ප්‍රශ්නය අසන්නේ: – දස හැවිරිදි,  Tsubamé, ලන්ඩනය

ප්‍රශ්නයට පිළිතුරුදෙන්නේ:  Renaud Foucart,  ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ලැන්කැස්ටර් විශ්වවිද්‍යාල කළමනාකරණ පාසල, ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය

මේ  ලෝකයේ කොපමණ නම් මුදල් තිබේද යන්න එකතු කර බැලීමට අපට අවශ්‍ය නම්, එම කටයුත්ත ආරම්භ කිරීමට හොඳම ස්ථානයක් වනුයේ මිනිසුන්ගේ මුදල් පසුම්බිවල, මුදල් පෙට්ටිවල, මුදල් තබන වෙනත් තැන්වල සහ මුදල් යන්ත්‍රවල ඇති සියලුම නෝට්ටු සහ කාසි ගණන් කර බැලීමයි.

අපි පවුම් වලින් පටන් ගනිමු. බ්‍රිතාන්‍යයේ භාවිතයේ ඇති මුදල වන පවුම් බිලියන 84 ක් (ඉලක්කමෙන් කියනවා නම් 84,000,000,000) බ්‍රිතාන්‍ය මුදල් කාසි සහ නෝට්ටු ලෙස ඇත.  එක්සත් ජනපද මුදල් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2,236 ක් ද,  යුරෝපීය සංගමයේ භාවිතයේ ඇති මුදල්වන යුරෝ බිලියන 1,578 ක් සහ චීනයේ භවිත වන යුවාන් මුදල් වලින් බිලියන 9,616 ක් ද ඇත.  ඔය ඉතින් කියැවුනේ රටවල් කීපයක භාවිත වන මුදල් පමණයි නේ? තවත්  මුදල් වර්ග බොහොමයක  මුදල් ඔතැනට එක්වෙන්න ඕනෑ.

සෑම රටකම භාවිත වන මුදල් එකම හා (වටිනාකමින්) සමාන නොවන බැවින්, ලෝකයේ ඇති සියලුම කාසි සහ නෝට්ටු එකට එකතු කිරීමට අදහස් කරන්නේ ඔබ එක්සත් ජනපද ඩොලරයක්, ඉන්දියානු රුපියලක් හෝ චීන යුවාන්, මහා බ්‍රිතාන්‍ය පවුම් ආදී වශයෙන් ඒ ඒ රටවල මුදල් වටිනාකමින් කොපමණ වෙනවාද යන්න මැනිය යුතු බවයි. වෙන වචනවලින් කීවොත් මුදල් ඒඉකක සියල්ල එක රටක ව්‍යවහාර මුදල් වලට හැරවිය යුතුයි. අපි හිතමු බ්‍රිතාන්‍ය පවුම කියලා.මෙය සිදු කරන්නේ මේ ලිපිය සකසන අවස්ථාවේ පවතින නවතම දත්ත යොදා ගනිමින් නම්, ඒවා එකතු කළ විට, අපට පවුම් බිලියන 6,113ක මුළු මුදලක් සොයා ගත හැකිවෙයි.

ඒත් හැබයි ගැටළුව තියෙන්නේ ඒ ඒ ව්‍යවහාර මුදලේ හුවමාරු වටිනාකම ඉතා ඉක්මනින් වෙනස් විය හැකි වීමයි. ඔබ මෙම ලිපිය කියවන මොහොතේ දැනටමත් පෙර කී ගණන් හිලව් යල් පැන ගොස් ඇතුවා නිසැකයි.

මෙයට හේතුව රටවල් සෑම විටම වැඩිපුර මුදල් මුද්‍රණය කිරීමයි. එහෙත්, එය ද විනිමය අනුපාතිකය — එක රටක මුදල්(උදාහරණයකට බ්‍රිතාන්‍ය පවුමක්), තවත් රටක මුදල් (එක්සත් ජනපද ඩොලර් වැනි) වෙනත් මුදල් ඒකකයකින් කොපමණ වටිනාකමක් තිබේද යන්න – සැමවිටම සමාන නොවේ. අපි හිතමුකෝ අද, පවුම් 1 ක් වටිනවා ඇමරිකානු ඩොලර් 1.30 ක් පමණ –  එක්සත් ජනපද මුදලින් ඩොලර් එකක් සහ ශත 30 ක් වුණා කියලා. වසර දහයකට පෙර, එය තවත් වෙනස්: ඩොලර් එකයි ශත 70යි ක් වූවා වන්න පුළුවනි.

ඔබට පවුමකට ඩොලර් කීයක් ලැබෙනවාද යන්න තීරණය වන්නේ මිනිසුන් බ්‍රිතාන්‍ය මුදල් භාවිතා කිරීමට කොපමණ කැමතිද යන්න මතය. සමහර අය, බිට්කොයින් ආදී ගුප්තකේතන මුදල් වැනි තමන්ගේම මුදල් නිර්මාණය කිරීමට තීරණය කරන විට, එය භාවිතා කිරීම පිණිස අන් අයට ඒත්තු ගැන්වීමට වෙර දැරීම සඳහා  ඔවුන් බොහෝ කාලයක් ගත කරන්නේ එබැවිනි.

කෙසේවෙතත්,ලෝකයේ කොපමණ් මුදල් තිබේ දැයි සොයා බලන්නට යාමේ දේ ඔය කාරනා පමනක් නොවෙයි ගැටළු සහගත. කාසි සහ නෝට්ටු ගණන් කිරීමෙන් ලෝකයේ කොපමණ මුදල් තිබේද යන්න පිළිබඳ සෑම දෙයක්ම අපට දැනගත නොහැකියි. නිදසුනක් වශයෙන්, මිනිසුන්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වල යම් නිශ්චිත මුදල් ස්වරූපයකට අනුරූප නොවන මුදල් තිබෙන්නට පුළුවන. එක්සත් රාජධානියේ, මුදල්වලින් 96% ක් පමණ පවතින්නේ ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් පමණි. අප එම මුදලත් ඇතුළත් කර එකතු කළ විට, මුළු මුදල පවුම් බිලියන 84 ක් නොව පවුම් බිලියන 2,223 ක් බව පෙණී යනු ඇත.  අප මුළු ලෝකයෙහිම  තිබෙන සංඛ්‍යාව හැටියට ගණන් කළ කාසි සහ නෝට්ටු වල මුදල් ප්‍රමානයට බැංකු ගිණුම්වල ඉලෙක්ට්‍රොනික මුදල්  එකතු කළහොත් , අපට දළ වශයෙන් පවුම් බිලියන 46,557ක් ලෙස ගිණිය හැකියි.

ධනය යනු මුදල්ම නොවේ

එපමණක්ද නොව, බෙහෙවින් වටිනා බොහොමයක් දේ මුදල් නොවේ. ඉතා ධනවත් අය තම ධනයෙන් සුළු කොටසක් පමණක් මුදල් ලෙස තබා ගනිති. ඔවුන්ව වඩ වඩාත් ධනවත් කිරීමට ඉඩ ඇති ව්‍යාපාර වැනි දේ අයිති කර ගැනීමට ද ඔවුහු කැමැත්තක් දක්වති.

සමහර විට ලෝකයේ කොපමණ මුදල් තිබේද යන්න ගණනය කිරීමට වඩා හොඳ ක්‍රමයක් වීමට පුළුවන් වන්නේ අප මිලදී ගන්නා සහ විකුණන දේවල වටිනාකම ගණන් බැලීමයි. ඔබට කිසිවක් ද්විගණනය කිරීමට හෙවත්, දෙවරක් ගණන් කිරීමට අවශ්‍ය නැති නිසා එසේ ගණන් බැලීම මදක් ගැටළ්Uකාරී දෙයකි. ගොවීයෙකු තම එළදෙනගේ කිරි, චීස් නිෂ්පාදකයෙකුට විකුණුනවා යයි සිතමු; චීස් නිෂ්පාදකයා තම චීස්, ඒවා අළෙවි කරන ස්ථානයකට විකුණනවා නම්, අලෙවිසල අයිතිකරු චීස් පාරිභෝගිකයන්ට විකුණන්නේ නම්, එහි වටිනාකම – ඒ කියන්නේ කිරි, චීස් සහ එය විකුණන අයට ලාභය වශයෙන් ඒ සියල්ල, අවසාන අලෙවිය සිදුවන අළෙවි සලට ඔබ ගෙවන මුදලේ අඩංගු වේ.

අවසාන අලෙවි සියල්ල එකට එකතු කරන විට, පසුගිය වසරේ, මුළු ලෝකයේම,  පවුම් බිලියන 79,437 ක පමණ වටිනාකමක් නිර්මාණය කර ඇති බව  ඔබට පෙනී යනු ඇත

දියමන්ති යනු මුදල් නොවේ; එසේ වුවත්, ඔබව පොහොසත් කිරීමට ඒවාට හැකිය. Bjoern Wylezich/Shutterstock

එහෙත් වටිනාකමක් ඇති නමුත් හුවමාරු නොවන බොහෝ දේ ද ඇත. ඔබ සතුව තිබෙන දියමන්ති මල්ලක්  ඔබේ නිදන කාමරයේ තබා ගෙන සිටින්නේ නම්, ඔබ පොහොසත් ය. කෙසේවෙතත්, එය මුදල් නොවේ. අනික, ඔබ එය හුවමාරු නොකරයි. ඒ නිසා මා මෙතෙක් ඔබට ලබා දී ඇති ගණන් හිලව් එකකටවත් එය ඇතුළත් නොවේ.

ඒ වගේම සමහර වෙලාවට වටිනාකමක් තියෙන දේවල් ලේසියෙන් මුදල් බවට පත් කිරීමට නොහැකිය. ගිම්හානයේදී පිහිනීමට  පිරිසිදු ජලය පිරි, පියකරු ගංගාවක් සහ ඉතා දුර්ලභ පක්ෂීන් සහ පැරණි ගස් ඇති සුන්දර වනාන්තරයක් ඔබට අයිති යයි මොහොතකට සිතන්න. ඒ වනාන්තරය පිහිටි භූමිය  යට ඛනිජ තෙල් විශාල නිධ්යක් තිබේ යයි සිතන්න.

මෙම වනාන්තරය හිමිකර ගැනීමෙන් ඔබ ඉතා ධනවත්ය. ඔබේ නිදන කාමරයේ තිබෙන දියමන්ති මල්ල මෙන්ම,  වනාන්තරය සහ එය පිහිටි භූමිය, තෙල් නිධිය  හිමිකර ගැනීමෙන් ඔබ පොහොසතෙක් වේ. නමුත් ඔබ ඔබේ මේ ධනය විශාල මුදලක් බවට පත් කිරීමට තීරණය කළ පසු ඔබට, දැව සඳහා විකිණීම පිණිස  ගස් කපා වනාන්තරය විනාශ කිරීමට අවශ්ය වනු ඇත; තෙල්පිටතට ගැනීම සඳහා පොළොව කැනීමට අවශ්‍යවේ.

ඉතින් දැන් වෙන්නේ කුමක් ද? ඔබ මිතුරන් සමඟ වනාන්තරයේ ඇවිදීමෙන් හෝ ගංගාවල ඔරු පැදීමෙන් කාලය ගත කිරීමට සතුටට පත් වන්නට ඇත. පැහැදිලිවම, එහි වටිනාකමක් තිබේ; වනය නැති වු විට එය නැති වෙයි. ඒ වගේම වනය හිමිකරගෙන සිටිමෙන් ඔබ සතුව තිබූ ධනයත් නැතිවී යයි.

අප භාවිතා කරන මුදල් අනාගතයේදී ද තවමත් වටිනා දෙයක් වීමට අපට අවශ්‍ය නම්, අද මුදල් ලබා ගැනීම සඳහා අප සතුව ඇති දේ විනාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending