පෘථිවියේ අනාගතය පිළිබඳ අඳුරු චිත්‍රයක් මවමින් පසුගිය වසරේ නිතරම වාගේ පළ වූ පුවත් සිරස්තල අමතක කරන්න,  අනාගතය පිළිබඳ සැබෑ බලාපොරොත්තු ඇති කර ගත හැකි  කථා ද 2023 දී දැක ගත හැකිවිය. 2024 අභියෝග වලට මුහුණ දෙන විට අපට ඒවා අවශ්‍යවෙයි.

Photo credit: Getty

දේශගුනය පිළිබඳව, 2023 අවුරුද්දේ පලවූ පුවත්,  සමහර අවස්ථාවලදී, නොනවතින බවක් දැනුණි. ඒ වගේම 2023 අවසානය වන විට ඩුබායි හි පැවති නවතම එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා(COP28 ) මගින් අපට මතක් කර දුන්නේ, ගෝලීය උණුසුම ඉහළ යාමේ වේගයට වඩා, දේශගුණික විපර්යාසවල නරකම බලපෑම් ජය ගැනීම සඳහා ගන්නා ගෝලීය උත්සාහයන්  බෙහෙවින් මන්දගාමීව ඉදිරියට යන බවයි.

එසේනමුත් හූලමින්, සුසුම් හෙලමින් සියලු බලාපොරොත්තු සුන් කරගනිමින් තැව්න්නට උවමනා නැත. ඩුබාහී පැවති COP 28 රැස්වීමේදී සැබෑ සාර්ථකත්වයක් ලැබුණි. ප් රථම වතාවට රටවල් “බලශක්ති පද්ධතිවල ෆොසිල ඉන්ධන වලින් ඉවතට සංක් රමණය වීමට” එකඟතාව පළ විය. එයමත්, 2023 වනතෙක් අත්පත් කරගැනීමට නොහැකි වූ ජයග්‍රහනයකි. මෙම COP රැස්වීම් ගැන ඔබ සිතන්නේ කුමක් වුවත්, ඒවා පරිපූර්ණ නොවේ; මන්ද ප්‍රථම වතාවට ලෝකය එකට එකතු වී  “අපට පොසිල ඉන්ධන වලින් ඉවතට යාමට අවශ්යයි.” එක හඬින් කියා සිටියේය.

මෙය කෙතරම් කුඩා ජයග්රහණයක් වුවද,  වසර 30 කට ආසන්න කාලයකට පසු දේශගුණික විපර්යාසයන්ට ප්රධාන හේතුව පිළිගැනීම සෑම් පර්ශවයන් විසින් පිළිගනු ලැබීම එය ස්ථිරවම අනාගත බලාපොරොත්තු දල්වන ජයග්රහණයකි. එය අද ලෝකයේ සිදුවන සැලකිය යුතු ඉදිරි පිම්ම කිහිපයකින් එකක් පමණි.

සැඟවුණු විප්ලවය

සමහරවිට ඔබ ත්වම ඒ ගැන අසා නැතුවා විය හැකි නමුත් එක්සත් රාජධානියේ තාක්ෂණික පරිවර්තනයක් සිදු වෙමින් පවතී – එය ක්රමයෙන් පොසිල ඉන්ධන වලින් අපව ඉවත් කරන්නට මග පාදන පරිවර්තනයකි

නිදසුනක් වශයෙන්, 2023 හි සෑම මාසයකම ඇස්තමේන්තුගත පවුල් 17,000 ක් ඔවුන්ගේ නිවාස හා ගොඩනැගිලිවලට සූර්ය පැනල එකතු කර ඇත —  සූර්ය බලශක්තිය ඉතිහාසයේ වඩාත් ලාභම විදුලි ප්රභවය ලෙස පිළිගන්නා බවසළකන විට, ජාත්යන්තර බලශක්ති ඒජන්සියට අනුව,  මෙය යහපත් ප්‍රවනතාවකි. ජාත්යන්තර බලශක්ති ඒජන්සියට අනුව. ඒ වගේම ඒ ‘ලාභ’ විදුලිය ගබඩා කිරීම සඳහා, බැටරි බලාගාර පුදුමාකාර වෙගයකින් රට පුරා මතු වෙමින් පවතී.

බොහෝ දේශගුණික විද්යාඥයින් (සහ බොහෝ විද්යා මාධ්යවේදීන්) බලාපොරොත්තු වූවාට වඩා කල් ගතවී, එමෙන්ම මන්දගාමීව සිදුවන බව ඇත්තකි; එහෙත්, වැදගත් කාරණ වන්නේ එය සිදුවෙමින් පැවතීමයි.

සැමරීමට වටිනා ඉදිරි පිමි

වර්තමානයේ දේශගුනයටසම්බන්ධ සියලු කාංසාවන්  මධ්යයේ වුව, ප්රබෝධමත්කරවන සුළු, ලෝකය වෙනස් කරන මාදිලියේ විද්යාත්මක සොයාගැනීම් අඛණ්ඩව සිදු කරන බව මතකයට නගා ගැනීම, ප්රයෝජනවත් වනවා පමනක් නොව සුවදායක පවා වන බව මේ මුල් ඉංග්‍රීසි ලිපියේ කතෲ Victoria Gill පවසන්නීය.   ඒවායින් සමහරක්,  මිනිසුන් විසින්ම නිර්මිත  මෙම අවුලෙන් මිදීමට අපට උපකාරී වනු ඇති අතර ඒවායින් සමහරක් හුදෙක් සිත් ඇදගන්නා සුළුය.

එක් උදාහරණයක් වන්නේ කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ පර්යේෂකයන් විසින් නිර්මාණය කරන ලද විශේෂයෙන් දක්ෂ ඉන්ධන ප්රභවයකි. මෙම කණ්ඩායම කෘතිම කොළ මත පදනම් වූ ‘පාවෙන ඉන්ධන කර්මාන්තශාලා’ නිර්මාණය කර ඇත. එය මෙම තාක්ෂණයේ මුල් අවධිය වන නමුත් අවසාන අරමුණ ජලය හා කාබන් ඩයොක්සයිඩ් ඉන්ධන බවට පරිවර්තනය කිරීම සඳහා හිරු එළිය භාවිතා කරන බව ‘පත්‍ර පලස’ (carpets of leaves ) නිර්මාණය කිරීමයි.

කාබන් වල පොසිලගත් ප් රභවයන් දහනය කරනවා වෙනුවට, මේ ආකාරයේ  ව්‍යාපෘති මගින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සැබවින්ම අමුද්රව්යයක් ලෙස භාවිතා කරන නව ඉන්ධන නිර්මාණය කරනු ඇත.

සමහර විට අපේ කාලයේ වඩාත්ම අපකීර්තිමත්, බිය දනවන අතරම ගෞරවයට ද පාත්ර වූ තාක්ෂණික මාතෘකාව වන කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) පවා එහි කාර්යභාරය ඉටු කරනු ඇත. මෙම වසරේ, පර්යේෂකයන් කණ්ඩායමක් විද්යාවට මෙතෙක් හසු වී නැති ද්‍රව්‍ය මිලියන 2.2 ක අඩංගු දෑ සහ ගුණාංග ඉක්මනින් පුරෝකථනය කළ හැකි කෘතිම් බුද්ධියක් වැඩි දියුණු කරන ලදී.  අපගේ වර්තමාන දැනුම අනුව පදාර්ථයේ අකාබනික ද්රව්ය 20,000 ක් පමණ අඩංගු වේ). අවම වශයෙන් ඒවායින් සමහරක් වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂිත බැටරි නිර්මාණය කිරීම සඳහා භාවිතා කළ හැකි යැයි අපේක්ෂා කෙරේ.

ජෛව විවිධත්ව අර්බුදය

කෙසේවෙතත්,  සියල්ල මිනිසුන් ගැනම පමණක් නොවේ. 2024 දී, අප මෙමපෘථිවි ග්රහලෝකය එක්ව බෙදා හදා ගන්නා අනෙකුත් විශේෂ සඳහා ද  ලෝකය වඩා යහපත් තැනක් කිරීමේ ව්‍යායාමයේ ප්රගතියක් ලබා ගත යුතුය.

ඇත්ත කතාව නම්,  ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ගත් කල, අප හොඳින් කටයුතු නොකරන බවයි. ස්වාභාවික ලෝකය තවදුරටත් අඛණ්ඩව පිරිහීමට හා පරිහානියට පත්වෙමින් පවතින අතර, එක්සත් රාජධානියේ සත්ව විශේෂ 6 න් 1 ක් දැන් තර්ජනයට ලක්ව ඇත. මානව වර්ගයා තවමත් සොබාදහමට එරෙහිව, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ගේ පදයකින් කියතහොත්, ‘ස්වයංඝාතක යුද්ධයක’ පැටලී සිටිති.

කෙසේවෙතත්,  අප එයට අවස්ථාවක්  සහ යම් ඉඩක් ලබා දෙන්නේ නම්  සොබාදහම කෙතරම් පුදුමාකාර ලෙස යථා තත්ත්වයට පත් කළ හැකිද යන්න පිළිබඳ  මෑත මාස කිහිපය තුළ සමහර ප්රබෝධමත් සංඥා ලැබෙන්නට පටන් ගෙන තිබේ.

blue whales in the Seychelles region

ඉන්දියානු සාගරයේ සීෂෙල්ස් කලාපයේ නිල් තල්මසුන් වෙත සැලකිල්ල යොමු කරන්න.  1960 ගණන්වලදී සෝවියට් තල්මසුන් මරන්නන් විසින්   (පෘථිවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සත්ව විශේෂයක් වන) මෙම දැවැන්ත ක්ෂීරපායින් කලාපයෙන් අතුගා දමා ඇතැයි උප කල්පනය කරනු ලැබුවද ද, ඔවුන් නැවත එහි පැමිණ ඇති බවට සාක්ෂි තිබේ. දිය යට ශබ්ද පටිගත කිරීම් අධ්යයනය සිදු කිරීමෙන් පසු, විද්යාඥයින් විසින් හෙළි කරනු ලැබුවේ, නිල් තල්මසුන් 2023 මාස කිහිපයක් තිස්සේම කලාපයේ  ඔවුන්ගේ ගැඹුරු, ස්පන්දනය වන ගීතය ගායනා කරන බවයි.

සදහටම නැති වී ගොස් ඇතැයි සිතූ වෙනත් විශේෂයන් ද නැවත පැමිණ ඇත. වැලි  හරහා ‘පිහිනන’ අන්ධ ඩි වින්ටන්ගේ රන් වැලිමීයන්(De Winton’s golden mole)  මේවාට ඇතුළත් වේ. මොවුන්, 1930 ගණන්වල සිට වඳ වී ගොස් ඇතැයි උපකල්පනය කරන සතෙකි. පාරිසරික ඩීඑන්ඒ (මූලික වශයෙන් මේ සත්වයා විසින් වැලි වල ඉතිරි කර ඇති ජානමය ඇඟිලි සලකුණු) භාවිතා කරමින් සංරක්ෂකයින් සහ ජාන විද්යාඥයින් විසින් සත්වයා නැවත සොයා ගනු ලැබ ඇත.

De Winton’s golden mole rediscovered

මෙම දකුණු අප්රිකානු වැලිමීයන්,  ඇත්ත වශයෙන්ම  වසර හයකට පෙර දියත් කරන ලද නැතිවූ විශේෂ සෙවීම ව්යාපෘතිය මගින් නැවත සොයාගත් 12  වන විශේෂයයි. සොයා ගනු ලැබූ අනෙක් විශේෂ අතරට යෝධ මී මැස්සෙකු, කඳු නගින සලාමන්දරයෙකු සහ ඇටන්බරෝගේ දිගු හොට සහිත එකිඩ්නා ලෙස නම් කරන ලද  විශේෂ ඇතුළත් වේ.

එක්සත් රාජධානිය වෙත නැඹුරුවන්නේ නම්, බ්‍රිතාඥ ගම්බද ප්‍රදේශවල, ලෝම නිරූපකයක්,  එංගලන්තයේ ලස්සනම ස්ථානයකට නැවත හඳුන්වා දෙනු ලැබ ඇත. -අභිජනනය කරන ලද ජලජ ලඳු මීයන්(water voles) සිය ගණනක්  හැලකට (ප් රතිෂ්ඨාපනය කරන ලද නිම්න වාසස්ථානයකට} මුදා හරිණ.

නිසැකවම, මෙම සියලු ඉදිරි පිමි සහ සාර්ථකත්වයේ දර්ශන අපව “දැන් සියල්ල හරි” යන මානසිකත්වයෙන් සෑහීමකට පත් කළ යුතු නොවේ; එසේනමුත් ඒඅව අපගෙ බලාපොරොත්තු දැල්වීමට ප්ර්මාණවත්ය. ඒ වගේම 2024 අභියෝග වලට මුහුණ දෙන විට අපට ඒවා අවශ්‍යවෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending