(නිදර්ශනය Emily Sabens/The Washington Post; Unsplash; iStock)

කුඩා දරුවන්ගේ දෙමාපියන් බොහෝදෙනෙකුට, විශේෂයෙන් වසරේ මෙම කාලයේ දී, ඔවුන්ගේ නිවෙස් සෙල්ලම් බඩු වලින් පුරවා ගැනීමට දැඩි කැමැත්තක්, ආශාවක් ඇති විය හැකිය. එහෙත්, Toledo විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායම සමඟ මේ මාතෘකාව පිළිබඳ පර්යේෂණ කිරීමෙන් පසු, වෘත්තීය චිකිත්සක මහාචාර්යවරියක වන Alexia Metz පවසන්නේ, සෙල්ලම් බඩු අඩුවෙන් තිබීමෙන් දෙමාපියන්ට ඇතිවන පීඩනය අඩු වනවා පමනක් නොව එය දරුවන්ට ද වඩා හොඳය යන්නයි.

වඩාත් නිර්මාණශීලී සහ නම්‍යශීලී වීමට සහ ගැටළු විසඳීම සහ සහයෝගීතාවය වැනි වැදගත් කුසලතා ඉගෙන ගැනීමට දරුවන්ට ක්‍රීඩාව උපකාරී වන ආකාරය අවබෝධ කර ගැනීමට ළමා සංවර්ධනය පිළිබඳ ප්‍රවීණයන් සමඟ වොෂින්ටන් පෝස්ට් කතා කළේය. ඉන් තහවුරු වූ එක් කරුණක් නම්, සෙල්ලම් බඩු අඩුවෙන් තිබීම නිර්මාණාත්මක චින්තනය ප්‍රවර්ධනය වීම හෙ සමඟ ගැඹුරු බැඳීමක් ඇති බවයි.

කුඩා දරුවෝ ඉන්න දෙමාපියන් බොහෝ දෙනෙකු කැමතියි, තමන්ගේ ගේදොර සෙල්ලම් බඩුවලින් පුරවන්න, විශේෂයෙන්ම වසරේ මේ කාලේ දි. ඔවුනට එහෙම පීඩනයක් ඇතිවෙනවා. එහෙත්, සිය කණ්ඩායම සමග මේ මාතෘකාව ගැන පර්යේෂණ පැවැත් වූ Toledo විශ්වවිද්‍යාලයේ, වෘත්තීය චිකිත්සක මහාචාර්යවරියක වන Alexia Metz දැන උගෙන තියෙන්නේ, සෙල්ලම් බඩු අඩුවෙන් තිබුණයි කියලා හරි දෙමාපියන් නම් හිත අවුල් කරගන්නේ නැහැ කියලයි. ඒ මදිවාට පර්යේෂණවලින් තේරුම් යන්නේ ගෙදර සෙල්ලම් බඩු අඩුවීම පොඩිත්තන්ටත් වැඩදායකයි කියලයි.

ක්‍රීඩා කිරීමෙන් දරුවන් වඩාත් නිර්මානශීලී සහ නම්‍යශීලීවනවා පමනක් නොව ගැටළු විසඳිම සහ සයෝගීතාව වැනි වැදගත් කුසලතා උගෙනීමට උදව් වන්නේ කෙසේදැයි තෙරුම් ගැනීම පිණිස,  ළමා විය සංවර්ධනය විශේෂඥයන්ගෙන් කළ විමසීක දී වටහා ගැනීමාට හැකිවූ එක් වැදගත් කාරණාවක් වන්නේ, වටපිටාවේ සෙල්ලම් බඩු අඩුවීම නිසා දරුවා තිබෙන කිහිපය සමග වැඩි වේලාවක් ගත කිරීම හේතුවෙන් නිර්මාණශීලී චින්තනය ප්‍රවර්ධනය වන බවයි.

“සිඟිත්තන්ගේ සිත් සැලසුම් වී ඇත්තේ ඔවුන්ගේ පරිසරය ගවේෂණය කිරීමට සහ ක්‍රියාකාර කම් සඳහා කුමන ආකාරයේ අවස්ථා තිබේදැයි බැලීමටයි” යනුවෙන් Metz පවසයි, “කාමරය සෙල්ලම් බඩු වලින් පිරී තිබීම හේතුවෙන්, ඔවුන්ට ඒ සෑම එකක් සමඟම සම්බන්ධ වීමට අවශ්‍ය වනු ඇත – නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන් ඒවායින් එකක්වත් සමඟ ගැඹුරින් සම්බන්ධ නොවන බව හෝ අන්තර් ක්‍රිය නොකරන බවයි.”

කෙටි අවධාන විකස්තියක් ද? නැතිනම්, සෙල්ලම් බඩු ඕනෑවට වඩා වැඩි ද?

වෘත්තීය චිකිත්සකයෙකු ලෙස රෝගීන්ද පරික්ෂා කර බැලීමට පුරුදුව සිටින Metz ළමයින් සෙල්ලම් බඩු සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීමට උනන්දු වූයේ තම සිඟිති දරුවන් කිසි විටක එකම සෙල්ලම් බඩුවක් සමඟවත් වැඩි කාලයක් සෙල්ලම් නොකරන  බවට දෙමාපියන් කරන දුක්ගැනවලින් පසුවය. ඔවුන් එක් සෙල්ලම් බඩුවක සිට තවත් සෙල්ලම් බඩුවක් වෙත වේගයෙන් අවධානය යොමු කරනවා විනා, කිසි විටෙකත් ඒවායින් කිසිවක් සමග සමඟ වැඩි වේලාවක් ගත කිරීමට කැමැති නැත.

ස්නායු විද්‍යාව සහ ළමා සංවර්ධනය පිළිබඳ පසුබිමකින් පැමිණෙන අයෙකු  නිසා, සමහර විට පරිසරය මෙම හැසිරීමේ නියමුවා යැයි Metz සැක කළේය. එම උපකල්පනය පරීක්ෂා කිරීම සඳහා, Metz සහ පර්යේෂකයන් කණ්ඩායම සිඟිත්තන් පිරිසක් සිය පර්යේනාගාරයට සෙල්ලම් කිරීම පිණිස ගෙන්වා ගත්ත්හ. ඔවුන් අතුරෙන් සෑම කුඩා දරුවෙකුටම විවිධ අවස්ථා දෙකක් යටතේ සෙල්ලම් කිරීමට හැකි විය: එකක දී ඔවුන් සෙල්ලම් බඩු හතරක් සමග ක්‍රීඩා කරන අතර සහ තවත් අවස්ථාවක සෑම දරුවෙකුට සෙල්ලම් බඩු 16 ක් බැගින් ලැබිණ.

සෙල්ලම් බඩු අඩු කාමරයක ඈඳී ගත් පොඩිත්‍තෝ,  එක් එක් සෙල්ලම් බඩුව සමඟ වඩාත් ගැඹුරින් සෙල්ලමේ නියැලෙමින්, එකම අයිතමය සමඟ වැඩි වේලාවක් සහ වැඩි  ආකාරවලින් අන්තර් ක්‍රියා කළහ.  ඇතම්විට ඔවුන් මුලින්ම බොත්තමක් ඔබන්න පුළුවන්; ඊළඟට  ලීවරයක් අදින්න පුළුවන්. එවිට ඔවුන් එය උඩ යට මාරු කරන්නට හෝ පැත්තකට හැරවීමට උත්සාහ දරනු ඇත. කුණු කසල ගෙනයන (සෙල්ලම්) ට්‍රක් රථයක් සමඟ සෙල්ලම් කරන්නේ නම්, ඔවුන් නිකම්ම කසල ගෙන ගොස් හලන්නේ නැත – කසළ හලන්නටත්, එහා මෙහා කරන්නටත් එමෙන්ම එක් තැනක ගොඩ ගසන්නටත්, අනතුරුව ට්‍රක් රථය වේගයෙන් ආපසු ධාවන කරන්නටත්  ඔවුනට ඕනෑවේ. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුහු, මවාපෑමක් කරති.

සෙල්ලම් බඩු වැඩි වූ විට, කුඩා දරුවන් ඒ ඒ සෙල්ලම් බඩුව සමඟ අඩු කාලයක් ගත කළ අතර, ඔවුන් එක එක දේවල් කර බැලීමට උත්සාහ කළේ අඩුවෙනි.

ක්‍රීඩාකිරීම හදාරන Southern Connecticut ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක සහ මහාචාර්යවරයෙකු වන  Heather Kuhaneck එය සංසන්දනය කළේ කුඩා දරුවෙකුට සෙල්ලම් බඩුවක් තෑග්ගක් ලෙස ලබා දීමේ අත්දැකීම සමඟය. එහිදී පෙණී ගියේ  එම දරුවන් ත්‍යාගයට වඩා ත්‍යාගය එතූ කඩදාසි සහ පෙට්ටිය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවය. ඊට හේතුව ත්‍යාගය ඇතුලත් පෙට්ටිය,  සිඟිත්තන්ගේ පරිකල්පනය දල්වන  නිසා විය හැකිය: එය නිවසක් හැටියට, නැතිනම් තොප්පියක් ලෙස හෝ සෙල්ලම් කාරයක මූලික අවස්ථවා ලෙස ගත හැකියි නේ? වඩාත් සරල සෙල්ලම් බඩු (සහ ප්‍රමානයෙන් අඩු සෙල්ලම් බඩු) උසස් තත්ත්වයේ ක්‍රීඩා සඳහා ඉඩ ඇති කරයි.

මේ හා සමාන මූලධර්ම වයසින් වැඩි දරුවන්ට ද අදාළ  බව  Kuhaneck පවසයි.

“වයසින් වැඩි දරුවන් සඳහා, අවංකවම, කියතහොත්, හොඳම ක්‍රීඩාව වන්නේ ස්වභාවධර්මයට අනුගතව එළිපෙහෙලියේ කරන ක්‍රීඩායි,” ඇය කිව්වා. “ළමයින් ඔවුන් සොයා ගන්නා දේවල් සමඟ ඔවුන්ටම සරිලන ක්‍රීඩා සහ විනෝද අංග නිර්මාණය කර ගනියි. ඔවුහු, සිටින තැනෙහි ස්වභාවිකව පවතින දේවල් මත පදනම්ව ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවා ගනිති.

Metz, සම්බන්ධයෙන් සලකතොත්, කුඩා දරුවන් සහ සෙල්ලම් බඩු පිළිබඳ ඇගේ පර්යේෂණය ඇය  පවත්වන ලද්දේ 2017 දීය.  ඇය තම දරුවන්ව හදාවඩා ගන්නා ආකාරය එමගින් වෙනස් කෙරිණ. “පසුව කබඩ්, අල්මාරි සහ ලාච්චු පුරවන භාණ්ඩ ගොන්නකට” වඩා ඇය සහ ඇගේ පවුලේ අය,  විශේෂයෙන්ම නිවාඩු දිනවලදී  , ඉඟුරු පාන් නිවසක් තැනීමේ තරඟයක් හෝ පා ගමනක් වැනි  ප්‍රායෝගිකව කළ හැකි අත්දැකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගත්හ.

සෙල්ලම් බඩු අඩු කරන්නේ කෙසේද?

මෙය පහසු කටයුත්තක් නොවන බව Metz සහ Kuhaneck යන දෙදෙනාම විසින් හඳුනා ගනු ලැබ ඇත. “දරුවන්ට සෙල්ලම් බඩු තුන හතරක් පමණක් තිබුණහම ඇතැයි කී අයෙකු ලෙස මා කිව් දෑ අර්ථකථනය කිරීමට මට අවශ්‍ය නැහැ,” යයි Metz පවසයි.

කෙසේවෙතත්,  තිරසාරබවේ ඉදිරිදර්ශනයකින් සහ ළමා සංවර්ධනයේ ඉදිරිදර්ශනයකින්  බලන විට, ඔබට (සෙල්ලම් බඩු) කපා හැරීමට නිශ්චිතව කළ හැකි දේවල් තිබේ.

1. ඔබට දැනටමත් සෙල්ලම් බඩු ගොඩක් තිබේ නම්, ඒවා මාරුවෙන් මාරුවට භාවිතයට ගැනීම.

කුඩා දරුවන් කෙතරම් ඉක්මනින් වර්ධනය වන්නේද යත්, පසුගිය වසරේ සෙල්ලම් බඩු අලුත්ම ඒවා ලෙස පෙනෙනු ඇත. ඉතින්, ඔබේ දරුවන් ඒවාඔබට සමඟ නව ක්‍රමවලින් ක්‍රීඩා කිරීම ගවේෂණය කිරීමට ඔබට හැකි වනු ඇත.

“මාස හයක් ගතවෙද්දී,  ඔවුන් සම්පූර්ණයෙන්ම නව කුඩා දරුවෙක්. ඔවුන්ට නව පුණතා සමූහයක් සහ ලෝකය පිළිබඳ නව දැක්මක් ඇත,” Metz පෙන්වා දෙයි. “එබැවින් එකම සෙල්ලම් බඩුව යොදාගෙන ඔවුන්ට කලින් වතාවේ ක්‍රීඩා කිරීමට නොතිබූ නව අවස්ථා පසුව ලබා දිය හැකිය.”

වෙනත් පවුලක සමඟ සෙල්ලම් බඩු හුවමාරු කර ගැනීම හෝ සෙල්ලම් බඩු  පුස්තකාලයක් හෝ ආරම්භ කිරීමට  ඇය නිර්දේශ කළාය.

“ඔබේ දරුවා ගැන මනාව දැන ගැනීම පිණිස ඔබ, ඕබේ හිතට දැනෙන ලෙස කටයුතු කරන්න,” Metz පැවසීය. “ඔවුන් වෙහෙසට පත් ගතියක්, ඇවිස්සුණු ගතියක් හෝ  අසංවිධානාත්මක බවක් පෙනේ නම් … කටයුතු  ටික වේලාවකට කල් දමන්න.”

2. කල් පවතින ලෙස තනන ලද සෙල්ලම් බඩු මිලදී ගන්න

වොෂින්ටන්, ඩීසී හි Three Littles ළමා වෙළඳසැලේ නිර්මාතෘ Elizabeth Mahon යෝජනා කරන්නේ, කල් පවතින ලෙස සාදන ලද සෙල්ලම් බඩු සෙවීමේ දී, හුදෙක් (ඒවා) සාදා ඇති ද්‍රව්‍ය අනුව පමණක් නොව, දරුවන්ට ඒවායින් කොපමණ දේවල් කළ හැකිද යන්න අනුව තේරීම සිදු කරන ලෙසයි. ළමයින්ට ඉක්මනින් ඒවා නොගැලපී නොයන ලෙස පුළුල් වයස් පරාසයක් ආවරණය වන සෙල්ලම් බඩු සෙවීමට ඇය යෝජනා කරයි. පසුව ඒවා සමඟ සෙල්ලම් කිරීමේ දී කම්මැලි නොහිතෙන පරිදි ඒවා මාරුවෙන් මාරුවට භාවිතයට ගන්න. එය නාස්තිය ද අඩු කරයි, Mahonපවසයි

විවිධ ක්‍රීඩාවලට අනුබල දෙන සෙල්ලම් බඩු සොයන්නැයි Kuhaneck කියා සිටියි.  තැනුම් ඒකක(building blocks) හෝ වෙනත් ගොඩනැගීම් කළ හැකි සෙල්ලම් බඩු ඇය හොඳ උදාහරණයක් ලෙස දක්වයි. “තැනුම් ඒකක කියන්නේ කඩෙන් ගන්න ඒවාම වෙන්න ඕන නැහැ.  ඕනෑම දෙයක්  තැනුම් ඒකකවිය හැකියි .”

සෙල්ලම් බඩු අතරට සීනු සහ විසිල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය නොවන බව නැගෙනහිර කනෙක්ටිකට් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථානයේ(Center for Early Childhood Education at Eastern Connecticut State University) මහාචාර්යවරිය සහ අධ්‍යක්ෂ සුධා ස්වාමිනාදන් කියයි.  මෙම මධ්‍යස්ථානය දශකයක් තිස්සේ  සෑම වසරකම, ළමා සංවර්ධනය සඳහා හොඳම සෙල්ලම් බඩු අධ්යයනයක් සිදු කරයි.

“සෙල්ලම් බඩුව යම්කිසි නිශ්චිත භාවිතයක් සඳහා අදහස් කර තිබෙන්නට ඇත, එසේ වුවත්,  දරුවන් ඔවුන්ගේ සහජ කුතුහලය, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ඔවුන්ගේම සංවර්ධන මට්ටමේ සෙල්ලම් බඩු සමඟ අප ගැන කිසිදා නොසිතූ ආකාරයෙන් අන්තර් ක්‍රියා කරයි,” ස්වාමිනාදන් පෙන්වා දෙයි. “(දරුවන්ගෙනයන)  ස්ට්‍රෝලර් කරත්තයක්,   දරුවා අතින් එකවරම සිල්ලර කරත්තයක් බවට පත් විය හැකිය; නැතහොත් බිල්ඩිං බ්ලොක් එකක් හදිසියේම දුරකථනයක් විය හැකිය.”

ස්වාමිනාදන් පවසන්නේ මෙම මූලධර්ම බොහොමයක් වැඩිහිටියන්ට ද අදාළ වන බවයි. මහාචාර්යවරියක් ලෙස ඇයගේම පන්ති කාමරයේදී, ඇය බොහෝ විට උගැන්වීම ආරම්භ කරන්නේ  තම තමන්, කැමැති ක්ර්යාකාරකමක් සිදුකරමින්  නිර්මාණශීලි  අවකාශයකට පිවිසීමට සුස්දුසු තරමට මනස සකසා ගන්න සිසුන්ට කියා සිටිමිනි.

“අපි නියමිත මාර්ගයක කොට්වෙන්නේ නැතිව යම් අපේම ආකාරයකට  එය අත්පත් කරගන්නවා,” ඇය පෙන්වා දෙයි..

3. එළිමහනට යාමට ප්‍රමුඛත්වය දෙන්න

“සෙල්ලම් බඩු එතරම් වැදගත් නොවිය හැකිය,” Kuhaneck පැවසීය. ළමයින් විචක්ෂණයි සහ නිර්මාණශීලීයි. “ඔවුන්ට [සෙල්ලම් බඩු] නොතිබුනේ නම්, ඔවුන් එළිමහනේ  ඇති ඕනෑම දෙයක් සමඟ සෙල්ලම් කිරීමට ක්‍රමයක් සොයා ගනීවි.”

Kuhaneck තිර හෝ ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු එතරම් පැහැදීමක් නැත්තේ  විවිධාකාරයෙන් ඒවා සමඟ සෙල්ලම් කිරීමට ක්‍රම අඩු නිසාවෙනි. “යම් නිර්මාණශීලීත්වයක් සහ ගැටළු විසඳීමක් අවශ්‍ය වන ක්‍රීඩා, දරුවාගේ මනස තව ටිකක් උද්දීපනය කරනදේවල්,” Kuhaneck කියයි, ” ඒවා දිගු කාලීනව දරුවන්ට හොඳක් අත්පත් කර දෙයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending