මානවයන් භාෂාව පරිණාමනය කළේ කවදාද?

මානවයන් අතරේ භාෂාව ආරම්භ වූයේ කවදාද? භාෂාවේ පරිණාමය සිදු වූ නිශ්චිත කාල සීමාව සම්බන්ධයෙන් පර්යේෂකයන් අතර වාද විවාද හටගන්නේ මන්දැයි ලිපිය කියවා සොයා බලන්න.

පෘථිවිය, භාෂා 7,000කට වඩා වැඩි ගණනකට නිවහන වන අතර, කෝපි කෝප්පයක් බීම සඳහා ඇති ආශාව දක්වනවා මෙන් සෘජු අදහස් ප්‍රකාශ කිරීමට හෝක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා තරම් සංකීර්ණ අදහස් ප්‍රකාශ කිරීමට අපි එම භාෂා භාවිතා කරමු. කෙසෙවෙතත්, භාෂාව ආරම්භ වූයේ කෙසේද සහ මානවයන්හට භාෂාව භාවිතා කිරීමේ හැකියාව මුලින්ම පරිණාමය වූයේ කවදාද? යන්න වැනි කාරණා ගැන අපට ඒ හැටි අවබොධයක් නැත.

මානවයන් භාෂාව වර්ධනය කර ගත්තේ කවදාද?

මානව භාෂාවේ වර්ධනය, දිගු කලක් මුලුල්ලේ විද්වතුන් හා වාග් විද්යාඥයින් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇත. මෙම විශේෂඥයින් සතුව,  මිනිසුන් කතා කිරීමට පටන් ගත් කාලය සහ භාෂාව පරිණාමය වූ ආකාරය පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණ සහ න්‍යායන් තිබේ  . ස්වරාල සම්භව න්‍යායෙන්(laryngeal descent theory), ස්නසාලග්‍ය(neurological) සහ බුද්ධිය මත පදනම් වූ කථන වර්ධනය සඳහා ඉදිරිපත් කරන තර්කවලට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.

ස්වරාල සම්භව න්‍යාය (laryngeal descent theory)

ස්වරාල සම්භවය න්‍යාය (LDT) මගි ප්‍රකාශ කරනු ලබන්නේ, භාෂාව ඇති වූයේ   වසර 200,000 සිට වසර 300,000 දක්වා පමණ කාලයක් මුලුල්ලේ  නූතන හෝමෝ සේපියන්ස්වරුන්(Homo Sapiens) ව්‍යුහ විද්‍යාත්මකව පරිණාමය වීමෙන් පසුව බවයි. H. සේපියන්ස් ශරීරයේ, ස්වරාලය අපගේ පූර්ව හොමො සේපියන් මුතුන් මිත්තන් හෝ මානව නොවන  නූතන ප්‍රයිමේට්ලා ගේ පිහිටා ඇතුවාට  වඩා උගුරේ පහළින්ය.

ස්වරාලයෙහි මෙම පිහිටීම ස්වර පඅථය(vocal tract) වඩාත් දිගු කරයි, එහෙයින්, එමඟින් විවිධ කථන ශබ්ද නිපදවීමට හැකි වේ, විශේෂයෙන් ස්වර ශබ්ද අතර ඇති සියුම් වෙනස්කම් අපගේ ආදී මුතුන් මිත්තන්ට කළ නොහැකි වූ අතර අනෙකුත් ප්‍රයිමේටාවන්ට කරන්නට ද නොහැක. විද්‍යාඥයන් මෙය ස්වරාල සම්භවය න්‍යාය(LDT) ලෙස හඳුන්වන අතර වසර ගණනාවක් පුරාවට එය වඩාත් පුළුල් ලෙස පිළිගත් මතය විය.

ස්වරාල සම්භවය න්‍යායට අභියෝග කිරීම

කෙසේ වෙතත්, 2019 දී, Science Advances හී පල වූ එක්  අධ්යයනයක් මගින්  එම ප්‍රවාදය අභියෝගයට ලක් කෙරිණ. පර්යේෂකයෝ ප්‍රයිමේට් ස්වර උච්චාරන සහ ව්‍යුහ විද්‍යාව පිළිබඳව සිදු කර ඇති දශක ගණනාවක පර්යේෂණ හොඳින් විමසා බැලූහ. නිදසුනක් ලෙස  පැරණි ලෝකයේ වඳුරු විශේෂයක් වන මැකාක් වඳුරන්හට  කථන භාෂාවට සහාය වීමට අවශ්‍ය ව්‍යවච්ඡේදය(anatomy) ඇති බවත්, “ඉ”, “එ”, “ඇ”, “අ”, සහ “ඕ” (“bit,” “bet,” “bat,” “but,” and “bought)” යන   ස්වර ශබ්ද පැහැදිලිවම නිපදවීමට මනා හැකියාව ඇති බවත් එකී පර්යේෂණ වල දී සොයා ගෙන තිබුණි.

භාෂාව ආරම්භ වූයේ කෙසේද?

මෙම පර්යේෂණ සහ අනෙකුත් දත්ත මත පදනම්ව, කතුවරුන් තර්ක කරන්නේ කථන ශබ්ද සෑදීමේ හැකියාව වසර මිලියන 27 කට පෙර මිනිසුන් සහ පැරණි ලෝකයේ වඳුරන් යන දෙපිරිසර්ටම අවසන් වරට සිටි පොදු මුතුන් මිත්තෙකුගේ කාලය දක්වා දිව යන බවයි.

භාෂාවේ සම්භවය පිළිබඳ විකල්ප දසුන්

ප්‍රවාදයේ එවැනි දැඩි වෙනසක් සමඟ ඇතිවෙතැයි අපේක්ෂා කළ හැකි පරිදි, සෑම කෙනෙකුම එම කාලරාමුවට එකඟ නොවේ.  The Conversation සඳහා, දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාඥයෙකු වන George Poulos සපයා ඇති ලිපියකින් පවසන්නේ පළමු කථන ශබ්ද පැමිණියේ වසර 70,000 කට පමණ පෙර බවත්, ස්වර සහ ව්‍යාංජනාක්ෂර ශබ්ද නිපදවීමේ හැකියාව වසර 50,000 කට පමණ පෙර වන තෙක් පරිණාමය නොවූ බවත්ය.

පළමු මානව භාෂාව කුමක්ද?

දිව, මුඛය, (pharnyx), නාස් මග සහ ස්වරාලය ක්‍රමයෙන් පරිණාමය වීමත් සමඟ මිනිස් භාෂාවේ පළමු සලකුණු ‘ටික් ගෑම්’ සහ වඩාත් විස්තීර්ණ භාෂාවකි.

මොළයේ සහ භාෂාවේ පරිණාමය

තවත් න්‍යායකින් කියැවෙන්නෙ ස්නායු වෙනස්වීම් කථනය නිපදවීමේ හැකියාවේ ධාවකය වන්නට හැකි බවයි. 2019 පත්‍රිකාවේ කතුවරුන්ගේ නිගමනය එයයි. පැරණි ලෝකයේ වඳුරන්ට කතා කිරීමට නොහැකි වීමට හේතුව ඔවුන්ගේ ස්වාර පථයේ ව්‍යවච්ඡේදය නිසා නොව අවශ්‍ය ස්නායු ව්‍යුහයන් නොමැති නිසා බව පර්යේෂකයෝ පවසති. ස්නාසාවේ දී භාෂා න්‍යාය, LDT ට වඩා පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනේ.

ස්නාසාවේදී සංවර්ධනය, කථන භාෂාව මෙහෙයවන ආකාරය

මිනිසුන් අතරේ සහ යන්ත්‍රවල භාෂා පිරිසැකසුම්කිරීම අධ්‍යයනය කරන Irvine කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Richard Futrell, කථන භාෂාව සඳහා යම් මට්ටමක ස්නාසාවේදී වර්ධනයක් අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි කරයි. “කතා කිරීම සඳහා සියුම් ලෙස චාලක පාලනයක්(motor control) අවශ්ය වන අතර, එය වේගවත් විය යුතුය,” ඔහු පවසයි.

සියුම් ලෙස චාලක පාලනය සඳහා අවශ්යතාවය

එම අධිවේගී පාලනය ලබා දුන්නේ චාලක බාහිකය සහ ස්වාර මාර්ගය අතර වඩාත් සෘජු සම්බන්ධතා මගිනි. Futrell පවසන්නේ නියුරෝන, දුරකථන ‍රැහැන් මාර්ග මෙන් ඔබේ මොළයේ සිට ශරීරයේ අනෙකුත් කොටස්වලට සංඥා යවන බවයි.

ඔබේ මුඛය පාලනය කිරීමට පෙර සංඥාව, පැනුම් බොහොමයක් සිදු කළ යුතු නම්, එවිට එය දැඩි නිරවද්‍යතාව සඳහා වේගවත් මදිය. “මිනිසුන් තුළ වාචික මෙවලම් පාලනය කිරීම සඳහා විශේෂ වේගවත් මාර්ගයක් ඇති බව පෙනේ, එමඟින් මිනිසුන්ට වඩාත් විවිධ ශබ්ද විශ්වාසදායක ලෙස නිපදවීමට හැකි වේ,” Futrell පෙන්වා දෙයි.

භාෂාව වර්ධනය වූයේ කෙසේද?

සැපයිය හැකි තවත් පැහැදිලි කිරීමක් නම් භාෂාව යනු හුදෙක්, සාමාන්‍ය බුද්ධිය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් බවයි. ඔබ සතුව ඇති තොරතුරු පිරිසැකසුම් ධාරිතාව වැඩි වන තරමට, ඔබට වඩාත් සංකීර්ණ රටා තේරුම් ගැනීමට සහ නිෂ්පාදනය කළ හැකිය.

බුද්ධිය සහ භාෂාව

පරිගණක විඩම්බන(simulations) මත පදනම්ව බුද්ධිය සහ භාෂාව සහසම්බන්ධ කරන පර්යේෂණ මාලාවක් Futrell විස්තර කරයි. ඔහු පවසන මූලික සොයාගැනීම නම්, ඔබ සංඥා භාවිතයෙන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරන නියෝජිතයන් විඩම්බනය කරන්නේ නම් ඒවා,  හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි සංඥා මාලාවක් ඉදිරිපත් කිරීමට එකිනෙකා සමඟ සම්බන්ධීකරණය කළ යුතුය. මෙය ස්වභාවිකවම යම් ආකාරයක භාෂාමය ව්‍යුහයක් ඇති කරන නමුත්  ඉගෙනීමට පහසු වන පරිදි භාෂා සරල විය යුතුය.

භාෂාමය කාර්යක්ෂමතාව වර්ධනය කිරීම

ඔබ කවදා හෝ ස්පාඤ්ඤ භාෂාවි ගඹුරු ව්‍යාකරණ ප්‍රගුණ කිරීමට උත්සාහ කර ඇත්නම් හෝ ජර්මානු ක්‍රියාපද වාක්‍යවල කෙළවර දක්වා පැන යන්නේ මන්දැයි සොයා බලන්නට වෙහෙසෙනවා නම් දැන් පවසන කාරනය පුදුමයට කරුණක් විය හැකිය: භාෂා පද්ධති ඇත්ත වශයෙන්ම ඉතා සරල ය. Futrell මෙය්  පැහැදිලි කරන්නේ මෙසේයි: “ එක් එක් වචනය ඉතා නිශ්චිත අර්ථයක් ප්‍රකාශ කරන විවිධ වචන මිලියන 20 ක් ඔබටට කටපාඩම් කළ යුතු යයි උප කල්පනය කරන්න. එය ඇත්තෙන්ම දුෂ්කර වනු ඇත. ඒ වෙනුවට, අපට වචන 10,000 සිට 50,000 දක්වා පමණක් වචන තිබෙන,  වාක්‍ය සෑදීමට වචන ඒකාබද්ධ කිරීමට ඉඩ සලසන සරල නීති මාලාවක් සහිත භාෂා අපට ඇත.

භාෂාවේ සරලත්ව බාධකය

අපි වඩාත් බුද්ධිමත්ව, අපට සන්නිවේදනය කිරීමට අවශ්‍ය තව තවත් දේවල් සොයා ගත් විට,  “සරලලත බාධාවක්” ලෙස Futrell හඳුන්වන දෙය වෙතට අපි ඇදී ගියෙමු. අපට තව තවත් වචන එකතු කර ගත නොහැකි විය. අපට සන්නිවේදනය කිරීමට අවශ්‍ය වූයේ හුදෙක් විලෝපිකයන් ගැන අනතුරු ඇඟවීමට හෝ සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීමට හෝ ප්‍රතිවාදියෙකුට තර්ජනය කිරීමට විවිධ ඇමතුම් කිහිපයක් පමණක් වන විට අපට භාෂාමය ව්‍යුහයක් අවශ්‍ය නොවීය.

“අපේ මොළය ප්‍රමාණවත් තරම් විශාල නැහැ; ඒවා සියල්ල ඉගෙන ගැනීමට අපගේ ජීවිත දිගු නොවේ, ”ඔහු පවසයි.

 පරිගණක ආකෘති නිවැරදි නම්, එම අවස්ථාවේදී, භාෂාමය ව්යුහය නොවැළැක්විය හැකි අවශ්‍යතාවක් බවට පත්විය. Futrell  පවසන පරිදි, සංස්කෘතික සංකීර්ණත්වයේ වැඩි වීමක් නිසා වඩා හොඳ සන්නිවේදනයක් ඇති පුද්ගලයින්ට වඩා පරිණාමීය සාර්ථකත්වයක් ඇති විය. මේ අතර, වඩා හොඳ සන්නිවේදනය ඊටත් වඩා විශාල සංස්කෘතික සංකීර්ණත්වයකට හේතු විය. සංස්කෘතික සංකීණත්වය සහ සංනිවේදනය අතර මේ සම්බන්ධතාව වහා වෙනස් වන සුළුය. ඉගෙනීමට භාෂා 7,000කි; සාමන්‍ය භෞතිකවිද්‍යාව වෙනුවට, ක්වොන්ටොම් භෞතික විද්‍යාව. තව?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending