2024 දී ප්‍රධාන සිරස්තල බවට පත් විය හැකි විද්‍යා කතා 7 ක්

එල් නිනෝ බලපෑම වාර්තාගත උෂ්ණත්වයක් කරා ළඟාවෙයි.

ශාන්තිකර සාගරයේ නැගෙනහිර කලාපයේ එල් නිනෝ(El Niño ) බලපෑමෙන් ඇතිවන උෂ්ණත්වය ඉහළයාම, ඉදිරි මාස කිහිපය තුල තවත් දැඩිවෙයි. එම තත්ත්වය, ගෝලීය මතුපිට සාමන්‍ය උෂ්ණත්වයන් ප්‍රථම වතාවට,  කාර්මික විප්ලවයට පෙර තිබුණාට වඩා සෙන්ටිග්‍රෙඩ් අංශක 1.5ක් ඉක්මවමින් ඉහල දැමීමට උපකාරී විය හැකිය. නිරන්තරයෙන් දෝලනයවන දේශගුන රටාවේ කොටසක් වන එල් නිනෝ ඇමසන් කලාපයේ සහ ඕස්ට්‍රේලියාවේ නියඟය තවත් දරුණු අතට හරවතැයි විශ්වාස කෙරේ.  පසුගිය වසරේ ආරම්භ වූ උෂ්ණත්ව විස්ථාපනය, නූතන ඉතිහාසයේ වඩාත්ම උෂ්ණ වසර බවට 2023 පත් කිරීමට ආධාර වෙයි. එම වසරේ මුල් මාස 11 තුල සාමන්‍ය උෂ්ණත්වයන් පූර්ව කාර්මික මට්ටම් වලට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක1.4ට වඩා වැඩිවිය. එය, හරිතාගාර වායු විමෝචනයෙන් පමනක් පැහැදිලි කළ නොහැකි ඉහල යාමකි. Uෂ්ණත්වය අවශෝෂණය කිරීමට සාගර සතු හැකියාව යටපත් කිරීමට එල් නිනෝ බලපා ඇති අතර සූර්යයා අවහිර කරන පරිසර දූෂණයේ අඩුවීම ද මෙහි දී යම් කාර්ය භාරයක් ඉ‍ටු කරයි — මේ ප්‍රවනතා, මේ වසරේ දී ද අඛණ්ඩව පවතිනු ඇත.

කෘතිම බුද්ධිය පාලනය සඳහා තරඟය

කෘතිම බුද්ධිය(AI) අධීක්ෂණය වැඩිකිරීම සඳහා වූ  මහාපේක්ෂාසහිත  සැලසුම් ලොව පුරා නායකයෝ පසුගිය වසරේ දී ප්‍රකාශයට පත් කළහ. AI නියාමනය සඳහාක් බවට පත්ව ඇත් එය, මේ වසරේ තවත් වේගවත් වීමට ඉඩ ඇත. AI වගකීමකින් යුතුව වර්ධනය වීම පිණිස ප්‍රමිහ්ටීන් නියම කිරීමේ අර්මුණින්ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය 2023 නොවැම්බරයේ නිකුත් කළ ප්‍රතිපත්ති ක‍ටුසටහන් පරිපූර්ණ කිරීමේ භාරදූර කාර්යට එ. ජ. නියෝජිතායතන මුහුණ පා සිටියි. AI යනු වරප්‍රසාදයක් මිස, ආර්ථික සංවර්ධනයට, මහජන සෞඛයයට, සිවිල් නිදහසට, සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව සහතික කරනු වස් සැලසුම් කළ අණපණත් 150කට වැඩි සඛ්‍යාවක් හන්දුන්වා දෙමින් කොන්ග්ර්ස්ස් මන්ත්‍රීවරු ද ක්‍රියාකාරී වෙති. ආචාර ධර්මීය සුරක්ෂිතකිරීම් සම්මත කරගැනීමට යුරෝපා සංගමය ආසන්න වෙමින් සිටින බවක් පෙණී යයි. කෙසේවෙතත්, chatbots වැනි ප්‍රබල, නව AI යෙදවුම් නිමක් නැති ලෙස පෙණී යන ප්ර්මානය හේතුවෙන් නිශ්චිත රෙගුලාසි පවා වහා යල් පැනගිය තත්වයට පත්විය හැකිය.

ප්‍රතිඩෙංගු මදුරුවෝ කල එළි බසිති

ඩෙංගු රෝගයට එරෙහිව සටන් කිරීම පිණිස විකරණය කළ මදුරුවෝ කොලොම්බියාවේ ලෝක මදුරු වැඩසටනෙහි කම්හලේ දි බිත්තර ලති.JAIME SALDARRIAGA/AP

ඩෙංගු උණ පැතිරීම වළක්වා ලීම පිණිස පරීක්ෂණාගාරවල දි විකරණිත මදුරුවන් මුදා හැරීමේ උපාය මාර්ගයෙහි සාර්ථකත්වයන් මාලාවකින් පසුව, මේ වසරේ දී ඉහළ පරිමානයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලාභ නොපතන පර්යේෂණ ආයතනයක් වූ ලෝක මදුරු වැඩසටන(World Mosquito Program – WMP)) මගින් සංවර්ධනය කොට පරීක්ෂාවට ලක් කළ Aedes aegypti මදුරුවන් තුල Wolbachia pipientis බැක්ටීරියම ගෙනයනු ලබන  අතර එමගින් මදුරුවන් විසින් ඇතැම් වෛරස සම්ප්‍රේෂණය කරනු ලැබීම වළකනවා පමණක් නොව එම මදුරුවන්, කැළෑ කෘමි විශේෂ හා ලිංගිකව එක්වෙද්දි බැක්ටීරියාව ඔවුන්ගේ ජනතියන් වෙත පතුරුවයි.

ඉන්දුනීසියාවේ සිදු කළ අත්හදා බැලීමකදීමේ ක්‍රමෝපාය හේතුවෙන් ඩෙංගු ආතුර සංඛයාව සහ රෝහල්ගත කිරීම් අඩු විය. තවද, කොලොම්බියාවේ Aburrá නිම්නයේ විකරණිත මදුරුවන් මුදා හළ ප්‍රදේශ වල ඩෙංගු ආතුර සංඛයාව 95% කින් අඩුවී යයි පර්යේෂකයෝ 2023 සරත් සෘතුවේ දී, වාර්තා කළහ.  විකරණිත මදුරුවන් වැඩිම ප්‍රමණයක් එක දිගට මුදා හරින ලද්දේ එම ප්‍රදේශයේය.

ලොවපුරා රටවල් 14ක සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති WMP දැන් ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන ඇත. ලොව විශාලතම Wolbachiaමදුරු නිෂ්පාදන කම්හල බ්‍රසීලයේ පිහි‍ටුවීමට අදහස් කරයි. එහි මෙහෙයුම් කටයුතු මේ වසරේ ආර්ම්භ වීමට නියමිතයි. මේ මදුරුවන් උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ නිල මාර්ගෝපදේශ ලෝක සෞඛ්‍ය සංවිදානය මගින් මේ වසරේ දී නිකුත් කරනු ලැබෙතැයි WMPය අපේක්ෂා කරයි. එසේ කිරීම, තව තවත් රටවලට මෙම උපාය මාර්ගය අනුගමනය කිරීමට මග පාදනු ඇත.

නියුට්‍රිනෝ ස්කන්ධය ක්‍රමාණුකූල කිරීම

නියුට්‍රිනෝ නමැති අංශුවල කුඩා ස්කන්ධයන්  ගොඩ ගැසෙන අන්දම, එකට එක්ව කටයුතු කරන සම්පරීක්ෂණ දෙකකින් හෙළිකර ගැනීමට හැකිවනු ඇත.  ඉලෙක්ට්‍රෝන, මිසෝන(muon), සහ ටවෝන(tauon) යන වර්ග තුනකින් පැමිණෙන මේවා එකිනෙකට රූපකරනය වෙයි. විශ්වය, ප්‍රත්පදාර්ථ(antimatter) වලට වඩා පදාර්ථ(matter) ජනනය කලේ කෙසේ දැයි පැහැදිලි කිරීමට මෙම ප්‍රපංචය උපකාරී විය හැකියි.

ප්‍රථමයෙන්ම, භෞතික විද්‍යාඥයන්, ඔවුන්ගේ න්‍යයාත්මක මොඩලය වඩාත් තර කළ යුතු වේ. නියුට්‍රිනෝ වලින් දෙකක එක සමානම වාගේ ස්කන්ධයක් ඇතැයි ඔවුහු දනිති. එහෙත් ඒ, ලුහු නියුට්‍රිනෝ දෙකක් සහ එක් වඩත් බර නියුට්‍රිනෝනයක් ද එසෙත් නැතිනම් එහි අනෙක් පැත්තද යන්න නොදනිති.  නියුට්‍රිනෝ,  මහ පොළව හරහා කිලෝමීටර සියගනන් දැවැන්ත අනාවරක වෙත විදීමෙන්  ජපානයේ, T2K අත්හදා බැලීම සහ එක්සත් ජනපදයේ NOvA අත්හදා බැලීම හා සම්බන්දවී කටයුතු කරන භෞතික විද්‍යාඥයෝ ඒවා ගැන අධ්‍යනය කරති. ඉහත විකල්ප දෙකෙන් කොයික නිවැරදිදැයි දැක්විය හැකි ඒකාබද්ධ විශ්ලේෂණයක් මේ වසරේ දී නිකුත් කිරීමට ඔවුහු සැලසුම් කරති. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ ලුහු යයි සොයා ගැනීම, නියුට්‍රිනෝ යනු එහිම ප්‍රතිපදාර්ථය යයි ඔප්පු කෙරෙන  න්‍යෂ්ටික හායන(nuclear decay) මාදිලියක් සෙවීම සඳහා සැලසුම් කර ඇති සම්පරීක්ෂණ සංකීර්ණ කරනු ඇත.

ස්වදේශික විශේෂඥයන් සමග කණ්ඩායම් ගතවීම

ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති, යටත් විජිතවාදී යුද්ධවලින් සහ දශක ගණනාවක් තිස්සේ  ඇතැම් විද්‍යාඥයින් විසින්  සිදු කරන ලද සූරා කෑම්වලට පසුව ස්වදේශික ජනතාව බොහොමයක් පර්යේෂකයන් හා එකතුව ක්‍රියා කිරීමට පසුබට වෙති. ස්වභාවික ලෝකය පිළිබඳ  ශතවර්ෂ ගණනාවක ස්වදේශීය ඥානය බටහිර විද්‍යාවට ඒකාබද්ධ කිරීමේ අරමුණ ඇතිව ස්වදේශික මූලික පර්යේෂණ ව්‍යාපෘති සහ අවංක සහයෝගීතා වැඩිවෙත්ම, සමගි සංධානය පිළිබඳ බලාපොරොත්තු බහුලව දැල් වෙන්නට පටන් ගෙන ඇත. උතුරු ඇමරිකාවේ අශ්වයාගේ පෙළපත සෙවීම වැනි 2023 දි වැදගත් වූ නිදසුන් මත මේ වසරේ දී නව හවුල්කාරිත්ව ගොඩනැගෙන්නට පුළුවන. වඩාත් පුළුල්ව අරමුදල් සැපයීමේ ප්‍රයත්නයන්ට සහායදක්වන එ. ජ. ජාතික විද්‍යා පදනම(U.S. National Science Foundation) ස්වදේශික දැනුම සහ විද්‍යාව එකට ගෙතීමේ නව මධ්‍යස්ථානයක් සඳහා වසර පහක් මුලුල්ලේ ඩොලර් මිලියන 30ක් මෙන්ම, ජාතික සෞඛ්‍ය ආයතනය(National Institutes of Health) ඩොලර් මිලියන නවයක් ලබාදෙයි. එම ඩොලර් මිලියන් 9 සපයන්නේ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිදයාලය සහ ස්වදේශික ජීවදත්ත එක්තැන් සමියක් (Stanford University and the Native BioData Consortium) , ස්වදේශික ප්‍රවේණිවිද්‍යාඥයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන ජෛවීබැංකුවක්, ස්වදේශික ජනතාව වෙනුවෙන් COVID-19 දත්ත ගබඩාවක් නිර්මානය කිරීම සඳහාය.

නොඉවසුම්ගතිවලට තුඩු දෙන බොහෝ තැන් තවදුරටත් පැවතුනත්,  නව වසරේ දී සයෝගීතා පිළිබඳ නව මොඩල කරළියට පැමිණීමට හැකියාවක් ඇත. එමෙන්ම, මෙම සහ අනෙකුත් ව්‍යාපෘති — නිදසුන් දක්වතොත්, ස්වැදේශික ඇමරිකානු ප්‍රවේණි ශහ ආක්ටික් පරිසර පද්ධතියේ දේශගුන විපර්යාසවල බලපෑම –වැනි ව්‍යාපෘතිවල දී බටහිර විද්‍යාඥයන්ට වැඩි බුහුමන් ලබන්නට හේතුවෙයි.

යුරෝපා සංගමයේ හරිත අපේක්ෂාවන්ගේ පසුබැස්මක්

ජූනියේ,  සර්ව-යුරෝපීය මැතිවරණවලදී, අතිදක්ෂිණාංශික, ජාතිකවාදී පක්ෂ වැඩි ප්‍රසාදයක් හිමි කර ගැනීමත් සමග, සංගමයේ පුළුල් හරිත වැඩසටහනට විරුද්ධතාව ඉහළ යතැයි නිරීක්ෂකයෝ උපකල්පනය කරති. 2020දී අනුමත කරගත්, යුරෝපියානු හරිත සම්මුතිය(European Green Deal), බලශක්තිය, සංරක්ෂනය සහ ප්‍රවාහනය ඇතුළුව,විවිධ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ඔස්සේ සැලසුම් කර ඇති දේශගුන හිතකාමී පියවර හරහා “දේශගුණ වශයෙන් මධ්‍යස්ථ මහාද්වීපය” බවට මෙම රටවල් පත්කිරීමට සහ හරිතාගාර වායු විමෝචන 2050 වනවිට බින්දුවට බැස්සවීමට අරමුණු කරයි. මෙම ඉලක්ක පිළිබිඹු කරමින්, Horizon Europe දැවැන්ත වැඩසටහන යටතේ සැපයෙන අරමුදල්වලින් තුනෙන් එකක් පමණ දේශගුන විපර්යාස හා සම්බන්ධ පර්යේෂණ සඳහා ලබාදේ.

යුරොපා පාර්ලිමේන්තුවේ අවසානයේ අති-දක්ෂිණාංශික පක්ෂ තුන්වැනියට විශාලතම දේශපාලන බලවේගය බවට පත් වුනත්, නැතත්, බහුතර කණ්ඩායම වශයෙන් කොන්සවටිව්වාදී ‘යුරෝපියානු ජනතා පක්ෂය’ දැනටමත්, නිදසුනක් ලෙස පළිබෝධ නාශක භාවිතය අඩුකිරීමේ අරමුන කරගත් පිළිවෙත් පිළිකෙව් කිරීමෙන් ගොවීන්ගේ මෙන්ම කර්මාන්තකරුවන්ගේ හිතවතා වශයෙන් පෙණී සිටියි. පිරිහුණු පරිසර පද්ධති නැවත ගොඩ නැගීම අරමුණු කරගත් ස්වභාවික පුනුරුත්ථාපන නීතිය(Nature Restoration Law) වැනි මේ වන තෙක් කන්සවටිව්වාදීන් විසින් පස්සට තල්ලු කරනු ලබූ පරිසර හිතකාමී අණපණත් ක්‍රියාවට නැංවීම සඳහා වූ අරමුදල් සීමා කිරීමට ව්‍යවස්තා සම්පාදකයන්  මාන බලන්නට ඉඩ තිබේ.

අධික පිරිවැයක් සහිත යුරෝපා ගවේෂණය දියත් කෙරෙනු ඇත.

1970 ගණන්වල Viking අඟහරු ගවේෂණයෙන් පසුව නාසා ආයතන්යේ වැඩිම් මුදලක් වැයවන ග්‍රහලෝක විද්‍යා මෙහෙයුම ලෙස,  ඩොලර බිලියන 5ක් වයවන Europa Clipper ගවේෂණය, SpaceX Falcon Heavy රොකට්‍ටුවක් මත මේ ඔක්‍තෝබරයේ දියත්කිරීමට නියමිතයි. බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයෙකු වන Europa හි ඇත්තේ කිලෝමීටර කිහිපයක් පමණක් ඝන අයිස් කබොලකි. ඊට යටින් ඇත්තේ, කරකෙන, කැළඹෙන අති දැවැන්ත ලවණ සාගර යයි.

එය ජීවය සඳහා ‍තෝතැන්නක් විය හැකිය. 2030 Clipper අභ්‍යවකාශ යානය එහි පැමිණි විට එක්වරම ගොඩබස්වන්නේ හෝ සාගරයෙන් නයැඳියක් ලබා නොගෙන යුරෝපා මතුපිට අවලෝකන කරමින් මෙන්ම එහි අභ්‍යන්තරය පිළිබඳව තොරතුරු ‍රැස්කරමින් 50 වාරයක් භ්‍රමනය වනු ඇත. Europa චන්ද්‍රයාගේ සිට අභය්වකාශයට විදින ක්‍රියාකාරී වාෂ්ප ගො‍ටුවක් පිළිබඳ දුරේක්ෂ වලින් ලැබුණු ඉඟි ගැන පසුවිපරම් කිරීමට හැකිවෙතැයි විද්‍යාඥයන් විසින් විශ්වාසය තබා තිබුණි. එහෙත්, නාසා ආයතනයේ  අභ්‍යවකාශ දුරේක්ෂයේ මෑතක සොයා බැලීමක් අනුව එවන්නක් පිළිබඳව සාක්ෂි නොමත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending