ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා පාසලේ ප්‍රධානී මහාචාර්ය එලේන් ෆොක්ස් විසිනි

Elaine Fox ගේ Switchcraft පොතේ තේමාවක්: ඔබේ ජීවිතය පරිවර්තනය කිරීමට මානසික සුචල්‍යතාවයෙහි/ උලැගිකමෙහි බලය උපයෝගී කර ගැනීම

තමාගේ ප්‍රඥාව ගැන ඕනෑවට වඩා නියතව සිතීම නුවණට හුරු නැත. වඩාත්ම ප්‍රබලයා ද දුර්වල විය හැකි බවත් වඩාත්ම ප්‍රඥාවන්තයා ද වැරදි සිදු කළ හැකි බවත් සිහිපත් කරගැනීම යෙහෙකි.’මහත්මා ගාන්ධි.

අත්දැකීමට විවෘත වීම, ඊනියා පංචමහා (Big-Five) පෞරුෂ ලක්ෂණ වලින් එකක් වෙයි. අත්දැකීමට විවෘත වීම, වෙනත් දේ අතර, කුතුහලය, නිර්මාණශීලිත්වය සහ අසාමාන්‍ය අදහස් අගය කිරීම සමඟ සම්බන්ධ වේ. අත්දැකීම් සඳහා විවෘත පුද්ගලයින්හට,  පුළුල් හා නිරන්තරයෙන් වැඩිවන රුචිකත්ව පරාසයක් ඇත.  නව අදහස් හා අත්දැකීම් සමඟ මුහුණදීමෙන් ඔවුන්, ක්‍රියාශීලීව සතුටක් ලබති; ඔවුහු හුදු විනෝද වීමට  පමණක් නොව විවිධ ආහාර රස විඳීමට, නව දසුන් දැකීමට සහ ඔවුන්ගේ හරයන් නැවත සලකා බැලීමට කැමති වෙති. මානසික විවෘතභාවයේ බොහෝ විට අමතක වන අංගයක් වන්නේ ඔබේ විශ්වාසයන් සහ අදහස් උදහස් වැරදි විය හැකි බව පිළිගැනීමට ඇති හැකියාවයි.  ‘බුද්ධිමය නිහතමානිකම’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ එම ගතිලක්ෂණයයි(trait)

බුද්ධිමය නිහතමානී භාවයෙන් උසස් අය ‘මගේ අදහස්වලට වෙනස් මතවල වටිනාකම මම හඳුනමි’ සහ ‘මා වැදගත් යයි සලකන මගේ විශ්වාසයන්, නව තොරතුරු හමුවේ සංශෝධනය කිරීමට මම සූදානම්ව සිටිමි’ වැනි ප්‍රකාශ සමඟ එකඟ වෙති. වෙනත් වචන වලින් කිවහොත්, බුද්ධිමය වශයෙන් නිහතමානී වීම යනු ඔබේ මනස වෙනස් කිරීමට සූදානමින් සිටීම, සමහර විට කළ යුතු නිවැරදි දෙයක් බව පිළිගැනීමට ඇති කැමැත්තයි.

බුද්ධිමය නිහතමානීකම ප්‍රයෝජනවත් විය හැකිවීමට හේතුවක් තිබේ: එය අපගේම පුද්ගලික මතගරාහිත්වයන්(biases), ස්වාර්ථයන් සහ අත්දැකීම් මගින් දැඩි ලෙස වර්ණ ගැන්වූ කාචයකින් අප අවට ලෝකය අර්ථකථනය කිරීමේ අපගේ ස්වාභාවික නැඹුරුව ඉවත් කිරීමට උපකාරී වීමයි. මෙය අපගේ ජීවිතයට පුදුම සහගත බලපෑමක් ඇති කළ හැකියි, ‘මට වරදින්න පුළුවන්’ යන සෙය්යාවෙන් සෑම අවස්ථාවක් වෙතම ප්‍රවේශ වීමට අපට ඉඩ සලසන හෙයිනි.

කෝකටත් තෛලයක් නැත.

අප අතුරෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ අපගේ සමාජයට හොඳින් ගැලපීමට ය. වෙනත් වචන වලින් කිවහොත්, අංක එකේ ඉලක්කය අපට කළ හැකි හොඳම මනෝවිද්‍යාත්මක ගැලපීම සාක්ෂාත් කර ගැනීමයි. මේ නයින් බලන විට, මනෝවිද්‍යාත්මක හා ඖෂධීය මැදිහත්වීම් විශාල පරාසයක් වර්ධනය වී තිබීම, නිමක් නැති ස්වයං උපකාරක පොත් ලියා පළවී තිබීම, පිළිගැනීමට ලක්වූ, ජන්ප්‍රිය ‘උපදේශකයන්’ විශාල ප්‍රමාණයක් අපගේ ජීවිත යහපත් කර ගැනීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම සහ උපක්‍රම ඉදිරිපත් කර තිබීම පුදුමයට කරුණක් නොවේ.

මෙම ශිල්පීය ක්‍රම බොහොමයක් සාක්ෂි පදනම් කරගත් ඒවා වන අතර මිලියන ගණනකට ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට උපකාර වී ඇත. උදාහරණයක් ලෙස මාර්ක් විලියම්ස් විසින් පුරෝගාමීව හඳුන්වා දෙනු ලැබූ සතිය(mind-fullness) මත පදනම් වූ සංජානන චිකිත්සක ප්‍රවේශයන් බොහෝ දෙනෙකුට කැපී පෙනෙන ප්‍රතිලාභ පෙන්වා ඇත. එසේම, Barbara Frederickson අපට පවසන්නේ ප්‍රසන්න හා අමිහිරි අත්දැකීම් සඳහා අවම වශයෙන් 3:1 හි ධනාත්මකතා අනුපාතයක් පවත්වා ගැනීම සාමාන්‍ය යහපැවැත්ම සමඟ සහසම්බන්ධ වන බවයි, Carol Dweck වර්ධන මානසිකත්වයක් පෝෂණය කිරීමේ වාසි වෙනුවෙන් පෙනී සිටින අතර Aන්ගෙල ඪුච්ක්වොර්ත් ධෛර්‍යසම්පන්න බව සහ අධිෂ්ඨානය වැදගත් බවයි.

සතිය මත පදනම් වූ සංජානන චිකිත්සක ප්‍රවේශයන් බොහෝ දෙනෙකුට කැපී පෙනෙන ප්‍රතිලාභ පෙන්වා ඇත.’

එහෙත්, සතිය වැනි මනා සහායක් ගෙනන මැදිහත්වීම් පවා ආපසු කැරකිය හැකිය.  නිදසුනක් වශයෙන්, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ Willoughby Britton විසින් කරන ලද විස්තීරණ සමාලෝචනයක් මගින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ, සති භාවිතයන්, කලින් මේ තාක්‍ෂණයෙන් ප්‍රතිලාභ ලැබූ අයට පවා, සමහර විට පැහැදිලිවම අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි. ඕනෑම මැදිහත්වීමක් සැමට එක ලෙස ප්රයෝජනවත් නොවන බව එය අපට මතක් කර දෙයි.

මෙය, Switchcraft නම් මගේ අලුත්ම පොතේ මා වර්ධනය කරන්නාවූ තේමාවකි: ජීවිතයට ‘කෝකටත් තෛල’ විසඳුම් නොමැති බව ඉන් යෝජනා කෙරෙයි. ඒ වෙනුවට, මා තර්ක කරන්නේ අපගේ සතුට තීරණය කිරීමේ වඩා වැදගත් සාධකයක් වන්නේ, විවිධ ප්‍රවේශයන් අතර එහ මෙහා මාරු වන්නේ කවදාද සහ කෙසේද යන්න දැන ගැනීම බවයි. යම් යම් දේ කිරීමට ඔබ උත්සාහ කළ සහ පරීක්‍ෂා කළ ක්‍රම හොඳම ප්‍රවේශය නොවිය හැකිය යන අදහසට ඔබේ මනස විවෘත කිරීම ඔබේ ජීවිතයට සැබෑ වෙනසක් ඇති කළ හැකිය. මෙය පදනම් වී ඇත්තේ මනෝවිද්‍යාවේ වර්ධනය වෙමින් පවතින අවබෝධයක් මත ය, උදාහරණයක් ලෙස Todd Kashdan සහ Jonathan Rottenberg ගේ කෘතියේ දැක්වෙන්නේ යහපැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා මනෝවිද්‍යාත්මක කඩිසරකම අත්‍යවශ්‍ය බවයි.

ඒ ඇයි දැයි දැන ගැනීම අපහසු නැත; නම්‍යශීලීවීම සහ කඩිසර වීම, එදිනෙදා වෙනස් වන විවිධ අභියෝගවලට අප මුහුණ දෙන විට වඩාත් සුදුසු ක්‍රියාමාර්ග තෝරා ගැනීමෙහි ලා අපට උපකාරී වේ. අප අවට ලෝකය සරල, පහසුවෙන් වටහා ගත හැකි සහ ස්ථිතික හෙවත් වෙනස් නොවන සුළු නම්, සෑම අවස්ථාවකදීම අපට හොඳින් උපයෝගී කර ගතහැකි,  සිතීමේ හෝ ක්‍රියා කිරීමේ ක්‍රම එකක් හෝ දෙකක් වර්ධනය් කර ගත හැකිය. ඒ වෙනුවට, ජීවිතයේ යථාර්ථය බවට පත්ව ඇත්තේ  අවිනිශ්චිතතාවය සහ වෙනස් වන සුළු බවයි.

ඇත්ත වශයෙන්ම, අනියතතාව යනු ජීවිතයේ එකම සැබෑ නියතතාවයි. එහෙත්, මෙය වලංගුවන්නේ — නිදසුනකට, ගෝලීය වසංගතයක් වැනි — මහා පරිමාන  දේවලට පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතයට ද එකලෙස වලංගුය.  අපි කොයි වෙලාවේ අසනීප වෙයිද, පෙම්වතා අප හැර දමා යයිද, නැත්නම් අපට අපේ ‍රැකියාව නැති වෙයිද කියා අපි නොදනිමු; අපගේ මනෝවිද්‍යාත්මක ගැලපීම ප්‍රශස්ත කිරීම සඳහා, අප වරෙක මග හරිමින් වරෙක එක්වමින් අපගේ නිරන්තරයෙන් වෙනස් වන ලෝකයට අප අනුගත විය යුතුය.

‘යුධායුධ’ වලින් කොටසක්

බුද්ධිමය නිහතමානීකම කරළියට පැමිණෙන්නේ මෙහිදීය. Swithcraft යනු හුදු කඩිසරකම ම  ගැන නොවේ; එය අප ගැන, අපගේ හැඟීම් සහ අප අවට ලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව ඇතිවන්නා වූ කඩිසරකමකි. මෙය අපගේ පෞද්ගලික තත්වයන්ට වඩා සියුම් ලෙස සැකැසුණු තීරණ ගැනීමට අපට ඉඩ සලසයි.

පෞරුෂ පරීක්ෂාව (සමහර විට ‘ආගන්තුකයාගේ මනෝවිද්‍යාව’ ලෙස ද හැඳින්වේ), ඔබේම ජීවිත ආඛ්‍යානය හෙළිකර ගැනීමේ මෙන්ම ඔබේ භෞතික ශරීරයට සහ කායික විද්‍යාත්මක ප්‍රතික්‍රියාවලට සුසර කිරීමේ ක්‍රම ද ඇතුළුව, ස්වයං දැනුවත්භාවය ගැඹුරු කිරීමේ ක්‍රම කිහිපයක් ගැන මගේ ග්‍රන්ථයේ සාකච්ඡා කර ඇත.  නිහතමානී මනෝභාවයක් වර්ධනය කිරීම මෙම පුළුල් ‘ආයුධ’ තොගයේ කොටසක් පමණි.

බුද්ධිමය වශයෙන් නිහතමානී අය නව සාක්ෂිවලට මුහුණ දෙන විට ඔවුන් වඩාත්ම ඇළුම් කරන  විශ්වාසයන් පවා නැවත සලකා බැලීමට කැමැත්තක් දක්වයි; අභියෝගයට ලක් වූ විට ඕනෑවට වඩා ආරක්ෂා වීමට නැඹුරු නොවේ; තවද,  ඔවුන්ගේම ලෝකාන්වේක්ෂණය ආරක්ෂා කිරීම සඳහා අනවශ්‍ය ලෙස සැලකිල්ලක් නොදක්වා නිරවද්යතාව වෙනුවෙන් පෙනීසිටීමට උත්සාහ දරති.  බුද්ධිමය නිහතමානිකම යනු යම් අවස්ථාවක හෝ තත්වයක සත්‍යය සොයන මානසිකත්වයකි.

බුද්ධිමය වශයෙන් නිහතමානී වීම යනු පහසුවෙන් මැඩ පැවැත්විය හැකි පුද්ගලයෙකු බවට පත්වීම හෝ වැටහීමක් නොමැතිකම නොවේ. ඒ වෙනුවට, මනෝවිද්‍යාඥ Brian Resnick දක්වා ඇති පරිදි, එය සිතීමේ ක්‍රමයක් වන අතර එය අනෙක් පුද්ගලයින්ගෙන් ඉගෙනීමට අවංකව සෑදී පැහැදී සිටීම සහ තමන් වැරදි විය හැකි බව සරලව පිළිගැනීම ඇතුළත් වේ

පර්යේෂණ මෙය සනාථ කරයි: Tenelle Porter සහ Karina Schumann ගේ 2017 අධ්‍යයනයෙන් පෙනී ගියේ බුද්ධිමය නිහතමානිකම සඳහා ඉහළ ලකුණු ලබා ගන්නා අය ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් වලට වඩාත් විවෘත වන අතර, එම වසරේ දීම Mark Leary ගේ කණ්ඩායම විසින් සොඋආගනු ලැබුවේ, සිය විශ්වාසයන් සමඟ ගැටෙන විට පවා බුද්ධිමය වශයෙන් නිහතමානී අය සාක්ෂි කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.  සිත් ඇදගන්නා සුළු පර්යේෂණ මාලාවක් තුළ, Leor Zimgrod හා  කේම්බ්‍රිජ් මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක්, එදිනෙදා වස්තූන් සඳහා විකල්ප භාවිතයන් රාශියක් ඉදිරිපත් කිරීමේ හැකියාව (මෙය මානසික කඩිසරකමේ සම්මත මිනුමක් ලෙස සැලකේ) ඉහළ බුද්ධිමය නිහතමානී භාවයක සමඟ සහසම්බන්ධ බව සොයාගෙන ඇත.

බුද්ධිමය වශයෙන් නිහතමානී වීම සමාජයේ ධ්‍රැවීකරණයට ද බලපෑම් ඇති කරයි. නිදසුනක් වශයෙන්, ෂෞන භොවෙස් සහ ඇගේ සගයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, අඩු තරමින් මධ්‍යස්ථ දේශපාලන අදහස් ඇති, ඉහළ මට්ටමේ බුද්ධිමය නිහතමානී බවක් දක්වන  පුද්ගලයින් ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුබල දෙන දේශපාලන තර්ක ක්‍රමානුකූලව ප්‍රිය කිරීමට ඇති ඉඩකඩ අඩු බවයි; එමෙන්ම, තමන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන අයගෙන් උගෙන ගැනීමට ඉඩ ඇති බවයි. එබැවින් Elizabeth Krumrei-Mancuso ගේ 2017 අධ්‍යයනයේ  දක්වන පරිදි,  සමාජය වෙත නැඹුරුවීම  සහ අනෙකුත් පුද්ගලයින් කෙරෙහි වැඩි සංවේදනයක් දැක්වීම  සමඟ බුද්ධිමය නිහතමානිකම සහසම්බන්ධ වීම පුදුමයක් නොවේ.

බුද්ධිමය නිහතමානිකම වර්ධනය කිරීම

එසේ නම්, පුද්ගලිකවශයෙන් මන්ම සහ සමාජීය වශයෙන් අත්පත්වන ප්‍රතිලාභ සැල්කිල්ලට ගන්නා විට, අපගේ බුද්ධිමය නිහතමානී බව වර්ධනය කර ගත හැක්කේ කෙසේද?

  1. වර්ධනයට යොමුවූ මනෝවිහිතියක් පෝෂණය කිරීම – (අපගේ හැකියාව ස්ථාවර නොවන නමුත් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ හොඳ උපාය මාර්ග හරහා දිරිමත් කර වැඩිදියුණු කළ හැකි බවට හැඟීම) – උපකාරී විය හැකිය (පෝටර් සහ ෂූමන්, අධ්‍යයනය 4). ‘ස්ථාවර’ සහ ‘වර්ධන’ මානසිකත්වය පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති කළ හැකි කැපී පෙනෙන බලපෑම මනෝවිද්‍යාඥ කැරොල් ඩ්වෙක් විසින් 2007 දී පලකළ  Mindset (මනෝ විහිතිය) නම් ඇයගේ පොතෙහි අලංකාර ලෙස විස්තර කර ඇත. ඔබ උගෙනීමට විවෘත මනසකින් පසුවනවිට, ඔබ සමහර විට වැරදි වන්නට හැකි බව පිළිගැනීමටද ඉඩ ඇත. ගතිලක්ෂණ මත නොව ක්‍රියාවන් කෙරෙහි  අවධානය යොමු කිරීම, ඔබේ අභියෝගවලට සෘජුව මුහුණ දීමෙන් සහ ඒවා(අභියෝගයන්) ඉගෙනීමට ඇති අවස්ථා ලෙස දැකීමෙන් සහ ස්වයං දැනුවත්භාවයට ගැඹුරු ලෙස පිවිසීම  මගින් ඔබට හොඳ් ආරම්භයක් ලබා ගත හැක.
  2. ඔබේ අසාර්ථකත්වය මෙනෙහි කරන්න – මෙය ඕනෑකෙනෙකුට කියන්න ලෙහෙසිය, කරන්නට අපහසුය’; නමුත් ඔබට එය වැරදුන  බව පිළිගැනීමට මෙය හොඳ ක්‍රමයකි. අන් අයගෙන් ලැබෙන ප්‍රතිපෝෂණවලට හොඳින් සවන් දී ඔබේ කාර්යයන් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ යෝජනා හොඳ හිතින් භාර ගන්න.
  3. විකල්ප දෘෂ්ටිකෝණවලට ඔබේ මනස නිරාවරණය කරන්න- අපගේ අදහස්වලට බෙහෙවින් සමාන මත සහ දෘෂ්ටි ඇති අය සමග එකම කුලකයකට එක්වීම ඉතා පහසු ය. හැබැයි, අප එකඟ නොවන කරුණු හෝ දෘෂ්ටිකෝණවලට අප නිරාවරණය නොවන්නේ නම්, ඒවා ගැන දැන උගෙනීම ඉතා අපහසුය. එබැවින්, මනාප නොවන දෙයට මුහුණ් දීමට සූදානම් වන්න. ඔබ එකඟ නොවන තර්ක සහ මතවලට ඇහුම්කන් දී ඔබට ඒවායින් යම් වටිනාකමක් සොයාගත හැකිදැයි බලන්න. ඔබට වඩා බොහෝ වෙනස් අදහස් ඇති බව ඔබ දන්නා සමාජ මාධ්‍යවල පුද්ගලයින් සහ සංවාද වෙත ද යොමුවන්න. ඇත්ත වශයෙන්ම ඔබට ඔබේ මනස වෙනස් කිරීමට අවශ්‍ය නැත, නමුත් ඔවුන්ට කීමට වටිනා යමක් තිබිය හැකි බව පිළිගැනීමට සූදානමින් සිටින්න.

ඇත්ත වශයෙන්ම මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ අවශ්‍ය වන නමුත් මෙම වෙනස්කම් තුන වැලඳගැනීමෙන් ඔබට ඔබේම බුද්ධිමය නිහතමානී බව පෝෂණය කර වර්ධනය කර ගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending