ජනවාරි මාසය අධික ශීත කුණාටුවලින් ගහන වීමට බලපෑවේ, බොහෝ දුරට දේශගුණික විපර්යාස විය හැකියි

ලෝකයේ බටහිර, ඊසානදිග, මැදපෙරදිග සහ දකුණේ පවා ප්‍රාන්තවල ගෙවී ගිය මාසයේ වැසි, හිම කුණාටු සහ හදිසි ගංවතුර ඇති විය. පර්යේෂණවලින් පෙනී යන්නේ එම සිදුවීම් වඩාත් සුලභ වනු ඇති බවයි.

මැසචුසෙට්ස්, බොස්ටන් හි ශීතසෘතු  කුණාටුවක් වන කෙනන්(Kenean) කුණාටුවෙහි බලපෑම් ඇති වෙද්දී පුද්ගලයෙක හිමෙන් වැසීගිය  තත්වයන් තුළ 2024 ජනවාරි 29දා වීදිය තරණය කරයි.  (ඡායාරූපය Scott Eisen/Getty Images)

ජනවාරි මාසය අධික ශීත කුණාටුවලින් ගහන වීමට බලපෑවේ, බොහෝ දුරට දේශගුණික විපර්යාස විය හැකියි

මධ්‍ය අත්ලාන්තික් සහ නව එංගලන්ත වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලපැතිර ගිය විදුලිය ඇනහිටීම් ඇති කරමින් අධික ඊශාන දිග සුළං සමඟ දරුණු හිම කුණාටු තත්ත්වයන් ගෙන ආවේය. මෙම කුණාටුව ඇතැම් ප්‍රදේශවලට අඩි 2කට වඩා හිම පතනයක් ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත.

නිවෙස් ජලයෙන් යට වීමත් සමග බොහෝ නිවැසියන්ට නිවෙස්වලින් ඉවත් වීමට බල කෙරුණු පෙන්සිල්වේනියා සහ ඉලිනොයිස් වැනි ප්‍රාන්තවල සති අන්තයේ හදිසි ගංවතුරෙන් පසු මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා නිකුත් කෙරුණු ශීත කුණාටු සහ ගංවතුර අනතුරු ඇඟවීම් මේ සතියේ ද දිගටම වලංගුව පවතී. එය, රටේ විශාල ප්‍රදේශ ආන්තික ශීත කාලගුණික තත්ත්වයන්ගෙන් ගිලී ගිය මේ මාසයේ තුන්වන සති අන්තය වන අතර එය දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වැඩියෙන්  හට ගැනීමට ඉඩ තිබෙන ප්‍රවණතාවක් බව මෑත විශ්ලේෂණයන් පෙන්වා දෙයි.

ඊසානදිග ඉලිනොයිස් හි, අසාමාන්‍ය ලෙස ශෘතුවෙන් පිට උණුසුම් උෂ්ණත්වයන් කන්කකී ගඟේ ගොඩ නැගුණු අයිස් ගොඩක් අස්ථායී කර ඇති අතර විශාල ගංවතුරක් මුදා හරිමින්,  නිවාස 200 ක් පමණ ජනතාව නිවෙස්වලින් ඉවත්කර  හැරීමට හේතු විය.. “වසරේ මේ කාලය තුළ සෑම විටම ගොඩ ගැසීම සාමාන්‍යවනන් නමුත් මම නම් මෙතරම් නරක තත්ත්වයක් කවදාවත්  දැකලා නැහැ,” එක් පදිංචිකරුවෙක් ප්‍රාදේශීය පුවත් සේවයකට පැවසීය.

වෙරළාසන්න කුණාටුවක් හේතුවෙන් ඇති වූ වාර්තාගත වර්ෂාපතනයකින් පසු ඉරිදා ප්‍රාන්තයේ ඊසාන දිග ප්‍රදේශයෙන් වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා පිට්ස්බර්ග් මෙට්‍රෝ ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු ද නිවෙස් වලින් ඉවත් කිරීමට බල කෙරුණි.  එක් අවස්ථාවක, කලාපයේ ඇමරිකානුවන් මිලියන 15 ක් පමණ ගංවතුර ගැන සෙවිල්ලෙන් නිරීක්‍ෂණයටයොමුව සිටි අතර තවත් මිලියන අටක් වෙත ශීත සහ හිම අනතුරු ඇඟවීම්වලට මුහුණ දෙදී සිටින බව ABC ප්‍රවෘත්ති වාර්තා කළේය.

Cache ගඟේ  ජල මට්ටම්  වාර්තාගත ඉහළ යාම හේතුවෙන් ඉරිදා සවස ගංකණ්ඩි කඩා වැටීමෙන් Arkansas වැසියෝ ද  හදිසි ගංවතුරට හසුවූහ. ඊට පෙර සති අන්තයේ ශීත කුණාටු ප්‍රාන්තයේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවලට හිම මිදෙන ශීතල සහිත  වර්ෂාවක් ගෙන ආ අතර ජාතික කාලගුණ සේවය පැවසුවේ ග‍ඟෙහි ජලය වසර හයකින් පසු ඉහළම ජල මට්ටමක පැවති බවයි

ශීත කුණාටු සහිතව විශේෂයෙන් සක්‍රීය වූ මාසයක නිමාවූයේ  දු‍ටුවේ සති අන්ත ගංවතුර හට ගන්වමිනි.  මෑත වාර්තා පෙන්වා දෙන්නේ මේවා, බොහෝ දුරට මිනිසා විසින් ඇති කරනු ලබන දේශගුණික විපර්යාසයන් විසින් මෙහෙයවනු ලබන බවයි.

