සම්පූර්ණ කට්ටලයක් යනු ඉහළ ඇන්දේ දෙකක් සහ පහළ ඇන්දේ  දෙකක් වේ. Sebastian Kaulitzki/Science Photo Library via Getty Images

 ප්‍රශ්නය අසන්නේ:  මැසචුසෙට්ස්, ඩෙඩ්හැම් හී 17 හැවිරිදි, Jack J.

පිළිතුරු දෙන්නේ: පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය Ariadne Letra සහ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මුඛ සහ කපාලවක්ත්‍ර විද්‍යා(Oral and Craniofacial Sciences) සහ මානව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය Seth M. Weinberg

නැණ දත් යනු මුඛයේ පිටුපසටම වෙන්න පිහිටා ඇති චාර්වක දත්වල(molars) තුන්වන කට්ටලයයි. ඒවා පෙනුමෙන් පළමු හා දෙවන චාර්වක දත් මෙන්ම පෙනෙන නමුත් සමහර විට ටිකක් කුඩා විය හැක.

ඒවා සාමාන්‍යයෙන් නැණ දත් ලෙස හඳුන්වනු ලබන්නේ ඒවා, වයස අවුරුදු 17 සහ 25 අතර ඔබ වැඩිහිටි හා ප්රඥාවන්ත වන කාලයේ දී පිහිටන ස්ථිර දත් 32 න් අවසාන දත් වන බැවිනි. ,

ඒත් සමහරවිට ඔබත් දන්නවා ඇති හැමෝටම නැණ දත්  හතරම වැඩෙන්නේ නැති බව.  එපමනක් නොව බොහෝ අය ඒවා උගුල්ලවා ගන්නවා බවත් ඔබ ද දන්නවා විය හැකිය. එබැවින්, මිනිසුන්ට නැන දත් ඇත්තේ ඇයිද්ස් යන්නම ගෑන පවා කෙනෙකු පුදුම වීම සාධාරණයි

අප  දත් සම්බන්ධයෙන් කරුණු හදාරන අතර ප්‍රශ්නයට පිළිතුර ඈත අතීතයට බෙහෙවින් සහ වර්තමානයට මද වශයෙන් ද සම්බන්ධ බව  පැවසිය හැකිය.

වඩා බලවත් හනු(හකු)

ඔබ නැඑ සම්බන්ධවලින් වෙළී ඇති පුද්ගලයින් සමඟ ඔබට පොදු බොහෝ අංඟ ලක්ංඅණ ඇතිවා සේම, මිනිසුන් ඔවුන්ගේ විස්තෘත පවුල – ප්‍රයිමේටයන් සමඟ පොදු අංග ලකෂන භුක්ති විඳිති. වඳුරන්, ගෝරිල්ලන් සහ චිම්පන්සියන් සියල්ලන්ටම නණ දත් ඇත.

මීට වසර මිලියන කිහිපයකට පෙර, මුල් මානව මුතුන් මිත්තන්ට අද ජීවත්වන මිනිසුන්ට වඩා විශාල හකු සහ දත් තිබුණි. උදාහරණයක් ලෙස, ලුසීගේ විශේෂය යන අන්වර්ථ නාමයෙන් හැඳින්ව්න,  Australopithecus afarensis විශේෂය ජීවත්වූයේ, දළ වශයෙන් වසර මිලියන 3 සිට මිලියන 4 දක්වා කාලයකය. ලුසීගේ විශේෂය යන අන්වර්ථ නාමය පටබඳුනේ ලුසී නම් සුප්‍රසිද්ධ පොසිල නිදර්ශකය අනුවය. 

වඳ වී ගිය (ලුසීගේ විශේෂය ලෙසද හැඳින්වෙන) Australopithecus afarensis නම් මිනිස් මුතුන් මිත්තන්ගෙන් පොසිල කළ හකු, Daderot/Wikimedia Commons, CC BY

Australopithecus afarensis ඇත්තන්ගේ හකු සහ දත් ඔබේ දත් වලට වඩා  තරමක් විශාල හා ඝනය විය .  ඔවුන්ට  ඝන එනමලයක් සහිත විශාල චාර්වක දත් තුනක් තිබුණේය. මෙම මුල් මිනිසුන්ගෙන් සමහරෙකුගේ පොසිල හිස් කබල් ද  හැපීම සඳහා බලගතු මාංශ පේශී තිබූ බවට සාක්ෂි පෙන්වයි.

ආහාර වේලෙහි වෙනස්කම්

මුල් මිනිස් මුතුන් මිත්තන් ආහාරයට ගත් අමු මස් , ශාක වැනි ආහාර  අද අප කෑමට ගන්නා දේට වඩා හපන්න අමාරු නිසා ඔවුනට වඩා ශක්තිමත් හකු සහ දත් අවශ්‍ය වූයේ  යයි විද්‍යාඥයෝ කල්පනාකරති. වඳ වී ගිය මුතුන් මිත්තන් අනුභව කළ දේ  තේරුම් ගැනීම පිණිස පොසිල දත් මත ලකුණු සහ අන්වීක්ෂීය මට්ටමේ ගෙවී යාම්  රටා  ගැන පර්යේෂකයෝ සොයා බලති.

කෘෂිකර්ම, ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම ඇතුළු බොහෝ සාධක නිසා අද ගන්නා ආහාර අතීතයට වඩා මෘදුයි . මෘදු, හපන්නට පහසු ආහාර යන්නෙන් අදහස් වන්නේ දත් වලට අඩු අභියෝගාත්මක කාර්යයක් ඇත යන්නයි. එහි ප්‍රතිඵලයක් ලෙස, අපගේ වඳ වී ගිය මුතුන් මිත්තන්ට වඩා නූතන මානව හකු කුඩා සහ මුහුණ පැතලි වන සේ පරිණාමය වී ඇත්තේ  අපගේ ආහාර වේලට ඔවුන්ගේ මෙන් විශාල තියුණු දත් අවශ්‍ය නොවන බැවිනි.

වසර මිලියන ගණනක් පුරා ඉතා සෙමින් සිදු වූ මෙම වෙනස්කම් සැලකිල්ලට ගත් විට, තුන්වන දත් නැණ දත්  කලින් මෙන් දැන් වැදගත් නොවනු ඇත.

නැණ දත් නැතිවීයාම

අද ජීවත්වන මිනිසුන්ගෙන් 25% කගෙන්, අවම වශයෙන්  එක් නැණ දතක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත. එනම් එය කිසිසේත්ම හට ගෙනම නැත. මිනිසුන්හට  ඉඳහිට වෙනත් දත් වර්ධනයවීමක් සිදු නොවන අතර, එය නැණ දත් සඳහා වඩාත් පොදු වේ.

එය එසේ වන්නේ මන්දැයි විද්‍යාඥයින්ට පැහැදිලි  නැති නමුත් එය ඔබට ඔබේ දෙමාපියන්ගෙන් උරුම ජාන සමඟ සම්බන්ධයක් විය හැකිය . සමහර විද්යාඥයන් තර්ක කරන්නේ, නැණ  දත් නොමැතිකම, නූතනයේ, කුඩා හකු සහිත මිනිසුන් සඳහා වාසියකි යනුවෙනි. අද මිනිසුන් සතු කුඩා හණුවට අඩුවෙන් දත් පිහිටීම නිසැකවම පහසුය.

සමහර විට, ඉඩ නොමැතිකම නිසා, නැණ දත් හකු අස්ථිය තුළ සිරවී කිසි විටකත් සම්පූර්ණයෙන් මතු නොවනු ඇත – නැතහොත් ඒවා අර්ධ වශයෙන් පමණක් මතු වේ.

සංඝට්ටිත ලක් වූ නැණ දතක් කිසි විටෙකත් නිසි ලෙස මතු නොවනු ඇත. Nizil Shah/Wikimedia Commons, CC BY-SA

ඊනියා සංඝට්ටිත හෙවත් එකට තද වීමට ලක් වූ නැන දත්, බොහෝ විට ඉහළ හකුවලට වඩා පහළ හකු තුළ හට ගනී. නැණ දත් අර්ධ වශයෙන් ඉහළට ඇදී ඇති අවස්ථාවන්හිදී,  මිනිසුන්ට සමහර විට වේදනාව, දත් දිරායාම හෝ විදුරුමස් දැවිල්ල අත්විඳිය හැකිය, එබැවින් ඔවුන් දන්ත වෛද්‍යවරයකු විසින් ඒවා ඇද උගුලා දමනු ලැබේ.  කෙසේවෙතත්, ඒවා මුඛය තුළ සම්පූර්ණයෙන්ම උඩට ඇතී ගොස්, නිවැරදිව හා සෞඛ්‍ය සම්පන්නව ස්ථානගත වී ඇත්නම්,  නැණ දත් සාමාන්‍යයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවේ,

ඔබේ නැණ දත් තිබේදැයි බැලීමට දන්ත වෛද්‍යවරුන්ට ඔබේ මුඛය පරීක්ෂා කළ හැකිය; නැතහොත් මෙම අවසාන මවුල තවමත් මතුවී නොමැති නම් සහ ඒවා එකට තවී හිරවී ඇතැයි ඔබ සැක කරන්නේ නම් ඔබේ හකු වල X කිරණ අනුරූප බලන්නට දන්ත වෛද්‍යවරුන්ට පුළුවන.

ඔබේ නැණ දත්සඳහා කිසියම් ප්‍රතිකාරයක් හෝ ඉවත් කිරීමක් හෝ නිර්දේශ කරන්නේ නම් දන්ත වෛද්‍යවරුන්ට ඔබට ඒ පිළිබඳව උපදෙස් දිය හැකිය. ඔය කොයික වුවත්, අවම වශයෙන් දිනකට දෙවරක් දත්මැදීම සහ දිනපතා දත් සුද්ධ කිරීම, (නැණ දත් ඇතත්, නැතත්) ඔබගේ සියලු දත් නිරෝගීව තබා ගැනීමට උපකාරී වනු ඇත!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending