඒ, රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන චිකිත්සක අශ්ව මස්තුවකට අහිතකර ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයකට ගොදුරු වූ රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී ය. ජීව විද්‍යා පෙළපොත්වල සම්මත පැහැදිලි කිරීමට අනුකූලව, ආගන්තුක ප්‍රෝටීන තිබීමට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය යොමු කරනවා වෙනුවට  අශ්ව ප්‍රෝටීනවල ඇති සියාලික් අම්ල නිසා බව වර්කි සොයා ගත්තේය.  මිනිසුන් ඇතුළු සෑම පෘෂ්ඨවංශිකයෙකුටම සියාලික් අම්ල සෑදිය හැකි බව පුදුමය දනවන කරුණක් විය.

සියාලික් අම්ල කෙරෙහි ඔහුගේ ආසක්තය ගැඹුරු වූයේ, ආදී මානව හෝමෝ ඉරෙක්ටස් පහලවීමට කලින්. මීට වසර මිලියන 3 කට පමණ පෙර,  අපේ පැරණි මුතුන් මිත්තන්ට  ඔවුන්ගේ ජානවලින් Neu5Gc ලෙස හැඳින්වෙන ඔක්සිජන් පරමාණුවක් සමඟ එක් වර්ගයක සියාලික් අම්ලය ඔවුන්ගේ ජෙනූමයෙන් ගිලිහී ඇති බව ඔහුගේ සගයකු වූ මහාචාර්ය Pascal Gagneux සමඟින්,සොයා ගන්නා ලද විටය.

මෙය අපගේම විශේෂය වන Homo sapiens ඇතුළු Homo erectus ගෙන් පැවත එන්නන්ට ණෙඋ5ඝ්ච් නිපදවීමට නොහැකි ව ගියේය. තවත් සියාලික් අම්ලය අතිරික්තයක් වන Neu5Ac වලින් බොහෝ ක්ෂීරපායින් හට Neu5Gc ලබා ගත හැකිය.

Gagneux සහ Varki ගේ වාර්තාව මුලින්ම, Proceedings of the National Academy of Sciencesහී 2009 දී  ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී. එම වාර්තාව,  සත්ව හා මානව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සේවය කරන විශේෂඥයින් අතර උනන්දුව ඇති කරන්නට සමත් විය. කෙසේ වෙතත්, ඡොවිඩ් වසංගතයෙන් පසු එය නව වැදගත්කමක් ගෙන ඇත්තේ අධ්‍යයන කිහිපයකින්ම මෙම සීනි ආවරණ ඡොවිඩ්-19 රෝග බලපෑම් වලට සම්බන්ධ විය හැකි බව සොයාගෙන ඇති බැවිනි. ඒවායින් යෝජනා කරන්නේ Neu5Ac සත්ව සෛල වලට Sars-CoV-2 ස්පයික් ප්‍රෝටීන් වඩාත් කාර්යක්ෂමව බන්ධනය කිරීම හා සම්බන්ධ විය හැකි බවයි.  එය ෆෙරෙට්, මින්ක්ස් සහ මිනිසුන් වැනි අවදානමට ලක්විය හැකි සතුන්ගේ රෝගයේ ව්යාධිවේදය සහ  බරපතලකම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව යෝජනා කරයි. .

ණෙඋ5ඝ්ච් නිපදවීමට අපට ඇති නොහැකියාව, ණෙඋ5Aච් නිෂ්පාදනයේ වැඩි වීමක් සමඟින්, ටයිපොයිඩ් සහ කොලරාව වැනි මිනිසුන්ට අනන්‍ය යැයි සිතන අනෙකුත් රෝග මෙන්ම ක්ලැමීඩියා(chlamydia), සිෆිලිස් සහ ගොනෝරියා. වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ගොදුරු වීමේ දී ද කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ.

“මෙම රෝග සම්බන්ධයෙන් ගත් කල, රෝග කාරකය මිනිස් වර්ගයාගේ සියාලික් අම්ලය තුළට ආලේප කිරීමට ඉගෙන ගෙන ඇති අතර, එය බැටළුවා ඇඳුම  ඇතුළේ සැගවුණු වෘකයෙකු බවට පත් කර ඇති බව පෙනේ,” යයි වර්කි පවසයි.

Varki සහ Gagneux ගේ පර්යේෂණවල වඩාත් කුතුහලය දනවන කරුණ නම්, Neu5Gcතුරන් කිරීමේ විකෘතිය මිනිසුන් සහ චිම්පන්වරුන් අතර ප්‍රථම වරට වාර්තා වූ ජෛව රසායනික වෙනස වන අතර, ඔවුන්ගේ DNA අපෙන් 5% කින් පමණ වෙනස් වේ. මෙවලම් භාවිතා කළ විශාල මොළයක් ඇති පළමු විශේෂය වන හෝමෝ ඉරෙක්ටස් මතුවීමට බොහෝ කලකට පෙර එය සිදු වීමෙන් පෙන්නුම් කරන්නේ එය අපගේම විශේෂය වන හෝමෝ සේපියන්ස්ගේ පරිණාමීය ඉතිහාසයේ කාර්යභාරයක් ඉටු කළා විය හැකි බවයි.

ඔවුන්ගේ අධ්‍යයනයේ තවත් ඇඟවුමක් වන්නේ, මීට වසර 10,000කට පෙර නවශිලා සංක්‍රාන්තිය දක්වාම අපේ මුතුන් මිත්තන් මැලේරියාවෙන් තොර පැවැත්මක් භුක්ති විඳි බවයි.  සංක්‍රමණික ජීවන රටාවෙන් කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවීමත් සමඟ සමපාත වූ මානව මැලේරියාවේ මාරාන්තික ස්වරූපයට වගකිව යුතු පරපෝෂිතයා වන ඵ්ලස්මොඩිඋම් ෆල්චිපරුම්, මිනිස් සෛල මත බහුලව පවතින ණෙඋ5Aච් ඉලක්ක කිරීමට විකෘතිව ඇති බව ද ඉන් කියැවේ.  වඩාත් කෘෂිකාර්මාන්තයට බර අපගේ ජීවන රටාව නිසා ජනාවාස අසල එකතැන පල්වෙන වතුර වලවල්වල බෝවන මැලේරියා වාහක මදුරුවන්ට මිනිසුන් වඩාත් අවදානමට ලක් වූ බව විශ්වාස කෙරේ.

“සියැලික් අම්ල පිළිබඳ අධ්‍යයනය එතරම්ම උද්වේගකර වන්නේ ඒවා පරපෝෂිතයන් මිනිසුන්ට අනුවර්තනය වූ ආකාරය පිළිබඳ ප්‍රහේලිකාවේ නැතිවූ කොටසක් වීමයි” යැයි සියාලික් අම්ලවල ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කරන Utrecht විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ ආචාර්ය Robert de Vries පවසයි. ඉන්ෆ්ලුවෙන්සා A වලට ඇති අපගේ සංවේදීභාවය මැදිහත් වීමේදී. “අජිත්ගේ කාර්යය ඉතා වැදගත් ය. ඔහු සියාලික් අම්ල ජීව විද්‍යාවේ ප්‍රධාන බලපෑම්කරුවන්න්ගෙන් කෙනෙකි.

හරක් මස්, ඌරු මස් සහ බැටළු මස් වල ණෙඋ5ඝ්ච් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර, අපි මෙම මිනිස් නොවන සීනි අණුව පරිභෝජනය කරන විට එය අපගේ පටක වලට ඇතුළත් වේ.

අපගේ ආසන්නතම වානර මුතුන් මිත්තන්ගෙන් අපව වෙන්කර හඳුනා ගන්නා වෙනත් මානව ගති ලක්ෂණ විමර්ශනය කිරීම සඳහා Center for Academic Research and Training in Anthropogeny (Carta) නමින් අවිධිමත් චින්තනාගාරයක් 2008 දී පිහිටුවීම පිණිස මගපෑදීමට වර්කිගේ තීක්ෂ්ණ බුද්ධිය  හේතු විය.

සෑම වසරකම, Carta  සංවිධානය,  ප්‍රයිමේට වේද විද්‍යාඥයින්(primatologists), මානව විද්‍යාඥයින්, පුරා තත්ත්ව විචාර(palae-ontologists) විද්‍යාඥයින්, වාග් විද්‍යාඥයින් සහ අණුක සහ පරිණාමීය ජීව විද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල බෙදාගැනීම සඳහා රැස්වීම් තුනක් පවත්වයි. චිම්පන්සිගේ ජෙනෝමය අනුක්‍රමණය කිරීම, ද්විපාදවාදයේ මූලාරම්භය සහ කතන්දර කීමට ඇති මානව නැඹුරුව වැනි විෂයයන් පෙර වාර වලදී සාකච්ඡාවට ගෙන ඇත.

