
කාන්තාවක් බසයකින් බසින්නේ, අධික මෝසම් වර්ෂාවෙන් ජලයෙන් යට වූ ශ්‍රී ලංකාවේ දර්ගා නගරයේ වීදියකටය. © Hafiz Issadeen via Flickr (CC BY 2.0)
දේශගුණික විපර්යාසය යනු කුමක් ද? එය වැදගත් වන්නේ ඇයි?
දේශගුණික විපර්යාසය යනු අපේ කාලය නිර්වචනය කරන ගැටලුවයි . අපගේ ග්‍රහලෝකයේ අනාගතය නිර්ණය කිරීමේ තීරණාත්මක මොහොතකට අප පැමිණ ඇත. කුමක්දැයි සොයා බලන්න දේශගුණික විපර්යාසය යනු කුමක් ද, එය වැදගත් වන්නේ ඇයි සහ අප සැමගේ අනාගතය සඳහා එයින් ඇඟවිය හැක්කේ කුමක්ද යන්න මේ ලිපියෙන් සොයා බැලේ.
කාලගුණය, දේශගුණය සහ දේශගුණික විපර්යාසය යනු කුමක්ද?
කාලගුණය යනු යම් නිශ්චිත මොහොතක, කිසියම් ස්ථානයක ඇතිවන වර්ෂාව හෝ හිම පතනය වැනි වායුගෝලීය තත්ත්වයන් ය. දේශගුණය යනු සාමාන්‍යයෙන් දිගු කාලයක් තුළ පවතින යම් ආකාරයක කාලගුණයකි.
ආචාර්ය Joeri Rogelj ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ග්‍රන්තම් ආයතනයේ(Grantham Institute ) දේශගුණ විද්‍යාඥයෙකි. හෙතෙම, ප්‍රධාන දේශගුණික විපර්යාස ඇගයීම් කිහිපයකට දායක වී නායකත්වය දුන් අයෙක් ද වන්නේය. ඔහු පැහැදිලි කරන අන්දමට, ‘දේශගුණික විපර්යාස යනු යම් ස්ථානයක අප අත්විඳින කාලගුණික ලක්ෂණ වෙනස් වන ආකාරයයි’.
‘එය සාමාන්‍යයෙන් උණුසුම් හෝ තෙත් විය හැක; එසේත් නැතිනම්, කෙටි කාලයක් තුළ වැඩි සාන්ද්‍රතාවයක් සහිත වැසි ඇති විය හැක, නමුත් පසුව දිගු වියළි කාලයන් ඇතිවේ. ඒ සියල්ල දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් විය හැකියි.’

ගෝලීය උෂ්ණත්වය නැතිනම් ගෝලීය උණුසුම්වීම(Global warming )යනු දේශගුණික විපර්යාසය සමඟ මාරුවෙන් මාරුවට භාවිතා කරන යෙදුමක් වන නමුත් උණුසුම් වන වායුගෝලය සහ සාගර අප දකින සමහර බලපෑම් වන නිසාවෙන්, දෙවැන්න එනම් දේශගුණික විපර්යාසය යන්නට මනාපය වැඩි වේ.
“ගෝලීය උණුසුම්වීම යනු හුදු උෂ්ණත්වයට පමණක් අදාල වන්නක් නොවේ. සමහර ස්ථාන වඩාත් තෙත්වෙමින් හෝ වියලි බවට පත්වෙමින් පවතින අතර සමහර සෘතු කාල ද වෙනස් වෙමින් පවතී. වැදගත්ම දෙය නම්, කලාප කිහිපයක සහ ඍතු කිහිපයක දී, උෂ්ණත්වය ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවලදී අප පුරුදු වී සිටිනවාට වඩා සිසිල් විය හැක. ඔබ ගෝලීය උණුසුම, උණුසුම්වීමට පමණක් අදාල ලෙස සැලකුවහොත්, එය අවුල් සහගත බවක් පෙනේ.”
දේශගුණික විපර්යාස සඳහා හේතු
වර්තමාන දේශගුණික විපර්යාසවල ප්‍රධාන ධාවකය වන්නේ හරිතාගාර වායු විමෝචනයයි: වඩාත්ම වැදගත් කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් විමෝචනයි. මේවා මූලික වශයෙන් නිකුත් වන්නේ පොසිල ඉන්ධන දහනය කරන විටය. මස් සහ කිරි නිෂ්පාදනය, සිමෙන්ති නිෂ්පාදනය, සහ පොහොර නිෂ්පාදනය සහ භාවිතය වැනි සමහර කාර්මික ක්‍රියාවලීන් මගින් ද හරිතාගාර වායු විමෝචනය වෙයි.
හරිතාගාර වායු අපගේ වායුගෝලයේ තාපය රඳවා ගනී. ඞIඞ සියවසේ මැද භාගයේ සිට, ලෝකය කාබන් ඩයොක්සයිඩ් ටොන් ට්‍රිලියන 2.2 කට වැඩි ප්‍රමාණයක් විමෝචනය කර ඇත.
“සූර්යයාගෙන් ලැබෙන් බලශක්තිය අපේ ග්රහලෝකය(පෘථිවිය) මත වැටෙන අතර සාමාන්යයෙන් ආපසු, අධෝරක්ත විකිරණ ලෙස පරාවර්තනය වේ. එහෙත්, පරාවර්තනය වී නැවත අභ්‍යවකාශයට යනවා වෙනුවට, මෙම විකිරණ හරිතාගාර වායු අණු මගින් අවශෝෂණය කර, ඒවා සෑම දිශාවකටම විමෝචනය කරයි” ඣෝරි පැහැදිලි කරයි,
මෙම ක්‍රියාවලිය පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ වැඩි තාපයක් රඳවා තබමින් අපගේ ග්‍රහ ලෝකය උණුසුම් කරයි.
දේශගුණය වෙනස් වන බව අප දැන ගන්නේ කෙසේද?
වාතය සහ මුහුදු උෂ්ණත්වය නිරීක්ෂණය කරන මිනුම් ස්ථාන ලොව පුරා ඇත. මෙම මිනුම් වලින් පැහැදිලි වන්නේ උෂ්ණත්වය ඉහළ යන බවයි.
“පෘථිවිය උණුසුම් වන බව අපට පවසන තවත් බොහෝ දර්ශක තිබේ. උදාහරණයක් ලෙස, උනුසුම් වන ග්‍රහලෝකයක ධ්‍රැවීය අයිස් තට්ටු සහ ග්ලැසියර දියවී යනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒවා දියවෙමින් පවතින බව පැහැදිලිවම නිරීක්ෂණය වේ, Joeri පෙන්වා දෙයි.

හරිතාගාර වායු, විපර්යාසයට හේතු වන බව අපි දනිමු. උදාහරණයක් ලෙස දක්වතොත්, කාබන් ඩයොක්සයිඩ්, අධෝරක්ත කිරණ අවශෝෂණය කරන ආකාරය දෙස බලන අධ්‍යයනයන්ට ස්තූතිවන්ත වන්නට, විමෝචනය හේතුවෙන් ග්‍රහලෝකය උණුසුම් වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක් (අපට) ඇත. නිදසුනක් වශයෙන්, සූර්යයාගේ තීව්‍රතාවයේ වැඩි වීමක් නිසා ගෝලීය උණුසුම ඉහළ යන්නේය යන න්‍යාය වට්ටම් කිරීමට දේශගුණ විද්‍යාඥයින්ට මේ නිසාවෙන් ඉඩ ලැබී ඇත.
හරිතාගාර වායු ප්‍රධාන වශයෙන් විමෝචනය වන්නේ පොසිල ඉන්ධන දහනයෙන් බව ද අප දන්නා කරුණකි.
‘කාබන් දහනය කර කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට ඔක්සිජන් අවශ්‍ය වේ. පොසිල ඉන්ධන දහනය කිරීමෙන් සිදුවන කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම සඳහා වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය හරියටම අනුකූලවන ප්‍රමාණයට අඩු වෙමින් පවතී,’ Joeri. තවදුරටත් පැහැදිලි කරයි.
විවිධ කාබන් වර්ගවල අනුපාතවල අමතර සාක්ෂි තිබේ. ෆොසිල ඉන්ධන යනු මූලික වශයෙන්, ආදී කාලීන ශාකයි. වර්තමානයේ සහ අතීතයේ ශාක වරණීය වශයෙන් කාබන්-12 වඩාත් අවශෝෂණයකරයි. සාමාන්‍ය තත්ත්‍වයේදී කාබන්-12 සහ කාබන්-13 අතර අනුපාතය නියත වේ.
“අපට පෙනෙන දෙය නම් අපගේ වායුගෝලයේ කාබන්-13 අනුපාතය හරියටම, ෆොසිල ඉන්ධන දහනය නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමක් සිදු වන්නේ යයි ඔබ පුරෝකථනය කරන අනුපාතයට අඩුවෙමින් පවතින බවයි.”

දේශගුණික විපර්යාස නිසා ලැව්ගිනි, ගංවතුර සහ සුළි කුණාටු වැනි ආන්තික කාලගුණික සිදුවීම් වඩාත් නරක අතට හැරෙනු ඇතැයි විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
දේශගුණික විපර්යාසවල බලපෑම්
දේශගුණික විපර්යාස සෑම තැනකම, එකම අන්දමේ බලපෑම් ඇති නොකරයි. ග්‍රහලෝකය සාමාන්‍යයෙන් උණුසුම් වෙමින් පවතින නමුත් සමහර කලාප සහ ඇතැම් ඍතු සමහර විට තාවකාලිකව සිසිල් විය හැක. සමහර ස්ථානවල දිගට ඇදී යන සෘතු දැකිය හැකි අතර, තවත් සමහරක් ආන්තික කාලගුණයේ සංකේන්ද්‍රිත තත්ත්වයන් අත්විඳිය හැකිය.
ආන්තික කාලගුණික සිදුවීම් — සුළි කුණාටු වැනි, ගංවතුර, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි වඩාත් තීව්‍ර හා නිතර සිදුවන ප්‍රප්ංච් බවට පත්වන්නේ යයි පුරෝකථනය කර ඇත.
‘ඕනෑම කාලගුණික සිදුවීමක් බොහෝ දුරට දේශගුණික විපර්යාසයට යටත් වෙයි. විද්‍යාඥයන් වශයෙන් අපට කල හැක්කේ, යම් සිදුවීමක් දේශගුණික විපර්යාස නොමැතිව සිදු වූවාට වඩා දේශගුණික විපර්යාස හේතුවෙන් කෙතරම් දුරට හෝ කෙතරම් තීව්‍ර ලෙස සිදු කර ඇත්දැයි තක්සේරු කිරීමයි,” Joeri පවසයි
ලෝකය උණුසුම් වන විට අයිස් දිය වේ. උණුසුම් වන ලෝකයක ආක්ටික් මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය හැකි අතර ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තලා අස්ථාවර විය හැකිය. මෙය අයිස් විශාල කොටස් දියවීමට හේතු වන අතර එමඟින් සාගරයට වැඩියෙන් දියර එකතු වේ.

අයිස් මගින් ද සූර්යයාගේ ශක්තිය පරාවර්තනය කනු ලබයි. එබැවින් අයිස් නොමැතිව ගිය විට සාගරය මගින් වැඩි තාපයක් අවශෝෂණය කරනු ලැබේ. ජලය උණුසුම් වන විට ප්‍රසාරණය වේ – මෙය තාප ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මෙම බලපෑමෙන් අදහස් වන්නේ (තාප ප්‍රසාරණය හේතුවෙන්) සාගරය වැඩි ඉඩක් ලබා ගැනීම නිසා මුහුදු මට්ටම ඉහළ යාමයි. වේගවත් විමෝචන කප්පාදුවකින් වුවද, මුහුදු මට්ටම 2100 වන විට සෙන්ටිමීටර 26 සිට 53 දක්වා ප්‍රමානයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ .
අයිස් තට්ටු සහ ග්ලැසියර දියවීමත් සමඟම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැසි වනාන්තර මිය යාමට සහ පුළුල් ලෙස විශේෂ වඳ වී යාමට හේතු විය හැක.
Natural History Museum හී පළවන What is climate change and why does it matter? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න