
Australopithecus Africanus
මානව වංශයේ පැටිකිරිය හෙවත් වානරයන්, මානවයන් බවට පත් වූ හැටි!
අපේ පරිණාමීය වෘක්ෂයේ මුල්ම දළුලෑම පටන් ගත්තේ අප්‍රිකාවේ දී බව අපි දනිමු. දැනට ජීවත් වන අපේ වඩාත්ම සමීප ඥාති විශේෂ චිම්පන්සින් බවටත් අපට විශ්වාසයි. අපේ සහ චිම්පන්සීන්ගේත් පරපුරු වෙන් වී ඇත්තේ වසර මිලියන 7කට පමණ පෙර බවත් අපට පැහැදිලියි. කෙසේ වෙතත්, මනුෂ්‍යභාවය කරා වූ ගමන ඉතා දීර්ඝ එකක්. ඔයිට වසර මිලියන 4කට පමණ පසුවත් අපේ මුතුන් මිත්තෝ බොහෝ සේ වානර පෙනුමකින් යුක්ත වුණා. මානව පරිණාමය ගැ අපේ පරිණාමීය වෘක්ෂයේ මුල්ම දළුලෑම පටන් ගත්තේ අප්‍රිකාවේ දී බව අපි අද දනිමු. දැනට ජීවත් වන අපේ වඩාත්ම සමීප ඥාති විශේෂ චිම්පන්සින් බවටත් අපට විශ්වාසයි. අපේ සහ චිම්පන්සීන්ගේත් පරපුරු වෙන් වී ඇත්තේ වසර මිලියන 7කට පමණ පෙර බවත් අපට පැහැදිලියි. කෙසේ වෙතත්, මනුෂ්‍යභාවය කරා වූ ගමන ඉතා දීර්ඝ එකක්. ඔයිට වසර මිලියන 4කට පමණ පසුවත් අපේ මුතුන් මිත්තෝ බොහෝ සේ වානර පෙනුමකින් යුක්ත වුණා. මානව පරිණාමය ගැන කතා කරද්දී “ලුසී” නම් චරිතය ගැන අහලා ඇතිනේ. ඉතියෝපියාවෙන් සොයා ගනු ලැබූ වසර මිලියන 3ක් පැරණි මානව පූර්වජයා වන ලුසී සතුව තිබුණේ කුඩා චිම්පන්සි ප්‍රමාණයේ මොළයක් සහ දිගු අත්. ඉන් කියැවෙන්නේ ඈ අයත් විශේෂය වැඩි කාලයක් ගස් උඩ ගත කරන බවයි. සමහර විට, චිම්පන්සීන් දැනටත් කරනවා වාගේ ලුසීලා රැය පහන් කරන්න ගස් උඩට ඇදෙන්නට ඇති. ඒ කොහොම වුණත් ලුසී සතුව මානවයා විදහා පෑම සලකුණු කරගත හැකි ලක්ෂණයක් තිබුණා: ලුසී ඇවිද්දේ දෙපයින්.
ලුසී අයත් වුණේ ඔස්ට්‍රලෝපිත්(australopiths) යන කණ්ඩායමටයි. ඇගේ අර්ධ ඇට සැකිල්ල සොයා ගැනීමෙන් පසුව ගත වූ වසර 40ට වැඩි කාලය තුළ ඊටත් වඩා පැරණි, කැබලිමය අවශේෂ සොයා ගනු ලැබ තිබෙනවා. ඉන් සමහරක් වසර මිලියන 7ක් පමණ පැරණියි. මේ සියල්ලෙන්ම එකම රටාවක් සොයා ගන්න පුළුවන්: ඒවායේ ඇත්තේ චිම්පන්සි සම ලක්ෂණ සහ කුඩා මොළයක්. ඒත් ඒ සියලුදෙනාම දෙපයින් ඇවිදින්නට ඇති.

Australopithecus and chimpanzee teeth
ඔස්ට්‍රොලෝපිත්වරු සමහර විට සරල ශිලා ආයුධ තනන්නට ඇතැයි ද අපි දනිමු. මෙම වර්ධනයන් සැලකිල්ලට ගන්නේ නැතිනම් ඔස්ට්‍රලෝපිත් සහ අනෙක් වානරයන් අතර එතරම් වෙනසක් නැත. සැබෑ මානවයන්ගේ ඒ කියන්නේ Homo (හොමෝ) කියන ගණයේ ආගමනයත් සමග තමයි හොමිනින්වරු මදක් අප වගේ පෙනුමක් සහ අප වගේ හැසිරීමක් පටන් ගත්තේ. (විද්‍යාඥයන්) ටික දෙනෙකු දැන් සැකකරන්නේ අපේ ගණය, ඔස්ට්‍රලෝපිත් විශේෂයකින් හට ගන්නට ඇත කියායි. ඒත් ඒ නිශ්චිතවම කුමන වර්ගයද යන්න ගැන වාද විවාද පවතිනවා. බාගවිට ඔය කියන විශේෂ, ලුසී අයත් Australopithecus afarensis විශේෂය වන්නටත් පුළුවන්. ඒත් දකුණු අප්‍රිකාණු විශේෂයක්වන Australopithecus sediba ගැනත් අදහසක් තියෙනවා. න කතා කරද්දී ලුසී ගැන අහලා ඇතිනේ. ඉතියෝපියාවෙන් සොයා ගනු ලැබූ වසර මිලියන 3ක් පැරණි මානව පූර්වජයා ලුසී සතුව තිබුණේ කුඩා චිම්පන්සි ප්‍රමාණයේ මොළයක් සහ දිගු අත්. ඉන් කියැවෙන්නේ ඈ අයත් විශේෂය වැඩි කාලයක් ගස් උඩ ගත කරන බවයි. සමහර විට, චිම්පන්සීන් දැනටත් කරනවා වාගේ ලුසීලා රැය පහන් කරන්න ගස් උඩට ඇදෙන්නට ඇති. ඒ කොහොම වුණත් ලුසී සතුව මානවයා විදහා පෑම සලකුණු කරගත හැකි ලක්ෂණයක් තිබුණා: ලුසී ඇවිද්දේ දෙපයින්.
ලුසී අයත් වුණේ ඔස්ට්‍රලෝපිත්(australopiths) යන කණ්ඩායමටයි. ඇගේ අර්ධ ඇට සැකිල්ල සොයා ගැනීමෙන් පසුව ගත වූ වසර 40 තුළ ඊටත් වඩා පැරණි, කැබලිමය අවශේෂ සොයා ගනු ලැබ තිබෙනවා. ඉන් සමහරක් වසර මිලියන 7ක් පමණ පැරණියි. මේ සියල්ලෙන්ම එකම රටාවක් සොයා ගන්න පුළුවන්: ඒවායේ ඇත්තේ චිම්පන්සි සම ලක්ෂණ සහ කුඩා මොළයක්. ඒත් ඒ සියල්ලම දෙපයින් ඇවිදින්නට ඇති.
ඔස්ට්‍රොලෝපිත්වරු සමහර විට සරල ශිලා ආයුධ තනන්නට ඇතැයි ද අපි දනිමු. මෙම වර්ධනයන් සැලකිල්ලට ගන්නේ නැතිනම් ඔස්ට්‍රලෝපිත් සහ අනෙක් වානරයන් අතර එතරම් වෙනසක් නැත. සැබෑ මානවයන්ගේ ඒ කියන්නේ Homo (හොමෝ) කියන ගණයේ ආගමනයත් සමග තමයි හොමිනින්වරු මදක් අප වගේ පෙනුමක් සහ අප වගේ හැසිරීමක් පටන් ගත්තේ. (විද්‍යාඥයන්) ටික දෙනෙකු දැන් සැකකරන්නේ අපේ ගණය, ඔස්ට්‍රලෝපිත් විශේෂයකින් හට ගන්නට ඇත කියායි. ඒත් ඒ නිශ්චිතවම කුමන වර්ගයද යන්න ගැන වාද විවාද පවතිනවා. බාගවිට ඔය කියන විශේෂ ලුසී අයත් Australopithecus afarensis විශේෂය වන්නටත් පුළුවන්. ඒත් දකුණු අප්‍රිකාණු විශේෂයක්වන Australopithecus sediba ගැනත් අදහසක් තියෙනවා.

Australopithecus Sediba Head
මේ අවුල විසඳා ගැනීමට බාධා වන කාරණාවක් තමයි මෙකී සංක්‍රාන්තිය නැතිනම් පරිවර්තනය වසර මිලියන 2ක් සහ 3ක් අතර සිදුවීමට හැකියාව තිබීම. ඔය කියන කාල පරාසය තුළ අපට තිබෙන හොමිනින් ෆොසිල වාර්තාව ඉතාම දුර්වල එකක්. හොමෝ ගණයේ ආදිතම විශේෂ ගැන දැන ගන්නට ලැබී ඇත්තේ අස්ථි කැබලි කිහිපයකින් පමණයි. එය ඔවුන් ගැන අධ්‍යයනය අපහසු කරවන්නක්. සමහරුන් සැක කරන්නේ ඔවුනුත් අපේ ගණයටම අයත් හැබැයි ඔවුන් ඔස්ට්‍රලෝපිත් ලෙස ලේබල් කිරීමට කැමැත්ත දක්වන්න ඇතැයි කියායි.
වඩාත් හොඳින් තහවුරු වූ ප්‍රථම හොමෝ සහ පෙනුමෙන් අප හා මදක් සමානයයි සිතිය හැකි ප්‍රථමයා හමුවන්නේ වසර මිලියන 1.9කට පෙරයි. ඔවුන් නම් කෙරුණේ Homo erectus(හෝමෝ ඉරෙක්ටස්) ලෙසයි. හෝමෝ ඉරෙක්ටස් කලින් සිටි හොමිනින්ලාට වඩා වෙනස්. ඉරෙක්ටර්ලා ගස්වලින් (සහමුලින්ම) බිමට බැස සිටි අතර අද අප වගේම සැරිසැරීමේ ළැදියාවෙන් පෙණුණා. මීට පෙර සියලුම හොමිනින් ගැන දැනගැනීමට ලැබෙන්නේ අප්‍රිකාවෙන් පමණකි. ඒත් හොමෝ ඉරෙක්ටස් ෆොසිල යුරෝපයෙන් සහ ආසියාවෙන්ද සොයා ගනු ලැබ තිබෙනවා.

Homo erectus(හෝමෝ ඉරෙක්ටස්) දෙපයින් ගිය අයෙකු පමණක් නොව නවනිපැයුම් කරුවෙකු ද වුණා. ඔවුන්ගේ පූර්වගාමීන් හෙවත් පෙර සිටි අයට වඩා ඔවුන්බෙහෙවින් සංකීර්ණ ආයුධ නිපදවීමට සමත් වුණා. එපමණක් නොව බාගදා ගින්දර පාලනය කිරීම උගත් ප්‍රථමයාද වන්නට පිළිවන. සමහර පර්යේෂකයන්ගේ අදහස අනුව ආහාර පිසීම සොයා ගනු ලැබුවේත් ඉරෙක්ටස් විසිනුයි. මේ සොයා ගැනීම ඉරෙක්ටස්ලාගේ ආහාරයෙහි ගුණාත්මක අගය ඉහළ දැමීමමත් එමගින් අතිරේක ශක්තියට මගපෑදීමත් හේතුවෙන් වඩාත් විශාල මොළයක් පරිණාමය වීමට තුඩු දුන් බවයි ඔවුන්ගේ අදහස. හොමෝ ඉරෙක්ටස් විශේෂය ජීවත් වූ වසර මිලියන 1.5 තුළ ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය පුදුමාකාර ලෙස වර්ධනය වූ බව සහතික වශයෙන්ම ඇත්තකි. මේ විශේෂයේ බොහොම ආදි කාලයේ තැනැත්තන්ගේ මොළයක ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 600කට අඩු විය. එය australopith ට වඩා එතරම් විශාල වුණේ නැහැ. ඒත් ඇතැම් පසුකාලීන ඉරෙක්ටස් පුද්ගලයන් සතුව ඝන සෙන්ටිමීටර 900ක පරිමාවේ මොළයක් තිබුණා. හොමෝ ඉරෙක්ටස් සාර්ථක විශේෂයක් වුණාත් ඔවුනට මානවයන් සතු ප්‍රධාන ගතිලක්ෂණ සමහරක් තිබුණේ නැහැ. නිදසුනක් දක්වතොත් ඔවුන්ගේ ව්‍යවඡේදය පෙන්නුම් කරන්නේ ඔවුන් සතුව භාෂණ හැකියාව නොතිබුණු බවයි.
ඊළඟට සපැමිණි හොමිනින් වූයේ Homo heidelbergensis(හොමෝ හයිඩල්බර්ගන්සිස්ය). එම විශේෂ හොමෝ ඉරෙක්ටස් ගහණයකින් අප්රිකාවේ පරිණාමය වුනේ මෙයට වසර 600,000 පමණ පෙරය. මේ විශේෂයේ කණ්ඨිකාව, — ඒ කියන්නේ, අපේ වාචික උපකරණයෙහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරන දිවෙහි මුල ඇති U හැඩය ගත් කුඩා අස්ථියක් —(hyoid) අප සතුව ඇති කණ්ඨිකාවකාවෙන් වෙන්කොට හඳුනාගැනීමට නොහැකි තරම්. තවද එහි කර්ණයෙහි (කනෙහි) ව්යවජේදය සලකන විට කථනයට සංවේදී බවකුයි හඟවන්නේ. ඇතැම් අර්ථ දැක්වීම් අනුව මෙයට වසර 200,000කට පෙර අප්‍රිකාවේ දී අපේ විශේෂය වන හෝමෝ සේප්යන්, හෝමෝ හයිඩල්බර්ගෙන්සිග්ගෙන් හටගෙන තියෙනවා. යුරේසියාවේ ජීවත් වූ Homo heidelbergensis වෙනස් ජනගහනයක් පරිණාමය වූ අතර අපරරදිග දී තියැන්ඩර්ගාල්ස් වශයෙන් ද පෙරදිග දී තවමත් හරි අවබෝධයක් ලබාගැනීමට අසීරු කණ්ඩායමක් වන Denisovans (ඩෙනිසෝවන්)බවට පත් වෙනවා.

Homo heidelbergensis
පසුගිය වසර 100,000දී පමණ ඇතුළත අපේ කතාවේ වඩාත්ම අලුත් පරිඡේදය දිග ඇරෙන්නට පටන් ගන්නවා. නූතන මානවයන් ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් අතර නියැන්ඩර්හල් සහ ඩෙනිසෝවන් අතුරුදන් වී ගියා. ඔවුන් නෂ්ටප්‍රාප්තවන්නට නිශ්චිත හේතුව කුමක්ද යන්නත් තවත් මහා අභිරහසක්. ඒත් ඉතින් පෙනී යන අන්දමට ඔය වැඩේට අපේ විශේෂයත් යම් ආකාරයකට සම්මාදම් වෙන්නට ඇති. ඒත් දෙපාර්ශ්වය අතර අන්තර් ක්රියාකාරකම් එතරම් සතුරු ස්වභාවයක් ගන්නේ නැහැ. ඩීඑන්ඒ සාක්ෂි පෙන්නුම් කරන්නේ නූතන මානවයන් ඇතැම් අවස්ථාවල නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් යන දෙකොට්ටාශය සමගම අන්තර් අභිජනනයට යොමු වූ බවයි.

Homo naledi

hobbit Homo floresiensis
අප නොදන්නා දේවල් බොහොමයක් තවමත් තිබෙන අතර අලුතෙන් ෆොසිල සොයාගනිත්ම ඒවායින් කතාව වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. නෂ්ටාවප්‍රාප්ත නොමිගින් නව විශේෂ තුනක් පසුගිය දශකය පමණ කාලයකදී සොයා ගනු ලැබ තිබෙනවා. මේ විශේෂ තුන අතරට Australopithecus sediba සහ මෙතෙක් හරියාකාරව දින නියම කර නොමැති, දකුණු අප්‍රිකාවේම අභිරහස් විශේෂය Homo naledi අයත්වෙනවා. මේ සියල්ලන් අතරින් පුදුම දනවන සුළු වන්නේ කුඩා ‘හොබිට්‘ ආකාරයේ Homo floresiensis විශේෂයි. මොවුන් වසර 12,000කට පෙර වනතෙක් ඉන්දුනීසියාවේ ජීවත් වූ අතර වෙනස්ම විශේෂයක් බව පෙනී යනවා. වසර මිලියන 7ක් තිස්සේ අපේ පරපුර අඩුතරමින් තව එක් හොමිනිඩ විශේෂයක් සමග මේ ග්‍රලෝකය බෙදා හදා ගෙන ජිවත් වී තිබෙනවා. ‘හොබිට්ලා‘ගේ නික්ම යෑම සමග Homo sapiens තනිව නැගී සිටිනවා.
දෙපා තමයි වටින්නේ
අපේ විශේෂය හඳුනාගනු ලබන ගතිලක්ෂණ අතරින් එකක් තමයි දෙපාවත්බව(බිපෙඩලිස්ම්). අපේ ආදිතමයන් දෙපයින් ඇවිදින්න පටන් ගන්නේ හරියටම කොයිකාලෙ ද යන්න තවම අභිරහසක්. ඒත් දෙපා නිසා අපට ඇති වූ වාසිය ලොව පුරාවට සහ අවසානයේ ඉන් ඔබ්බටත් අපව ඔසවා තැබීමට ඉවහල් වුණා. දිගු දුරක් දෙපයින් යන එක තමයි කාර්යයක්ෂම. තවද කෙලින් සිටීමෙන් විලෝපියන් වඩා හොඳට දැක ගන්නට ලැබීමත්, එමෙන්ම, සමස්තයක් වශයෙන් දහවල හිරුඑළියට නිරාවරණයවීම අඩුවීමටත් හේතුවුණා.සියල්ල අතුරෙන් වඩාත් වැදගත් වන්නේ අපට දෑත් නිදහස් කරගෙන බහුකාර්ය, ප්‍රතිවිරුද්ධ මාපටැඟිලි සහිත පරණාමීය වශයෙන් සාර්ථක විශේෂය වන්නට හැකිවීමයි.
පරිකථාව
දෙමාපියන් කොයිකවුරු වුණත් මහත් අසීරු තත්ත්වයකට පත්වන අවස්ථාවක් තමයි සිය දරුවන් අපි මේ ලෝකෙට ආවේ කොහොමද? කොහේ ඉඳලාද? යනුවෙන් ප්‍රශ්න කිරීම. අප වාගේ සාමාන්‍ය දෙමාපියන් පමණක් නොවෙයි පරිණාමවාදයේ පියා ලෙස හඳුන්වනු ලබන චාල්ස් ඩාවින් ද අපහසුවට පත් කරපු ප්‍රශ්නයක් තමයි ඕක. ඔහුගේ මහා කෘතිය වූ On the Origin of Species හී පවා මානවයන්ගේ පරිණාමය ගැන සඳහන් නොවන තරම්. මෙතැනදී හැබැයි සිදුවුණේ ඩාවින් උපායශීලී වීමයි. මන්ද මොන ස්වරූපයකින් වුණත් පරිණාමය යන්න දහනව වන සියවසේ මැද භාගයේදී බෙහෙවින් මතභේදාත්මක අදහසක් වීමයි. මානව වර්ගයා හැඩ ගස්වනු ලැබුවේ පරිණාමය මගින් යයි කියා පෑම දෙබරයකට කල් ගසන්නාක් මෙන් ඇවිළෙන සුළු එකක් බව 1871 දී ඔහුගේ සුප්‍රකට ග්‍රන්ථය එළි දුටු විට ඩාවින්ටම පසක් වුණා.

Lucy skeleton reconstruction at the Cleveland Museum of Natural History
මෙයට අමතරව ඔය කාරණාවට අදාළව විද්‍යාත්මක බාධකයක් ද තිබුණා. මානවයන් පරිණාමයට පත්වුනේ කෙලෙස ද, කිකලෙකද අඩුතරමින් කොයිබද දී ද යන්නවත් තහවුරු කිරීම පිණිස උපකාරී වන ෆොසිල වාර්තාවකට ප්‍රවේශවීමට ඩාවින්ට ඒ අවධියේ අවස්ථාවක් නොතිබුණාම තරම්. හැබැයි ඉතින් ඩාවින්ගේ කාලය සිට අද දක්වා කාලඡේදය ඇතුළත මානවයන්ගේ(human) වඩාත් උචිත විදිහට දක්වතොත් ‘හොමිනින්’ (hominin) ෆොසිල වාර්තා දැවැන්ත ආකාරයකට ව්‍යාප්තව තිබෙනවා. සොයා ගත යුතු තව බොහෝ දේ තිබුණේ වී නමුත් අපේ වර්ගයාගේ පරිණාමය පිළිබඳ පුළුල් චිත්‍රයක් දැන් සැකසී අවසන්.
‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID APES BECOME HUMAN? පරිච්ඡේදය ආශ්රයෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න