පරිණාමීය ජීව විද්‍යාඥයෙකු සහ මානව විද්‍යාඥයෙකු වන Gagneux පවසන්නේ, “අප තමය් විරෝධාභාසී වානරයා: ද්විපාදයි, නිරුවත්ය, විශාල මොළ සහිතයි, මෙවලම්, ගින්න සහ භාෂාව භාවිතයේ දිගු කාලීන ප්‍රවීනයන්. එසේනමුත් තවමත් අපි, අපව තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටින්නෙමු”.

Neu5Gc තිබීම නිසා හරක් මස්, ඌරු මස් සහ බැටළු මස් අධික ලෙස පරිභෝජනය කිරීම අවම වශයෙන්, අර්ධ වශයෙන් හෝ ප්‍රදාහය සහ පිළිකා ඇති විය හැක. ඡායාරූපය: Tolga Akmen/AFP/Getty Images

බෝවන රෝග යනු Varki සහ Gagneux පර්යේෂණයේ එක් කෙඳි පොටක් පමණි. ප්‍රතිශක්තිකරණ සහ අනෙකුත් සෛලවල ප්‍රතිග්‍රාහක මගින් මෙම සීනි අපගේ සෛල මතුපිට බන්ධනය කිරීම රතු මස් පරිභෝජනයට සම්බන්ධ පිළිකා ඇතුළු අද්විතීය මානව පරිණාමයකට ලක් වූ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් කිහිපයකට ද සම්බන්ධ විය හැකි බව ඔවුහු විශ්වාස කරති.

හරක් මස්, ඌරු මස් සහ බැටළු මස් වල Neu5Gc විශාල ප්‍රමාණයක් අඩංගු වෙයි.  මිනිසුන් වන අප,  මෙම මිනිස් නොවන සීනි අණුව පරිභෝජනය කරන විට එය අපගේ පටක වලට අන්තර්ග්‍රහනය වේ. අපගේ එන්සයිමය යාන්ත්‍රනයට මෙම ආගන්තුක සීනි පහසුවෙන් භාවිතා කර එය අවශෝෂණය කළ හැකි නමුත්, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අණුව ආගන්තුක ලෙස හඳුනාගෙන එය අඩංගු පටක වලට පහර දෙන අතර එය ප්‍රදාහය සහ පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි. රතු මස් ග්‍රිල් කිරීමෙන් නිපදවන පිළිකා කාරක ද බඩවැල් පිළිකා සඳහා භූමිකාවක් ඉටු නොකරන බවක් ඉන් නොකියවේ. එහෙත්,  ණෙඋ5ඝ්ච් ක්‍රියාවලිය අද්විතීය වන්නේ (ඉන්) සියාලික් අම්ලය අපගේම සෛලවල කොටසක් බවට පත්වීමයි.

“ආගන්තුක දේවල් පිළිබඳ අප දන්නා නමුත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එය හඳුනාගෙන තිබියදීත්, ආගන්තුක දෙයක්  වෙලත් එය සම්පූර්ණයෙන්ම ඔබ තුළට ඇතුළත් වන පළමු උදාහරණය මෙයයි,” වර්කි පවසයි.

මස් සහ කිරි නිෂ්පාදන අධික ලෙස පරිභෝජනය කිරීම නිසා Neu5Gc ගොඩනැගීම මානව වඳභාවයට තුඩුදීමේ හැකියාව ද ඒ හා සමානව සැලකිල්ල යොමු වන කරුණකි.

කෙසේ වෙතත්, සෑම දෙයක්ම ජීව විද්යාව දක්වා ලුහු කළ හැකි බව Varki සහ Gagneux විශ්වාස නොකරති. මානව සම්භවය පිළිබඳ ඔවුන්ගේ අධ්‍යයනයෙන් ලබාගත් අන්තර්දෘෂ්ටීන්  අතරින් එක් ප්‍රධාන අන්තර්දෘෂ්ටියක් වන්නේ, ජාන සහ ජීව විද්‍යාව මෙන් අපගේ සංස්කෘතික උරුමයන් අනුව අප හැඩගැසී ඇති බවයි. ” අපව බෝවන රෝග මගින් සෘජුවම හැඩගස්වා ඇති ආකාරය පිළිබඳ නව වැටහීමක්, Sialic අම්ල අපට ලබා දෙයි,” Gagneux පවසයි. “කෙසේ වෙතත්, මෙම කුඩා සීනි අණු, රෝග සමඟ කිසිදු සම්බන්ධයක් නැති [සංස්කෘතික] ක්‍රියාවලීන් සඳහා ද ප්‍රතිවිපාක ඇති කළ හැකිය.”

ගොනෝරියා සහ ‘ආත්තම්මාගේ ආචරණය’

(menopause),  බොහෝ කලක සිට ජීව විද්‍යාඥයන් ව්‍යාකූලයට පත් කරන්නකි. පැවත එන්නෙන් වැඩියෙන් නිපදවන ජානවලට ස්වාභාවික වරණය වැඩි අනුග්‍රහය දක්වන්නේ නම්, කාන්තාවන් තම ජීවිත කාලය පුරාම ආර්තවහරණයෙන් තොරව්,අ සාරවත්ව සිටිය යුතුය. එහෙත්,  එසේ නොමැතිව, කාන්තාවන් සාමාන්යයෙන් ඔවුන්ගේ ප්රජනක සීමාව ඉක්මවා දශක ගණනාවක් ජීවත් වේ.

කුතුහලයට කරුණක් නම්, මෙම සංසිද්ධිය(ආර්තවහරණය)   බොහෝ දුරටම පාහේ  මිනිසුන්ට අනන්‍ය වීමයි: අද වන විට,  ඕර්කාස් වැනි  දත් සහිත තල්මසුන් සහ උගන්ඩාවේ දුරස්ථ ප්‍රදේශයකට ආවේණික  චිම්පන්සි  පමණක් සමාන පශ්චාත් ආර්තවහරණයෙන් පසු ගෙවන ආයු කාලයක් පෙන්නුම් කරන බව සොයාගෙන ඇත. 

ආර්තවහරණය පැහැදිලි කිරීම සඳහා, ජීව විද්‍යාඥයන් ‘ආත්තම්මාගේ ආචරණය’ යනුවෙන් මතයක් ඉදිරිපත් කරයි.  ආතම්මලා, අදාළ කාන්තාවන්ගේ දරුවන් රැකබලා ගැනීමෙන් විශේෂයේ පැවැත්මට දායකවන්නෙය යන අදසයි ඒ.

කෙසේ වෙතත්, ඇල්සයිමර්ගේ රෝගය  වැනි මතකයට බලපාන තත්වයන් නිසාවෙන් දරුවන් අහිමි වීමේ අවදානමක් ඇත්නම් ආතම්මල ඉතා ඵලදායී රැකබලා ගන්නන් නොවෙති.

ගොනොර්ර්හේ බැක්ටීරියාව: පරිගණකයෙන් වැඩි දියුණු කිරීමකි. ඡායාරූපය: Science Photo Library/Alamy

sialic අම්ල ඉස්මත්තට පැමිණෙන්නේ මෙහිදීය. ප්‍රතිශක්තිකරණ සෛලවල දක්නට ලැබෙන්නාවූ,  CD33 ලෙස හඳුන්වන සීනි බන්ධන ජාන ප්‍රතිග්‍රාහකයේ නවීකරණය කරන ලද අනුවාදයක් මිනිසුන් සතුව ඇති බව සොයා ගෙන ඇතැයි, Ajit Varki සහ Pascal Gagneux විසින්  2022 දි ඉදිරිපත් කරන ලද පත්‍රිකාවක දැක්වේ.

සම්මත CD33 ප්‍රතිග්‍රාහක, ක්ෂුද්‍රලග්‍යය(microglia) නම් වූ මොළයේ ප්‍රතිශක්තිකරණ සෛල ඇතුළුව ශරීරයේ බොහෝ සෛල සමඟ අන්තර් ක්‍රියා කරයි. ක්ෂුද්‍රලග්‍යය ස්නායු ප්‍රදාහය පාලනය කිරීමේ දී සහ හානියට පත් මොළයේ සෛල සහ ඇල්සයිමර් රෝගයට සම්බන්ධ ඇමයිලොයිඩ් පලිස ඉවත් කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

කෙසේ වෙතත්, මෙම සෛල සහ පලිසවල ඇති සියාලික් අම්ල වලට බන්ධනය වීමෙන්, නිත්‍ය CD33 ප්‍රතිග්‍රාහක මෙම වැදගත් ක්ෂුද්‍රලග්‍යයමය ක්‍රියාකාරිත්වය යටපත් කර ඩිමෙන්ශියා අවදානම වැඩි කරයි.

වාසනාවකට මෙන්, පරිණාමීය රේඛාව ඔස්සේ කොතැනක දී හෝ, මිනිසුන් විසින් මෙම සීනි බන්ධන ස්ථානය නැති වූ CD33 හි විකෘති ආකාරයක් අත්පත් කරගෙන ඇත. විකෘති වූ ප්‍රතිග්‍රාහකය  හානියට පත් සෛල හා  පලිස මත ඇති සියාලික් අම්ල වලට තවදුරටත් ප්‍රතික්‍රියා නොකරන්නේ එමඟින් ක්ෂුද්‍රලග්‍යයවට ඒවා බිඳ වැටීමට ඉඩ සලසමිනි. ඇත්ත වශයෙන්ම, මෙම CD33 ප්‍රභේදයේ ඉහළ මට්ටම් ප්‍රමාද වී ඇති ඇල්සයිමර් රෝගයෙන් ආරක්ෂා වේ.

CD33 හි මෙම විකෘති ස්වරූපය චිම්පන්සියන් තුළ පමණක් නොව, අපගේ සමීපතම පරිණාමීය ඥාතීන් වන නියැන්ඩර්තාල් හෝ ඩෙනිසෝවන් ගේ ජෙනෝමවල ද නොමැත.

“මෙයින් ඇඟවෙන්නේ නිරෝගී ආතම්මලා, ආතාලාගේ ප්‍රඥාව සහ රැකවරණය අනෙකුත් පුරාණ හොමිනින් විශේෂවලට වඩා අපට තිබූ වැදගත් පරිණාමීය වාසියක් විය හැකි බවයි,” වර්කි පවසයි. “ආතම්මලා ගොඩක් වැදගත්, අපි ඔවුන්ගේ මනස ආරක්ෂා කර ගැනීමට ජාන පවා පරිණාමය කළා.”

කුතුහලය දනවන කරුණක් ලෙස දැක්විය හැක්කේ, ගොනෝරියා රෝගයට ප්‍රතිචාර වශයෙන් CD33 හි ආරක්ෂිත ස්වරූපය මතු වන්නට ඇත යන්නයි. මෙයට හේතුව ගොනෝරියා බැක්ටීරියාව CD33 ප්‍රතිග්‍රාහක බන්ධනය වන සීනිවලම ආවරණය වන අතර එමඟින් මිනිස් ප්‍රතිශක්තිකරණ සෛල ආගන්තුක ආක්‍රමණිකයන් යයි නොපෙනෙන ලෙස රවටා ගැනීමයි.

Varki සහ Gagneux යෝජනා කරන්නේ  ගොනොර්ර්හේ මගින් එවැනි “අණුක අනුකරණය” වලට එරෙහිව මානව අනුවර්තනයක් ලෙස CD33 හි විකෘති අනුවාදයමතු වූ බවත් පසුව ඩිමෙන්ශියාවට එරෙහිව එහි(මොළයෙහි) ප්‍රතිලාභ සඳහා මොළය විසින් ජාන ප්‍රභේදය සහයෝගීව තෝරා ගත් බවත්ය.

“ජීවිතයේ මුල් අවධියේදී බෝවන රෝග කාරක වලට එරෙහිව පැවැත්මේ වාසි සඳහා තෝරාගත් බොහෝ ජාන වලින් එකක් CD33 විය හැකිය, නමුත් එය ඩිමෙන්ශියාව සහ අනෙකුත් වයස්ගත ආශ්‍රිත රෝග වලට එරෙහිව ඔවුන්ගේ ආරක්ෂිත බලපෑම් සඳහා දෙවනුව තෝරා ගනු ලැබේ,” Gagneux පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending