
සාමාන්‍යයෙන් තෑගි බෝග බෙදා හදා ගන්නේ අනෝන්‍ය වශයෙනි. Svetlana_nsk/iStock via Getty Images Plus
තෑගි දීමේ තේරුම කුමක්දැ? යි මානව විද්‍යාඥයෙක් මානවයාගේ අතීතය හාරා අවුස්සමින් පැහැදිලි කරයි
කර්තෘ: කොලරාඩෝ ඩෙන්වර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සහායක පර්යේෂණ මහාචාර්ය, Chip Colwell
ඔබ නත්තල් නිවාඩු සමයේ තෑගි දීමට කල්තියාම සැලසුම් කර තිබුනේද? බොහෝ දෙනෙක් එලෙස් කල්තියාම සැලසුම් කරති. එහෙත්, ඔබ මා වැන්නෙක් නම්, ඔබ අවසාන මොහොත දක්වා බලා සිටියා විය හැකිය. සෑම තෑග්ගක්ම කල් ඇතුවම ඔතා සූදානම් කර තැබුව ද, නැතහොත් නත්තලට පෙර දින සැන්දෑවේ සාප්පු ගානේ තෑගි දීමට දේ සොයමින් ගියද, තෑගි දීමේ ක්‍රියාව, කුතුහලය දනවන සුළු නමුත් මනුෂ්‍යත්වයේ කේන්ද්‍රීය කොටසකි.
“So Much Stuff,” නම්, මගේ අලුත්ම පොත පසුගිය වසර මිලියන 3 තුළ මානව වර්ගයා මෙවලම් සහ තාක්ෂණය මත යැපෙන ආකාරය ගැනයි. ඒ පොත ගැන පර්යේෂණ කරන අතරතුර, යම් යම් දේවල් තෑගී බෝග ලෙස ලබා දීමේ අදහස නැතිනම් අරමුණ ගැන මම ආශක්ත වුනෙමි. මිනිසුන් තමන්ට අගය ඇති හෝ වටිනා දෙයක් තමන්ටම භාවිතා කළ හැකි විටදී ත්, ත්‍යාගයක් ලෙස වෙන අයෙකුට සරලව භාර දෙන්නේ ඇයි? ඒ සඳහා ඔවුන් මෙහෙයවන්නේ කුමන බලවේගයක් ද?
මානව විද්‍යාඥයෙකු ලෙස මට, මෙය විශේෂයෙන් තද බල ප්රශ්නයකි, මන්ද ත්‍යාග දීමේ සිරිතෙහි සුලමුළ බොහෝ දුරට ඇත්තේ පැරණි මූලයන් තුළ විය හැකි නිසාය. ලොව වටා අප දන්නා සෑම සංස්කෘතියකම, තෑගිදීමේ කලාව ප්‍රචලිතව ඇත.
ඉතින්, ත්‍යාගයක බලපරාක්‍රමය පැහැදිලි කරන්නේ කුමකින් ද?
නිසැකවම, තෑගි බෝග මගින් අරමුණු ගණනාවක් ඉටු වෙයි. “උණුසුම් ප්රභාවක්” – නිසර්ග සන්තෝෂයක් තෑගි දීම හා සම්බන්ධ වන බව සමහර මනෝවිද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත . තෑගි ලබාදීම, ආදරය, කරුණාව සහ කෘතවේදීත්වය වැනි සදාචාරාත්මක වටිනාකම් ප්‍රකාශ කිරීමේ මාර්ගයක් වන ආකාරය, කතෝලික ධර්මය, බුද්ධාගම සහ ඉස්ලාම් ආගමේ දේවධර්මාචාර්යවරුන් විසින් දක්වා තිබේ. සෙනෙකා(Seneca) සිට ෆියඩ්රිෂ් නීට්ෂේ(Friedrich Nietzsche) දක්වා දාර්ශනිකයන් පෙන්වා දී ඇත්තේ, පරිත්‍යාග කිරීම පරාර්ථකාමීත්වයේ හොඳම නිරූපණය ලෙසය. තෑගි බෝග, Hanukkah, නත්තල්, Kwanzaa උත්සව ඇතුළු අනෙකුත් ශීත කාල නිවාඩු සමයේ ප්‍රධාන අංගයක් වීම පුදුමයක් නොවේ – වසර අවසාන සාප්පු සවාරි වාරය ආරම්භ කරන, කළු සිකුරාදාවම නිවාඩු දිනයක් ලෙස සැලකීමට පවා සමහරුන් පෙළඹෙන්නට පුළුවන.
කෙසෙවෙතත්, මිනිසුන් තෑගි දෙන්නේ ඇයිද යන්න පිළිබඳව ඇති සියලු පැහැදිලි කිරීම් අතුරින්, මට වඩාත්ම ඒත්තු ගැන්වෙන්නේ 1925 දී ප්‍රංශ මානව විද්‍යාඥයෙකු වන Marcel Mauss විසින් ඉදිරිපත් කරන ලද අදහසයි

මනා කල්පනාවකින් තොරන ලද තෑග්ගක් එහි මුදල් වටිනාකමට වඩා වටිනා බවක් දැනිය හැකිය. fstop123/E+ via Getty Images
ත්‍යාග ප්රදානය, ලබා ගැනීම, ප්‍රතිදානය
අධිකතරව( කට වචනයෙන් කීවොත් කිසිම ලෝබකමක් නොමැතිව) පරිත්‍යාග ලබා දෙන සමාජයන්, බොහෝ මානව විද්‍යාඥයන්ට මෙන්ම, Maussට ද ප්‍රහේලිකාවක් විය.
නිදසුනක් වශයෙන්, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ වයඹ දිග වෙරළ තීරයේ ස්වදේශික ජනයා පොට්ලැච්(potlatch ) නම් දින ගණන් පුරා අඛණ්ඩව උත්සව පවත්වති. මෙම උත්සව වලදී සත්කාරකයින් විශාල දේපල ප්‍රමාණයක් තෑගි වශයෙන් ලබා දෙයි. මේ නිදසුන සලකා බලන්න: 1921 සුප්‍රසිද්ධ පොට්ලැච් උත්සවක දී, කැනඩාවේ ක්වාක්වාකා’වාක්ව් ජාතියේ වංශ නායකයෙකු විසින්, ප්‍රජා සාමාජිකයින්ට පිටි ගෝනි 400 ක්, ඇතිරිලි ගොඩවල්, මහන මැෂින්, ගෘහ භාණ්ඩ, ඔරු, ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන බෝට්ටු පමණක් නොව පූල් ක්‍රීඩා මේස(pool tables) පවා තෑගි කරන ලදී.

“The Gift,” යන මාතෘකාව යටතේ දැන් ප්‍රසිද්ධව ඇති රචනාවක (එය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ශතවර්ෂයකට පමණ පෙරය), Mauss පොට්ලැච් උත්සව දකින්නේ තෑගි දීමේ ආන්තික ආකාරයක් ලෙසය. එහෙත්, ඔහු යෝජනා කරන්නේ මෙම හැසිරීම සෑම මිනිස් සමාජයකම පවතින බව මුළුමනින්ම හඳුනාගත හැකි බවයි: අපම තබා ගැනීම වඩා ආර්ථික වශයෙන් හා පරිණාමීය අර්ථයෙන් වාසිදාක වන බව පෙනෙන දේවල් පවා අප විසින් ත්‍යාග ලෙස් ලබදෙනු ලැබේ.

ත්‍යාග මගින් වෙන වෙනම නමුත් වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ ක්‍රියා තුනක් නිර්මාණය කරනු ලබන බව Mauss නිරීක්ෂණය කළේය. තෑගිබෝග දෙනවා, තෑගිබෝග ලැබෙනවා, (ප්‍රතිචාර වශයෙන් පෙරලා) ත්‍යාග ප්‍රතිදානය කරනවා.
ත්‍යාග ලබාදීමේ පළමු අංගය වන්නේ ත්‍යාග ප්රදානය් කරන්නාගේ ගුණ තහවුරු කිරීමයි. ඔවුහු, ඔවුන්ගේ ත්‍යාගශීලීත්වය, කරුණාව සහ ගෞරවය ප්‍රකාශ කරති.
අනෙක් අතට, තෑග්ග ලබා ගැනීමේ ක්‍රියාව, (එම) ගෞරවය ලැබීමට ඇති පුද්ගලයෙකුගේ කැමැත්ත පෙන්නුම් කරයි. මෙය ග්රාහකයාට ඔවුන්ගේම ත්‍යාගශීලී බව පෙන්වීමට මාර්ගයකි; එනම් ඔවුන්ට පිරිනමන දේ පිළිගැනීමට ඔවුන් කැමති බව.
ත්‍යාග දීමේ තුන්වන අංගය වන්නේ ප්‍රතිදානයයි: පළමුව තෑගක් ලබා දුන් අයට, ග්‍රාහකය පෙරළා තෑගි ලබා දීමයි. අත්‍යවශ්‍යයෙන්ම, තෑග්ග ලැබුණු පුද්ගලයාගේ එවිට බලාපොරොත්තුව වන්නේ – ව්‍යංගයෙන් හෝ පැහැදිලිව – තමන්ට මුලින් තෑග දුන් අයට පෙරළා තෑග්ගක් ලබා දීමයි.
දැන් සිදුවන්නේ කුමක් ද? ඇත්ත වශයෙන්ම, තෑග්ගක් පළමුවෙන් ලබාදුන් පුද්ගලයාට, ප්‍රතිදාන වශයෙන් ත්‍යාගයක් ලබුණු පසු, තමන් කලින් තෑග්ගදුන් පුද්ගලයාට තවත් තෑග්ගක් ආපසු ලබා දිය යුතුයයි කලපනාවේ. මේ ආකාරයට තෑගි දීම, තෑගි ලැබීම, ප්‍රතිදාන ලෙස නැවත් තෑගි ලබාදීම සහ ආපසු තාගි ලැබීම යනා දී වශයෙන් නිමක් නැති පුඩුවක් බවට පත්වේ.
මෙම ක්‍රියා වලියේ අවසාන පියවර – එනම්, ප්‍රතිදානය – ත්‍යාගය අද්විතීය බවට පත්කරයි. සාප්පුවකින් යමක් මිලට ගන්නා විට, ලැබෙන භාණ්ඩ වෙනුවෙන් මුදල් ලබා ඩුන් විට ගණුදෙණුව නැතිනම් හුවමාරුව අවසන් වෙයි. එහෙත්, තෑගි දීම සබඳතා ගොඩනඟා ගැනීමට සහ පවත්වා ගැනීමට උපකාරීවේ වේ. තෑගි දෙන්නා සහ ලබන්නා අතර මෙම සම්බන්ධය සදාචාරය සමඟ බැඳී ඇත. තෑගි දීම සාධාරණත්වයේ ප්රකාශනයකි, මන්ද කීවොත්, සෑම තෑග්ගක්ම සාමාන්‍යයෙන් කලින් ලබා දුන් දෙයට වඩා සමාන හෝ වැඩි අගයක් ගනී. තෑගි දීම යනු ගෞරවයේ ප්රකාශනයකි, මන්ද එය අනෙක් පුද්ගලයාට ගෞරව කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කරයි.
මේ ආකාරයෙන්, තෑගි දීම මිනිසුන් එකට බැඳ තබයි. එය අන්‍යෝන්‍ය බැඳීම්වල අසීමිත චක්‍රයක් තුළ මිනිසුන් සම්බන්ධ කර තබයි.

වසර අවසාන සාප්පු සවාරි උන්මාදය අර්ථවත් තෑගි හුවමාරුවෙන් මිදී මිල අධික පරිභෝජනවාදයට යොමු විය හැක. Atlantide Phototravel/Corbis Documentary via Getty Images
වඩා හොඳ’ තෑගි ලබා දීම
නූතන පාරිභෝගිකයින් නොදැනුවත්වම Mauss ගේ න්‍යාය තරමක් ඕනාවට වඩා හොඳින් මූර්තිමත් කරනවා වත් ද? ඇත්ත වශයෙන්ම, අද බොහෝ මිනිසුන් දුක් විඳින්නේ තෑගි හිඟකමෙන් නොව, අතිබහුලතාවයෙන්ය.
නිවාඩු සමයේ සාමාන්‍ය ඇමරිකානු සාප්පු සවාරි යන්නන් 2023 දී තෑගි සඳහා (එක් අයෙකු) ඇමරිකානු ඩොලර් 975 ක් වැය කරනු ඇතයි ඇස්තමේන්තු කර ඇති බව ඝල්ලුප් සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. එය, මෙම සමීක්ෂණය 1999 ආරම්භ වූ දා සිට වැඩිම මුදලයි.
තවද, බොහෝ තෑගි නිකම්ම ඉවත දමනු ලැබේ. ගණන් බලා ඇති අන්දමට 2019 නිවාඩු කාලය තුළ ඇමරිකානුවන් විසින් මිලදී ගන්නා ලද ඩොලර් බිලියන 15 කට වඩා වැඩි තෑගි අනවශ්‍ය ඒවා විය. ඉන් 4% කෙලින්ම ඉඩම් පිරවීමට ගන්නා කුණු ගොඩට යවින. මෙම වසරේ U.ඛ්., කැනඩාව, ජපානය සහ වෙනත් රටවල නිවාඩු සමයේ කෙරෙන වියදම් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නූතන සමයේ ත්‍යාග කලාව විශ්මය සහ කෝපය යන දෙකටම මුල් වන්නක් විය හැකිය. එක් අතකින්, තෑගි දීමෙන් අපගේ සබඳතා වර්ධනය කර පවත්වා ගෙන යාමෙන් අපව මිනිසුන් බවට පත් කරන පුරාණ හැසිරීමක අප නිරත වේ. අනෙක් අතට, සමහර සමාජයන් වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම උදෙසා නිදහසට කරුණක් ලෙස නිවාඩු කාලය භාවිතා කරන බවක් පෙනේ.
Maussගේ අදහස්, පාලනයෙන් තොර පරිභෝජනවාදය ප්‍රවර්ධනය නොකරයි. ඊට පටහැනිව, තෑගි පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම් යෝජනා කරන්නේ වර්තමානය වඩාත් අර්ථවත් හා පුද්ගලික වන තරමට, සෑලකිල්ල සහ ගරු බුහුමන වැඩි වන බවයි. සැබවින්ම කල්පනාකාරීව තෝර බේරා ලබාදුන් තෑග්ගක්, කුණු කූඩයක අවසන් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩුය. පැරණි, යාවත්කාලීන කෙරුණු අතින් සාදන ලද භාණ්ඩ – හෝ ආහාර රසවිඳීමේ සවාරියක් හෝ උණුසුම් වායු බැලූන් සවාරියක් වැනි පුද්ගලාරෝපිත අත්දැකීමක්, ලෝකයේ අනෙක් කෙළවරක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද, සාගර හරහා නැව්ගත කර ප්ලාස්ටික් ඇසුරුම්වල බහෑවනු ලබන් මිල අධික භාණ්ඩයකට වඩා වටිනා විය හැකිය. .
ගුණාත්මක ත්‍යාග, ඔබේ වටිනාකම් ඔප නැංවීමට බල පෑ හැකි අතර ඔබේ සබඳතා වඩාත් අර්ථවත් ලෙස පවත්වා ගෙන යාමට මග පාදයි.
The Conversation (December 12, 2023) පළ වූ What’s the point of giving gifts? An anthropologist explains this ancient part of being human යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න