දේශගුණ විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර එකමුතුවක් වන ClimaMeter, වේගවත් ආරෝපණ විශ්ලේෂණයක්(a rapid attribution analysis) පසුගිය සතියේ නිකුත් කළේය.  ජනවාරි 12 සිට 14 දක්වා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශ හරහා ඇති වූ ශීත කුණාටු පද්ධති පරීක්ෂාවට ලක් කරන ලදී. එමගින් හෙළිකරගන්නා ලද්දේ, ස්වාභාවික දේශගුණික විචල්‍යතාවයන් මධ්‍යස්ථ කාර්යභාරයක්  ඉ‍ටුකරද්දී,  ජනවාරියේ වර්ෂණය(precipitation) ඉහල ගියේ විශාල වශයෙන් දේශගුණික විපර්යාස හේතුවෙනි.

“අපගේ විශ්ලේෂණයෙන් හෙළි වන්නේ, අතීතයේ පැවති උෂ්ණත්වයට සමාන නමුත් හිම හෝ වැසි වර්Zඅණය වැඩි වෙමින් හටගන්නා ඇමරිකාවේ ශීත කුණාටු ප්‍රත්‍යක්ෂ තර්ජනයක් ලෙස පවතින බව” ප්‍රංශය පදනම් කරගත් Institute Pierre-Simon-Laplace හි විද්‍යාඥයෙකු වන Favide Faranda සහ අධ්‍යයනයේ සම කර්තෘවරයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. “මෙම සොයාගැනීම්, ශීත සෘතු කුණාටු තවදුරටත් සැලකිය යුතු බාධා ඇති කිරීමට හැකියාව ඇති ගෝලීය වශයෙන් උණුසුම් දේශගුණයක් තුළ අනුවර්තනය වීමේ උපාය මාර්ග මත අමතර අභියෝග පනවයි,”

ජනවාරි මැද කුණාටු හේතුවෙන් වයඹ සිට මැද බටහිර දක්වා සුවිශේෂී ලෙස අඩු උෂ්ණත්වයන් හට ගත්තේය’ ගොඩබිම් සහ ගුවන් ගමන්වලට බාධා ඇති විය; සිය දහස් ගණනක නිවාස සඳහා විදුලිය සැපයුම ඇනහිටි  අතර ප්‍රාන්ත 17 කට වැඩි ප්‍රමාණයක දැඩි ශීත කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

පසුගිය සති අන්තයේ ජලයෙන් යට වූ බොහෝ ප්‍රදේශවල, දේශගුණික විපර්යාස හේතුවෙන්  ඉදිරි වසරවලදී වඩාත් ආන්තික ගංවතුර බලාපොරොත්තු වන බව දපර්යේෂණ වැඩි දුරටත් පෙන්වා දී ඇත.  වර්ෂණය වැඩි වීම ඊසානදිග වඩාත් දරුණු වනු ඇතැයි නවතම ජාතික දේශගුණික තක්සේරුව(National Climate Assessment) පුරෝකතනය කරයි .  තවද, නගර සහ ප්‍රාන්ත දත්ත පෙන්නුම් කරන්නේ ඊසානදිග ඉලිනොයිස් ප්‍රාන්තය  දැනටමත් ගංවතුරේ කැපී පෙනෙන වර්ධනයක් අත්විඳින බවයි, එය දැන් යැයි සැලකේ. මෙය, චිකාගෝ හි වඩාත්ම ‘දැනෙන’ දේශගුණික අවදානම යයි කල්පනා කෙරේ.

ඊසානදිග ප්‍රදේශයේ කුණාටු පහව යන විට, වායුගෝලීය ප්‍රවාහයක් කලාපය වෙත ආසන්නවෙත්ම,  කැලිෆෝනියා සහ අනෙකුත් බටහිර ප්‍රාන්ත මහා වර්ෂාපතනයක් සඳහා සූදානම් වෙමින් සිටී.  වායුගෝලයේ ඉහළට තෙත් වායුවේ වේගයෙන් ගලා යන ප්‍රවාහයක් මෙන් ක්‍රියා කරන මෙම සිදුවීම බදාදා උදෑසන සිට සිකුරාදා දක්වා බටහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවල විනාශකාරී සුළං, වර්ෂාපතනය සහ ගංවතුර ඇති කළ හැකි බවට  ජාතික කාලගුණ සේවයේ අනාවැකිකරුවෝ මේ සතියේ අනතුරු ඇඟවූහ.

එම කුණාටු ද හටගන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑමෙන් විය හැකිය.

සැන් ඩියාගෝ හි ජනවාරි 22 හටගත් ශීත කුණාටුව ගැන ClimaMeter එකමුතුව විශ්ලේෂණයක් සිදු කළේය.  මේ නගරය වියළි දේශගුණයක් පවතින්නල් ලෙස ප්‍රසිද්ධ නමුත් පසුගිය සතියේ අනපේක්ෂිත ලෙස ශක්තිමත්  පැසිෆික් ප්‍රවාහයකින් පුදුමයට පත් විය. දේශගුණික බලපෑම් සම්බන්ධයෙන් ගත් කල,  බටහිර වෙරළ තරමක් අමුතුයි. කලාපය මහා නියඟයක පවතින නමුත්, කුණාටු ඇති වූ විට, ඒවා වසර ගණනාවක් පුරා වැඩි වැඩියෙන් ජලය මුදා හැරීමට නැඹුරු වී ඇති බව තව තවත් පර්යේෂණ මගින් පෙන්වා දෙනු ලැබ ඇති අතර එමඟින් විශාල දිය දෝර(runoff) සහ ගංවතුර ඇති විය හැකිය. නිදසුනක් වශයෙන්, දකුණු කැලිෆෝනියාවේ ගංවතුර, පසුගිය දශක දෙක තුළ සියයට 15 කින් වර්ධනය වී ඇති බව, ClimaMeter එකමුතුවේ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending