අඟහරු මත ඇති කාබන් වලින් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද?

සංක්ෂේපය
අඟහරු ග්‍රහහ්යා වියළියි එමෙන්ම සීතලයි. එහි, සැළකිය යුතු තරමේඉ වායුගෝලයක් නොමැත. කෙසේවෙතත් අඟහරු ග්‍රහයා අතීතයේ එය කෙබඳු වන්නට ඇත් ද? ජීවය පවත්වාගෙන යාමට ආධාර කළ හැකි වායුගෝලයක් කිසි දා හෝ අඟහරු ග්‍රහයා සතුව තිබුණේද? වාසනාවකට මෙන්, මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපට උපකාර කළ හැකි රෝවර් යානා අඟහරු ග්‍රහයා මතුපිට ක්‍රියාත්මක තත්ට්වයෙන් ඇත.
කාබන් යනු සජීවීන්ගේ ප්‍රධාන අංගයකි. ඉතින් අපි අඟහරු ග්‍රහයා මත කියුරියෝසිටි රෝවර් යානය(Curiosity Rover) යොදාගෙන මතුපිට කාබන් සාම්පල එකතු කරන්නෙමු. සිඳී ගිය වැව් පතුලක් විය හැකි ප්‍රදේශයක සාම්පල අපි ලබා ගත්තෙමු. අපි කාබන් ගැන සොයා බැලුවේ, එහි කොපමණ තිබේද සහ ඒවා පැමිණියේ කොයිබින් ද යන්න සොයා බැලීමටයි. එහි වායුගෝලය කෙබඳු වන්නට ඇත් ද යන්න පිළිබඳ ඉඟි ඉන් අපට ලබා ගත හැකිය. එම ප්‍රදේශයේ කලින් ජීවින් සිටියාද යන්න සොයා ගැනීමටද එය උපකාර විය හැක. මෙම සොයා බැලීම් වල දී අපට පෙනී ගියේ අප බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් අඟහරු ග්‍රහයා මත පවතින බවය. කාබන් බොහොමයක් උල්කාෂ්ම සහ පාෂාණ වලින් පැමිණෙන්නට ඇත. ඒවා ජීවීන්ගෙන් පැමිණිය වෙන්නට හැකි බව අපට බැහැර කළ නොහැකි නමුත් එය නිර්ණය කර ගැනීමට අපට උපකාර කිරීම පිණිස තවත් බොහෝ තොරතුරු අවශ්‍ය වේ.

හැදින්වීම
අපේ ග්‍රහයා වන පෘථිවිය සහ එහි ජීවත් වන්නන් ගැන අපි බොහෝ දේ දනිමු. එසේ වුවත්, අපි වෙනත් ග්‍රහලෝක ගැන එතරම් නොදනිමු. එම ග්‍රහයන් වෙත ළඟා වීමට බොහෝ කාලයක් ගත වන අතරම ඒව මිනිසුන්ට එතරම් හිතකර්ස් නොවේ. අපගේ සමීපතම ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහලෝකය දිගු කලක් තිස්සේ විද්‍යාඥයින්ගෙ සිත් වසඟ කිරීමට සමත්ව ඇත. ඔවුන් ඉතා කුතුහලයෙන් සිටින්නේ අඟහරු ග්‍රහයා මත කවදා හෝ ජීවය පැවතියේ ද, නැතහොත් අනාගතයේ කවදා හෝ ජීවය ප්වත්වාගෙන යාමට ආධාර කළ හැකිද යන්න පිළිබඳවයි.

අඟහරු වල නියැදි විශ්ලේෂණය (Sample Analysis at Mars – SAM) නම් උපකරණය කියුරියෝසිටි රෝවරයේ විද්‍යා පර්යේෂණාගාරයකි. මේ, එය ස්ථාපනය කිරීමට පෙර ගත් පින්තූරයකි. අනුරූප:NASA/GSFC

විද්‍යාඥයන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේද? හොඳයි, 2012 දී නාසා ආයතනය කියුරියෝසිටි නම් රෝවර් යානයක් අඟහරුගේ මතුපිටට ගොඩ බැස්සවීය. අදටත් එය අඟහරු මත ක්‍රියාත්මකව තිබේ. කියුරියෝසිටි විශේෂ රෝවරයක් වන්නේ එය විද්‍යා අත්හදා බැලීම් කිරීමට නිර්මාණය කර ඇති බැවිනි. අඟහරු ග්‍රහයාගේ මතුපිට ඇති මූලද්‍රව්‍ය මොනවාදැයි සොයා බැලිය හැකි උපකරණ රැසක් එහි ඇත. එහි පාෂාණ කැබලි වලට කැඩීමට උපකාර වන විදිනයක් ඇත. ග්‍රහලෝකයේ මතුපිට සවිස්තරාත්මක ඡායාරූප ගැනීමට කියුරියෝසිටි සතුව කැමරා රාශියක් ද ඇත.
කියුරියෝසිටි සතුව අභ්‍යන්ත්‍රයේ ඉඳිවුණුණු විද්‍යාගාරයක් ද ඇත. එය අඟහරුගේ නියැදි විශ්ලේෂණය (SAM) ලෙස හැඳින්වේ. අඟහරු ග්‍රහයා මත කවදා හෝ ජීවයක් පැවතිය හැකිදැයි සොයා බැලීමට අපි SAM භාවිතා කළෙමු. අපි අඟහරු ග්‍රහලෝකයේ Yellowknife Bay සැකසුම සහිත ස්ථානයක් තෝරා ගත්තෙමු. අතීතයේ වැවක් බඳු පරිසරයක් විය හැකි බව අපට පෙණී ගියේය. ජීවීන් සැමට ජලය අවශ්‍යයි. ඉතින් අඟහරු ග්‍රහයා මත ජීවයක් තිබූ බවට සාධක තිබේ නම් එය සෙවීමට මෙය සුදුසු ස්ථානයකි.

ක්‍රම වේද
කියුරියෝසිටි රෝවරයට උපදෙස් දීම සංකීර්ණ කාර්යයකි. කිසියම් සාම්පලයක් ගැනීමට අපි කියුරියෝසිටි යෙන් ඉල්ලා සිටීමට පෙර, අපගේ අත්හදා බැලීම සඳහා අපට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙයි.
විද්‍යාඥයන් සිතන්නේ අඟහරු ග්‍රහයාගේ සිට උල්කාෂ්ම 200කට අධික ප්‍රමාණයක් පෘථිවිය මතට පතිත වී ඇති බවයි! විද්‍යාඥයන් ඒවායින් සමහරක කාබන් ප්‍රමාණය මැන බලා ඇත. අප විසින් අඟහරු ග්‍රහයා මත සිදුකළ පරීක්‍ෂණ වලින් උල්කාකාෂ්ම මත පරීක්‍ෂණවල දීට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් සොයා ගත හැකිවිය.
ජීවයෙහි, කාබන් මූලද්‍රව්‍ය අඩංගු බව අපි දනිමු. ජීවීන් තුළ බොහෝ රසායනික ප්රතික්රියා මගින් කාබන් භාවිතා කරනු ලැබේ. ඒ නිසයි අපි තීරණය කළේ අඟහරු මත කාබන් සෙවීමට. කෙසේවෙතත්, අවාසනාවකට මෙන්, තවත් බොහෝ දේවල කාබන් අඩංගු වේ – උදාහරණයක් ලෙස, සමහර ගිනිකඳු පාෂාණ සහ උල්කාෂ්ම දක්වන්න පුළුවන්. අපගේ සාම්පලයෙහි කාබන් සොයා ගත් අපට, කාබන් පැමිණියේ කොහෙන්දැයි සොයා ගැනීමට ක්‍රමයක් අවශ්ය විය.
කාබන් පරමාණු සමස්ථානික ලෙස හඳුන්වන විවිධ ආකාරවලින් පැමිණිය හැකි බව අපි දනිමු. ඒ ආකාර විවිධ ප්රමාණවලින් බරයි; නමුත් ඒවා සියල්ලෙහිම එකම ගුණාංග ඇත. කාබන්හි පොදු සමස්ථානික දෙකක් තිබේ: කාබන්-12 සහ කාබන්-13 . කාබන්-13 බරෙන් වැඩියි. නියැදියක එක් එක් සමස්ථානික ප්‍රමාණය කොපමණ දැයි අපට පැවසීමට SAM මත ඇති උපකරණවලට හැක. කාබන් අඩංගු දේවල මෙම සමස්ථානිකවල විවිධ ප්‍රමාණ තිබිය හැක.
ඊළඟට, අපගේ සාම්පල සංසන්දනය කිරීමට පහසු ක්රමයක් අවශ්ය විය. එක් ක්‍රමයක් නම් ඒවා සියල්ල එක් ප්‍රමිතියක් හෙවත් සම්මතයක් සමඟ සංසන්දනය කිරීමයි. සම්මතයක් යනු එක් එක් කාබන් සමස්ථානිකයේ කොපමණ ප්‍රමාණයක් ඇත්දැයි අප දන්නා සාම්පලයකි. සංසන්දනය කිරීමට පහසු අංකයක් ගණනය කිරීමට අපට සම්මතය භාවිතා කළ හැකිය. එය තමයි කාබන් සමස්ථානික අගය. අඟහරු වෙතින් පැමිණ්I උල්කාෂ්ම සහ ගිනිකඳු පාෂාණ වැනි දේ සඳහා කාබන් සමස්ථානික අගයන් අපි දැනටමත් දන්නෙමු. සජීවීන් සඳහා කාබන් සමස්ථානික අගයන් පරාසයක් ද ඇත. අපගේ නියැදියේ ඇති කාබන් ගැන වැඩි විස්තර දැන ගැනීමට අපට මෙය භාවිතා කළ හැක.
අපේ සැලැස්ම ක්‍රියාත්මක කළ පසු, අපි කියුරියෝසිටි වෙත උපදෙස් යැව්වෙමු. SAM, සාම්පලයක් ලබාගෙන කාබන් සමස්ථානික මැන බැලීය. SAM මෙය සිදු කරන්නේ පාෂාණය උඳුනක රත් කර නිපදවන වායූන් දෙස බැලීමෙනි. පෘථිවියේ දී, අපි අපගේ නියැදිය සඳහා කාබන් සමස්ථානික අගයන් ගණනය කළෙමු.

ප්‍රතිපල
අපි අපේ සාම්පලය තුළ කාබන් විශාල ප්‍රමානයක් සොයාගැනීමට අපි සමත්වීමු. ඇත්ත වශයෙන්ම, එකිනෙකට තරමක් වෙනස් පියවර සහිත පෙර අත්හදා බැලීම්වලට වඩා හතළිස් ගුණයක කාබන් ප්‍රමාණයක් අපට හමු විය. කලින් අත්හදා බැලීම්වලින් පසු අපගේ කාබන් වලින් කොටසක් ඉතිරි වූ බව අප පිළිගන්නා නමුත් ඒවා ඉවත් කර දමා අපගේ උපකරණ පිරිසිදු කිරීම පිණිස උදව් කිරීමට අඟහරු මත මිනිසුන් නැත!
අපට හමු වූ ඉතිරි කාබන් බොහෝ මූලාශ්‍රවලින් කාබන් සමස්ථානික අගයන් සමඟ ගැලපේ. ඒවා අඟහරුවල උල්කාෂ්ම වලට ගැලපේ. ඒවා බොහෝ පාෂාණවල ඇති රසායනික ද්‍රව්‍යයක් වන කාබනේට් සමග ද ගැලපේ. අපගේ නියැදියෙන් සොයාගත් කාබන් සමස්ථානික අගයන් ද ජීවීන්ගේ පරාසය තුළ පවතී.
සාකච්ඡාව
අඟහරුගේ සාම්පලයෙන් අප බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් අපට හමු විය. එයින් අදහස් කරන්නේ බොහෝ රසායනික ප්‍රතික්‍රියා සඳහා ප්‍රමාණවත් කාබන් අඟහරු මත ඇති බවයි. මෙම ප්‍රතික්‍රියාවලින් සමහරක් ජීවීන් තුළ තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.
අප ගණනය කළ කාබන් සමස්ථානික අගයන් විවිධ ප්‍රභවයන් සමඟ ගැලපේ. මේවාට උල්කාෂ්ම, කාබනේට් සහ ජීවීන් ඇතුළත් වේ. කාබන් සමස්ථානික අගයන් බොහොමයක් අතිච්ඡාදනය වන බව අපි දනිමු. එබැවින්, කුමන ප්‍රභවයකින් කොපමණ කාබන් ප්‍රමාණයක් පැමිණියේදැයි කීමට ක්‍රමයක් නොමැත. අපගේ කාබන් ජීවීන්ගෙන් පැමිණෙන්නට ද අවස්ථාවක් තිබේ! නමුත් අපේ කාබන් වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් මූලාශ්‍රවලින් වීමට වෑඩි ප්‍රස්ථාවක් තිබිය හැකි ය.
අඟහරු ග්‍රහයා මත කාබන් ඇති වූ ආකාරය ගැන ඉගෙන ගැනීමට අපි තවත් අධ්‍යයනයක් කිරීමට කැමැත්තෙමු. කාලයත් සමඟ එම කාබන් වෙනස් වූ ආකාරය ද අපි තේරුම් ගැනීමට කැමැත්තෙමු. අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙම කරුණු අපට උපකාර වනු ඇත.
නිගමනය
විද්‍යාඥයන් නිතරම මෙනෙහි කල කාරණයක් වන්නේ මේ මහා විශ්වයේ පෘථිවියේ අප තනිවෙලාද යන්නයි. අප අභ්‍යවකාශයේ වැඩි ඉඩක් ගවේෂණය කරන විට, අපි ජීවය සොයමින් සිටින්නෙමු. අපගේ අධ්‍යයනය මගින් අඟහරු ග්‍රහයා මත කාබන් ප්‍රභවය ගැන බොහෝ හැකියාවන් පෙන්වනු ලැබ ඇත. එහි කාබන් ප්‍රභවය ජීවීන්ගෙන් හට ගත් බව අපට තවම නිශ්චිතවම පැවසිය නොහැක, එසේනමුත් අපට එය බැහැර කිරීම ද කළ නොහැක.
ඔබට නාසා හි අඟහරු ගවේෂණ වැඩසටහනේ වෙබ් අඩවියෙන් අඟහරු ගවේෂණ ගැන වැඩි විස්තර දැනගත හැකිය. ඔබට NASA අඟහරු මෙහෙයුම් ගැන දැන ගැනීමට සහ රෝවර් යානා මගින් ගන්නා ලද බැලීමට ද පුළුවන. ඔබට අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම පර්යේෂණ පිළිබඳ ද වැඩිදුර ඉගෙන ගත හැකිය.
Science Journal – Astro Kids හී පළවන What Can We Learn From Carbon On Mars? යන පර්යේෂණා වාර්තාව ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න