පිරිමි ළමයෙක්, ඉතියෝපියාවේ ටිග්රේ හි සුළං බලාගාරයක සුළං ටර්බයින ඉදිරිපිට සිටගෙන සිටියි. REUTERS/Kumerra Gemechu

දුප්පත් රටවලට ආධාරවලට වඩා වැඩි යමක් අවශ්‍යයි – ඔවුන්ට අවශ්‍යවනුයේ  නව හරිත(පරිසර හිතකාමී) ආර්ථිකයේ සාධාරණ කොටසකි.

ජනවාරි 15 – පසුගිය වසර 50 තුළ බිලියන ගණන් සංවර්ධන ආධාර වශයෙන් වියදම් කළද, ‘අවම සංවර්ධිත රට’ (Least Developed Country – LDC) යන තත්ත්වයෙන් මිදී මතු වී ඇත්තේ රටවල් හතක් පමණි. ඇත්තටම, අපට මීට වඩා සාර්ථක ප්‍රතිඵල අත්පත් ක්‍රගැනීමට පුළුවන්. එහෙත්, එසේ සාර්ථක වන්නට නම්  ඩාවෝස් හි ‍රැස්වූ රාජ්‍ය නායකයින්, ලෝකයේ LDCs 45 තුළ ජීවත් වන බිලියනයක ජනතාවට ප්‍රතිලාභ ලබා ගෙන එන, ගෝලීය රැකියා උත්පාදන සැලසුම් සහ බලශක්ති සහ දේශගුණික උපාය මාර්ග ගැන ඔවුන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වනු ඇත  .

අද බොහෝ නව හරිත රැකියා ඇත්ත් විශාල G20 ආර්ථිකයන් තුළය. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ, උද්ධමනය අඩු කිරීමේ පනතින් පසුව නව බැටරි නිෂ්පාදන පහසුකම් 45ක්  ප්‍රකාශයට පත් කර ඇත; මෙය,  තාක්‍ෂණය පරිමාණය කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බොහෝ G20 කාර්මික ප්‍රතිපත්තිවලින් එකකි. කෙසේ වෙතත්, බලශක්ති සංක්‍රාන්තිය, LDCs හුදකලා නොකරන බවට වග බලා ගැනීමට අසමසම අවස්ථාවක් ඉදිරිපත් කරයි.

බිලියන සංඛ්‍යාත ජනතාවක් තවත් ශතවර්ෂයක් තවදුරටත් දරිද්‍රතාවයේ ජීවත් නොවනු ඇති බව සහතික කිරීමට G20 රටවල් දැන් ක්‍රියා කළ යුතුය. එම රටවල, ඔවුන්ගේ කාර්මික ප්‍රතිපත්ති හේතුවෙන්, LDC වලට හානියක් සිදු වන විට එය අවම කිරීමට ක්‍රියා කළයුතුවේ.  පර්යේෂණ, තාක්ෂණය සහ නිෂ්පාදන අංශයන් හී G20 ආයෝජනවලින් නිසැකවම, LDCs ප්‍රතිලාභ ලබයි.  තාක්ෂණයන්හි පිරිවැය වක්‍රය පහත හෙලීමේ වියදම දරන්නා වු ධනවත් රටවල් “පළමු චලනයන්” ලෙස ක්‍රියා කරයි . කෙසේ වෙතත්, නව වටිනාකම් දාමයන් තුළ ඉ‍ටු කිරීම සඳහා LDC වලට භූමිකාවක් නොමැති නම්, ගෝලීය ආදායම් පරතරය පුළුල් වනු ඇත. G20 රටවල්, LDC වල යටිතල පහසුකම් සහ කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමට නොසැලෙන චේතනාවක් පෙන්නුම් කළ යුතුය.

LDCs කුඩා හා විශාල වෙලඳපොලවල් වලින් සමන්විත වේ. ශතවර්ෂයේ අවසානය වන විට, අද පවතින ළ්ඪ්ඡ් වලින් 19ක්, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් 50 අතරට ශ්‍රේණිගත වනු ඇත. බිලියන 2.5 ක ඒකාබද්ධ ජනගහනයක් සහිත ඒවාට  මිලදී ගැනීමේ දැවැන්ත විභව ශක්තියක් ඇත. 2100 දී, ලෝකයේ විශාලතම නගර 20න් 12ක් අද තිබෙන LDC රටවල පවතිනු ඇත. අනෙකුත් අඩු ආදායම්ලාභී රටවල් කුඩා බැවින් ආයෝජන ආකර්ෂණය කර ගැනීම හෝ පරිමාණනය කිරීම අපහසු වේ. නිදසුනක් වශයෙන්, ටුවාලු, පැසිෆික් දූපත් වල වර්ග සැතපුම් 10 ක් පුරා මිනිස්සු 11,000 ක් ජීවත් වෙති. එහෙත් ආයෝජනයට ඇති බාධක නොතකා, නිවැරදි සහාය ලැබෙතොත් මෙම අභියෝග අවස්ථා ලෙස නැවත සකස් කළ හැකිය.

පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේ,  බ්‍රසීලියා හී  Itamaraty මාලිගයේ   G20 ෂර්පා සහ මූල්‍ය ධාවන පථ ඒකාබද්ධ සැසිවාරය විවෘත කිරීමේ රැස්වීම අතරතුර බ්‍රසීලයේ මුදල් අමාත්‍ය ෆර්නැන්ඩෝ හැඩාඩ් සහ බ්‍රසීලයේ මහ බැංකු සභාපති රොබර්ටෝ කැම්පස් නෙටෝ බලා සිටින අතර බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා කතා කරයි.

කලාපීය ඒකාග්‍රතාවය සඳහා වන මූල්‍ය ආධාර මඟින් රැකියා උත්පාදනය කිරීමට සහ බලශක්ති පද්ධතිවලින් ඔබ්බට, කෘෂිකර්මාන්තය ද ඇතුළත් වර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.  සැලසුම් කර ඇති පරිදි Abidjan සිට Lagos දක්වා අධිවේගී මාර්ග ව්‍යාපෘතියට කළ හැකිවනවා වැනි LDCs සහ අනෙකුත් ආර්ථිකයන් අතර ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැගීම  සිදු කරනු ඇත, භාණ්ඩ හා සේවා සඳහා නව වෙළඳපල නිර්මාණය කරනු ඇත.

මෙම සුපිරි අධිවේගී මාර්ගය වෙරළබඩ බටහිර අප්‍රිකානු රටවල් වන අයිවරි කෝස්ට්, ඝානාව, බෙනින්, ටෝගෝ සහ නයිජීරියාව සම්බන්ධ කරයි, එය ආර්ථික වශයෙන් පරිවර්තනයක් ගෙන ආ හැකි දෙයකි.

බෙනින් සහ ටෝගෝ වලට උතුරු දිගට මාලි, බුර්කිනා ෆාසෝ සහ නයිජර් වෙත දිවෙන මාර්ග ඇත. මේවා, බලශක්ති සංක්‍රාන්තියට වැදගත් ඛනිජ සහිත රටවල්ය. තවද, බෙනින් සහ ටෝගෝ සතුව, කලාපය ගෝලීය වෙළඳාමට විවෘත කරන විශාල අත්ලාන්තික් සාගර වරායන් ඇත්තේය.

විදුලිය සපයන මාර්ග ඉදි කිරීමෙන්,  ව්‍යාපාරවලට විශ්වාසදායක විදුලිය සැපයුමක් ලබා දිය හැකි අතර ආර්ථික වර්ධනයට සහ තරඟකාරීත්වයට තුඩු දෙන මිල අඩු විදුලිය වෙළඳාම් කිරීමට රටවලට ඉඩ සලසයි. මිලියන 12 ක ජනතාවක් සිටින කුඩා LDC ක් වන බුරුන්ඩි රාජ්‍යට රට පුරා ජනතාවට සාමාන්ය වියදමකින් බලශක්තිය  ලබා ගැනීමට මග පෑදේ. බුරුන්ඩිය, ටැන්සානියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ සැම්බියාව සහ  ආර්ථිකව   වැදගත් ඛනිජ සහිත අනෙකුත් LDCs අසන්නයේ පිහිටි උපායමාර්ගික වටිනාකමක් සහිත රටකි.. විදුලිය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම LDC හි නව වත්කම් දාම සහ නිෂ්පාදන ආයෝජන සඳහා පහසුකම් සැලසීමට, බලශක්ති සංක්‍රාන්තිය සඳහා යෙදවුම් පිරිවැය අඩු කිරීමට සහ කලාපීය සහ ගෝලීය වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට මග පාදයි.

ගොඩනැගීමේ ධාරිතාව ද වැදගත් වේ. LDC රජයන් බොහෝ විට පුනර්ජනනීය බලශක්තිය පරිමාණනය කිරීම සඳහා වෙහෙසක් ගත යුත්තේ ඒවායින් බොහොමයකට නවීන තාක්‍ෂණයන් අත්පත් කරගැනීම සහ කළමනාකරණය කිරීමට විශේෂඥ දැනුමක් හෝ කාර්ය මණ්ඩලයක් නොමැති බැවිනි. 2023 දී මුළු අප්‍රිකාවේම  මූල්‍යමය වශයෙන් අවසන් වූයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති අටක් පමණි.  මෙම ගැටළුව විසඳීම සඳහා, පරිත්‍යාගශීලී දායකයින්, LDC වල කාර්ය මණ්ඩල සංවර්ධනය සඳා ආයෝජනය කළ යුතුය.

සෝමාලියාවේ මොගඩිෂු තදාසන්න ප්‍රදේශයේ බෙනාඩිර් විදුලි සමාගම (BECO) සූර්ය ව්‍යාපෘතියෙන් විදුලි බල මාර්ග. REUTERS/Feisal Omar

අප්රිකාවට බලශක්තිය සඳහ වූ එක්සත් ජනපද රජයේ මුලපිරීම(Power Africa Initiative) ,   නීතිමය සහ මූල්‍ය උපදේශකයින් 20 දෙනෙකු බඳවා ගැනීමෙන් දකුණු අප්‍රිකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27 ක ප්‍රසම්පාදනය අවසන් කිරීමට  උපකාරී විය. Power Africa සහ Global Energy Alliance for People and Planet වැනි ආයතනවල උත්සාහයන් හරහා ,  පුනර්ජනනීය බලශක්ති ගනුදෙනු නිමා කර ගැනීමට අවශ්‍ය LDC රජයේ ධාරිතාව ගොඩනගා ගැනීමේ දී පරිත්‍යාගශීලීන්ට උපකාර කළ හැකිය. LDC නිලධාරීන් නිපුණතා සහ අත්දැකීම් ලබා ගන්නා විට, ඔවුන්ට පුනර්ජනනීය බලශක්ති ආයෝජන පරිමාණනයට ස්ථානගත කරගත් හැකි වනු ඇත. සෙනගාලය මෙය,  සාර්ථකව සිදු කර ඇත.

අවසාන වශයෙන්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (Multilateral Development Banks –  MDBs) සහ සංවර්ධන මූල්‍ය ආයතන (Development Finance Institutions –  DFIs)  ඔවුන් සුවපහසු ක්‍රමවේදයන් ගෙන් බැහැර්ව  LDC වල වෙනස් ලෙස ව්‍යාපාර කළ යුතුය. ධනවත් රටවල්, මෙම ආයතන නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහාමය. මූල්‍යකරණය සහ සහනාධාර මූල්යකරණය  සිදුකරන සැමවිටම, මූල්‍ය ප්‍රතිලාභ අනුපාතවලට වඩා සංවර්ධන ප්‍රතිඵලවලට ප්‍රමුඛත්වය දිය යුතුය. සහ සහනාධාර මූල්යකරණය

අවාසනාවන්ත ලෙස, MDBs සහ DFIs LDCs හි බල ව්‍යාපෘති සඳහා මුදල් ණයට දෙන්නේ, දේශීය මුදලින් නොව එක්සත් ජනපද ඩොලර් වලිනි.  ළ්ඪ්ඡ් මුදල් ඒකක ක්ෂණිකව වෙනස් වන සුළුය.  2000 සිට,  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව උගන්ඩා සිලිම, වටිනාකමෙන් 58%ක් අවප්‍රමාණ වී ඇත. බලශක්ති ව්‍යාපෘතියක් සඳහා 20-වසරක එක්සත් ජනපද ඩොලර් ණය කාලය තුළ, ණය ගෙවීම සඳහා දේශීය මුදලින් විදුලි මිල වැඩි කිරීමට අවශ්‍ය වනු ඇත. එය තිරසාර සංවර්ධනයක් නොව තිරසාර දරිද්‍රතාවය සඳහා වූ වට්ටෝරුවකි.

MDBs සහ DFIs සතුව දැනටමත්, අඩු ප්‍රාග්ධන පිරිවැයක් ඇති අතර, සාම්ප්‍රදායික සංවර්ධන ආධාර ආයතනවලින් ප්‍රදාන මුදල් ඔවුන් වෙත ලබා දෙන්නේ නම්, ඔවුන්ට පිරිවැය තවදුරටත් අඩු කළ හැකිය. එය අප්‍රිකාවේ දුප්පතුන් සඳහා විදුලි පිරිවැය අඩු කිරීමට මෙන්ම ටුවාලු හි කුඩා ව්‍යාපාරවල වර්ධනයට අඩු පොලී ණය ලබා ගැනීමට උපකාරී වේ.

නව අරමුදල් විදේශ ආධාර වියදමින් ලැබෙන බවට රාජ්‍ය නොවන සංවිධානවල විරෝධතා නොතකා ඩෙන්මාර්ක රජය මෑතකදී එහි සංවර්ධන අරමුදල් ආයතනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආයෝජන අරමුදල (IFU) සඳහා අරමුදල් වැඩි කළේය. මෙම අරමුදල් මාරුව IFUට වැඩි නම්‍යශීලී බවක් ලබා දෙනු ඇත. පුද්ගලික ආයෝජන ආකර්ශනය කර ගැනීමට අවශ්‍ය අඩු වියදම් මූල්‍යකරණය සමඟ LDC සපයා දීම සඳහා මෙම එකතු කරන ලද සම්පත් උපයෝගී කර ගැනීමට IFU වලට හැකි විය යුතුය.

බලශක්ති සංක්‍රාන්තිය තුළ එකිනෙකා සමඟ තරඟ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම G20 රටවලට පෙළඹමක් ඇති විය හැකිය. කෙසේ වෙතත්, LDCs  ඉල්ලා සිටින ආකාරයේ සහය සහ මූල්‍යකරණය සැපයීම G20 හි උපායමාර්ගික අවශ්‍යතාවයකි. මෙය් ශතවර්ෂයේ අවසානය වන විට ද,  LDC ලෙස හඳුන්වන රටවල ජීවත් වන බිලියන ගණනක ජනතාවක් තවදුරටත් දැකීමට නොමැති වන පරිදි නව ආර්ථිකයෙන් ඒවා ප්‍රතිලාභ ලැබිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending