වයස් ගතවන විට මිනිසුන්ගේ සාර්ධර්ම වෙනස් වන්නේ කෙසේද?
ඔබේ සාරධර්ම කෙරෙහි විවිධ ජීවන අවස්ථා වලදී ඔබ ඉටු කරන කාර්යයන් බලපායි.වයස් ගතවන විට මිනිසුන්ගේ සාර්ධර්ම වෙනස් වන්නේ කෙසේද?
ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ඥානන විද්‍යාඥයෙකු වන Art Markman, Ph.D විසිනි
ඔබේ ජීවිතයේ ඕනෑම මොහොතක, ඔබේ ක්‍රියාවන්ට මඟ පෙන්වන වියුක්ත අගයන් සමූහයක් ඔබ සතුව ඇත. නිදසුනක් වශයෙන්, ශාස්ත්‍රීය මනෝවිද්‍යාඥයෙකු ලෙස, මම දැනුම අගය කරන අතර, එය හඹා යාමට බොහෝ කාලයක් ගත කරමි. සාර්ථකත්වයත් මට වටිනා දෙයක්. ඒ නිසා මම මගේ කාලය මාගේ වෘත්තීය වෙනුවෙන් කැප කරමි. මා අගයන සාර්ධර්ම සෑම කෙනෙකුම එකලේ අගන්නේ හො කොහෙත්ම අගය්න්නේ නැත. බෙදා නොගනී; මට වඩා සාර්ථකත්වය මගින් මෙහේවනු නොලබන බොහෝ මිතුරන් මට සිටී.
සාරධර්මවල පුද්ගල වෙනස්කම් වලට අමතරව, මිනිසුන් වයසට යන විට සාරධර්මවල වෙනස්කම් ද තිබිය හැකිය. නිදසුනක් වශයෙන්, මිනිසුන් තරුණ වියේදී උද්වේගය වඩා අගය කළ හැකිය.

Personality and Social Psychology Bulletin හී 2015 සැප්තැම්බර් කලාපයේ Valdiney Gouveia, Katia Vione, Taciano Milfont සහ Ronald Fischer විසින් පළකරන ලද ලිපියක් මගින් වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය යන දෙකම මත පදනම්ව හරයන් අනුමත කිරීමේ දී දක්වන වෙනස්කම් පරීක්ෂා කෙරිණ. ඔවුහු, බ්‍රසීලයේ ප්‍රදේශ ගණනාවකින් පැමිණි වැඩිහිටියන් 36,000කට අධික පිරිසකගේ නියැදියක දත්ත පරීක්‍ෂා කළහ. සාම්පලයෙන් අඩක් පමණ වයස අවුරුදු 12 සිට 65 දක්වා වූ පිරිමින් වන අතර අඩක් කාන්තාවන් විය.
සහභාගිවන්නෝ, මූලික වටිනාකම් සමීක්ෂණය නම් මෙවලමකින් ලැබෙන සාරධර්ම 18ක් පිළිබඳ ඔවුන්ගේ අනුමත කිරීම් ඇගැයීමට ලක් කළහ. මෙම අගයන් නිර්මාණය කර ඇත්තේ මිනිසුන් දරන විවිධ හර කාණ්ඩ හයක් පිළිබිඹු කිරීමට ය: උද්වේගය (හැඟීම්, සතුට, සහ ලිංගිකත්වය), ප්‍රවර්ධනය (බලය, කීර්තිය සහ සාර්ථකත්වය), අන්තර් ක්‍රියා (ආදරය, අයත් වීම, සහයෝගය), ප්‍රතිමානය (කීකරුකම, ආගමිකත්වය, සහ සම්ප්‍රදාය), තථ්‍යකරණය (අලංකාරය, දැනුම, පරිණතභාවය) සහ පැවැත්ම (සෞඛ්‍යය, ස්ථාවරත්වය, පැවැත්ම). පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම වයස සමඟ මෙම අගයන් අනුමත කිරීම වෙනස් වූ ආකාරය ඔවුහු විශ්ලේෂණය කළහ.
මෙම එක් එක් අගයන්හි සවිය වයස සමඟ වෙනස් විය. ස්ත්‍රී පුරුෂභාවය අනුව කුඩා වෙනස්කම් කිහිපයක් තිබුණත් බොහෝ දුරට පිරිමි සහ ගැහැණු සමාන විය.
නව යොවුන් වියේදී මිනිසුන් උද්වේගය ගැන වඩාත් උනන්දු විය. වයස සමඟ මෙම අගය අඩු විය. මෙහි ලිංග භේදය අනුව ඇති ප්‍රධාන වෙනස්කම වූයේ වඩාත් වයස්ගතම පිරිමින්ට වඩා වඩාත් වයස්ගතම කාන්තාවන් උද්වේගය ගැන අඩුවෙන් උනන්දු වීමයි.
මිනිසුන් ප්‍රවර්ධනය (බලය සහ සාර්ථකත්වය) ගැන උනන්දු වූයේ ඔවුන් මැද වයසේ දීට වඩා තරුණ හා වැඩිහිටි වියේදී ය. මෙහි තර්කය නම්, මුල් කාල සහ මැදි වැඩිහිටි වියේදී, මිනිසුන් දරුවන් සහ පවුල කෙරෙහි අවධානය යොමු කරන හෙයින්, පුළුල් ලෙස ගත් කල සාර්ථකත්වය, එතරම් සැලකිල්ලක් දක්වන්නක් නොවන අතර ජීවිතයේ මුල් අවධියේදී හෝ අනතුරුව, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් සම්පූර්ණ වූ විට සාපේක්ෂව වැඩි සැලකිල්ලක් දැක්විය හැකිය යන්නය.
නව යොවුන් වියේ සහ මුල් වැඩිහිටි අවධිය සඳහා අන්තර්ක්‍රියා වඩාත් වැදගත් වූ නමුත් වයස සමඟ තරමක් අඩු විය. මෙම අගය සෑම වයස් කාණ්ඩයකදීම වැදගත්වන අතර වයස් අනුව ලොකු වෙනස්කම් නොවීය.
සම්මත වටිනාකම් (සම්ප්‍රදාය සහ ආගමිකත්වය) වයස සමඟ වඩාත් වැදගත් වන අතර වයසින් වැඩි වැඩිහිටියන් සඳහා බෙහෙවින්ම වැදගත් වේ. මෙම අගය වැඩිහිටි පිරිමින්ට වඩා වැඩිහිටි කාන්තාවන් සඳහා දැඩි ලෙස අනුමත කරන ලදී.
වැඩිහිටි පිරිමින් අතරේ තථ්‍යකරණ අගයේ වැදගත්කමේ වැඩි වීමක් දිගටම පෙන්නුම් කළද, මැදි වැඩිහිටි වයස දක්වා වයස සමඟ තථ්‍යකරණය ක්‍රමයෙන් වැඩි වුව ද එම වයසත් සමග ක්‍රමයෙන් හීනවිය. මැදි වයසේ වැඩිහිටියන් බොහෝ විට ජීවත්වීම සහ දරුවන් ඇති දැඩි කිරීම වැනි ප්‍රායෝගික අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළද, වයසට යන විට, ඔවුන් සුන්දරත්වය සහ දැනුම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව මෙම වෙනස පිළිබිඹු කරයි.
අවසාන වශයෙන්, පැවැත්ම නම් වූ සාරධර්ම කාණ්ඩය, ජීවිතයේ මුල් අවධියේදී මිනිසුන්ට වඩාත් වැදගත් වූ අතර, මැදි වැඩිහිටි විය දක්වා මදඅඩුවීමක් සහ ජීවිතයේ පසු කලෙක සුළු වැඩිවීමක් දැක්වීය. මෙය පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම සමාන විය. අත්‍යවශ්‍යයෙන්ම, තරුණ අය ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ගැන වඩාත් සැලකිලිමත් වේ. මිනිසුන් වයසට යන විට, ඔවුන් නිරෝගීව සිටීමට කැමති නමුත්, ඔවුන් වයසින් වැඩෙත්ම ඔවුන්ට යම් සෞඛ්‍ය ගැටලු ඇති වන බව ඔවුහු හඳුනා ගනිති.

මෙම දත්ත තරමක් ප්‍රවේශමෙන් පරිහරණයට ගත යුතුය. ඒවා බ්‍රසීලියානුවන්ගේ නියැදියක් පිළිබිඹු කරන ඒවා වන අතර පොදුවේ මිනිසුන් සැමට අදාළ නොවිය හැක. එහෙත්, එය එසේ වුවද, කාලයත් සමඟ සාරධර්මවල වෙනස්වීම්, මිනිසුන්ට විවිධ ජීවන අවස්ථා වලදී ඉටු කළ යුතු කාර්යයන් පිළිබිඹු කරන බව මෙම ප්‍රතිඵලවලින් පැහැදිලිවම ඇඟවෙන්නේය. මුල් මුල් කාලවල දී, ජීවිතයේ කිරීමට අවශ්‍ය කුමක්දැයි මිනිසුන්ට සොයා බැලිය යුතු වන අතර, එම හේතුව නිසාම ඔවුන්ට ජීවිතයේ ලබා ගත හැකි දේ නැතිනම් ජීවිතයක හැකියාවන් ගවේෂණය කළ යුතුය. පසුව, බොහෝ අයට අවශ්‍ය වන්නේ පවුලක් වී පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට හා දරුවන් ඇති දැඩි කිරීමටය. එය මිනිසුන්ගේ වටිනාකම් වෙනස් කරයි. මහලු වියට පත්වන විට, පවුලක් ඇති දැඩි කිරීමේ වගකීම් අවසන් වී ඇති නමුත් වයස්ගත වැඩිහිටියන්ට සෞඛ්ය ගැටලු ඇති වීමට පටන් ගනී. මෙම වෙනස්කම් වයස්ගත වැඩිහිටියන් තම ජීවිතයේ අර්ථය සොයා ගැනීමේ මාර්ගයක් ලෙස සම්ප්‍රදාය අගය කිරීමට හේතු විය හැක.
වයස සමඟ සාරධර්මවල විශාල වෙනස්කම් ඇති වුවද, පිරිමි සහ ගැහැණු වශයෙන් ගත් කල දෙපාර්ශවය අතර විශාල කණ්ඩායම් වෙනස්කම් නොමැත. පොදුවේ ගත් කල, පිරිමින් සහ කාන්තාවන් යන දෙගොල්ලන්ටම විවිධ වයස්වල ඉටු කිරීමට සමාන ජීවන කාර්යයන් ඇත. යම් අගයක් වැදගත් වන ප්‍රමාණයෙන් ඒවා වෙනස් විය හැකි නමුත් වයසත් සමඟ මෙම අගයන්හි වැදගත්කම අඩු වැඩි වීමේ රටාවෙන් ඒවා ප්‍රබල ලෙස වෙනස් නොවේ.
Psychology Today හී පළවන How Do People’s Values Change as They Get Older යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න