කහකුඩු වෙලෙන්දාගේ කතාව හෙවත් ඊයම් රුධිරගතවීමේ අණිටු ඵල
එක්සත් ජනපදයේ, ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධි අපේක්ෂිකා, Jenna Forsyth 2015 දී බංග්ලාදේශයට ගොඩබසින්නේ, ඇගේ අධ්‍යයන කටයුතු වලට අදාල පර්යේෂණ කටයුතු සම්පූර්ණ කිරීමටයි. බංග්ලාදේශයේ ගම්බද ප්‍රදේශවල ගර්භනී කාන්තාවන්ගේ රුධිර ඊයම් මට්ටම පුදුමාකාර ලෙස ඉහළ අගයක පවතින බව පෙන්නුම් කරණ දත්ත අතැතිව පැමිණි ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායමෙහි මෙහෙවර වූයේ මෙම ඊයම පැමිනෙන්නේ කොයිබින් ද යන්න සහ ඒවා පිටුදකින්නේ කෙසේ දැයි සෙවීමටය.
ඊයම් කියන්නේ විෂ සහිත(ධූලක) බැර ලෝහයකි. ඒවායින් අපේ ප්‍රජනක(reproductive) පද්ධතියට, ස්නායුවේද(neurological) සහ හෘත්සනාල(cardiovascular) පද්ධතියට බරපතල හානි පමුණුවිය හැක. ඊයමවලට නිරාවරණය වීම ගෝලීය වශයෙන් බලපාන ගැටළුවක් වන අතර ළමුන් 3කින් 1ක් අයෙකුගේ රුධිර ඊයම් මට්ටම සෑම ඩෙසිලීටරයකටම මයික්‍රොග්‍රෑම් 5 හෝ ඊට වැඩියයි ගණන් බලා ඇත. මෙය, ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත නොහැකි මට්ටමක් ලෙස සලකයි.(එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන, 2021 ඔක්‍තෝබරයේ දී මෙම මට්ටම සෑම ඩෙසිලීටරයකටම මයික්‍රොග්‍රෑම් 3.5ක් වන සේ පහත හෙළීය.)
බංග්ලාදේශයේ ළමුන් සහ ගැටවර ගැටවරියන් මිලියන 24ත් සහ මිලියන 46 අතර පිරිසක් එම එළිපත්ත ඉක්මවන රුධිර ඊයම් මට්ටම් ඇතැයි තක්සේරු කර ඇත. මෙය ලෝක මට්ටමින් සිව්වෙනියට වැඩිම ගණනයි. ඊට ඉහළින් සිටින්නේ ඉන්දියාව, නයිජීරියාව, සහ පාකිස්ථානයයි. ඊයම් විෂවීම, දරුවන්ගේ සංජානන හැකියාවන් කෙරෙහි ජීවිතය පුරාවට, ආපසු හැරවිය නොහැකි බලපෑමක් ඇති කරනු ලබන අතර, රටකට ඇතිවන ආර්ථික හානිය ඉමහත්ය.

රුධිර ඊයම් මට්ටම, ඩෙසිලීටරයකට මයික්‍රොග්‍රෑම් 5ට ඊට වැඩි ළමුන්, බුද්ධි පරීක්ෂණවලදී සම වයසේ සෙසු සිසුන්ට වඩා ලක්ෂ්‍ය 3නේ සිට 5ක් දක්වා අඩුවෙන් ලබගන්නා බව හෙළිවෙයි. මෙය ඔවුන්ගේ හැකියාවන් සීමා කරන්නකි. මීට අමතර පූර්ව පාසල් වියේ දී ඊයම් වලට නිරාවරණය වීම බොහෝ විට බාලපචාරය(juvenile delinquency), ප්‍රචණ්ඩත්වය සහ අපරාධ හා සම්බන්ධ වේ. බන්ග්ලාදේශය පමණක් ගත්තත්, ඊයම් විෂවීමෙන් හටගන්නා බුද්ධි ඵල(IQ) මට්ටම් පහල වැටීම හේතුවෙන් ජීවිත කාල ඵලදායීතාව, දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් ලෙස අවුරුදු පත ඩොලර් බිලියන 16ක් අහිමි වෙතැයි ගණන් බලා ඇත.
රුධිරගත ඊයම් වල අණිටු විපාක ගැන මෙතෙක් වේලා,කතා කළ අපි දැන් නැවතත් අපේ කතා නායිකාව ජෙන්නා වෙත යොමුවෙමු. ඇගේ මූලික කාර්ය වූයේ බංග්ලාදේශයේ ගර්භනී මාතාවන්ගේ රුධිරයට ඊයම් පැමිණෙන්නේ කෙසේදැයි සොයා බැලීමයි. ඒත් එය පහසු කාර්යයක් නොවීය. ආරම්භක වශයෙන් ජෙන්නාට ප්‍රශ්නයට පිළිතුරක් ඇගේ සොයා බැලීම් වලදී හඳුනාගත නොහැකිවිය. ඊයම් දුමාරය මුදා හැරෙන කර්මාන්තශාලා ළඟ පාතක නොවීය. ඊයම් සහිත පෙට්‍රල් එරට තහනම් කර තිබුණේ වසර ගණනාවකට පෙරය. එපමණක් ද නොව, නිවාස වල ආලේප කරණ ඊයම් පාදක තීන්ත වලින් එය සිදුවන්නේ යයි සිතිය නොහැක්කේ ඇය පර්යේෂණ පැවැත්වූ වටපිටාවේ අති මහත් බහුතරයට සිය නිවෙස් වල තීන්ත ආලේප කිරීමට තරම් වත්කමක් නොවීමයි. ජෙන්නාගේ උපදේශක වරයා කල්පනා කළේ, එහි බහුතරය ගොවිතනට යොමුවූවන් නිසා, ඊයම් වල මූලය ගොවිතැනට යොදන ඊයම්-ආසනේට් පළිබෝධක විය හැකි බවයි. ජෙන්නා දින ගණනාවක් තිස්සේ වී වගකෙරෙන කුඹුරුවල මඩේ එරි එරී සොයා බැලුවත් එවැන්නකට සාක්ෂි හමු නොවීය. ඇය පිවිස ඇත්තේ අවෘත අන්තයකටය.
අධෛර්යට පත් නොවූ ජෙන්නා ආපසු ස්ටැෆර්ඩ් සරසවියට පැමිණ, අනතුරුව, අන්තශ්ශික්ෂා පර්යේෂක කණ්ඩායමක් හා එක්වූයේ, ප්‍රශ්නය දෙස නව කෝණවලින් බැලීමටය. පරණ තාලයේ ‘රහස් පරීකෂක වැඩ’ කරමින් සහ අධි තාක්ෂණික රසායන විශ්ලේෂණ යොදාගනිමින් අන්තිමේ දී පර්යේෂක කණ්ඩායම ඊයම් පැමිණෙන මූලය හඳුනා ගෙන, ඊයම් ඉවත් කිරීම සඳහා බංග්ලාදේශ රජයේ නිලධාරීන් හා එක්වූහ. දැන් ඔවුන් අදහස් කරන්නේ ලොව පුරා ඊයම් නිරාවරණය වීම අඩු කිරීම පිණිස එම ප්‍රවේශයම අනුගමනය කිරීමටයි.
දැන් මේ අන්දරය මින් අවසන් වු බවක් පෙණුනත්, එය සම්පූර්ණ නැත. ඒ නිස අප නැවතත් ජෙන්නා ආපසු ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය තැන වෙත යොමු වෙමු.

බංග්ලාදේශයේ සිට ඇය ආපසු පැමිණියේ සිත් කළ කිරවන ප්‍රතිඵල ඇතිවයි. එහෙත් ජෙන්නා, තමන්ගේ දත්ත හා අදහස් ඇගේ ප්‍රධාන PhD උපදේශක මහාචාර්ය ස්ටීවන් ලූබි, MD, හා එක්ව සමාලෝචනයක යෙදුනාය. වසංගත අධ්‍යයනවේදියෙකු වන ලූබි, 1990 ගණන්වල සිටම ගෝලීය ඊයම් විෂ ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙහෙසෙන්නෙකි. ඇය සතුව එකතර ඉඟියක් විය. බංග්ලාෆ්හේශ කලාපය ගැන පල වූ අධ්‍යයනයක්(Gleason et al., 2014 in Journal of Environmental and Public Health) ඇයට කියවන්නට ලැබී තිබුණි. රුධිරගත ඊයම් පැමිණෙන මූලය, කහ හෙවත් අත්කහ(turmeric) විය හැකි බවට එහි උපන්‍යාසය කර ඇත. එසේ නම් බංග්ලාදේශයේ ගර්භනී කාන්තාවන්ට බලපෑවේ එරට ජන ජීවිතයේ නැතුම බැරි අංගයක් වන තැඹිළි පැහැයට හුරු කහ කුඩ ද? කහ, කෑම පිසීමට, රෙදි වර්ණ ගැන්වීමට, රූප ලාවන්‍ය නිෂ්පාදනවලට, ඖෂධ වලට, එමෙන්ම කෘමි විකර්ශකයක් ලෙස ද භාවිත වන බහුලව මෙන්ම පහසුවෙන් ලබා ගත හැකි ද්‍රව්‍යකි. කෙසේවෙතත් ලූබී සම්පූර්න පැහැදීමකට පත් නොවීය. “සාක්ෂි හොයලා මට පෙන්වන්න” ඔහු ජෙන්නාට කීවේය.
ආරම්භක පියවරක් ලෙස ඇය, බංග්ලාදේශ චාරිකාවේ දි ගෙන ආ කහ සාම්පල 17ක් විශ්ලේෂණය කර බැලූ විට පැහැදිලි වූයේ ඉන් එක් සාම්පලයක අතිශය ඉහළ ඊයම් සහ ක්‍රොමියම් අඩංගු බවයි. ආරම්භයක් ලෙස එය හොඳ සොයා ගැනීමක් වුවත් වෛද්‍යමය රහස් පරීක්ෂකයෙකු ලෙස ජෙන්නා තවත් සාක්ෂි එකතු කිරීම ට පටන් ගත්තාය.
යළි බංග්ලාදේශය වෙත ගිය ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම, කහ සැපයුම් දාමයේ සෑම අංශයක් ගැනම ගැඹුරින් සොයා බැලූහ. කහ, නිෂ්පාදනය, පරිභෝජනය සහ නියාමනය හා සම්බන්ධ පාර්ශවකරුවන් මුන ගැසී කරුණු විමසූ අතර, කහ නිෂ්පාදකයින්, තොග වෙළෙන්දන්, කුළුබඩු වෙළඳපොල ආදී තැන් වෙත ගිය ඔවුහු, පසුව විශ්ලේෂණය සඳහා ඒ සෑම අවස්ථාවකදීම කුඩා බෑගවලට කහ, වර්ණක, දූවිලි සහ පස් එකතු කළහ.

කහ, ඉඟුරු පවුලේ සාමාජිකයෙකු වන අතර ආසියාකරයේ වැසියන් බහුල අකෑමවලට යොදාගන්නා කහ නිපදවා ගන්නේ Curcuma longa හී මුල්වල හටගන්නා අල නැතිනම් රෛමසෝම වලිනි. වගා කන්නය අවසන් වන විට ගොවියෝ කහ ගහේ උසට වැඩෙන් පත්‍ර වියැලෙන්නට හරිති. අනතුරුව, (බංග්ලදේශයේ නම් බොහෝ විට) සාමනයයෙන් ස්ත්‍රී පක්ෂය බොහොම සීරුවෙන් මුල් සහ මඩ තලි ඉවත් කර සෝදා, තම්බා පසුව සති කිහිපයක් අව්වේ වියළා ගනිති. ඉන් අනතුරුව, පරෙස්සමින් පොත්ත ඉවත් කරගන්නේ කහපැහැ අලය මතුකර ගනිමිනි. පසුව ඒවා කපා, තලා, කුඩු බවට පත කෙරේ.
මේ කුඩෙහි කහ පැහැය ගැන මිළදී ගන්නෝ දැඩිව අවධානය යොමු කරති. පැහදිලි, දිදුලන කහපැහැයෙන් යුතු කහ කුඩට ඉහල මිලක් ලැබේ. විව්ධ හේතු නිසා සමහර අවස්ථාවල් මෙම කහපැහැය අඩුවෙයි. ඒ බව වසන් කිරීමට, සමහරුන් කරන්නේ, අලයෙහි ඊයම් ක්‍රොමටෙ ඉසීමයි. ඊයම ක්‍රොමටෙ යනු ප්ලාස්ටික් සහ ගෘහ භාණ්ඩ වර්න ගැන්වීමට යොදා ගන්නා කාර්මාන්ත භාවිත තැඹිලි -කහ වර්නකයකි. එහෙත්, ජෙන්න ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට දැනගත හැකි වූයේ කහ නිෂ්පාදකයින් බහුතරයක් ඒවා ධූලක(විෂ සහිත) බව නොදැන සිටි වගයි.
කෙසේවෙතත්, ජෙන්නාගේ කාර්යය එතැනින් නිමා කිරීමට නොහැකිවිය. ඇගේ PhD නිබන්ධනයේ එක් උපදෙශකයෙකු වන Terry Huffington මහාචාර්ය, Scott Fendorf, PhD, ඇයට පැහැදිලි කර දුන් පරිදි, ලෝහ බඳු ඊයම්, මූලය අනුව වෙනස්වන මූලද්‍රව්‍ය සමස්ථානිකවල() සුවිශේෂී මිශ්‍රන වලින් සමන්විතය. රහස් පරීකෂකවරුන් ඇඟිළි සළකුණු ඔස්සේ අපරාධකරුවන් හඳුනාගන්නා ආකරයෙන්, මෙම ස්ථාන-සුවිශේෂී අනුපාත ඇතැම් විට ඊයම් මූල සෙවීමට යොදාගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ඊයම් මූලයක් හා සමග සංසන්දනය කිරීම පිණිස රුධිර සාම්පලයක ඊයම් සමස්ථානික විශ්ලේෂනය කල විට ගැලපීමක් ඇත්නම්, එවිට (රුධිර ගත ඊයමවලට) ‘වගකිව යුත්තා’ හසුවෙයි. මේ ඔස්සේ තව විශාරදය්න්ගේ ද උපදෙස් හා මගපෙන්වීම යටතේ ජෙන්නා සහ පර්යේෂණ කණ්ඩායමට සිය වෑයම සාර්ථක කර ගත හැකිවිය.
කෙසේවෙතත්, ජෙන්නාගේ කාර්යය එතැනින් නිමා කිරීමට නොහැකිවිය. ඇගේ PhD නිබන්ධනයේ එක් උපදෙශකයෙකු වන Terry Huffington මහාචාර්ය, Scott Fendorf, PhD, ඇයට පැහැදිලි කර දුන් පරිදි, ලෝහ බඳු ඊයම්, මූලය අනුව වෙනස්වන මූලද්‍රව්‍ය සමස්ථානිකවල() සුවිශේෂී මිශ්‍රන වලින් සමන්විතය. රහස් පරීකෂකවරුන් ඇඟිළි සළකුණු ඔස්සේ අපරාධකරුවන් හඳුනාගන්නා ආකරයෙන්, මෙම ස්ථාන-සුවිශේෂී අනුපාත ඇතැම් විට ඊයම් මූල සෙවීමට යොදාගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ඊයම් මූලයක් හා සමග සංසන්දනය කිරීම පිණිස රුධිර සාම්පලයක ඊයම් සමස්ථානික විශ්ලේෂනය කල විට ගැලපීමක් ඇත්නම්, එවිට (රුධිර ගත ඊයමවලට) ‘වගකිව යුත්තා’ හසුවෙයි. මේ ඔස්සේ තව විශාරදය්න්ගේ ද උපදෙස් හා මගපෙන්වීම යටතේ ජෙන්නා සහ පර්යේෂණ කණ්ඩායමට සිය වෑයම සාර්ථක කර ගත හැකිවිය.
අවසානයේ, සිය PhD පර්යේෂණයට වසර තුනක් ගත වූ තැන, 2017 ජූලියේ දී, ජෙන්නා සහ පර්යේෂක කණ්ඩායම සිත් සසල කරවන සොයා ගැනීම ප්‍රකාශයට පත් කලහ: ඊයම් විෂවීම සඳහා වඩාත් පිළිගත හැකි හේතුව බවට පත් කරමින්, ඊයම්-ක්‍රොමේට් වර්ණක මිශ්‍ර කහ කුඩු වල බංග්ලාදේශයේ නීතියෙන් ඉඩ සැලසෙන සීමාව වන ග්‍රෑමයකට, මයික්‍රොග්‍රෑම් 2.5 සීමාව මෙන් 500 ගුණයක් දක්වා ඊයම් මට්ටම් අඩ්ංගුය.
ආරංචිය ඇසූවෝ පුදුමයට පත් වූහ. සොයගැනීම ගැන ඉක්මණින්ම එරට රජයේ ඉහලම තැන් වලට වාර්තා විය. කහ අප මිශ්‍රනය දඩුවම් ලැබිය හැකි වරදක් බවට රජය ප්‍රකාශයට පත් කලේය. වරදකරුවන් සොයා, නීතියෙන් දඩුවම් පමුණුවීමේ ක්‍රියාදාම දියත් කෙරිණ.

අද වන තෙක් ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන සමලෝචනයක යෙදෙමින් Jenna Forsyth, PhD, මෙසේ පවසන්නීය: “ඊයම් අපේ වටපිටාවේ පැතිර පවතී. එහි ධූලක බලපෑම් බොහොමයි. මේ ගැටළුව ගැන අප දිගින් දිගටම කටයුතු කිරීම අවශ්‍යයි.”
Stanford Medicine Magazine හී පළවන The spice sellers’ secret යන ලිපිය ඇසුරෙන් සකසන ලදී.





ප්‍රතිචාරයක් ලබාදෙන්න